ලෙවී කථාව 26:3-17
ලෙවී කථාව 26:3-17 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“ ‘ඔබ, මගේ නියෝග අනුගමන කරමින්, මගේ ආඥාවලට කීකරු වීමට වග බලා ගතහොත්, මම නිසි කලට ඔබට වැසි වස්සන්නෙමි. එවිට මහ පොළොව එහි අස්වැන්න ද කෙත් වත්හි ගහ වැල ඒවායේ පලදාව ද උපද්ද වන්නේ ය. ඔබේ ගොයම් පෑගීම, මිදි අස්වනු කාලය දක්වා ද මිදි අස්වනු නෙළීම කුඹුරු වපුරන කාලය දක්වා ද දිගට ම පවතින්නේ ය. ඔබ රිසි සේ අහර ගනිමින්, ඔබේ දේශය තුළ සුරැකි ව වෙසෙනු ඇත. “ ‘ඔබේ දේශයට මම සාමය සලසන්නෙමි. බිය සැක නැතිව ඔබ නිදාගනු ඇත. රුදුරු සතුන් දේශයෙන් මම ඉවත් කරන්නෙමි. ඔබේ රට තුළ යුද අසිපත් ගැටෙනු නැත. ඔබ, ඔබගේ සතුරන් ලුහුබඳිනු ඇත. ඔබගේ අසිපත හමුවේ ඔවුන් ඇද වැටෙනු ඇත. ඔබගෙන් පස් දෙනෙක්, ඔවුන් සිය දෙනකු ද ඔබගෙන් සිය දෙනෙක් ඔවුන් දස දහසක් ද ලුහුබඳිති. ඔබේ සතුරන් ඔබ ඉදිරියේ ඔබගේ අසිපත් පහරින් ඇද වැටෙනු ඇත. “ ‘මම ඔබ වෙත ප්‍රසාදය පා, ඔබ සඵල කොට, ගණනින් ඔබ වැඩි කරන්නෙමි. මම ඔබ සමඟ මගේ ගිවිසුම ස්ථිර කරන්නෙමි. අලුත් අස්වනු රැස් කර තබනට ඉඩකඩ ලබා ගන්නට, එතෙක් ඔබ පරිභෝජනයට ගත් කලින් වසරේ පලදාව ඉවතලන්නට තරම් ඔබට සරුවනු ඇත. මම මගේ වාසස්ථානය ඔබ මධ්‍යයේ තබන්නෙමි; මම ඔබ පිළිකුල් නො කරන්නෙමි. මම ඔබ අතරේ ගැවසෙමින්, ඔබේ දෙවියන්වහන්සේ වන්නෙමි. ඔබ මගේ ජනයා වන්නහු ය. තවදුරටත් ඔබ ඊජිප්තුවරුන්ගේ වහලුන් නො වන පිණිස, ඊජිප්තු දේශයෙන් පිටතට ඔබ ගෙන ආ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය. මම ඔබේ වියගහේ බැඳුම් බිඳ, හිස කෙළින් තබා ගමන් කරන්නට ඔබට සවිබල දුනිමි. “ ‘එහෙත් ඔබ මට සවන් නො දෙන්නේ නම් හා මේ සියලු ආඥා නො පිළිපදින්නේ නම්, මගේ නියෝග ප්‍රතික්ෂේප කර, මගේ නියමයන් පිළිකුල් කර, මගේ සියලු ආඥා පිළිපැදීම අතපසු කර, එපරිදි මගේ ගිවිසුම කඩ කරන්නේ නම්, මම ඔබට මෙසේ කරමි: ඔබේ ඇස් පෙනීම විනාශ කරන, ඔබේ සිරුර දිරා යවන හානිකර රෝග හා උණ රැගත් හදිසි භීතියක් මම ඔබ පිට එවන්නෙමි. ඔබ නිෂ්-ප්‍රයෝජනයේ බීජ වපුරනු ඇත. මන්ද ඔබේ සතුරන් ඒවා කා දමනු ඇත. මම මගේ මුහුණ ඔබට එරෙහිව හරවමි. ඔබේ සතුරන් විසින් ඔබ පරදවනු ඇත. ඔබට වෛර කරන්නන්, ඔබේ පාලකයින් වනු ඇත. කිසිවකු ඔබ පසු පස ලුහුබඳිනු නැතිවත්, ඔබ පලා දුවනු ඇත.
