ශු. ලූක් 21:13-15
ශු. ලූක් 21:13-15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සාක්ෂි දරන පිණිස මෙය ඔබට අවස්ථාව වනු ඇත. එබැවින් උත්තර දෙන්නේ කෙසේදැයි සිතමින් කනස්සලු නො වීමට ඔබගේ සිත සකසා ගන්න. මන්ද ඔබේ එදිරිවාදීන් කිසිවකුට බිඳ දැමිය නො හැකි වූත්, නිෂ්ප්රභ කළ නො හැකි වූත් කථිකත්වයක් හා ප්රඥාවක් මම ඔබට දෙන්නෙමි.
ශු. ලූක් 21:13-15 Sinhala Revised Old Version (SROV)
ඒක නුඹලාට සාක්ෂියක් පිණිස වන්නේය. එබැවින් උත්තරදිය යුතු කෙසේදැයි කලින් කල්පනා නොකරන්නට නුඹලාගේ සිත්හි නියමකරගන්න. මක්නිසාද නුඹලාගේ සියලු එදිරිකාරයින් විසින් විරුද්ධව සිටින්ටවත් බොරු කරන්ටවත් බැරිවූ මුඛයක්ද ප්රඥාවද මම නුඹලාට දෙන්නෙමි.
ශු. ලූක් 21:13-15 Sinhala New Revised Version (NRSV)
ඔබට එය සාක්ෂි දැරීමේ අවස්ථාවක් වන්නේ ය. ඔබ වගඋත්තර දිය යුත්තේ කෙසේ දැ යි කල් තියා සූදානම් නොවන්නට සිතට ගන්න. මන්ද, ඔබගේ විරුද්ධවාදීන් කිසිවෙකුට නොබිඳිය හැකි වූ ද නිෂ්ප්රභා කළ නොහැකි වූ ද වාග් චතුරතාවක් හා ප්රඥාවක් මම ඔබට දෙන්නෙමි.
ශු. ලූක් 21:13-15 Sinhala New Revised Version 2018 (SNRV)