ශු. ලූක් 23:1-43

ශු. ලූක් 23:1-43 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඉන්පසු ඔවුන්ගේ මුළු සමූහයා නැගිට, පිලාත් වෙත උන්වහන්සේ ගෙන ගියහ. එහිදී ඔවුහු උන්වහන්සේට විරුද්ධ ව චෝදනා කරමින්, “මේ මිනිහා අපේ ජාතිය නොමග යවන බවත්, සීසර්ට බදු ගෙවීම අපට තහනම් කරන වගත්, තමා ක්‍රිස්තුස් නම් රජෙක්ය කියා ගන්නා බවත් අප දැන ගත්තා” යි කීහ. පිලාත් උන්වහන්සේගෙන් ප්‍රශ්න කරමින්, “ඔබ යුදෙව්වන්ගේ රජ දැ?” යි ඇසුවේ ය. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ එසේ කියන්නෙහි යැ” යි කී සේක. එවිට පිලාත් නායක පූජකයින් හා සමූහයා අමතා, “මේ මිනිහා අත වරදක් මට නො පෙනේ යැ” යි ප්‍රකාශ කළේ ය. එහෙත් ඔවුහු උදක් ම බල කරමින්, “ඔහු ගලීලයේ සිට මෙතැන් දක්වා මුළු යුදය පුරා උගන්වමින් ජනයා කලඹවතැ” යි කීහ. ඒ ඇසූ පිලාත් ඒ මනුෂ්‍යයා ගලීලයෙක් දැයි ඇසී ය. උන්වහන්සේ අයත් වන්නේ, හෙරෝද්ගේ අධිකරණ වසමට බැව් දැනගත් පිලාත් හෙරෝද් වෙත උන්වහන්සේ යැවී ය. ඔහු ඒ දවස්වල සිටියේ යෙරුසලම්හි ය. යේසුස්වහන්සේ දුටු හෙරෝද් බෙහෙවින් සතුටු විය. මන්ද උන්වහන්සේ දැකීමට කලෙක පටන් ඔහු ආශාවෙන් සිටියේ ය. උන්වහන්සේ පිළිබඳව අසා තිබූ දෑ අනුව උන්වහන්සේ යම් හාස්කමක් කරනු දැකීමට ඔහු බලාපොරොත්තුව සිටියේ ය. ඔහු උන්වහන්සේගෙන් කොතෙකුත් ප්‍රශ්න කළ නමුත්, උන්වහන්සේ කිසි පිළිතුරක් නො දුන් සේක. නායක පූජකවරු හා දහම් පඬිවරු පසෙක සිටගෙන, උන්වහන්සේට විරුද්ධ ව තදබල චෝදනා කළහ. එවිට හෙරෝද් හා ඔහුගේ හේවායෝ යේසුස්වහන්සේ හෑල්ලු කොට සලකා, උන්වහන්සේට නිග්‍රහ කොට, සමච්චල් කළහ. පසුව ඔහු උන්වහන්සේට දිළිසෙන ලෝගුවක් අඳවා, යළි පිලාත් වෙත පිටත් කර හැරියේ ය. කලක් එකිනෙකාට සතුරු ව සිටි හෙරෝද් හා පිලාත් ඒ දවසේ ම මිත්‍ර වූහ. නායක පූජකයින්, ජන ප්‍රධානීන් හා සෙසු ජනයා රැස් කර වූ පිලාත්, ඔවුන් අමතමින්, “නුඹලා මේ මිනිහා මා වෙත ගෙනාවේ ජනයා නොමගට පොළඹවන්නෙක් ය කියායි. නුඹලා ඉදිරිපිට ම ඔහු විභාග කිරීමෙන්, ඔහුට එරෙහිව නුඹලා නගන චෝදනාවලට ඔහු වරදකරුවෙකැයි මට පෙනෙන්නේ නෑ. හෙරෝද්ට ද එහෙම පෙනෙන්නේ නෑ; මේ මිනිසා නැවත අප වෙත එවා ඇත්තේ එනිසයි. පෙනෙනවා ද! මරණ දඬුවමට තරම් වරදක් ඔහු