ශු. ලූක් 1:51-53
ශු. ලූක් 1:51-53 සිංහල කාලීන පරිවර්තනය (SCV)
උන්වහන්සේ තම බාහුවෙන් ශක්තිය පෙන් වූ සේක; තම හදවත් තුළ උඩඟු සිතුවිලි ඇත්තන් උන්වහන්සේ විසිරවූ සේක. උන්වහන්සේ අධිපතීන් ඔවුන්ගේ සිංහාසනවලින් පහ කර, නිහතමානීන් ඔසවා තැබූ සේක. උන්වහන්සේ සාගිනි වූවන් යහ දෙයින් පුරවා, ධනවතුන් හිස් අතින් ඉවත යැවූ සේක්
ශු. ලූක් 1:51-53 Sinhala Revised Old Version (SROV)
උන්වහන්සේ ස්වකීය බාහුවෙන් බලය පෑසේක; තමුන්ගේ සිත්වල කල්පනාවෙන් අහංකාරීවූ අය විසිරෙවුසේක. උන්වහන්සේ අධිපතීන් සිංහාසනවලින් හෙළා, පහත් අය උසස්කළසේක. බඩගිනිවූවන් යහපත් දෙයින් තෘප්තියට පමුණුවා, වස්තුකාරයන් හිස් අතින් හැරිය සේක.
ශු. ලූක් 1:51-53 Sinhala New Revised Version (NRSV)
සිය බාහුවෙන් එතුමාණෝ විකුම් පා, උඩඟු උදම් සිතැත්තන් විසුරුවා හැර, මහ නරපතීන් සිය සිහසුන්වලින් පහත හෙළා, දීනයන් ඉහළ නංවා උසස් කළ සේක. සාගිනි වූවන් යහපත් දෙයින් සතප්වා, ධනවතුන් හිස් අතින් හරවා යැවූ සේක.
ශු. ලූක් 1:51-53 Sinhala New Revised Version 2018 (SNRV)
සිය බාහුවෙන් එතුමාණෝ විකුම් පා, උඩඟු උදම් සිතැත්තන් විසුරුවා හැර, මහ නරපතීන් සිය සිහසුන්වලින් පහත හෙළා, දීනයන් ඉහළ නංවා උසස් කළ සේක. සාගිනි වූවන් යහපත් දෙයින් සතප්වා, ධනවතුන් හිස් අතින් හරවා යැවූ සේක.
ශු. ලූක් 1:51-53 New International Version (NIV)
He has performed mighty deeds with his arm; he has scattered those who are proud in their inmost thoughts. He has brought down rulers from their thrones but has lifted up the humble. He has filled the hungry with good things but has sent the rich away empty.