ශු. ලූක් 2:37-52 - Compare All Versions
ශු. ලූක් 2:37-52 SROV (Sinhala Revised Old Version)
අවුරුදු අසූහතරක්ම ඈ වැන්දඹුවක්ව සිටියාය; ඈ දේවමාළිගාවෙන් අහක්ව නොගොස්, රෑ දාවල් දෙක්හි නිරාහාරයෙන් ඉඳ යාච්ඤාකරමින් නමස්කාරකළාය. ඈද ඒ පැයෙහිම ඇවිත් දෙවියන්වහන්සේට ස්තුතිකොට, යෙරුසලමේ මිදීම ගැන බලාසිටි සියලුදෙනාට උන්වහන්සේ ගැන කථාකළාය. ඔව්හු ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාවේ ප්‍රකාරයට සියල්ල ඉෂ්ටකළ පසු, ගලීලයෙහිවූ නාසරෙත් නම් තමුන්ගේම නුවරට හැරී ගියෝය. ළදරුවා වැඩී, ශක්තිමත්ව, ප්‍රඥාවෙන් පූර්ණවූසේක. දෙවියන්වහන්සේගේ කරුණාවද උන්වහන්සේ කෙරෙහි විය. උන්වහන්සේගේ මවුපියෝ අවුරුදු පතා පාස්කු මංගල්‍යය පිණිස යෙරුසලමට ගියෝය. උන්වහන්සේට දොළොස් අවුරුදු වයස්වූ කල ඔව්හු මංගල්‍ය සිරිත් ලෙස ගියෝය. ඔවුන් නියම දවස් ගතකොට හැරී එද්දී, යේසුස් නම් ළමයා යෙරුසලමෙහි නැවතී සිටිසේක; නුමුත් උන්වහන්සේගේ මවුපියෝ ඒ බව නොදැන, උන්වහන්සේ ගමන් යන අය සමඟයයි සිතා, දවසක ගමන් ගොස්, නෑයන්ද අඳුනන්නවුන්ද අතරෙහි උන්වහන්සේ සෙවුවෝය. උන්වහන්සේ සම්බ නුවූ බැවින්, ඔව්හු උන්වහන්සේ සොයමින් යෙරුසලමට ආපසු ගියෝය. තවද තුන් දවසකට පසු, උන්වහන්සේ දේවමාළිගාවෙහි පණ්ඩිතයන් මැද වාඩිවී, ඔවුන් කියන දේ අසමින්ද ඔවුන්ගෙන් ප්‍රශ්න විචාරමින්ද ඉන්නවා ඔව්හු දුටුවෝය. උන්වහන්සේගේ බස් ඇසූ සියල්ලෝම උන්වහන්සේගේ නුවණ හා උත්තර ගැන විස්මිත වූහ. ඔව්හු උන්වහන්සේ දැක මවිතවූවෝය. උන්වහන්සේගේ මෑණියෝ: පුත්‍රය, කුමක් නිසා අපට මෙසේ කෙළෙහිද? බලව, නුඹේ පියාද මමද සෝකවෙමින් නුඹ සෙවුවෙමුයයි කීවාය. එවිට උන්වහන්සේ: නුඹලා මා සෙවුවේ මක්නිසාද? මාගේ පියාණන්වහන්සේගේ ගෘහයෙහි මා සිටින්ට ඕනෑ බව නුඹලා දැන සිටියේ නැද්දැයි ඔවුන්ට කීසේක. නුමුත් උන්වහන්සේ ඔවුන්ට කී කීම ඔවුන් තේරුම්ගත්තේ නැත. උන්වහන්සේ ඔවුන් සමඟ ගොස් නාසරෙත්ට පැමිණ, ඔවුන්ට යටත්ව සිටිසේක. උන්වහන්සේගේ මෑණියෝ මේ සියලු කීම් සිතේ තබාගත්තාය. යේසුස්වහන්සේ ප්‍රඥාවෙන් හා උස මහතින්ද දෙවියන්වහන්සේගෙත් මනුෂ්‍යයන්ගෙත් කරුණාවෙහිද වැඩුණුසේක.