කර නෑ. එනිසා ඔහුට දඬුවම් කර, මා ඔහු නිදහස් කරනවා” යි කීවේ ය. ඒ මංගල්‍යයේදී ඔහු විසින් එක් සිරකරුවකු නිදහස් කර දෙන සිරිතක් විය. එවිට ඔවුහු එක් හඬින් මොර ගසමින්, “මේ මිනිහා තුරන් කරනු. අපට බරබ්බස් නිදහස් කර දෙනු!” යි හඬ නැගූහ. (මෙම බරබ්බස් නගරයෙහි වූ කැරලි ගැසීමක් හා මිනී මැරීමක් සම්බන්ධ ව සිරගත කරන ලද්දෙකි.) යේසුස්වහන්සේ නිදහස් කිරීමට කැමැත්තෙන් පිලාත් නැවතත් පිරිස ඇමතී ය. එහෙත් ඔවුහු, “කුරුසියේ ඇණ ගසනු! ඔහු කුරුසියේ ඇණ ගසනු!” යි කෑ ගැසූහ. පිලාත් තුන් වන වරටත් ඔවුන්ට කතා කරමින්, “කිමෙක් ද? මොහු මොන අපරාධයක් කළාට ද? මරණයට සුදුසු අපරාධයක් ඔහු අත මට හමු වුණේ නෑ. එබැවින් මම ඔහුට දඬුවම් කර, ඔහු නිදහස් කරනවා” යි කීවේ ය. එහෙත් ඔවුහු වඩ වඩා හඬ නගමින්, උන්වහන්සේ කුරුසිපත් කරන්නට බල කළහ. ඔවුන්ගේ ඝෝෂාවට ජය අත්විණි. ඔවුන්ගේ ඉල්ලීම ඉටු කිරීමට පිලාත් තීරණය කළේ ය. කැරලි ගැසීමට හා මිනී මැරීමට සිරගත කර සිටි මිනිසා ඔවුන්ගේ ඉල්ලීම අනුව නිදහස් කළ පිලාත්, ඔවුන්ගේ කැමැත්තට යේසුස්වහන්සේ පාවා දුන්නේ ය. ඔවුහු උන්වහන්සේ පිටතට ගෙන යද්දී, ගම්බද සිට එමින් සිටි සිරේනියානු සීමොන් අල්ලා, කුරුසිය ඔහු පිට තබා, යේසුස්වහන්සේ පසුපසින් එය උසුලාගෙන යෑමට සැලැස්සූහ. විශාල ජනකායක් ද උන්වහන්සේ ගැන හඬා වැලපුණු ස්ත්‍රීහු ද උන්වහන්සේ පසු පස ගියහ. යේසුස්වහන්සේ ඔවුන් දෙස හැරී, “යෙරුසලමේ දූවරුනි, මා නිසා නො හඬන්න; ඔබ නිසාත්, ඔබේ දරුවන් නිසාත් හඬන්න. මන්ද ‘වඳ ස්ත්‍රීන් ද දරුවන් නො දැරූ කුස ද කිරි නො පෙවූ පියයුරු ද ආශිර්වාදිත ය!’ කියන දවස් උදා වනු ඇත. එවිට “ ‘ඔවුහු, “අප පිට වැටෙනු!” කියා කඳුවලට ද “අප වසා ගනු!” යි හෙල්වලට ද කියනු ඇත.’ මන්ද ඔවුහු අමු ගහට මෙසේ කළෝ නම්, වියළි ගහට කෙසේ කරනු ඇද්දැ?” යි පැවසූ සේක. අපරාධකරුවන් වූ තවත් මිනිසුන් දෙදෙනෙක් ද මරා දමන පිණිස, උන්වහන්සේ සමඟ ගෙන යන ලදහ. හිස්කබල නම් ස්ථානයට පැමිණි ඔවුහු, එහිදී උන්වහන්සේ කුරුසියේ ඇණ ගැසූහ. අපරාධකරුවන් දෙදෙනා ද එක් කෙනෙක් උන්වහන්සේගේ දකුණු පස ද අනෙකා උන්වහන්සේගේ වම් පස ද කුරුසිපත් කරන ලදහ. එවිට යේසුස්වහන්සේ, “පියාණෙනි, ඔවුන්ට කමා වුව මැනවි. මන්ද තමන් කරන්නේ කුමක් දැයි ඔවුහු නො දනිති” යි පැවසූ සේක. උන්වහන්සේගේ වස්ත්‍ර බෙදා ගන්නට ඔවුහු පස ඇට දැමූහ. උන්වහන්සේ එල්ලා සිටින අයුරු ජනයා බලා සිටියහ. එහෙත් ප්‍රධානීහු උන්වහන්සේට ගැරහුම් කරමින්, “ඔහු අනුන් ගැලෙව්වා. ඔහු දෙවියන්වහන්සේගේ ක්‍රිස්තුස්වහන්සේ නම්, උන්වහන්සේගේ තෝරාගත් තැනැත්තා නම්, ඔහු තමා ම ගලවා ගනීවා!” යි කීහ. හේවායෝ ද අවුත්, මිදි යුෂ-විනාකිරි පිළිගන්වමින්, උන්වහන්සේට නින්දා-ගැරහුම් කරමින්, “නුඹ යුදෙව්වන්ගේ රජ නම් නුඹ ම ගලවා ගනින්” යැයි කීහ. උන්වහන්සේගේ හිසට ඉහළින් මෙසේ සඳහන් නාම පුවරුවක් විය. යුදෙව්වන්ගේ රජු මොහු ය. එල්ලා සිටි එක් අපරාධකරුවෙක් යේසුස්වහන්සේට නින්දා අපහාස කරමින්, “නුඹ ක්‍රිස්තුස් නො වේ ද? නුඹත් ගැලවී අපත් ගලවා ගනින්” යැයි කීවේ ය. එහෙත් අනෙක් අපරාධකරු ඔහුට තරවටු කරමින්, “එක ම දඬුවමක් ලබා සිටියදීත් නුඹ දෙවියන්වහන්සේට භය නැද්ද? අප දඬුවම් ලබා ඇත්තේ යුක්ති සහගතවයි. අප විඳින්නේ අප ම කළ දේවල පල විපාකයි. එනමුත් මේ මනුෂ්‍යයා කර ඇති වරදක් නැතැ” යි කීවේ ය. ඉන්පසු ඔහු, “යේසුස්වහන්ස, ඔබ, ඔබගේ රාජ්‍යයට එන කල, මා සිහි කරන්නැ” යි කීවේ ය. උන්වහන්සේ ඔහු අමතමින්, “සැබවින් ම මම ඔබට කියන්නම්; අද දවසේ ම ඔබ මා සමඟ පාරාදීසයෙහි සිටිනු ඇතැ” යි පැවසූ සේක.

ශු. ලූක් 23:1-43 Sinhala Revised Old Version (SROV)

එවිට ඔවුන්ගේ මුළු සමූහයා නැගිට, උන්වහන්සේ පිලාත් ඉදිරිපිටට ගෙනගියෝය. ඔව්හු උන්වහන්සේට වරද තබන්ට පටන්ගෙන: මොහු අපගේ ජාතිය මුළාකරන බවද, කායිසර්ට ආදායම් දීම තහනම්කරන බවද, තමාම ක්‍රිස්තුස් රජයයි කියන බවද අපි දැනගතිමුයයි කීවෝය. පිලාත්ද: නුඹ යුදෙව්වරුන්ගේ රජදැයි උන්වහන්සේගෙන් ඇසුවේය. උන්වහන්සේ ඔහුට උත්තරදෙමින්: එසේයයි කීසේක. එවිට පිලාත් නායක පූජකයන්ටද සමූහයන්ටද කථාකොට: මේ මනුෂ්‍යයා අත කිසි වරදක් මට පෙනෙන්නේ නැතැයි කීවේය. නුමුත් ඔව්හු: මොහු ගලීලයේ පටන් මෙතැන දක්වා යුදය මුළුල්ලෙහි උගන්වමින්, සෙනඟ කලඹනවායයි වඩා තදින් කීවෝය. පිලාත් ඒ අසා, මේ මනුෂ්‍යයා ගලීලයෙක්දැයි විචාළේය. එවිට පිලාත් උන්වහන්සේ හෙරොද්ගේ නඩුකාර පළාතට අයිති බව දැන, හෙරොද් ඒ දවස්වලදී යෙරුසලමේ සිටි බැවින් ඔහු වෙතට උන්වහන්සේව