ශු. ලූක් 3:8-11 - Compare All Versions
ශු. ලූක් 3:8-11 SCV (සිංහල කාලීන පරිවර්තනය)
පසුතැවිල්ලට අනුකූල පල උපද්දවනු. ‘අපගේ පියාණන් වශයෙන් අපට ආබ්‍රහම් ඉන්නවා ය’ කියන්නට පටන් ගන්න එපා. මන්ද මේ ගල්වලින් වුවත් ආබ්‍රහම්ට දරුවන් උපදවා දෙන්නට දෙවියන්වහන්සේට පුළුවනි. පොරොව දැනටමත් ගස්වල මුල්වලට තබා තිබේ. එබැවින් හොඳ පල නො දරන හැම ගසක් ම කපා ගින්නෙහි හෙළනු ලැබේ යැ” යි කීවේ ය. එවිට සමූහයා, “එසේ නම් කුමක් ද අප කළ යුත්තේ?” යි ඇසූහ. ඔහු ඔවුන්ට පිළිතුරු දෙමින්, “අඳන දෙකක් ඇති තැනැත්තා, නැති කෙනකු හා බෙදා ගනිත්වා. ආහාර ඇති අය ද එසේ ම කරත්වා” යි කීවේ ය.
ශු. ලූක් 3:8-11 SROV (Sinhala Revised Old Version)
එබැවින්–ආබ්‍රහම් අපගේ පියාණෝයයි සිතින් කියන්ට පටන් නොගෙන පසුතැවිල්ලට සුදුසු ඵල උපදවන්න. මක්නිසාද මේ ගල්වලින් ආබ්‍රහම්ට දරුවන් උපදවා දෙන්ට දෙවියන්වහන්සේට පුළුවනැයි නුඹලාට කියමි. තවද දැනටම පොරොව ගස් මුලට තබා තිබේ. එබැවින් හොඳ ඵල නොදරන සියලු ගස් කපනු ලැබ ගින්නෙහි දමනු ලැබේයයි කීවේය. එවිට සමූහයෝ: එසේවී නම් අප විසින් කුමක් කරන්ට ඕනෑදැයි ඔහුගෙන් ඇසුවෝය. ඔහු උත්තරදෙමින්: අඳනා දෙකක් ඇති අය නැති අයට දේවා; කෑම ඇති අයද එසේම කෙරේවයි ඔවුන්ට කීවේය.
ශු. ලූක් 3:8-11 NRSV (Sinhala New Revised Version)
එබැවින් ආබ්‍රහම් අපේ පියාණෝ යයි සිතින් කියාගන්න පටන් නොගෙන පසුතැවී සිත් හරවා ගත් බව දැක්වෙන ලෙස හැසිරෙන්න; මන්ද, මේ ගල්වලින් ආබ්‍රහම්ට දරු පරපුරක් උපදවා දෙන්නට දෙවියන් වහන්සේට හැකි යයි මම ඔබට කියමි. තවද, දැනටමත් පොරොව ගස් මුල්වලට එල්ල කර ඇත. එබැවින් හොඳ පල නොදරන සියලු ගස් කපා ගින්නෙහි හෙළනු ඇතැ”යි කී ය. එවිට ජනකාය, “එසේ නම් අප කුමක් කළ යුතු දැ”යි ඔහුගෙන් ඇසූ හ. ඔහු උත්තර දෙමින්, “අඳන දෙකක් ඇති අය නැති අයට දෙත් වා; කෑම ඇති අය කෑම නැති අයට දෙත් වා”යි කී ය.
ශු. ලූක් 3:8-11 SNRV (Sinhala New Revised Version 2018)
එබැවින් ආබ්‍රහම් අපේ පියාණෝ යයි සිතින් කියාගන්න පටන් නොගෙන පසුතැවී සිත් හරවා ගත් බව දැක්වෙන ලෙස හැසිරෙන්න; මන්ද, මේ ගල්වලින් ආබ්‍රහම්ට දරු පරපුරක් උපදවා දෙන්නට දෙවියන් වහන්සේට හැකි යයි මම ඔබට කියමි. තවද, දැනටමත් පොරොව ගස් මුල්වලට එල්ල කර ඇත. එබැවින් හොඳ පල නොදරන සියලු ගස් කපා ගින්නෙහි හෙළනු ඇතැ”යි කී ය. එවිට ජනකාය, “එසේ නම් අප කුමක් කළ යුතු දැ”යි ඔහුගෙන් ඇසූ හ. ඔහු උත්තර දෙමින්, “අඳන දෙකක් ඇති අය නැති අයට දෙත් වා; කෑම ඇති අය කෑම නැති අයට දෙත් වා”යි කී ය.
ශු. ලූක් 3:8-11 NIV (New International Version)
Produce fruit in keeping with repentance. And do not begin to say to yourselves, ‘We have Abraham as our father.’ For I tell you that out of these stones God can raise up children for Abraham. The ax is already at the root of the trees, and every tree that does not produce good fruit will be cut down and thrown into the fire.” “What should we do then?” the crowd asked. John answered, “Anyone who has two shirts should share with the one who has none, and anyone who has food should do the same.”