ශු. ලූක් 4:14-16
ශු. ලූක් 4:14-16 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ආත්මයාණන්වහන්සේගේ බලයෙන් යුක්ත ව යේසුස්වහන්සේ ගලීලයට යළි ආ කල, උන්වහන්සේ පිළිබඳ ප්රවෘත්තිය අවට පෙදෙස් පුරා පැතිරිණි. උන්වහන්සේ සියල්ලන්ගෙන් පැසසුම් ලබමින්, ඔවුන්ගේ සිනගෝගවල ඉගැන් වූ සේක. තමන් හැදී වැඩුණු නාසරෙත් වෙත පැමිණි උන්වහන්සේ සබත් දින සුපුරුදු ලෙස සිනගෝගයට ගිය සේක. කියවීමට උන්වහන්සේ නැගිට සිටගත් කල
ශු. ලූක් 4:14-16 Sinhala Revised Old Version (SROV)
එවිට යේසුස්වහන්සේ ආත්මයාණන්වහන්සේගේ බලයෙන් යුක්තව ගලීලයට හැරී ආසේක. උන්වහන්සේ ගැන කීර්තියක්ද අවට මුළු පළාතෙහි පතළව ගියේය. උන්වහන්සේ ඔවුන්ගේ සිනගෝගවලදී උගන්වමින්, සියල්ලන්ගෙන් ප්රශංසා ලැබූසේක. උන්වහන්සේ තමන් වැඩුණු නුවරවූ නාසරෙත්ට පැමිණ, තමන්ගේ පුරුද්ද ලෙස සබත් දවසෙහි සිනගෝගයට ඇතුල්ව, කියවන පිණිස නැගුටුණුසේක.
ශු. ලූක් 4:14-16 Sinhala New Revised Version (NRSV)
තවද, ජේසුස් වහන්සේ ශුද්ධාත්මානුභාවයෙන් යුක්ත ව ගලීලයට පෙරළා වැඩිය සේක. උන් වහන්සේ පිළිබඳ ආරංචිය අවට මුළු පෙදෙස පුරා පැතිරිණි. උන් වහන්සේ සියල්ලන්ගෙන් ප්රශංසා ලබමින්, ඔවුන්ගේ ධර්මශාලාවල ඉගැන්වූ සේක. උන් වහන්සේ තමන් ඇතිදැඩි වූ නාසරෙත් නුවරට පැමිණ සිරිත් පරිදි සබත් දවසේ දී ධර්මශාලාවට වැඩම කර කියවීම පිණිස නැඟිට සිටි සේක.
ශු. ලූක් 4:14-16 Sinhala New Revised Version 2018 (SNRV)
තවද, ජේසුස් වහන්සේ ශුද්ධාත්මානුභාවයෙන් යුක්ත ව ගලීලයට පෙරළා වැඩිය සේක. උන් වහන්සේ පිළිබඳ ආරංචිය අවට මුළු පෙදෙස පුරා පැතිරිණි. උන් වහන්සේ සියල්ලන්ගෙන් ප්රශංසා ලබමින්, ඔවුන්ගේ ධර්මශාලාවල ඉගැන්වූ සේක. උන් වහන්සේ තමන් ඇතිදැඩි වූ නාසරෙත් නුවරට පැමිණ සිරිත් පරිදි සබත් දවසේ දී ධර්මශාලාවට වැඩම කර කියවීම පිණිස නැඟිට සිටි සේක.
ශු. ලූක් 4:14-16 New International Version (NIV)
Jesus returned to Galilee in the power of the Spirit, and news about him spread through the whole countryside. He was teaching in their synagogues, and everyone praised him. He went to Nazareth, where he had been brought up, and on the Sabbath day he went into the synagogue, as was his custom. He stood up to read