ලෙවී කථාව 26:3-17 Sinhala Revised Old Version (SROV)
නුඹලා මාගේ පනත් ලෙස හැසිර මාගේ ආඥාවන් රක්ෂාකරමින් ඒවා පවත්වන්නහු නම්, මම නියම සෘතුවෙහි නුඹලාගේ වර්ෂාවල් දෙන්නෙමි, දේශය එහි වර්ධනයන් දෙන්නීය, කෙතේ ගස්ද ඒවායේ ඵල දෙන්නේය. නුඹලාගේ ගොයම් මඩින කාලය මුද්‍රිකඵල නෙළන කාලය දක්වා පවත්නේය, මුද්‍රිකඵල නෙළන කාලය වපුරන කාලය දක්වා පවත්නේය. නුඹලා සෑහෙන්ට කෑම කා නුඹලාගේ දේශයෙහි සුරක්ෂිතව සිටින්නහුය. නුඹලා නිදාගන්න කල කිසිවෙක් නුඹලා භය නොගන්වන ලෙස දේශයෙහි සමාදානය දෙන්නෙමි. දේශයෙන් චණ්ඩ මෘගයන් පහකරන්නෙමි, කඩුවද නුඹලාගේ දේශය මැදින් නොයන්නේය. නුඹලා නුඹලාගේ සතුරන් එළවන්නහුය, ඔව්හු නුඹලා ඉදිරියෙහි කඩුවෙන් වැටෙන්නෝය. නුඹලාගෙන් පස්දෙනෙක් සියදෙනෙක්ද නුඹලාගෙන් සියදෙනෙක් දසදහසක්ද එළවනවා ඇත. එසේ නුඹලාගේ සතුරෝ නුඹලා හමුවෙහි කඩුවෙන් වැටෙන්නෝය. මම නුඹලා සලකා බෝකොට වැඩිකරන්නෙමි; මාගේ ගිවිසුම නුඹලා සමඟ පිහිටුවන්නෙමි. නුඹලා බොහෝ කල් රැස්කර තිබුණු පරණ දේ කන්නහුය, අලුත් දේ කන පිණිස පරණ දේ පහකරන්නහුය. මමද මාගේ මණ්ඩපය නුඹලා අතරෙහි පිහිටුවන්නෙමි. මාගේ ආත්මයද නුඹලා පිළිකුල් නොකරන්නේය. මම නුඹලා අතරෙහි හැසිර නුඹලාගේ දෙවියන්වහන්සේ වන්නෙමි, නුඹලා මාගේ සෙනඟ වන්නහුය. මම වනාහි නුඹලා මිසරවරුන්ගේ වහලුන්ව නොසිටින පිණිස මිසර දේශයෙන් නුඹලා පිටතට ගෙනාවාවූ නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ය; මම නුඹලාගේ වියගහේ බැඳුම් බිඳ නුඹලාට කෙලින්ව යන්ට සැලැස්වීමි. එහෙත් නුඹලා මට ඇහුම්කන් නොදී මේ සියලු ආඥා නොපවත්වා, මාගේ පනත් ප්‍රතික්ෂේප කරන්නහුනම්, නුඹලාගේ ප්‍රාණය මාගේ විනිශ්චයයන් පිළිකුල්කරන්නේනම්, එසේ මාගේ සියලු ආඥා නොපවත්වා මාගේ ගිවිසුම් කඩකරන්නහුනම්, මමද නුඹලාට මෙසේ කරන්නෙමි: මම නුඹලා කෙරෙහි භය එනම් ඇස් ක්ෂය කරන්නාවූ, ප්‍රාණය හීනකරන්නාවූ, ක්ෂයරෝගයද උණද පමුණුවන්නෙමි. නුඹලා නිෂ්ඵලයේ බීජ වපුරන්නහුය, මක්නිසාද නුඹලාගේ සතුරෝ ඒවා කන්නෝය. මම මාගේ මුහුණ නුඹලාට විරුද්ධව යොමු කරන්නෙමි, නුඹලා නුඹලාගේ සතුරන් ඉදිරියෙහි පරාජය වන්නහුය. නුඹලාට වෛරකරන අය නුඹලා කෙරෙහි අධිපතිකම් කරන්නහුය; කිසිවෙක් නොඑළවන කල නුඹලා පලායන්නහුය.
