ශු. ලූක් 19:11-13
ශු. ලූක් 19:11-13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔවුන් මේවා අසා සිටියදී, උන්වහන්සේ ඔවුන්ට මෙම උපමා කතාව පැවසුවේ උන්වහන්සේ යෙරුසලමට ළං වෙමින් සිටි නිසා හා දෙවියන්වහන්සේගේ රාජ්‍යය වහා පහළ වෙතැයි ජනයා සිතූ නිසා ය. එබැවින් උන්වහන්සේ කතා කරමින්, “එක්තරා වංශවත් මනුෂ්‍යයෙක් තමාට රාජ පදවියක් ලබා ආපසු එන පිණිස ඈත රටකට ගියේ ය. ඔහු තමාගේ සේවකයින් දහ දෙනකු කැඳවා, ඔවුන්ට මසු දහයක් දී ‘මා ආපසු එන තුරු මෙයින් වෙළඳාම් කරන්නැ’ යි කී ය.
ශු. ලූක් 19:11-13 Sinhala Revised Old Version (SROV)
මෙසේ කාරණා ඔවුන් ඇසූ කල, උන්වහන්සේ යෙරුසලමට සමීපව සිටි බැවින්ද, දෙවියන්වහන්සේගේ රාජ්‍යය වහාම එළිදරව්වේයයි ඔවුන් සිතූ බැවින්ද, උන්වහන්සේ තව දුරටත් උපමාවක් කීසේක. එබැවින් උන්වහන්සේ කථාකොට: එක්තරා වංශවත් මනුෂ්‍යයෙක් තමාටම රාජ්‍යයක් ලබාගෙන නැවත එන පිණිස දුර රටකට ගියේය. ඔහු තමාගේ දාසයන් දසදෙනෙකුට අඬගසා, ඔවුන්ට පවුම් දසයක් දී: මා එන තෙක් මෙයින් වෙළඳාම්කරන්නැයි කීවේය.
ශු. ලූක් 19:11-13 Sinhala New Revised Version (NRSV)
ඔවුන් මෙබස් අසා සිටිය දී, උන් වහන්සේ තවත් උපමාවක් වදාළ සේක. එය වදාළේ, උන් වහන්සේ ජෙරුසලමට සමීප ව සිටි බැවින් හා දෙවියන් වහන්සේගේ රාජ්‍යය වහා ම එළිදරව් වනු ඇතැ යි ඔවුන් සිතූ බැවිනි. “රදළපෙළෙහි වූ එක් මනුෂ්‍යයෙක් රාජ පදවියක් ලබා එනු පිණිස දුර රටකට පිටත් ව ගියේ ය. ඔහු තමාගේ දාසයන් දස දෙනෙකු කැඳවා, ඔවුන් එකිනෙකාට රන් කාසියක් බැගින් දී, ‘මා එන තුරු මෙයින් වෙළහෙළඳාම් කරන්නැ’යි කී ය.
ශු. ලූක් 19:11-13 Sinhala New Revised Version 2018 (SNRV)
ඔවුන් මෙබස් අසා සිටිය දී, උන් වහන්සේ තවත් උපමාවක් වදාළ සේක. එය වදාළේ, උන් වහන්සේ ජෙරුසලමට සමීප ව සිටි බැවින් හා දෙවියන් වහන්සේගේ රාජ්‍යය වහා ම එළිදරව් වනු ඇතැ යි ඔවුන් සිතූ බැවිනි. “රදළපෙළෙහි වූ එක් මනුෂ්‍යයෙක් රාජ පදවියක් ලබා එනු පිණිස දුර රටකට පිටත් ව ගියේ ය. ඔහු තමාගේ දාසයන් දස දෙනෙකු කැඳවා, ඔවුන් එකිනෙකාට රන් කාසියක් බැගින් දී, ‘මා එන තුරු මෙයින් වෙළහෙළඳාම් කරන්නැ’යි කී ය.
ශු. ලූක් 19:11-13 New International Version (NIV)
While they were listening to this, he went on to tell them a parable, because he was near Jerusalem and the people thought that the kingdom of God was going to appear at once. He said: “A man of noble birth went to a distant country to have himself appointed king and then to return. So he called ten of his servants and gave them ten minas. ‘Put this money to work,’ he said, ‘until I come back.’