ශු. ලූක් 22:14-16
ශු. ලූක් 22:14-16 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පැය පැමිණි කල, උන්වහන්සේ තම අපෝස්තුලුවරුන් සමඟ මේසයට හිඳගත් සේක. උන්වහන්සේ ඔවුන් අමතමින්, “මා වධ විඳීමට කලින් ඔබ සමඟ මේ පාස්කුව වළඳන්නට මම අතිශයෙන් ම ආශා වූයෙමි. මන්ද මා ඔබට කියන්නම්; දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි එය සම්පූර්ණ වන තෙක් මා එය වළඳන්නේ නැතැ” යි පැවසූ සේක.
ශු. ලූක් 22:14-16 Sinhala Revised Old Version (SROV)
පැය පැමිණි කල උන්වහන්සේද උන්වහන්සේ සමඟ ප්‍රේරිතයෝද හිඳගත්තෝය. උන්වහන්සේ ඔවුන්ට කථාකොට: වධවිඳීමට පළමුවෙන් මම මේ පාස්කුව නුඹලා සමඟ කන්ට අතිශයෙන් ආශාවුණෙමි. මක්නිසාද නුඹලාට කියමි–දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහිදී ඒක සම්පූර්ණවන තුරු මම ඒක නොකන්නෙමියි කීසේක.
ශු. ලූක් 22:14-16 Sinhala New Revised Version (NRSV)
නියම වේලාව පැමිණි කල, උන් වහන්සේ කෑමට හිඳගත් සේක. ප්‍රේරිතයෝ ද උන් වහන්සේ සමඟ හිඳගත්හ. උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “මා වද විඳීමට පළමුවෙන්, මේ පාස්කු භෝජනය ඔබ සමඟ වළඳන්නට අතිශයින් ආශා වීමි. ඒ මන්දැ යි මම ඔබට කියමි, දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ දී එය මුදුන්පත් වනතුරු මම එය තවත් නොවළඳමි”යි වදාළ සේක.
ශු. ලූක් 22:14-16 Sinhala New Revised Version 2018 (SNRV)
නියම වේලාව පැමිණි කල, උන් වහන්සේ කෑමට හිඳගත් සේක. අපෝස්තුළුවරු ද උන් වහන්සේ සමඟ හිඳගත්හ. උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “මා වද විඳීමට පළමුවෙන්, මේ පාස්කු භෝජනය ඔබ සමඟ වළඳන්නට අතිශයින් ආශා වීමි. ඒ මන්දැ යි මම ඔබට කියමි, දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ දී එය මුදුන්පත් වනතුරු මම එය තවත් නොවළඳමි”යි වදාළ සේක.
ශු. ලූක් 22:14-16 New International Version (NIV)
When the hour came, Jesus and his apostles reclined at the table. And he said to them, “I have eagerly desired to eat this Passover with you before I suffer. For I tell you, I will not eat it again until it finds fulfillment in the kingdom of God.”