යැවීය. හෙරොද් යේසුස්වහන්සේ දැක, ඉතා සන්තෝෂවූයේය. මක්නිසාද ඔහු උන්වහන්සේ ගැන අසා තිබුණු බැවින්, බොහෝ කලක සිට උන්වහන්සේ දකින්ට කැමතිව සිටියේය, උන්වහන්සේ යම් ආශ්චර්යයක් කරනවා දකින්ටද ඔහු බලාපොරොත්තුවූයේය. ඔහු බොහෝ වචනවලින් උන්වහන්සේගෙන් ප්‍රශ්න ඇසූ නුමුත්, උන්වහන්සේ කිසි උත්තරයක් ඔහුට නුදුන්සේක. නායක පූජකයෝද ලියන්නෝද නැඟිට සිට, තදලෙස උන්වහන්සේට වරද තැබුවෝය. හෙරොද් තමාගේ හේවායන් සමඟ උන්වහන්සේ සුළුකොට, උන්වහන්සේට සරදම්කොට, දිලිසෙන්නාවූ වස්ත්‍රයක් හඳවා, පිලාත් ළඟට උන්වහන්සේ ආපසු යැවීය. හෙරොද්ද පිලාත්ද ඒ දවසේදීම මිත්‍රවූවෝය. මක්නිසාද ඔව්හු පළමු එදිරිව සිටියෝය. පිලාත් නායක පූජකයන්ද මුලාදෑනීන්ද සෙනඟද රැස්කරවා, ඔවුන්ට කියනුයේ: නුඹලා මේ මනුෂ්‍යයා සෙනඟ මුළාකරන්නෙක් කියා මා ළඟට ගෙනාවහුය. බලව, නුඹලා ඉදිරියෙහිම මා විසින් ඔහු විභාගකළ විට, නුඹලා විසින් මොහු කෙරෙහි තබන ලද ඒ වරදවලින් කිසිවක් ඔහු අත මට සම්බ නූණේය. හෙරොද්ටත් සම්බවුණේ නැත. මක්නිසාද ඔහු අප ළඟට මොහු නැවත එවීය; බලව, මරණයට සුදුසු කිසිවක් ඔහු විසින් නොකරනලද්දේය. එබැවින් මම ඔහුට තළා, නිදහස්කොට හරිමියි කීයේය. මක්නිසාද ඒ මංගල්‍යයේදී එක්කෙනෙකු ඔහු විසින් ඔවුන්ට නිදස්කර දියයුතුව තිබුණේය. නුමුත් ඔවුන් සියල්ලෝම: මොහු පහකොට බරබ්බස් අපට නිදහස්කර දුනමැනවයි එක්ව මොරගැසුවෝය. බරබ්බස් වනාහි නුවරදී කළ කැරළිගැසීමක්ද මිනීමැරීමක්ද නිසා හිරගෙයි දමනලද කෙනෙක්ය. පිලාත් යේසුස්වහන්සේ මුදාහරින්ට කැමතිව, නැවතත් ඔවුන්ට කථාකෙළේය; නුමුත් ඔව්හු: මොහු කුරුසියෙහි ඇණගැසුව මැනව, කුරුසියෙහි ඇණගැසුව මැනව, කියා මොරගැසුවෝය. ඔහු තුන්වෙනි වර කථාකොට: කිමෙක්ද? මොහු කවර නපුරක් කෙළේද? මරණයට සුදුසු කිසිදෙයක් මොහු අත මට සම්බ නූණේය. එබැවින් මොහුට තළා මුදාහරිමියි ඔවුන්ට කීවේය. නුමුත් උන්වහන්සේ කුරුසියෙහි ඇණගසන ලෙසම ඔව්හු වඩ වඩා ශබ්දනගා ඉල්ලා සිටියෝය. තවද ඔවුන්ගේ මොරගැසීමට ජය ලැබුණේය. පිලාත් ඔවුන් ඉල්ලූ දේ ඉෂ්ට වෙන ලෙස තීන්දුව දුන්නේය. තවද ඔහු කැරළිගැසීමත් මිනීමැරීමත් නිසා හිරගෙයිලා සිටියාවූ ඔවුන් ඉල්ලුවාවූ තැනැත්තා ඔවුන්ට මුදාහැර, යේසුස්වහන්සේ ඔවුන්ගේ කැමැත්තට භාරදුන්නේය. ඔව්හු