ශු. ලූක් 23:34-35
ශු. ලූක් 23:34-35 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට යේසුස්වහන්සේ, “පියාණෙනි, ඔවුන්ට කමා වුව මැනවි. මන්ද තමන් කරන්නේ කුමක් දැයි ඔවුහු නො දනිති” යි පැවසූ සේක. උන්වහන්සේගේ වස්ත්ර බෙදා ගන්නට ඔවුහු පස ඇට දැමූහ. උන්වහන්සේ එල්ලා සිටින අයුරු ජනයා බලා සිටියහ. එහෙත් ප්රධානීහු උන්වහන්සේට ගැරහුම් කරමින්, “ඔහු අනුන් ගැලෙව්වා. ඔහු දෙවියන්වහන්සේගේ ක්රිස්තුස්වහන්සේ නම්, උන්වහන්සේගේ තෝරාගත් තැනැත්තා නම්, ඔහු තමා ම ගලවා ගනීවා!” යි කීහ.
ශු. ලූක් 23:34-35 Sinhala Revised Old Version (SROV)
යේසුස්වහන්සේ කථාකොට: පියාණෙනි, ඔවුන්ට කමාවුව මැනව; මක්නිසාද ඔවුන් කරන්නේ මොකද කියා ඔව්හු නොදනිතියි කීසේක. ඔව්හු උන්වහන්සේගේ වස්ත්ර දාදුදමා, තමුන් අතරේ බෙදාගත්තෝය. සෙනඟද බල බලා සිටියෝය. මුලාදෑනීහු උන්වහන්සේට ගැරහුම්කරමින්: මොහු අනුන් ගැළවිය; මොහු දෙවියන්වහන්සේගේ තෝරාගත් ක්රිස්තුස් නම් තමාම ගළවාගනීවයි කීවෝය.
ශු. ලූක් 23:34-35 Sinhala New Revised Version (NRSV)
ජේසුස් වහන්සේ කතා කොට, “පියාණෙනි, ඔවුන්ට කමා වුව මැනව; ඔවුන් කරන දෙය ඔව්හු නොදනිති”යි වදාළ සේක. ඔව්හු උන් වහන්සේගේ වස්ත්ර බෙදාගැනීම පිණිස දාදු දැමූ හ. සෙනඟ ද බලාගෙන සිටියහ. ප්රධානීහු උන් වහන්සේට ගැරහුම් කරමින්, “මොහු අනුන් ගැළවීය; මොහු දෙවියන් වහන්සේගේ ක්රිස්තුස් නම්, උන් වහන්සේගේ තෝරාගත් තැනැත්තේ නම්, තමා ම ගළවා ගනීවා”යි කී හ.
ශු. ලූක් 23:34-35 Sinhala New Revised Version 2018 (SNRV)
ජේසුස් වහන්සේ කතා කොට, “පියාණෙනි, ඔවුන්ට කමා වුව මැනව; ඔවුන් කරන දෙය ඔව්හු නොදනිති”යි වදාළ සේක. ඔව්හු උන් වහන්සේගේ වස්ත්ර බෙදාගැනීම පිණිස දාදු දැමූ හ. සෙනඟ ද බලාගෙන සිටියහ. ප්රධානීහු උන් වහන්සේට ගැරහුම් කරමින්, “මොහු අනුන් ගැළවීය; මොහු දෙවියන් වහන්සේගේ ක්රිස්තුස් නම්, උන් වහන්සේගේ තෝරාගත් තැනැත්තේ නම්, තමා ම ගළවා ගනීවා”යි කී හ.
ශු. ලූක් 23:34-35 New International Version (NIV)
Jesus said, “Father, forgive them, for they do not know what they are doing.” And they divided up his clothes by casting lots. The people stood watching, and the rulers even sneered at him. They said, “He saved others; let him save himself if he is God’s Messiah, the Chosen One.”