ශු. ලූක් 2:37-52 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඉන්පසු අසූහතර වසරක් ම වැන්දඹුවක ලෙස සිටියා ය. ඈ දේව මාලිගයෙන් බැහැර ව නො ගොස්, දිවා රෑ දෙක්හි නිරාහාරයෙන් ද යාච්ඤාවෙන් ද නමස්කාර කළා ය. ඈ ද ඒ පැයේදී ම එහි අවුත්, දෙවියන්වහන්සේට ස්තුති කරන්නටත්, යෙරුසලමේ ගැලවීම අපේක්ෂිත සියල්ලනට දරුවා ගැන පවසන්නටත් වූවා ය. ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාවට අදාළ, වත් පිළිවෙත් පැවැත් වූ ඔවුහු තමන්ගේ ගම වන ගලීලයේ නාසරෙත් වෙත ආපසු ගියහ. දරුවා වැඩී, ශක්තිමත් ව, ප්‍රඥාවෙන් පූර්ණ වූයේ ය; දෙවියන්වහන්සේගේ ප්‍රසාදය ද ඔහු පිට විය. එතුමාණන්ගේ මව් පියෝ වසරක් පාසා පාස්කු මංගල්‍යයට යෙරුසලමට ගියහ. එතුමාණන් දොළොස් හැවිරිදි වූ කල, ඔවුහු සිරිත් පරිදි මංගල්‍යයට ගියහ. උත්සව දවස් ගෙවුණු පසු, ඔවුහු ආපසු ඒමට පිටත් වූයේ වුව ද, ළමා යේසුස්වහන්සේ යෙරුසලමේ රැඳුණු සේක. එහෙත් මාපියන් ඒ වග දැන සිටියේ නැත. එතුමාණන්, කණ්ඩායම අතරේ වෙතැයි සිතූ ඔවුහු දවසක ගමන්-දුරක් ගියහ. පසුව තම නෑයින් හා හිතවතුන් අතරේ එතුමාණන් සොයා බලන්නට වූ නමුත්, හමු නො වූ බැවින්, එතුමාණන් සොයන්නට ආපසු යෙරුසලම බලා ගියහ. තුන් දිනකට පසු, එතුමාණන් ඔවුනට හමු වූයේ, දේව මාලිගය තුළ පඬිවරුන් අතර හිඳ, ඔවුන්ට සවන් දෙමින් හා ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් සිටියදී ය. එතුමාණන්ගේ අවබෝධය හා පිළිතුරු ඇසූ සියල්ලෝ මවිත වූහ. එතුමාණන් දුටු කල මව් පියෝ ද විස්මපත් වූහ. මෑණියෝ එතුමාණන් අමතා, “පුත, ඇයි අපට මෙහෙම දෙයක් කළේ? බලන්න, ඔබේ පියාත්, මාත් ඔබ සෙව්වේ මොන තරම් තැවුලකින් දැ?” යි කීවා ය. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ මා සෙව්වේ කුමට ද? මගේ පියාණන්වහන්සේගේ ගෘහයේ මා සිටිය යුතු වග ඔබ දැන සිටියේ නැද්දැ?” යි ඇසූ සේක. එහෙත් උන්වහන්සේ ඔවුන්ට කතා කරමින් කී දේ ඔවුන්ට වැටහුනේ නැත. ඉන්පසු ඔවුන් සමඟ නාසරෙත් වෙත ගිය උන්වහන්සේ ඔවුන්ට කීකරු ව විසූ සේක. උන්වහන්සේගේ මෑණියෝ මේ සියල්ල තම සිත්හි ධාරණය කර ගත්තා ය. යේසුස්වහන්සේ ප්‍රඥාවෙන්, උස මහතින් හා දෙවියන්වහන්සේගේ මෙන් ම මිනිසුන්ගේ ප්‍රසාදයෙන් ද වැඩුණු සේක.
