ශු. ලූක් 11:1-10
ශු. ලූක් 11:1-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යේසුස්වහන්සේ වරක් එක්තරා තැනක යාච්ඤා කරමින් සිට, එය නිම වූ කල, උන්වහන්සේ ඇමතූ උන්වහන්සේගේ ගෝලයෙක්, “ස්වාමිනි, යොහන් තම ගෝලයින්ට ඉගැන්වූවාක් මෙන්, අපටත් යාච්ඤා කරන්න උගන්වන්නැ” යි කීවේ ය. උන්වහන්සේ ඔවුන්ට කතා කරමින්, “ඔබ යාච්ඤා කරන විට මෙසේ පවසන්න: “ ‘පියාණන්වහන්ස, ඔබගේ නාමය පාරිශුද්ධ ව සැලකේවා, ඔබගේ රාජ්‍යය පැමිණේවා, අපගේ දිනපතා භෝජනය, හැම දිනක ම අපට දුන මැනව, අපට වරද කරන හැම කෙනකුට අප කමා වන බැවින්, අපගේ පාප, අපට කමා කළ මැනව; පරීක්ෂාවනට අප නො පැමුණුව මැනව.’ ” උන්වහන්සේ ඔවුන්ට කතා කරමින්, “මිතුරකු සිටින ඔබගෙන් කෙනෙක්, මැදියම් රැයේ ඔහු වෙත ගොස්, ‘මිතුර, මට රොටි තුනක් දෙන්න. දුර ගමනක් යන මගේ මිතුරෙක් මා වෙත පැමිණ සිටී. ඔහුට සංග්‍රහ කරන්නට මා ළඟ කිසිවක් නැතැ’ යි කියන්නේ යයි සිතමු. එවිට මිතුරා ගෙතුළ සිට පිළිතුරු දෙමින්, ‘මට කරදර කරන්න එපා. දොරත් දැන් වහලා; මගේ දරුවන් මා සමඟ ඇඳේ නිදා සිටින නිසා, කිසිවක් දෙන්නට දැන් මට නැගිටින්න බැහැ’ යි කියාවි ද? මා ඔබට කියන්නේ, ඔහු තමන්ගේ මිතුරුකම සලකා, නැගිට ඔහුගේ ඉල්ලීම ඉටු නො කරතත්, ඔහුගේ තිරසර පෙරැත්තය නිසා නැගිට, ඔහුට වුවමනා දෑ දෙනු ඇත කියායි. “එබැවින් මා ඔබට කියන්නේ, ඉල්ලන්න; එවිට ඔබට දෙනු ලැබේ. සොයන්න; එවිට ඔබට සම්බ වේ. තට්ටු කරන්න; එවිට ඔබට දොර අරිනු ලැබේ. මන්ද ඉල්ලන හැමට ලැබේ; සොයන්නාට සම්භ වේ; තට්ටු කරන්නාට අරිනු ලැබේ.
