ශු. ලූක් 11:2-4 - Compare All Versions

ශු. ලූක් 11:2-4 SROV (Sinhala Revised Old Version)

උන්වහන්සේද ඔවුන්ට කියන සේක්: නුඹලා යාච්ඤාකරන කල–පියාණෙනි, ඔබගේ නාමයට ගෞරවවේවා. ඔබගේ රාජ්‍යය ඒවා. අපේ දවස්පතා භෝජනය අපට දවසින් දවස දුන මැනව. අපේ පව් අපට කමාකළ මැනව; මක්නිසාද අපට ණයව සිටින සියල්ලන්ට අපිත් කමාවෙමුව. අප පරීක්ෂාවට නොපැමිණෙවුව මැනවයි කියන්නැයි කීසේක.

බෙදාගන්න
ශු. ලූක් 11 SROV

ශු. ලූක් 11:2-4 SCV (සිංහල කාලීන පරිවර්තනය)

උන්වහන්සේ ඔවුන්ට කතා කරමින්, “ඔබ යාච්ඤා කරන විට මෙසේ පවසන්න: “ ‘පියාණන්වහන්ස, ඔබගේ නාමය පාරිශුද්ධ ව සැලකේවා, ඔබගේ රාජ්‍යය පැමිණේවා, අපගේ දිනපතා භෝජනය, හැම දිනක ම අපට දුන මැනව, අපට වරද කරන හැම කෙනකුට අප කමා වන බැවින්, අපගේ පාප, අපට කමා කළ මැනව; පරීක්ෂාවනට අප නො පැමුණුව මැනව.’ ”

බෙදාගන්න
ශු. ලූක් 11 SCV

ශු. ලූක් 11:2-4 NRSV (Sinhala New Revised Version)

උන් වහන්සේ ඔවුන්ට මෙ‍සේ වදාළ සේක: “ඔබ යාච්ඤා කරන කල මෙ‍සේ කියන්න: ‘පියාණෙනි, ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේ වා, ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේ වා. අපේ දිනපතා ආහාරය දිනෙන් දින අපට දුන මැනව. අපේ පව් අපට කමා කළ මැනව; මන්ද, අපට ණයගැති ව සිටින හැමට අප කමා වන බැවිනි. අප පරීක්ෂාවට නොපමුණුවනු මැනව.’ “

බෙදාගන්න
ශු. ලූක් 11 NRSV

ශු. ලූක් 11:2-4 SNRV (Sinhala New Revised Version 2018)

උන් වහන්සේ ඔවුන්ට මෙ‍සේ වදාළ සේක: “ඔබ යාච්ඤා කරන කල මෙ‍සේ කියන්න: ‘පියාණෙනි, ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේ වා, ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේ වා. අපේ දිනපතා ආහාරය දිනෙන් දින අපට දුන මැනව. අපේ පව් අපට කමා කළ මැනව; මන්ද, අපට ණයගැති ව සිටින හැමට අප කමා වන බැවිනි. අප පරීක්ෂාවට නොපමුණුවනු මැනව.’ ”

බෙදාගන්න
ශු. ලූක් 11 SNRV

ශු. ලූක් 11:2-4 NIV (New International Version)

He said to them, “When you pray, say: “ ‘Father, hallowed be your name, your kingdom come. Give us each day our daily bread. Forgive us our sins, for we also forgive everyone who sins against us. And lead us not into temptation.’ ”

බෙදාගන්න
ශු. ලූක් 11 NIV