ශු. ලූක් 15:25-31

ශු. ලූක් 15:25-31 සිංහල කාලීන පරිවර්තනය (SCV)

“මේ අතර කෙතේ සිටි ඔහුගේ වැඩිමහල් පුත්‍රයා ආපසු එමින් නිවසට ළං වෙද්දී, නැටුම් හා සංගීත නාදය අසන්නට ලැබුණා. ඔහු සේවකයකුට අඬගසා, සිදු වන්නේ කුමක් දැයි ඇසුවා. ඔහු පිළිතුරු දෙමින්, ‘ඔබේ සහෝදරයා ඇවිදින්; ඔබේ පියා පුෂ්ටිමත් වස්සා මැරුවා. එසේ කළේ ඔහු සුරැකි ව, සුව සේ යළි හමු වූ බැවිනැ’ යි කීවා. “එහෙත් ඔහු කෝප ව, ගෙට ඇතුළු වීම ප්‍රතික්ෂේප කළා. එබැවින් ඔහුගේ පියා පිටතට අවුත්, ඔහුට ආයාචනා කළා. එවිට ඔහු පියා අමතමින්, ‘බලන්න! මේ තරම් අවුරුදු ගණනක් මා ඔබට වැඩ කළා. කිසිදාක ඔබේ අණට අකීකරු වුණේ නෑ; එහෙත්, මගේ මිතුරන් හා විනෝද වීමට කිසි දවසක එක එළු පැටවකුවත් ඔබ මට දී නෑ. එහෙත්, වේශ්‍යාවන් සමඟ ඔබේ ධනය කා දැමූ ඔබේ මේ පුත්‍රයා ආ කල, ඔබ පුෂ්ටිමත් ම වස්සා ඔහු උදෙසා මැරෙව්වා’ යි කීවා. “එවිට පියා ඔහු අමතමින්, ‘පුත, නිතර ම ඔබ මා සමඟයි. මට ඇති හැම දේත් ඔබගෙයි.

ශු. ලූක් 15:25-31 Sinhala Revised Old Version (SROV)

ඔහුගේ වැඩිමහල් පුත්‍රයා කෙතෙහි සිටියේය. ඔහු ඇවිත් ගෙදරට ළංවූ කල, තූර්යනාදයත් නැටීමත් ඇසී, දාසයන්ගෙන් එක්කෙනෙකුට හඬගසා: මේ මොකදැයි විචාළේය. ඔහුද: ඔබගේ සහෝදරයා ආවේය; ඔබගේ පියාණෝ ඔහු සුවසේ පිළිගත් බැවින්, තරකළාවූ වස්සා මැරෙව්වේයයි කීවේය. එවිට ඔහු කිපී, ගෙට ඇතුල්වෙන්ට නොකැමති වූයේය. එබැවින් ඔහුගේ පියා පිටතට ඇවිත්, එන මෙන් ඔහුගෙන් ඉල්ලුවේය. නුමුත් ඔහු උත්තරදෙමින්: මෙපමණ අවුරුදු ගණනක් ඔබට සේවයකරමින් සිටිමි, කවදාවත් ඔබගේ ආඥාවක් කඩ නොකෙළෙමි. එසේවී නුමුත් මාගේ මිත්‍රයන් සමඟ ප්‍රීතිවෙන්ට ඔබ එළු පැටවෙකුවත් කිසිකලක මට නුදුන්නෙහිය. නුමුත් ඔබගේ සම්පත වේශ්‍යාවන් සමඟ නාස්තිකළාවූ මේ ඔබගේ පුත්‍රයා ආ වේලේ, ඔහු නිසා තරකළ වස්සා මැරුවෙහියයි පියාට කීවේය. ඔහුද: පුත්‍රය, නුඹ නිතරම මා සමඟ සිටිනෙහිය, මා සන්තක සියල්ලද නුඹේය.

ශු. ලූක් 15:25-31 Sinhala New Revised Version (NRSV)

ඔහුගේ වැඩිමල් පුත්‍රයා ගොවිපළට ගොස් සිටියේ ය. ඔහු පෙරළා එන්නේ ගෙදරට ළං වූ කල, නැටුම් ගැයුම් වැයුම් හඬ අසා, දාසයන්ගෙන් එක් කෙනෙකුට අඬගසා, ‘මෙ‍හි තේරුම කිමෙ‍ක් දැ’යි විචාළේ ය. ඔහු ද, ‘ඔබේ සහෝදරයා ඇවිත් සිටියි; ඔබේ පියා ඔහු සුවසේ ආපසු ලත් බැවින්, තර කළ වස්සා මැරෙව්වේ ය’යි කී ය. එහෙත් ඔහු කිපී, ගෙට ඇතුළු වන්නට වත් නොකැමැති විය. එබැවින් ඔහුගේ පියා පිටතට අවුත්, ඇතුළට එන මෙ‍න් ඔහුගෙන් ඉල්ලා සිටියේ ය. ඔහු උත්තර දෙමින්, ‘මෙ‍පමණ අවුරුදු ගණනක් මුළුල්ලේ මම ඔබට සේවය කරමින් සිටියෙමි; කවදාවත් ඔබගේ නියමයන් කඩ නොකෙළෙමි. එසේ වුවත් මාගේ මිතුරන් සමඟ ප්‍රීති වන්නට ඔබ එක එළු පැටවෙකු පමණ වත් කිසි කලක මට නුදුන්නෙහි ය. එහෙත්, ඔබගේ මුළු වත්කම පරස්ත්‍රීන් සමඟ නැති නාස්ති කළ මේ ඔබගේ පුතා ආ හැටියේ ම, ඔහු නිසා තර කළ වස්සා මැරෙව්වෙහි ය’යි පියාට කී ය. ඔහු ද පිළිතුරු දෙමින්, ‘පුතේ, ඔබ නිතොර ම මා සමඟ ය, මා සතු සියල්ල ඔබ සතු ය.

ශු. ලූක් 15:25-31 Sinhala New Revised Version 2018 (SNRV)