ශු. ලූක් 11:1-10 Sinhala Revised Old Version (SROV)
තවද උන්වහන්සේ එක් තැනක යාච්ඤාකරමින් සිට නිමවූ පසු, උන්වහන්සේගේ ගෝලයන්ගෙන් එක්කෙනෙක් කථාකොට: ස්වාමීනි, යොහන් තමාගේ ගෝලයන්ට ඉගැන්නුවාක්මෙන් අපටත් යාච්ඤාකරන්ට ඉගැන්නුව මැනවයි කීවේය. උන්වහන්සේද ඔවුන්ට කියන සේක්: නුඹලා යාච්ඤාකරන කල–පියාණෙනි, ඔබගේ නාමයට ගෞරවවේවා. ඔබගේ රාජ්‍යය ඒවා. අපේ දවස්පතා භෝජනය අපට දවසින් දවස දුන මැනව. අපේ පව් අපට කමාකළ මැනව; මක්නිසාද අපට ණයව සිටින සියල්ලන්ට අපිත් කමාවෙමුව. අප පරීක්ෂාවට නොපැමිණෙවුව මැනවයි කියන්නැයි කීසේක. තවද උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා අතරෙහි මිත්‍රයෙක් ඇති කෙනෙක් මධ්‍යම රාත්‍රියෙහි ඔහු ළඟට ගොස්: මිත්‍රය, රොටි තුනක් මට ණයට දෙන්න; මක්නිසාද ගමනක් යන මාගේ මිත්‍රයෙක් මා ළඟට ඇවිත් සිටියි, ඔහු ඉදිරියෙහි තබන්ට කිසිවක් මා ළඟ නැතැයි කියන්නේ නම්, ඔහු ඇතුළේ සිට උත්තරදෙමින්: මට වෙහෙස නොකරන්න. දැන් දොර වසා තිබේ, මාගේ දරුවෝ මා සමඟ නිදාගෙන සිටිති; නැගිට නුඹට දෙන්ට බැරියයි කියයිද? නුඹලාට කියමි–ඔහු තමාගේ මිත්‍රයෙකු නිසා නැගිට ඔහුට නොදෙතත්, ඔහුගේ කන්නලව්ව නිසා නැගිට ඔහුට ඕනෑ පමණ දෙන්නේයයි කීසේක. මමද නුඹලාට කියමි: ඉල්ලන්න, එවිට නුඹලාට දෙනු ලැබේ; සොයන්න, එවිට නුඹලාට සම්බවේ; තට්ටුකරන්න; එවිට නුඹලාට දොර හරිනු ලැබේ. මක්නිසාද ඉල්ලන සියල්ලන්ට ලැබේ; සොයන්නාට සම්බවේ; තට්ටු කරන්නාට දොර හරිනු ලැබේ.
ශු. ලූක් 11:1-10 Sinhala New Revised Version (NRSV)
උන් වහන්සේ එක් තැනක යාච්ඤා කරමින් සිටි සේක. එය නිම වූ පසු උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් එක් තැනැත්තෙක් කතා කොට, “ස්වාමීනි, ජොහන් තම ගෝලයන්ට ඉගැන්වූ ලෙස, අපටත් යාච්ඤා කරන්නට ඉගැන්නුව මැනවැ”යි කීවේ ය. උන් වහන්සේ ඔවුන්ට මෙසේ වදාළ සේක: “ඔබ යාච්ඤා කරන කල මෙසේ කියන්න: ‘පියාණෙනි, ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේ වා, ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේ වා. අපේ දිනපතා ආහාරය දිනෙන් දින අපට දුන මැනව. අපේ පව් අපට කමා කළ මැනව; මන්ද, අපට ණයගැති ව සිටින හැමට අප කමා වන බැවිනි. අප පරීක්ෂාවට නොපමුණුවනු මැනව.’ “ තවද උන් වහන්සේ ඔවුන්ට කතා කරමින්, “ඔබ අතර මිතුරෙකු ඇති තැනැත්තෙක් මහ රෑ ඔහු වෙත ගොස්, ‘මිත්‍රය, මට රොටි තුනක් දෙන්න; ගමනක් යන මාගේ මිත්‍රයෙක් මා වෙත අවුත් සිටියි; ඔහුට දෙන්න කිසිවක් මා ළඟ නැතැ’යි කියන්නේ නම්, ගේ ඇතුළේ සිට ඒ මිතුරා, උත්තර දෙමින්, ‘මට කරදර නොකරන්න, දැන් දොර වසා තිබේ; මාගේ දරුවෝ ද මා සමඟ ඇඳේ නිඳා සිටිති; නැඟිට යමක් ඔබට දෙන්නට නොහැකි ය’යි කියයි ද? මම ඔබට මෙය කියමි, ඔහු සිය මිත්‍රකම සලකා නැඟිට ඔහු ඉල්ලන දේ ඔහුට නොදෙතත් ඔහුගේ ලජ්ජා නැති පෙරැත්තය නිසා නැඟිට, වුවමනා පමණ ඔහුට දෙනු ඇතැ”යි වදාළ සේක. “මම ද ඔබට කියමි, ඉල්ලන්න, ඔබට දෙනු ලැබේ; සොයන්න, ඔබට සම්බ වේ; තට්ටු කරන්න, ඔබට දොර අරිනු ලැබේ. මන්ද ඉල්ලන හැමට ලැබේ; සොයන්නාට සම්බ වේ; තට්ටුකරන්නාට දොර හරිනු ලැබේ.
