ශු. ලූක් 1:8-10
ශු. ලූක් 1:8-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දේව මෙහෙවර සඳහා වාරය තම කාණ්ඩයට බාර වූ විටෙක, සෙකරියස් දෙවියන්වහන්සේ ඉදිරියේ පූජක මෙහෙයයේ යෙදෙමින් සිටියේ, පූජකත්වයේ චාරිත්රයට අනුව ස්වාමින්වහන්සේගේ මාලිගයට ඇතුල් ව, සුවඳ දුම් දැවීමේ වාරය පස ඇට දැමීමෙන් ඔහු තෝරාගනු ලැබීමෙනි. සුවඳ දුම් පුදන වේලේ සියලු බැතිමත්හු පිටත මළුවේ යාච්ඤා කරමින් වුන්හ.
ශු. ලූක් 1:8-10 Sinhala Revised Old Version (SROV)
තවද ඔහු තමාගේ පංතියේ ක්රමය ලෙස දෙවියන්වහන්සේ ඉදිරියෙහි පූජක මෙහෙය කරන කල, ස්වාමීන්වහන්සේගේ ශුද්ධස්ථානයට ඇතුල්ව සුවඳ දුම් ඔප්පුකිරීමට වාරය පූජකයාගේ නිලයේ සිරිත ලෙස පසඇට දැමීමෙන් ඔහුට වැටුණේය. සුවඳ දුම් ඔප්පුකරන වේලාවේ මුළු සමූහයා යාච්ඤාකරමින් පිටත සිටියෝය.
ශු. ලූක් 1:8-10 Sinhala New Revised Version (NRSV)
සෙකරියස්ගේ පේරුවේ අයට දෙවියන් වහන්සේ ඉදිරියෙහි පූජක කටයුතු කරන අවස්ථාව පැමිණි විට, පූජක නිල පිළිවෙළින් සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානයට පිවිස සුවඳ දුම් පූජා කිරීමේ වාරය, දාදු දැමීමෙන්, සෙකරියස්ට පැවරිණි. සුවඳ දුම් පූජා පවත්වන වේලෙහි මුළු පිරිස පිටත යාච්ඤා කරමින් උන්හ.
ශු. ලූක් 1:8-10 Sinhala New Revised Version 2018 (SNRV)
සෙකරියස්ගේ පේරුවේ අයට දෙවියන් වහන්සේ ඉදිරියෙහි පූජක කටයුතු කරන අවස්ථාව පැමිණි විට, පූජක නිල පිළිවෙළින් සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානයට පිවිස සුවඳ දුම් පූජා කිරීමේ වාරය, දාදු දැමීමෙන්, සෙකරියස්ට පැවරිණි. සුවඳ දුම් පූජා පවත්වන වේලෙහි මුළු පිරිස පිටත යාච්ඤා කරමින් උන්හ.
ශු. ලූක් 1:8-10 New International Version (NIV)
Once when Zechariah’s division was on duty and he was serving as priest before God, he was chosen by lot, according to the custom of the priesthood, to go into the temple of the Lord and burn incense. And when the time for the burning of incense came, all the assembled worshipers were praying outside.