උන්වහන්සේ ගෙනයන කල, පිටිසරින් එන කිරේනියේ සීමොන් නම් මනුෂ්‍යයෙකු අල්ලා, යේසුස්වහන්සේ පස්සෙන් කුරුසිය උසුලාගෙන යන්ට ඒක ඔහු පිට තැබුවෝය. සෙනඟගෙන්ද උන්වහන්සේ නිසා හඬා වැලපෙන්නාවූ ස්ත්‍රීන්ගෙන්ද යුක්තවූ මහත් සමූහයක් උන්වහන්සේ අනුව ගියෝය. යේසුස්වහන්සේ ඔවුන් දෙසට හැරී: යෙරුසලමේ දූවරුනි, මා නිසා නොහඬා, නුඹලා සහ නුඹලාගේ දරුවන් නිසාත් හඬන්න. මක්නිසාද වඳ ස්ත්‍රීහුද දරුවන් බිහිනොකළ කුසද කිසිකලෙක කිරි නුදුන් තනද වාසනාවන්තයයි කියන දවස් පැමිණෙන්නේය. ඒ කාලයේදී ඔව්හු කඳුවලට කථාකොට: අප පිට වැටෙන්න; හෙල්වලට: අප වසාගන්නැයි කියන්ට පටන්ගන්නෝය. මක්නිසාද අමු ගසට මේ දේ කරත් නම්, වියළි ගසට කුමක් කරනු ලබන්නේදැයි කීසේක. මරනු ලබන පිණිස වරදකාරයන්වූ තවත් දෙදෙනෙක්ද උන්වහන්සේ සමඟ ගෙනයනලද්දෝය. ඔව්හු ඉස්කබල නම් ස්ථානයට පැමිණ එහිදී උන්වහන්සේද වරදකාරයන්ද කුරුසියෙහි ඇණගසන්නාහු, එක්කෙනෙකු උන්වහන්සේගේ දකුණු පැත්තෙහිද අනික් එක්කෙනා වම්පැත්තෙහිද ඇණගැසුවෝය. යේසුස්වහන්සේ කථාකොට: පියාණෙනි, ඔවුන්ට කමාවුව මැනව; මක්නිසාද ඔවුන් කරන්නේ මොකද කියා ඔව්හු නොදනිතියි කීසේක. ඔව්හු උන්වහන්සේගේ වස්ත්‍ර දාදුදමා, තමුන් අතරේ බෙදාගත්තෝය. සෙනඟද බල බලා සිටියෝය. මුලාදෑනීහු උන්වහන්සේට ගැරහුම්කරමින්: මොහු අනුන් ගැළවිය; මොහු දෙවියන්වහන්සේගේ තෝරාගත් ක්‍රිස්තුස් නම් තමාම ගළවාගනීවයි කීවෝය. හේවායෝද උන්වහන්සේ ළඟට ඇවිත් උන්වහන්සේට කාඩි ළංකොට: නුඹ යුදෙව්වරුන්ගේ රජ නම් නුඹම ගළවාගන්න කියා සරදම්කළෝය. යුදෙව්වරුන්ගේ රජ මොහුය කියා ලියවිල්ලක් උන්වහන්සේට උඩින් තබා තිබුණේය. එල්ලා සිටි වරදකාරයන්ගෙන් එක්කෙනෙක් උන්වහන්සේට අපහාස කරමින්: නුඹ ක්‍රිස්තුස් නොවේද? නුඹත් අපත් ගළවාගන්නැයි කීවේය. අනික් අය ඔහුට තරවටුකරමින්: එම දඬුවමට පැමිණ සිටින නුඹ දෙවියන්වහන්සේටවත් භය නැද්ද? අප දඬුවම් ලබන්නේ සාධාරණලෙසය; මක්නිසාද අපේ ක්‍රියාවලට සුදුසු විපාක ලබමුව. නුමුත් මුන්වහන්සේ කිසි වරදක් නොකළසේක කියා උත්තරදුන්නේය. තවද ඔහු: යේසුස්වහන්ස, ඔබගේ රාජ්‍යයෙන් යුක්තව ඔබ එන කල මා සිහිකළ මැනවයි කීවේය. උන්වහන්සේද: සැබවක් නුඹට කියමි–අදම නුඹ මා සමඟ පරාදීසයෙහි සිටින්නෙහියයි කීසේක.

