ශු. ලූක් 19:2-4 - Compare All Versions
ශු. ලූක් 19:2-4 SROV (Sinhala Revised Old Version)
සුංගම් අයකරන්නන්ගේ ප්‍රධානියෙක්වූ සාකෙවුස් නම්ලත් පොහොසත් මනුෂ්‍යයෙක්, යේසුස්වහන්සේ කවුද කියා බලන්ට සෙවීය; නුමුත් ඔහු මිටි බැවින් සමූහයා නිසා නොහැකිවිය. උන්වහන්සේ ඒ මාර්ගයේ යන්ට සිටි බැවින්, ඔහු පෙරටුව දුවගොස් උන්වහන්සේ දකින පිණිස අත්තික්කා ගහකට නැගුණේය.
ශු. ලූක් 19:2-4 SCV (සිංහල කාලීන පරිවර්තනය)
සාකෙවුස් නම් මනුෂ්‍යයෙක් එහි විය. බදු අයකරන්නන්ගේ ප්‍රධානියකු වූ ඔහු ධනවතෙකි. යේසුස්වහන්සේ කවුරුදැයි දැක ගැනීමට ඕනෑ වුව ද, සමූහයා නිසා ඔහුට උන්වහන්සේ දැකිය නො හැකි විය. මන්ද ඔහු මිටි මිනිසකු වූ බැවිනි. එබැවින් ඔහු ඉදිරියට දුව ගොස්, උන්වහන්සේ දැක ගන්නට අත්තික්කා ගහකට නැග ගත්තේ ය. මන්ද උන්වහන්සේ යමින් සිටියේ ඒ මාර්ගයේ ය.
ශු. ලූක් 19:2-4 NRSV (Sinhala New Revised Version)
සාකෙවුස් නම් ධනවත් ප්‍රධාන අයකැමියෙක් එහි විය. ඔහු ජේසුස් වහන්සේ කවුරුන් දැ යි බැලීමට සෙවී ය. එහෙත් ඔහු මිටිකෙනෙකු වූයෙන් සමූහයා නිසා එය කළ නොහැකි විය. ජේසුස් වහන්සේ ඒ පාරෙන් යන්න සිටි බැවින්, ඔහු පෙරටුව දුව ගොස්, උන් වහන්සේ දක්නා පිණිස අත්තික්කා ගසකට නැංගේ ය.
ශු. ලූක් 19:2-4 SNRV (Sinhala New Revised Version 2018)
සාකෙවුස් නම් ධනවත් ප්‍රධාන අයකැමියෙක් එහි විය. ඔහු ජේසුස් වහන්සේ කවුරුන් දැ යි බැලීමට සෙවී ය. එහෙත් ඔහු මිටිකෙනෙකු වූයෙන් සමූහයා නිසා එය කළ නොහැකි විය. ජේසුස් වහන්සේ ඒ පාරෙන් යන්න සිටි බැවින්, ඔහු පෙරටුව දුව ගොස්, උන් වහන්සේ දක්නා පිණිස අත්තික්කා ගසකට නැංගේ ය.
ශු. ලූක් 19:2-4 NIV (New International Version)
A man was there by the name of Zacchaeus; he was a chief tax collector and was wealthy. He wanted to see who Jesus was, but because he was short he could not see over the crowd. So he ran ahead and climbed a sycamore-fig tree to see him, since Jesus was coming that way.