ශු. ලූක් 17:2-3
ශු. ලූක් 17:2-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මේ කුඩාවුන්ගෙන් කෙනකු පාපයට පොලඹවනවාට වඩා ඇඹරුම් ගලක් ගෙල වටා එල්ලා, මුහුදේ හෙළනු ලැබීම ඔහුට වඩා හොඳ ය. එබැවින් පරෙස්සම් වන්න! “ඔබේ සහෝදරයා පව් කරයි නම්, ඔහුට තරවටු කරන්න. ඔහු පසුතැවිලි වේ නම්, ඔහුට කමා වන්න.
ශු. ලූක් 17:2-3 Sinhala Revised Old Version (SROV)
යමෙක් මේ කුඩා අයගෙන් එක්කෙනෙකුට බාධාකරනවාට වඩා, එසේ කරන්නාගේ බෙල්ලේ ඇඹරුම් ගලක් එල්ලා, ඔහු මුහුදේ දැමීම ඔහුට යහපත. නුඹලා ප්‍රවේසම්වෙන්න. නුඹේ සහෝදරයා පව්කළොත් ඔහුට තරවටුකරන්න; ඔහු පසුතැවිලිවේ නම් ඔහුට කමාවෙන්න.
ශු. ලූක් 17:2-3 Sinhala New Revised Version (NRSV)
මේ කුඩා අයගෙන් කෙනෙකුගේ වැටීමට යමෙක් හේතු වනු ඇද්ද, ඔහුගේ ගෙළ වටා ඇඹරුම් ගලක් එල්ලා මුහුදේ හෙළනු ලැබීම ඔහුට ඊට වඩා යහපති. කපරිස්සම් වන්න; ඔබේ සහෝදරයා පව්ළොත් ඔහුට තරවටු කරන්න; ඔහු පසුතැවී සිත් හරවා ගනී නම් ඔහුට කමා වන්න.
ශු. ලූක් 17:2-3 Sinhala New Revised Version 2018 (SNRV)
මේ කුඩා අයගෙන් කෙනෙකුගේ වැටීමට යමෙක් හේතු වනු ඇද්ද, ඔහුගේ ගෙළ වටා ඇඹරුම් ගලක් එල්ලා මුහුදේ හෙළනු ලැබීම ඔහුට ඊට වඩා යහපති. පරිස්සම් වන්න; ඔබේ සහෝදරයා පව්කළොත් ඔහුට තරවටු කරන්න; ඔහු පසුතැවී සිත් හරවා ගනී නම් ඔහුට කමා වන්න.
ශු. ලූක් 17:2-3 New International Version (NIV)
It would be better for them to be thrown into the sea with a millstone tied around their neck than to cause one of these little ones to stumble. So watch yourselves. “If your brother or sister sins against you, rebuke them; and if they repent, forgive them.