ලෙවී කථාව 26:3-17 Sinhala New Revised Version (NRSV)
“මාගේ නීතිවලට කීකරු වී, මාගේ ආඥා පිළිපැද්දොත්, මම නියම කාලයේ දී වැසි වස්වන්නෙමි. දේශය ද සරුසාර අස්වැන්නක් නිපදවනු ඇත. කෙත්වල ගස් ද පලදාව නිපදවන්නේ ය. කමතේ ගොයම් පෑගීම මිදි පල නෙළන කාලය දක්වා ද මිදි පල නෙළන කාලය ධාන්‍ය වපුරන කාලය දක්වා ද දික්වනු ඇත. නුඹලාට කෑමට උවමනා තරම් ආහාර ලැබෙනු ඇත. නුඹලා ද සුරැකි ව නුඹලාගේ දේශයෙහි වසන්නහු ය. “නුඹලාගේ දේශයෙහි මම නුඹලාට සාමය දෙන්නෙමි. නුඹලා ද කිසි බියක් සැකක් නැති ව සැතපෙනු ඇත. රටින් චණ්ඩ මෘගයන් පන්නාදමමි. නුඹලාගේ දේශයෙහි යුද්ධයක් ද සිදු නොවනු ඇත. නුඹලා ද සතුරන් පන්නාදමන්නහු ය. නුඹලා ඉදිරියෙහි ඔව්හු කඩුවෙන් පහර ලැබ වැටෙන්නෝ ය. නුඹලාගෙන් පස්දෙනෙක් සියදෙනකු ද සියදනෙක් දසදහසක් ද ලුහුබැඳ යන්නෝ ය. නුඹලා ඉදිරියෙහි ඔව්හු කඩුවෙන් පහර ලැබ වැටෙන්නෝ ය. මම ද නුඹලාට ආශීර්වාද කොට නුඹලා සඵලවත් කොට, නුඹලා වර්ධනය කරන්නෙමි. නුඹලා සමඟ මා කළ ගිවිසුම ඉටු කරන්නෙමි. නුඹලා කලින් රැස් කළ අස්වැන්නෙන් අනුභව කොට, නව අස්වැන්න පැමිණෙන විට පරණ අස්වැන්නෙන් ඉතිරි වන කොටස නුඹලාට ඉවත් කරන්නට සිදු වනු ඇත. මම ද මාගේ මණ්ඩපය නුඹලා අතර පිහිටුවමි. මම නුඹලා ඉවත නොලන්නෙමි. මම නුඹලා අතර වාසය කොට, නුඹලාගේ දෙවියන් වහන්සේ වන්නෙමි. නුඹලා මාගේ සෙනඟ වන්නහු ය. නුඹලා මිසර වාසීන්ගේ වහලුන් නො වන පිණිස මිසර දේශයෙන් නුඹලා පිටතට ගෙනා නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි. නුඹලා පාලනය කළ ඔවුන්ගේ බලය බිඳදමා, නුඹලාට හිස ඔසවා යෑමට මම සැලැසුවෙමි.” “නුඹලා මට සවන් නො දී, මෙකී සියලු ආඥා ඉටු නොකරන්නහු නම්, මාගේ ආඥාවලට අකීකරු ව, මාගේ ගිවිසුම කඩ කරන පරිදි මාගේ නීති හෙළා දැක, මාගේ විනිශ්චය ප්‍රතික්ෂේප කරන්නහු නම්, මම ද නුඹලාට මේ දේ කරමි. නුඹලා අන්ධ කරවන, ජරාවට පත් කරවන මහත් ව්‍යසන වන භීතිය, අසාධ්‍ය ලෙඩ රෝග හා උණ සන්නිපාත නුඹලා වෙත පමුණුවන්නෙමි. නුඹලා බීජ වපුරන නමුත් ඒවා නිෂ්ඵල වනු ඇත. නුඹලාගේ සතුරෝ ඒවා කාදමන්නෝ ය. මම නුඹලාට විරුද්ධ වන්නෙමි. නුඹලාගේ සතුරන් ඉදිරියෙහි නුඹලා මරනු ලබන්නහු ය. නුඹලාගේ සතුරෝ නුඹලා පාලනය කරන්නෝ ය. කෙනෙකු නුඹලා ලුහුබැඳ නොයන විට පවා නුඹලා පලා යන්නහු ය.
