ශු. ලූක් 20:27-30
ශු. ලූක් 20:27-30 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මරණින් නැගිටීමක් නැතැයි කියන සද්දුසිවරු ඇතැම් දෙනෙක් උන්වහන්සේ වෙත පැමිණ, උන්වහන්සේගෙන් ප්රශ්න කරමින්, “ගුරුතුමනි, මෝසෙස් අපට ලියා දී ඇත්තේ, මිනිසකුගේ සහෝදරයාට භාර්යාවක සිටියදී, එහෙත් දරුවන් නො සිටියදී මළොත්, ඔහුගේ සහෝදරයා ඒ වැන්දඹුව ආවාහ කර ගෙන, තම සහෝදරයා නමට දරු පල ලබා දිය යුතු ය කියායි. ඉදින් සහෝදරයින් හත් දෙනෙක් සිටියා. පළමු වැන්නා ස්ත්රියක් විවාහ කර ගෙන දරු පල නො ලැබ මිය ගියා. පසුව දෙවැන්නාත්
ශු. ලූක් 20:27-31 Sinhala Revised Old Version (SROV)
නැවත-නැගිටීමක් නැතැයි කියන්නාවු සද්දුසිවරුන්ගෙන් සමහරෙක් උන්වහන්සේ ළඟට ඇවිත්: ආචාරිනි, යමෙකුගේ සහෝදරයෙක් භාර්යාවක් ඇතුව සිට දරුවෙකු නොලැබ මළොත්, ඔහුගේ සහෝදරයා විසින් ඒ භාර්යාව පාවාගෙන, තමාගේ සහෝදරයාගේ නමට දරුවන් උපදවන්ට යුතුයයි මෝසෙස් විසින් අපට ලියාදී තිබේ. ඉඳින් සහෝදරයන් සත්දෙනෙක් සිටියෝය. පළමුවෙනියා භාර්යාවකු සරණපාවාගෙන දරුවන් නොලැබ මැරුණේය. දෙවෙනියාත් තුන්වෙනියාත් ඈ පාවාගත්තෝය; සත්දෙනාම එසේම දරුවන් නොලැබ මැරුණෝය.
ශු. ලූක් 20:27-30 Sinhala New Revised Version (NRSV)
පුනරුජ්ජීවනයක් නැතැ යි කියන සද්දුසිවරුන්ගෙන් සමහරෙක් ජේසුස් වහන්සේ වෙත අවුත්, “ගුරුදේවයෙනි, යම් මිනිසෙකු භාර්යාව ජීවත් ව සිටිය දී දරුපල නොලැබ මළොත්, ඔහුගේ සහෝදරයා ඒ භාර්යාව පාවාගෙන, තම සහෝදරයාගේ නමට දරුවන් ඉපදවිය යුතු යයි මෝසෙස් ලියා ඇත. ඉදින්, සහෝදරයෝ සත් දෙනෙක් සිටියහ. පළමුවැන්නා භාර්යාවක පාවාගෙන දරුපල නොලබා මළේ ය. දෙවැන්නාත් තුන්වැන්නාත් ඇය පාවා ගත්හ.
ශු. ලූක් 20:27-30 Sinhala New Revised Version 2018 (SNRV)
පුනරුජ්ජීවනයක් නැතැ යි කියන සද්දුසිවරුන්ගෙන් සමහරෙක් ජේසුස් වහන්සේ වෙත අවුත්, “ගුරුදේවයෙනි, යම් මිනිසෙකු භාර්යාව ජීවත් ව සිටිය දී දරුපල නොලැබ මළොත්, ඔහුගේ සහෝදරයා ඒ භාර්යාව පාවාගෙන, තම සහෝදරයාගේ නමට දරුවන් ඉපදවිය යුතු යයි මෝසෙස් ලියා ඇත. ඉදින්, සහෝදරයෝ සත් දෙනෙක් සිටියහ. පළමුවැන්නා භාර්යාවක පාවාගෙන දරුපල නොලබා මළේ ය. දෙවැන්නාත් තුන්වැන්නාත් ඇය පාවා ගත්හ.
ශු. ලූක් 20:27-30 New International Version (NIV)
Some of the Sadducees, who say there is no resurrection, came to Jesus with a question. “Teacher,” they said, “Moses wrote for us that if a man’s brother dies and leaves a wife but no children, the man must marry the widow and raise up offspring for his brother. Now there were seven brothers. The first one married a woman and died childless. The second