ශු. ලූක් 23:1-43 Sinhala New Revised Version (NRSV)

එවිට ඒ මුළු සමූහයා නැඟිට, උන් වහන්සේ පිලාත් ඉදිරියට ගෙන ගියහ. ඔව්හු උන් වහන්සේ ගැන චෝදනා කරන්නට පටන්ගෙන, “මොහු අපේ ජාතිය කැරලිගැසීමට පොළඹවන බවත්, අධිරාජයාට අයබදු දීම තහනම් කරන බවත්, තමා ක්‍රිස්තුස් නම් රජෙක් යයි කියාගන්න බවත් අපි දැනගතිමු”යි කී හ. පිලාත් කතා කරමින්, “ඔබ ජුදෙව්වරුන්ගේ රජු දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. “එසේ කියන්නේ ඔබ ය”යි උන් වහන්සේ වදාළ සේක. එවිට පිලාත් නායක පූජකයන්ට ද සමූහයන්ට ද කතා කොට, “මේ මනුෂ්‍යයා අත කිසි වරදක් මට නොපෙනේ ය”යි කී ය. එහෙත් ඔව්හු පිළිතුරු දෙමින්, “මොහු ගලීලයේ සිට මෙ‍තැන දක්වා ජුදය මුළුල්ලෙහි උගන්වමින් සෙනඟ කළඹන්නේ ය”යි තරයේ ම කියා සිටියහ. පිලාත් ඒ අසා, “මේ මනුෂ්‍යයා ගලීලයෙක් දැ”යි විචාළේ ය. එවිට පිලාත් උන් වහන්සේ හෙරොද්ගේ ප්‍රදේශයට අයිති බව දැන, හෙරොද් ඒ දවස්වල ජෙරුසලමෙහි සිටි බැවින්, උන් වහන්සේ ඔහු වෙත යැවී ය. හෙරොද් ජේසුස් වහන්සේ දැක, ඉතා සන්තෝෂ විය. මන්ද, ඔහු උන් වහන්සේ ගැන අසා සිටි බැවින් බොහෝ කලෙක පටන් උන් වහන්සේ දකින්න ආශාවෙන් සිටියේ ය. උන් වහන්සේ යම් ආශ්චර්යයක් කරනු දැකීමට ද ඔහු බලාපොරොත්තු විය. ඔහු උන් වහන්සේගෙන් බොහෝ ප්‍රශ්න ඇසූ නමුත් උන් වහන්සේ කිසි පිළිතුරක් නුදුන් සේක. නායක පූජකයෝ ද විනයධරයෝ ද නැඟිට, උන් වහන්සේට තදින් වරද තැබූ හ. හෙරොද් තමාගේ සෙබළුන් සමඟ උන් වහන්සේ හෙළා දකිමින් සරදම් කොට, විචිත්‍ර වස්ත්‍රයක් හඳවා, උන් වහන්සේ පිලාත් වෙත පෙරළා යැවී ය. ඊට පෙර, කාලයක් ම මේ දෙදෙනා විරුද්ධවාදී ව සිටියත් ඒ දවසේ ම මිත්‍ර වූහ. පිලාත් නායක පූජකයන් ද ප්‍රධානීන් ද සෙනඟ ද රැස් කරවා, ඔවුන්ට කියනුයේ, “ඔබ මේ මනුෂ්‍යයා සෙනඟ කැරලිගැසීමට පොළඹවන්නෙකැ යි කියා මා වෙත ගෙනාවහු ය. බලන්න, ඔබ ඉදිරියෙහි මා ඔහු විභාග කළ විට, ඔබ විසින් මොහුට විරුද්ධ ව කළ චෝදනාවලින් කිසිවක් ගැන ඔහු වරදකාරයෙකැ යි මට පෙනුණේ නැත; හෙරොද්ට ද පෙනුණේ නැත. හෙරොද් මොහු නැවත අප වෙත එවුයේ ඒ නිසා ය; බලන්න, මරණීය දණ්ඩනයට සුදුසු කිසිවක් ඔහු කර නැත. එබැවින් මම ඔහුට තළා නිදහස් කොට හරිමි”යි කී ය. එසේ කීවේ පාස්කු මංගල්‍යයක දී එක මිනිසකු නිදහස් කර දීමට ඔහු බැඳී සිටි බැවිනි. එහෙත් සියල්ලෝ ම, “මොහු මරාදමන්න, බරබ්බස් අපට නිදහස් කර දෙන්නැ”යි එක හඬින් මොරගැසූ හ. බරබ්බස් වනාහි නගරයේ සිදුවූ කැරලිගැසීමක් ද මිනී මැරීමක් ද නිසා හිරගෙට යවනු ලැබූවෙකි. පිලාත් ජේසුස් වහන්සේ මුදා හැරීමට කැමැති ව නැවතත් ඔවුන්ට කතා කෙළේ ය. එහෙත් ඔව්හු, “මොහු කුරුසියෙහි ඇණ ගසන්න! කුරුසියෙහි ඇණ ගසන්න!” කියා මොරගැසූ හ. ඔහු තෙ වන වරටත් කතා කොට, “කිමෙ‍ක් ද? මොහු කවර අපරාධයක් කෙළේ ද? මොහු අත මරණීය දණ්ඩනයට සුදුසු කිසිවක් නැත. එබැවින් මොහුට තළා