ලෙවී කථාව 6:2-5

ලෙවී කථාව 6:2-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)

“යමෙක්, ස්වාමින්වහන්සේට විරුද්ධ ව විශ්වාසය කඩ කරමින්, යට දැක්වෙන අයුරු පව් කළහොත්, එනම්, තම අසල්වැසියා පරෙස්සමට බාර දුන් මුදලක් නොහොත් තමා බාරයේ තැබූ දෙයක් වංචා කිරීමෙන් හෝ සොරා ගැනීමෙන් හෝ ප්‍රයෝගයෙන් අත්කර ගැනීමෙන් හෝ නැති වූ යමක් සම්භ වී, ඒ ගැන බොරු කීවොත් හෝ මිනිසුන් කරන එබඳු පවක් පිළිබඳව බොරුවට දිවුරුවොත් එසේ පව් කිරීමෙන්, ඔහු වරදකරුවකු වෙයි. ඔහු ඒවා ආපසු දිය යුතු ය. ඔහු සොරාගත් හෝ ප්‍රයෝගයෙන් අත්කර ගත් දෑ වේවා, ඔහු බාරයේ තබා තිබූ හෝ නැති වී තිබී, ඔහුට සම්භ වූ හෝ ඔහු බොරුවට දිවුළ දෑ යන කවර දෙයක් වුව, ඒවා මුළුමනින් ම එහි අයිතිකරුට ආපසු දිය යුතු ය. එහි මුළු වටිනාකමට තවත් පහෙන් එකක් ද එකතු කර, ඔහු තමා වරදකරු වූ දවසේ ම ඔහු ඒ සියල්ල ආපසු දිය යුතු ය.

ලෙවී කථාව 6:2-5 Sinhala Revised Old Version (SROV)

යමෙක් පව්කොට ස්වාමීන්වහන්සේට විරුද්ධව වරදක් කරමින් ප්‍රවේසමට භාරගත් දෙයක් ගැන හෝ ගනුදෙනුවක් ගැන හෝ සොරකමක් ගැන හෝ තම අසල්වාසියාට අවිශ්වාස ලෙස ක්‍රියාකළොත්, නොහොත් තම අසල්වාසියාට බලාත්කාරයක් කළොත්, නැතිවූ දෙය සම්බවූ කල ඔහු ඒ ගැන අවිශ්වාස ලෙස ක්‍රියාකොට බොරුවට දිවුළොත්, මෙසේ මනුෂ්‍යයෙක් පව්කරමින් මේ දේවලින් යම් කිසිවක් කිරීමෙන්, පව්කොට වරදකාරයෙක් වුණොත්, තමා විසින් සොරකමින් ගත් දෙය හෝ බලාත්කාරකමින් ගත් දෙය හෝ ප්‍රවේසමට තමාට භාරදුන් දෙය හෝ නැතිවී තමාට සම්බවුණාවූ දෙය හෝ, තමා යමක් ගැන බොරුවට දිවුළේද ඒ දෙය හෝ ඔහු නැවත දිය යුතුය. එසේය, ඔහු සම්පූර්ණ වශයෙන් එය දෙමින් ඊට තව පහෙන් කොටසක්ද එකතුකර දිය යුතුය. ඔහු තමා වරදකාරයා වූ දවසෙහි ඒක අයිතිකාරයාට දේවා.

ලෙවී කථාව 6:2-5 Sinhala New Revised Version (NRSV)

“යමෙක් තැන්පත් මුදලක් ගැන හෝ ප්‍රවේසමට තබාගැනීමට දුන් දෙයක් ගැන හෝ යම් කෙනෙකු සතු දෙයක් උදුරාගැනීමෙන් හෝ තම අසල්වැසියා රැවටීමෙන් හෝ ඔහුට වංචා කිරීමෙන් හෝ පව් කරමින් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව අපරාධයක් කරන්නේ නම්, තවද, නැති වූ දෙයක් සම්බ වූ පසු ඒ ගැන බොරු කීමෙන් ද බොරුවට දිවිරීමෙන් ද එවැනි කිසියම් කාරණාවකට අදාළ ව පව් කරන්නේ නම්, ඔහු මෙලෙස පව් කළ බැවින් වරදකරුවෙක් වන්නේ ය. ඔහු උදුරාගත් දේ ද රැවටීමෙන් ගත් දේ ද ප්‍රවේසමට තබා ගැන්මට දුන් දේ ද නැති වූ පසු සොයා ගත් දේ ද යමක් ගැන බොරුවට දිවුළ සියල්ල ද ආපසු දිය යුතු ය. ඔහු ගත් දේ සම්පූර්ණයෙන් ම දිය යුතු අතර, ඊට වැඩිමනත් පහෙන් පංගුවක් එකතු කොට දිය යුතු ය. තවද, ඔහු වරදකාරයා වූ දිනයේ දී ම එලෙස සියල්ල අයිතිකරුට දිය යුතු ය.

ලෙවී කථාව 6:2-5 Sinhala New Revised Version 2018 (SNRV)