ලෙවී කථාව 26:3-17 Sinhala New Revised Version 2018 (SNRV)
“මාගේ නීතිවලට කීකරු වී, මාගේ ආඥා පිළිපැද්දොත්, මම නියම කාලයේ දී වැසි වස්වන්නෙමි. දේශය ද සරුසාර අස්වැන්නක් නිපදවනු ඇත. කෙත්වල ගස් ද පලදාව නිපදවන්නේ ය. කමතේ ගොයම් පෑගීම මිදි පල නෙළන කාලය දක්වා ද මිදි පල නෙළන කාලය ධාන්‍ය වපුරන කාලය දක්වා ද දික්වනු ඇත. නුඹලාට කෑමට උවමනා තරම් ආහාර ලැබෙනු ඇත. නුඹලා ද සුරැකි ව නුඹලාගේ දේශයෙහි වසන්නහු ය. “නුඹලාගේ දේශයෙහි මම නුඹලාට සාමය දෙන්නෙමි. නුඹලා ද කිසි බියක් සැකක් නැති ව සැතපෙනු ඇත. රටින් චණ්ඩ මෘගයන් පන්නාදමමි. නුඹලාගේ දේශයෙහි යුද්ධයක් ද සිදු නොවනු ඇත. නුඹලා ද සතුරන් පන්නාදමන්නහු ය. නුඹලා ඉදිරියෙහි ඔව්හු කඩුවෙන් පහර ලැබ වැටෙන්නෝ ය. නුඹලාගෙන් පස්දෙනෙක් සියදෙනෙකු ද සියදෙනෙක් දසදහසක් ද ලුහුබැඳ යන්නෝ ය. නුඹලා ඉදිරියෙහි ඔව්හු කඩුවෙන් පහර ලැබ වැටෙන්නෝ ය. මම ද නුඹලාට ආශීර්වාද කොට නුඹලා සඵලවත් කොට, නුඹලා වර්ධනය කරන්නෙමි. නුඹලා සමඟ මා කළ ගිවිසුම ඉටු කරන්නෙමි. නුඹලා කලින් රැස් කළ අස්වැන්නෙන් අනුභව කොට, නව අස්වැන්න පැමිණෙන විට පරණ අස්වැන්නෙන් ඉතිරි වන කොටස නුඹලාට ඉවත් කරන්නට සිදු වනු ඇත. මම ද මාගේ මණ්ඩපය නුඹලා අතර පිහිටුවමි. මම නුඹලා ඉවත නොලන්නෙමි. මම නුඹලා අතර වාසය කොට, නුඹලාගේ දෙවියන් වහන්සේ වන්නෙමි. නුඹලා මාගේ සෙනඟ වන්නහු ය. නුඹලා මිසර වාසීන්ගේ වහලුන් නො වන පිණිස මිසර දේශයෙන් නුඹලා පිටතට ගෙනා නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි. නුඹලා පාලනය කළ ඔවුන්ගේ බලය බිඳදමා, නුඹලාට හිස ඔසවා යෑමට මම සැලැසුවෙමි.” “නුඹලා මට සවන් නො දී, මෙකී සියලු ආඥා ඉටු නොකරන්නහු නම්, මාගේ ආඥාවලට අකීකරු ව, මාගේ ගිවිසුම කඩ කරන පරිදි මාගේ නීති හෙළා දැක, මාගේ විනිශ්චය ප්‍රතික්ෂේප කරන්නහු නම්, මම ද නුඹලාට මේ දේ කරමි. නුඹලා අන්ධ කරවන, ජරාවට පත් කරවන මහත් ව්‍යසන වන භීතිය, අසාධ්‍ය ලෙඩ රෝග හා උණ සන්නිපාත නුඹලා වෙත පමුණුවන්නෙමි. නුඹලා බීජ වපුරන නමුත් ඒවා නිෂ්ඵල වනු ඇත. නුඹලාගේ සතුරෝ ඒවා කාදමන්නෝ ය. මම නුඹලාට විරුද්ධ වන්නෙමි. නුඹලාගේ සතුරන් ඉදිරියෙහි නුඹලා මරනු ලබන්නහු ය. නුඹලාගේ සතුරෝ නුඹලා පාලනය කරන්නෝ ය. කෙනෙකු නුඹලා ලුහුබැඳ නොයන විට පවා නුඹලා පලා යන්නහු ය.
ලෙවී කථාව 26:3-17 New International Version (NIV)
“ ‘If you follow my decrees and are careful to obey my commands, I will send you rain in its season, and the ground will yield its crops and the trees their fruit. Your threshing will continue until grape harvest and the grape harvest will continue until planting, and you will eat all the food you want and live in safety in your land. “ ‘I will grant peace in the land, and you will lie down and no one will make you afraid. I will remove wild beasts from the land, and the sword will not pass through your country. You will pursue your enemies, and they will fall by the sword before you. Five of you will chase a hundred, and a hundred of you will chase ten thousand, and your enemies will fall by the sword before you. “ ‘I will look on you with favor and make you fruitful and increase your numbers, and I will keep my covenant with you. You will still be eating last year’s harvest when you will have to move it out to make room for the new. I will put my dwelling place among you, and I will not abhor you. I will walk among you and be your God, and you will be my people. I am the LORD your God, who brought you out of Egypt so that you would no longer be slaves to the Egyptians; I broke the bars of your yoke and enabled you to walk with heads held high. “ ‘But if you will not listen to me and carry out all these commands, and if you reject my decrees and abhor my laws and fail to carry out all my commands and so violate my covenant, then I will do this to you: I will bring on you sudden terror, wasting diseases and fever that will destroy your sight and sap your strength. You will plant seed in vain, because your enemies will eat it. I will set my face against you so that you will be defeated by your enemies; those who hate you will rule over you, and you will flee even when no one is pursuing you.