මුදා හරිමි”යි කී ය. එහෙත්, උන් වහන්සේ කුරුසියෙහි ඇණ ගසන ලෙස ම ඉල්ලා ඔව්හු වැඩි වැඩියෙන් මොරගැසූ හ. ඔවුන්ගේ උද්ඝෝෂණය සාර්ථක විය. පිලාත් ඔවුන්ගේ ඉල්ලීම පරිදි තීන්දුව දුන්නේ ය. තවද, ඔහු කැරලිගැසීම හා මිනී මැරීම නිසා හිර ගෙයි දමා සිටි, සෙනඟ ඉල්ලූ තැනැත්තා මුදා හැරියේ ය. එහෙත් ඔහු ජේසුස් වහන්සේ ඔවුන්ගේ හිතුමනාපයට පාවා දුන්නේ ය. ඔව්හු උන් වහන්සේ ගෙන යන කල, පිටිසරින් පැමිණි සිරේනියේ සීමොන් නම් මනුෂ්‍යයෙකු අල්ලාගෙන, ජේසුස් වහන්සේ පසුපස්සෙන් කුරුසිය දරාගෙන යන පිණිස එය ඔහු පිට තැබූ හ. පොදු ජනයාගෙන් ද උන් වහන්සේ නිසා හඬා වැලපෙන ස්ත්‍රීන්ගෙන් ද යුක්ත වූ විශාල පිරිසක් උන් වහන්සේ පසුපස්සේ, ගමන් ගත්හ. ජේසුස් වහන්සේ ඔවුන් දෙසට හැරී, “ජෙරුසලමේ දූවරුනි, මා නිසා නොහඬන්න, ඔබ සහ ඔබේ දරුවන් නිසා ම හඬන්න. වඳ ස්ත්‍රීහු ද කිසි කලෙක දරුවන් නොදැරූ කුස ද කිරි නුදුන් පියයුරු ද භාග්‍යවන්ත යයි පවසන දවස් පැමිණෙන්නේ ය. ඒ දවස්වල දී ඔව්හු කඳු අමතා, ‘අප පිට වැටෙන්න’ හෙල් අමතා, ‘අප වසාගන්නැ’යි කියන්න පටන්ගන්නෝ ය. මන්ද, ඔව්හු අමු ගසට මේ දේ කරත් නම්, වියළුණු ගසට කුමක් නො කරනු ඇද්දැ”යි වදාළ සේක. මරණ දඬුවමට වරදකරුවන් වූ තවත් දෙදෙනෙක් ද උන් වහන්සේ සමඟ ගෙන යන ලදහ. ඔව්හු කපාලපිටිය නම් ස්ථානයට පැමිණ, එහි දී උන් වහන්සේ කුරුසියෙහි ඇණ ගැසූ හ. වරදකරුවන්ගෙන් එක් කෙනෙකු උන් වහන්සේගේ දකුණු පස ද, අනික් එක්කෙනා වම් පස ද කුරුසිවල ඇණ ගැසූ හ. ජේසුස් වහන්සේ කතා කොට, “පියාණෙනි, ඔවුන්ට කමා වුව මැනව; ඔවුන් කරන දෙය ඔව්හු නොදනිති”යි වදාළ සේක. ඔව්හු උන් වහන්සේගේ වස්ත්‍ර බෙදාගැනීම පිණිස දාදු දැමූ හ. සෙනඟ ද බලාගෙන සිටියහ. ප්‍රධානීහු උන් වහන්සේට ගැරහුම් කරමින්, “මොහු අනුන් ගැළවීය; මොහු දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුස් නම්, උන් වහන්සේගේ තෝරාගත් තැනැත්තේ නම්, තමා ම ගළවා ගනීවා”යි කී හ. මුර සෙබළෝ ද උන් වහන්සේ ළඟට අවුත් උන් වහන්සේට කාඩි පිළිගන්වා, “ඔබ ජුදෙව්වරුන්ගේ රජු නම්, ඔබ ඔබ ම ගළවාගන්න” කියා සරදම් කළහ. “ජුදෙව්වරුන්ගේ රජ මොහු ය”යි කියා ලියන ලද පුවරු කඩක් උන් වහන්සේට ඉහළින් තබා තිබිණි. එල්ලා සිටි වරදකරුවන්ගෙන් එක් කෙනෙක් උන් වහන්සේට අපහාස කරමින්, “ඔබ ක්‍රිස්තුස් නොවේ ද? ඔබ වත් ගළවාගෙන අප වත් ගළවා ගන්නැ”යි කී ය. අනෙකා ඔහුට තරවටු කරමින්, එම දඬුවමට පැමිණ සිටින ඔබ දෙවියන් වහන්සේට වත් බිය නැද් ද? අපට දඬුවම් ලැබීම සාධාරණ ය: අපට මේ ලැබෙන්නේ අපේ ක්‍රියාවලට සුදුසු විපාක හැටියට ය. එහෙත්, මේ තැනැත්තා කිසි ම වරදක් කර නැතැ”යි උත්තර දුන්නේ ය. තවද ඔහු, “ජේසුස් වහන්ස, ඔබ රාජශ්‍රීයෙන් වඩිනා කල මා සිහි කළ මැනවැ”යි කී ය. උන් වහන්සේ ද, කතා කරමින් “ඇත්තෙන් ම මම ඔබට කියමි, ඔබ මා සමඟ අද ම පාරාදීසයෙහි සිටින්නෙහි ය”යි වදාළ සේක.