ශු. ලූක් 11:1-10 Sinhala New Revised Version 2018 (SNRV)
උන් වහන්සේ එක් තැනක යාච්ඤා කරමින් සිටි සේක. එය නිම වූ පසු උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් එක් තැනැත්තෙක් කතා කොට, “ස්වාමීනි, ජොහන් තම ගෝලයන්ට ඉගැන්වූ ලෙස, අපටත් යාච්ඤා කරන්නට ඉගැන්නුව මැනවැ”යි කීවේ ය. උන් වහන්සේ ඔවුන්ට මෙසේ වදාළ සේක: “ඔබ යාච්ඤා කරන කල මෙසේ කියන්න: ‘පියාණෙනි, ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේ වා, ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේ වා. අපේ දිනපතා ආහාරය දිනෙන් දින අපට දුන මැනව. අපේ පව් අපට කමා කළ මැනව; මන්ද, අපට ණයගැති ව සිටින හැමට අප කමා වන බැවිනි. අප පරීක්ෂාවට නොපමුණුවනු මැනව.’ ” තවද උන් වහන්සේ ඔවුන්ට කතා කරමින්, “ඔබ අතර මිතුරෙකු ඇති තැනැත්තෙක් මහ රෑ ඔහු වෙත ගොස්, ‘මිත්‍රය, මට රොටි තුනක් දෙන්න; ගමනක් යන මාගේ මිත්‍රයෙක් මා වෙත අවුත් සිටියි; ඔහුට දෙන්න කිසිවක් මා ළඟ නැතැ’යි කියන්නේ නම්, ගේ ඇතුළේ සිට ඒ මිතුරා, උත්තර දෙමින්, ‘මට කරදර නොකරන්න, දැන් දොර වසා තිබේ; මාගේ දරුවෝ ද මා සමඟ ඇඳේ නිඳා සිටිති; නැඟිට යමක් ඔබට දෙන්නට නොහැකි ය’යි කියයි ද? මම ඔබට මෙය කියමි, ඔහු සිය මිත්‍රකම සලකා නැඟිට ඔහු ඉල්ලන දේ ඔහුට නොදෙතත් ඔහුගේ ලජ්ජා නැති පෙරැත්තය නිසා නැඟිට, වුවමනා පමණ ඔහුට දෙනු ඇතැ”යි වදාළ සේක. “මම ද ඔබට කියමි, ඉල්ලන්න, ඔබට දෙනු ලැබේ; සොයන්න, ඔබට සම්බ වේ; තට්ටු කරන්න, ඔබට දොර අරිනු ලැබේ. මන්ද ඉල්ලන හැමට ලැබේ; සොයන්නාට සම්බ වේ; තට්ටුකරන්නාට දොර හරිනු ලැබේ.
ශු. ලූක් 11:1-10 New International Version (NIV)
One day Jesus was praying in a certain place. When he finished, one of his disciples said to him, “Lord, teach us to pray, just as John taught his disciples.” He said to them, “When you pray, say: “ ‘Father, hallowed be your name, your kingdom come. Give us each day our daily bread. Forgive us our sins, for we also forgive everyone who sins against us. And lead us not into temptation.’ ” Then Jesus said to them, “Suppose you have a friend, and you go to him at midnight and say, ‘Friend, lend me three loaves of bread; a friend of mine on a journey has come to me, and I have no food to offer him.’ And suppose the one inside answers, ‘Don’t bother me. The door is already locked, and my children and I are in bed. I can’t get up and give you anything.’ I tell you, even though he will not get up and give you the bread because of friendship, yet because of your shameless audacity he will surely get up and give you as much as you need. “So I say to you: Ask and it will be given to you; seek and you will find; knock and the door will be opened to you. For everyone who asks receives; the one who seeks finds; and to the one who knocks, the door will be opened.