ශු. ලූක් 24:33-35
ශු. ලූක් 24:33-35 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔවුහු ඒ පැයේදී ම නැගිට, යෙරුසලමට ආපසු ආහ. එහිදී ඔවුන්ට දක්නට ලැබුණේ එකොළොස් දෙනා හා ඔවුන් සමඟ වූ සෙසු අය එක් රැස් ව, “එය ඇත්තයි! ස්වාමින්වහන්සේ නැවත නැගිටලා. උන්වහන්සේ සීමොන්ට පෙනී ඇතැ” යි කියන අයුරු ය. එවිට ඔවුහු දෙදෙනා ද තමන් ගමන් කරද්දී සිදු වූ දෑ ද රොටි කඩද්දී තමන් උන්වහන්සේ හැඳිනගත් අයුරු ද පැවසූහ.
ශු. ලූක් 24:33-35 Sinhala Revised Old Version (SROV)
ඔව්හු එම පැයේදීම නැගිට යෙරුසලමට හැරී ඇවිත්, එකොළොස් දෙනාද ඔවුන් සමඟ සිටියවුන්ද රැස්ව: ස්වාමීන්වහන්සේ සැබවින්ම නැගුටුණුසේක, සීමොන්ට පෙනුණුසේකැයි කියමින් සිටිනවා දුටුවෝය. එවිට ඔව්හු මගදී සිද්ධවූ කාරණාද රොටි කැඩීමේදී ඔවුන් උන්වහන්සේ ඇඳිනගත් හැටිද කීවෝය.
ශු. ලූක් 24:33-35 Sinhala New Revised Version (NRSV)
ඔව්හු ඒ වේලේ ම නැඟිට ජෙරුසලමට පෙරළා ගොස්, එකොළොස් දෙනා ද ඔවුන් සමඟ සිටි අනෙක් අය ද, “ඒකාන්තයෙන් ම සමිඳාණන් වහන්සේ නැඟිට සිටින සේක, සීමොන්ට ද පෙනුණු සේකැ”යි කියමින් සිටිනු දුටහ. එවිට ඔව්හු ද මඟ දී තමන්ට සිදු වූ කාරණා සහ රොටි කැඩීමෙහි දී ඔවුන්ට උන් වහන්සේ ප්රකාශ වූ හැටි ද පැවසූ හ.
ශු. ලූක් 24:33-35 Sinhala New Revised Version 2018 (SNRV)
ඔව්හු ඒ වේලේ ම නැඟිට ජෙරුසලමට පෙරළා ගොස්, එකොළොස් දෙනා ද ඔවුන් සමඟ සිටි අනෙක් අය ද, “ඒකාන්තයෙන් ම සමිඳාණන් වහන්සේ නැඟිට සිටින සේක, සීමොන්ට ද පෙනුණු සේකැ”යි කියමින් සිටිනු දුටහ. එවිට ඔව්හු ද මඟ දී තමන්ට සිදු වූ කාරණා සහ පූප කැඩීමෙහි දී ඔවුන්ට උන් වහන්සේ ප්රකාශ වූ හැටි ද පැවසූ හ.
ශු. ලූක් 24:33-35 New International Version (NIV)
They got up and returned at once to Jerusalem. There they found the Eleven and those with them, assembled together and saying, “It is true! The Lord has risen and has appeared to Simon.” Then the two told what had happened on the way, and how Jesus was recognized by them when he broke the bread.