ශු. ලූක් 2:37-52 NRSV (Sinhala New Revised Version)
අසූ හතර අවුරුද්දක් වයස් වන තුරු වැන්දඹුවක් ව සිටියා ය. ඈ දේව මාලිගාවෙන් අහක් ව නො ගොස් දිවා රෑ දෙක්හි උපවාස හා යාච්ඤා පවත්වමින් නමස්කාර කළා ය. ඈ ද ඒ මොහොතේ දී ම අවුත්, දෙවියන් වහන්සේට තුති පුදා, ජෙරුසලමේ විමුක්තිය අපේක්ෂා කළ සියලු දෙනා හට උන් වහන්සේ ගැන කතා කළා ය. ජෝසෙප් සහ මරියා සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාවලිය අනුව සියල්ල ඉටු කළ පසු ගලීලයෙහි නාසරෙත් නම් සිය නුවරට පෙරළා ගියහ. දරුවා වැඩී ශක්තිමත් ව ප්‍රඥාවෙන් පූර්ණ විය; දෙවියන් වහන්සේගේ ප්‍රසාදය උන් වහන්සේ කෙරෙහි විය. ජේසුස් වහන්සේගේ මවුපියෝ අවුරුදු පතා පාස්කු උළෙල සඳහා ජෙරුසලමට ගියහ. උන් වහන්සේ දොළොසැවිරිදි වූ කල, ඔව්හු සිරිත් ලෙස ඒ මංගල්‍යයට ගියහ. ඔවුන් නියමිත දවස් ගෙවා පෙරළා එන අතර, ජේසුස් කුමරාණෝ ජෙරුසලමෙහි රැඳුණු සේක; එහෙත්, උන් වහන්සේගේ දෙමවුපියෝ ඒ බව නොදැන, උන් වහන්සේ වන්දනාකාර පිරිස සමඟ ඇතැ යි සිතාගෙන, දවසක ගමන් ගොස්, නෑ මිතුරන් අතරෙහි උන් වහන්සේ සෙවූ හ. එහෙත් සම්බ නොවූයෙන්, ඔව්හු උන් වහන්සේ සොයමින් ජෙරුසලමට පෙරළා ගියහ. තෙදිනකට පසු ඔව්හු උන් වහන්සේ දේව මාලිගාවෙහි පඬිවරයන් මැද වැඩහිඳ ඔවුන් කී දේ අසමින් ද ඔවුන්ගෙන් ප්‍රශ්න විචාරමින් ද සිටිනු දුටුවෝ ය. ඒ ඇසූ සියල්ලෝ ම උන් වහන්සේගේ බුද්ධි මහිමය හා පිළිතුරු ගැන විස්මිත වූ හ. දෙමවුපියෝ උන් වහන්සේ දුටු කල මවිත වූ හ. උන් වහන්සේගේ මෑණියෝ, “පුතා, කුමක් නිසා අපට මෙසේ කෙළෙහි ද? බලන්න, ඔබේ පියා ද මම ද දුකින් තැවි තැවී ඔබ සෙවීමු”යි කී හ. එවිට උන් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ මා සෙව්වේ මන් ද? මා පියාණන්ගේ මැදුරෙහි මා සිටිය යුතු බව ඔබ නොදන්නහු දැ”යි ඔවුන්ට වදාළ සේක. එහෙත්, උන් වහන්සේගේ ඒ කීම ඔවුන්ට අවබෝධ නො වී ය. උන් වහන්සේ ඔවුන් කැටුව ගොස් නාසරෙත් නුවරට පැමිණ ඔවුන්ට කීකරු වී විසූ සේක. උන් වහන්සේගේ මෑණියෝ මේ සියල්ලක් ම සිත්හි නිදන් කරගත්හ. ජේසුස් වහන්සේ ප්‍රඥා මහිමයෙන් හා කාය ශක්තියෙන් ද දෙවියන් වහන්සේගෙන් හා මිනිසුන්ගෙන් ප්‍රසාදය ලබමින් ද වැඩුණු සේක.
ශු. ලූක් 2:37-52 SNRV (Sinhala New Revised Version 2018)

ශු. ලූක් 2:37-52 NIV (New International Version)
and then was a widow until she was eighty-four. She never left the temple but worshiped night and day, fasting and praying. Coming up to them at that very moment, she gave thanks to God and spoke about the child to all who were looking forward to the redemption of Jerusalem. When Joseph and Mary had done everything required by the Law of the Lord, they returned to Galilee to their own town of Nazareth. And the child grew and became strong; he was filled with wisdom, and the grace of God was on him. Every year Jesus’ parents went to Jerusalem for the Festival of the Passover. When he was twelve years old, they went up to the festival, according to the custom. After the festival was over, while his parents were returning home, the boy Jesus stayed behind in Jerusalem, but they were unaware of it. Thinking he was in their company, they traveled on for a day. Then they began looking for him among their relatives and friends. When they did not find him, they went back to Jerusalem to look for him. After three days they found him in the temple courts, sitting among the teachers, listening to them and asking them questions. Everyone who heard him was amazed at his understanding and his answers. When his parents saw him, they were astonished. His mother said to him, “Son, why have you treated us like this? Your father and I have been anxiously searching for you.” “Why were you searching for me?” he asked. “Didn’t you know I had to be in my Father’s house?” But they did not understand what he was saying to them. Then he went down to Nazareth with them and was obedient to them. But his mother treasured all these things in her heart. And Jesus grew in wisdom and stature, and in favor with God and man.