ලෙවී කථාව 5:15-19

ලෙවී කථාව 5:15-19 සිංහල කාලීන පරිවර්තනය (SCV)

“යමෙක් ස්වාමින්වහන්සේගේ ශුද්ධ දෙයක් සම්බන්ධ ව අවිශ්වාසවන්ත ව නො කටයුත්තක් කරමින්, නො දැනුවත් ව පව් කළොත්, ඊට වන්දි වශයෙන් ඔහු තම රංචුවෙන් කැළැල් රහිත බැටළුවකු ස්වාමින්වහන්සේ වෙත ගෙන ආ යුතු ය. බැටළුවා ශුද්ධස්ථානයේ වලංගු මිලය වූ ෂෙකෙලයට අනුව රිදී කාසියෙන් නිසි පරිදි තක්සේරු කරන ලද්දක් විය යුතු ය. එය වරද නිවාරණ පූජාවකි. ශුද්ධ දෑ සම්බන්ධයෙන් වූ වරදට ඔහු වන්දි ගෙවිය යුතු ය. තක්සේරු වටිනාකමින් පහෙන් එකක් ද ඊට එකතු කර, සියල්ල පූජකයාට දිය යුතු ය. පූජකයා වරද නිවාරණ පූජාවක් වශයෙන් බැටළුවා යාග කරමින්, ඔහු උදෙසා පාප වන්දි නිවාරණය ඉටු කරනු ඇත. එමඟින් ඔහුට කමා කෙරේ. “යමෙක්, ස්වාමින්වහන්සේගේ සියලු ආඥාවලින් එකකින් තහනම් කර ඇති දෙයක් කළ විටෙක, ඔහු එය නො දැන සිටියේ වුව ඔහු වරදකරුවකු වෙයි. එහි විපාකය ඔහු දැරිය යුතු ය. ඔහු වරද නිවාරණ පූජාවක් වශයෙන්, තම රංචුවෙන් නිසි තක්සේරුවකින් යුතු, කැළැල් රහිත බැටළුවකු පූජකයා වෙත ගෙන ආ යුතු ය. මෙසේ, ඔහු නො දැනුවත් ව වැරදීමකින් කරන ලද වරද උදෙසා, පූජකයා පාප වන්දි නිවාරණය ඉටු කරයි. එමඟින් ඔහුට කමා කෙරේ. එය වරද නිවාරණ පූජාවකි. මන්ද, ස්වාමින්වහන්සේට එරෙහිව කළ වරද නිසා ඔහු වරදකරුවකු ව සිටියේ යැ” යි පැවසූ සේක.

ලෙවී කථාව 5:15-19 Sinhala Revised Old Version (SROV)

යමෙක් ස්වාමීන්වහන්සේගේ ශුද්ධවූ දේවල් ගැන වරදක් කොට නොදැනුවත්ව පව්කළොත් ඔහු තමාගේ අපරාධය උදෙසා අපරාධ පූජාවක් පිණිස ශුද්ධ ස්ථානයේ ෂෙකෙලේ හැටියට නුඹ නියමකරන රිදී ෂෙකෙල් ගණනට රැළෙන් කැලල් නැති බැටළුවෙකු ස්වාමීන්වහන්සේ වෙතට ගෙනවුත්, ශුද්ධවූ දේ ගැන කළාවූ දෝෂයට වන්දි ගෙවීමක් කොට ඊට පහෙන් කොටසක් එකතුකර ඒක පූජකයාට දිය යුතුය. පූජකයාද අපරාධ පූජාවේ බැටළුවාගෙන් ඔහු උදෙසා සමගිකමක් කරන්නේය, ඔහුද ක්ෂමාකරනු ලබන්නේය. යමෙක් පව්කොට ස්වාමීන්වහන්සේ නොකරන්ට අණකළ දේවලින් යමක් කළොත් ඔහු එය නොදැන සිටිය නුමුත් වැරදිකාරයෙක්ව, තමාගේ අයුතුකම දැරිය යුතුය. ඔහු නුඹ නියමකරන ගණනට අපරාධ පූජාවක් පිණිස රැළෙන් කැලල් නැති බැටළුවෙකු පූජකයා වෙතට ගෙනා යුතුය. පූජකයාද ඔහු වැරදිල්ලකින් නොදැන කළ වරද ගැන ඔහු උදෙසා සමගිකමක් කරන්නේය, ඔහුද ක්ෂමාකරනු ලබන්නේය. එය අපරාධ පූජාවක්ය. සැබවින් ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වරදකාරයෙක්යයි කීසේක.

ලෙවී කථාව 5:15-19 Sinhala New Revised Version (NRSV)

“යමෙකු සමිඳාණන් වහන්සේට දිය යුතු ශුද්ධ දේවල් නොදී, නොදැනුවත්ව වැරැද්දක් කළොත්, ඒ වැරැද්ද වෙනුවට ඔහු සමිඳාණන් වහන්සේ වෙත රැළෙන් නොකැළැල් බැටළුවෙකු ගෙනා යුතු ය. වන්දි ගෙවීමේ පූජාවක් සඳහා ඌ තක්සේරු කළ යුත්තේ, ශුද්ධස්ථානයේ වලංගු කාසි අනුව රිදී කාසි මිලට එකඟ ව ය; මෙය වන්දි ගෙවීමේ පූජාවකි. ඔහු ශුද්ධ දේ නොදීමෙන් කළ වංචාවට ගෙවිය යුතු වන්දි ගෙවා, තව පහෙන් පංගුවක් ද ඊට එකතු කොට පූජකවරයාට දිය යුතු ය. පූජකවරයා ද වන්දි ගෙවීමේ බැටළුවා පුදමින්, ඒ තැනැත්තාගේ පාපයට කමාව අයැදින කල ඔහුට කමා කරනු ලැබේ.‍ “මෙලෙස යමෙකු සමිඳාණන් වහන්සේගේ ආඥාවලින් තහනම් කරන ලද යමක් නොදැනුවත්කමින් හෝ කළොත්, ඔහු වරදකරුවෙක් වේ, කළ වරද ගැන ඔහු වගකිව යුතු ය. ඔහු වන්දි ගෙවීමේ පූජාවට තක්සේරු කළ ලෙස රැළෙන් එතරම් වටිනා, නොකැළැල් බැටළුවෙකු පූජකවරයා වෙත ගෙනා යුතු ය. පූජකවරයා ද ඒ තැනැත්තා නොදැනුවත්ව, අදහස් නොකර, කළ දෙයට කමාව අයැදින කල එය ඔහුට කමා කරනු ලැබේ. එය සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කළ වැරැද්දට පුදන වන්දි ගෙවීමේ පූජාවකි.”

ලෙවී කථාව 5:15-19 Sinhala New Revised Version 2018 (SNRV)