ශු. ලූක් 23:1-43 Sinhala New Revised Version 2018 (SNRV)

ශු. ලූක් 23:1-43 New International Version (NIV)

Then the whole assembly rose and led him off to Pilate. And they began to accuse him, saying, “We have found this man subverting our nation. He opposes payment of taxes to Caesar and claims to be Messiah, a king.” So Pilate asked Jesus, “Are you the king of the Jews?” “You have said so,” Jesus replied. Then Pilate announced to the chief priests and the crowd, “I find no basis for a charge against this man.” But they insisted, “He stirs up the people all over Judea by his teaching. He started in Galilee and has come all the way here.” On hearing this, Pilate asked if the man was a Galilean. When he learned that Jesus was under Herod’s jurisdiction, he sent him to Herod, who was also in Jerusalem at that time. When Herod saw Jesus, he was greatly pleased, because for a long time he had been wanting to see him. From what he had heard about him, he hoped to see him perform a sign of some sort. He plied him with many questions, but Jesus gave him no answer. The chief priests and the teachers of the law were standing there, vehemently accusing him. Then Herod and his soldiers ridiculed and mocked him. Dressing him in an elegant robe, they sent him back to Pilate. That day Herod and Pilate became friends—before this they had been enemies. Pilate called together the chief priests, the rulers and the people, and said to them, “You brought me this man as one who was inciting the people to rebellion. I have examined him in your presence and have found no basis for your charges against him. Neither has Herod, for he sent him back to us; as you can see, he has done nothing to deserve death. Therefore, I will punish him and then release him.” But the whole crowd shouted, “Away with this man! Release Barabbas to us!” (Barabbas had been thrown into prison for an insurrection in the city, and for murder.) Wanting to release Jesus, Pilate appealed to them again. But they kept shouting, “Crucify him! Crucify him!” For the third time he spoke to them: “Why? What crime has this man committed? I have found in him no grounds for the death penalty. Therefore I will have him punished and then release him.” But with loud shouts they insistently demanded that he be crucified, and their shouts prevailed. So Pilate decided to grant their demand. He released the man who had been thrown into prison for insurrection and murder, the one they asked for, and surrendered Jesus to their will. As the soldiers led him away, they seized Simon from Cyrene, who was on his way in from the country, and put the cross on him and made him carry it behind Jesus. A large number of people followed him, including women who mourned and wailed for him. Jesus turned and said to them, “Daughters of Jerusalem, do not weep for me; weep for yourselves and for your children. For the time will come when you will say, ‘Blessed are the childless women, the wombs that never bore and the breasts that never nursed!’ Then “ ‘they will say to the mountains, “Fall on us!” and to the hills, “Cover us!” ’ For if people do these things when the tree is green, what will happen when it is dry?” Two other men, both criminals, were also led out with him to be executed. When they came to the place called the Skull, they crucified him there, along with the criminals—one on his right, the other on his left. Jesus said, “Father, forgive them, for they do not know what they are doing.” And they divided up his clothes by casting lots. The people stood watching, and the rulers even sneered at him. They said, “He saved others; let him save himself if he is God’s Messiah, the Chosen One.” The soldiers also came up and mocked him. They offered him wine vinegar and said, “If you are the king of the Jews, save yourself.” There was a written notice above him, which read: THIS IS THE KING OF THE JEWS. One of the criminals who hung there hurled insults at him: “Aren’t you the Messiah? Save yourself and us!” But the other criminal rebuked him. “Don’t you fear God,” he said, “since you are under the same sentence? We are punished justly, for we are getting what our deeds deserve. But this man has done nothing wrong.” Then he said, “Jesus, remember me when you come into your kingdom.” Jesus answered him, “Truly I tell you, today you will be with me in paradise.”