ශු. ලූක් 2:4-6
ශු. ලූක් 2:4-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යෝසෙප් ද ඔහු දාවිත්ගේ වංශයට හා පෙළපතට අයත් බැවින්, ගලීලයේ නාසරෙත් නගරයෙන් පිටත් ව, දාවිත් පුරය වූ යුදයේ බෙත්ලෙහෙම් බලා ගියේ, තමා හා විවාහ ගිවිසි, ගැබ්බර ව හුන් මරියා ද සමඟින් ලියාපදිංචි වන්නට ය. ඔවුන් එහි සිටියදී ඇයට දරු උපතේ කාලය එළැඹිණි.
ශු. ලූක් 2:4-6 Sinhala Revised Old Version (SROV)
යෝසෙප්ද දාවිත්ගේ වංශයටත් පෙළපතටත් අයිති බැවින්, තමාට විවාහබස් දුන් ගර්භිණීව සිටි මරියා සමඟ ලියවෙන්ට, ගලීලයෙහිවූ නාසරෙත් නුවරින් පිටත්ව යුදයේ බෙත්ලෙහෙම් නම් දාවිත්ගේ නුවරට ගියේය. තවද ඔවුන් එහි සිටියදී ඇගේ බිහිකරන කාලය සම්පූර්ණවිය.
ශු. ලූක් 2:4-6 Sinhala New Revised Version (NRSV)
ජෝසෙප් ද දාවිත්ගේ වංශය හා පෙළපතට අයිති වූයෙන්, ගලීලයේ නාසරෙත් නුවරින් නික්ම ජුදයේ බෙත්ලෙහෙම් නම් දාවිත්ගේ නුවර බලා ගියේ ය. ඔහු ගියේ, තමාට විවාහ ගිවිසුම් දුන්, ගැබ්ගෙන සිටි මරිය තුමී සමඟ ලියාපදිංචි වන පිණිස ය. තවද, ඔවුන් එහි සිටිය දී ඇගේ ප්රසව කාලය සම්පූර්ණ විය.
ශු. ලූක් 2:4-6 Sinhala New Revised Version 2018 (SNRV)
ජෝසෙප් ද දාවිත්ගේ වංශය හා පෙළපතට අයිති වූයෙන්, ගලීලයේ නාසරෙත් නුවරින් නික්ම ජුදයේ බෙත්ලෙහෙම් නම් දාවිත්ගේ නුවර බලා ගියේ ය. ඔහු ගියේ, තමාට විවාහ ගිවිසුම් දුන්, ගැබ්ගෙන සිටි මරිය තුමී සමඟ ලියාපදිංචි වන පිණිස ය. තවද, ඔවුන් එහි සිටිය දී ඇගේ ප්රසව කාලය සම්පූර්ණ විය.
ශු. ලූක් 2:4-6 New International Version (NIV)
So Joseph also went up from the town of Nazareth in Galilee to Judea, to Bethlehem the town of David, because he belonged to the house and line of David. He went there to register with Mary, who was pledged to be married to him and was expecting a child. While they were there, the time came for the baby to be born