ශු. ලූක් 1:21-22
ශු. ලූක් 1:21-22 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඒ අතර, සෙකරියස් එන තෙක් බලා සිටි ජනයා, දේව මාලිගය ඇතුළත ඔහු පමා වන්නේ ඇයි දැයි පුදුම වෙමින් සිටියහ. ඔහු පිටතට ආ කල, ඔවුනට කිසිවක් පැවසීමට ඔහු අපොහොසත් වූයෙන්, දේව මාලිගය තුළදී ඔහු යම් දර්ශනයක් දකින්නට ඇති වග ඔවුහු වටහා ගත්හ. ඔහු කතා බැරි ව, ඔවුනට සංඥා කරන්නට වන්නේ ය.
ශු. ලූක් 1:21-22 Sinhala Revised Old Version (SROV)
සෙකරියස් එන තෙක් බලා සිටි සෙනඟ දේවමාළිගාවේ ඔහුගේ පමාවීම ගැන මවිතවූවෝය. ඔහු පිටත ආ කල ඔවුන්ට කථාකරන්ට ඔහුට බැරිවිය. ඔහු දේවමාළිගාවේදී දර්ශනයක් දුටු බව ඔව්හු දැනගත්තෝය; ඔහු ගොළුව ඔවුන්ට සංඥාකරමින් සිටියේය.
ශු. ලූක් 1:21-22 Sinhala New Revised Version (NRSV)
සෙකරියස් එන තෙක් බලා සිටි සමූහයා ඔහු ශුද්ධස්ථානයෙහි පමා වීම ගැන මවිත වූ හ: ඔහු පිට වී ආ කල ඔවුන් සමඟ කතා කිරීමට අපොහොසත් විය. ඔහු පූජා ස්ථානයෙහි යම් කිසි දර්ශනයක් දක්නට ඇතැ යි ඔව්හු තේරුම්ගත්හ. ඔහු ද අතින් සංඥා කරමින් ගොළුගැහී සිටියේ ය.
ශු. ලූක් 1:21-22 Sinhala New Revised Version 2018 (SNRV)
සෙකරියස් එන තෙක් බලා සිටි සමූහයා ඔහු ශුද්ධස්ථානයෙහි පමා වීම ගැන මවිත වූ හ: ඔහු පිට වී ආ කල ඔවුන් සමඟ කතා කිරීමට අපොහොසත් විය. ඔහු පූජා ස්ථානයෙහි යම් කිසි දර්ශනයක් දක්නට ඇතැ යි ඔව්හු තේරුම්ගත්හ. ඔහු ද අතින් සංඥා කරමින් ගොළුගැහී සිටියේ ය.
ශු. ලූක් 1:21-22 New International Version (NIV)
Meanwhile, the people were waiting for Zechariah and wondering why he stayed so long in the temple. When he came out, he could not speak to them. They realized he had seen a vision in the temple, for he kept making signs to them but remained unable to speak.