ශු. ලූක් 1:76-80 - Compare All Versions
ශු. ලූක් 1:76-80 SROV (Sinhala Revised Old Version)
එසේය, දරුව, නුඹ මහෝත්තමයාණන්ගේ අනාගතවක්තෘයයි කියනු ලබන්නෙහිය. මක්නිසාද නුඹ ස්වාමීන්වහන්සේගේ මාර්ග පිළියෙළකරන්ට, එනම් අපේ දෙවියන්වහන්සේගේ දයාබරකම කරණකොටගෙන උන්වහන්සේගේ සෙනඟට පව් කමාවීමෙන් ලැබෙන ගැළවීම දන්වන්ට, උන්වහන්සේට පෙරටුව යන්නෙහිය. ඒ දයාබරකමෙන් අඳුරෙහිද මරණ සෙවණෙහිද සිටින්නන්ට එළිය දෙන පිණිසත්, අපේ පාද සමාදාන මාර්ගයට පමුණුවන පිණිසත්, ඉහළින් අරුණාලෝකය අප කරා පහළවන්නේයයි කීයේය. දරුවා වැඩී, ආත්මයෙන් ශක්තිමත්ව, ඉශ්‍රායෙල්ට තමා ප්‍රකාශවන දවස දක්වා වනාන්තර ස්ථානවල සිටියේය.
ශු. ලූක් 1:76-80 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“මා දරුව, නුඹ මහෝත්තමයාණන්ගේ දිවැසිවරයා යයි හඳුන්වනු ලබනු ඇත. මන්ද නුඹ ස්වාමින්වහන්සේගේ මාර්ගය සකස්කරන්නට උන්වහන්සේට පෙරටුව ගමන් ගනු ඇත්තේ, උන්වහන්සේගේ ජනයාට ඔවුන්ගේ පාපවලට කමාව තුළින් ගැලවීමේ දැනුම ගෙන දීමට ය. අපගේ දෙවියන්වහන්සේගේ මෘදු වූ දයාව නිසා ය, ඉහළ අහසේ සිට අපට හිරු උදාවන්නේ; ඒ, අන්ධකාරයේ හිඳ සිටින්නන් හා මරණ සෙවණේ හිඳින්නන් පිට බබළන පිණිසත්, සාමයේ මාර්ගයට අපගේ පා යොමු කරවන පිණිසත් ය.” දරුවා වැඩී, ආත්මයෙන් බලවත් විය; ඉශ්‍රායෙල් වෙත ප්‍රසිද්ධියේ පෙනී සිටින තෙක්, ඔහු පාළුකරයේ වාසය කළේ ය.
ශු. ලූක් 1:76-80 NRSV (Sinhala New Revised Version)
ළදරුව, ඔබ සමිඳුන්ට පෙරටුව යමින්, එතුමන් මඟ පිළියෙළ කරන බැවින්, ‘මෙහෙසුරු දිවැසිවර’ යන නම ඔබට දෙනු ඇත. එතුමන්ගේ සෙනඟට පව් කමාවෙන් ලැබෙන ගැළවීම, ඔබ ඔවුන්ට දන්වන්නෙහි ය. අප දෙවිඳාණෝ මෘදු ය, දයාවන්ත ය. අප කෙරෙහි අහසින් ළහිරු රැස් උදා කරවන සේක. අඳුරේ හා මරණ සෙවණේ සිටින්නවුන් කෙරෙහි, එලෙසින් එළිය උදා කරවමින් සෙත් මඟ යාමට අපට මඟපෙන්වන සේක.” දරුවා වැඩී, ආත්මානුභාවයෙන් බලවත් ව තමන් ඉශ්රායෙල්ට ප්‍රකාශවන දිනය දක්වා පාළුකරයෙහි සිටියේ ය.
ශු. ලූක් 1:76-80 SNRV (Sinhala New Revised Version 2018)
ළදරුව, ඔබ සමිඳුන්ට පෙරටුව යමින්, එතුමන් මඟ පිළියෙළ කරන බැවින්, ‘මෙහෙසුරු දිවැසිවර’ යන නම ඔබට දෙනු ඇත. එතුමන්ගේ සෙනඟට පව් කමාවෙන් ලැබෙන ගැළවීම, ඔබ ඔවුන්ට දන්වන්නෙහි ය. අප දෙවිඳාණෝ මෘදු ය, දයාවන්ත ය. අප කෙරෙහි අහසින් ළහිරු රැස් උදා කරවන සේක. අඳුරේ හා මරණ සෙවණේ සිටින්නවුන් කෙරෙහි, එලෙසින් එළිය උදා කරවමින් සෙත් මඟ යාමට අපට මඟපෙන්වන සේක.” දරුවා වැඩී, ආත්මානුභාවයෙන් බලවත් ව තමන් ඉශ්රායෙල්ට ප්‍රකාශවන දිනය දක්වා පාළුකරයෙහි සිටියේ ය.
ශු. ලූක් 1:76-80 NIV (New International Version)
And you, my child, will be called a prophet of the Most High; for you will go on before the Lord to prepare the way for him, to give his people the knowledge of salvation through the forgiveness of their sins, because of the tender mercy of our God, by which the rising sun will come to us from heaven to shine on those living in darkness and in the shadow of death, to guide our feet into the path of peace.” And the child grew and became strong in spirit; and he lived in the wilderness until he appeared publicly to Israel.