ලෙවී කථාව 26:14-46
ලෙවී කථාව 26:14-46 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“ ‘එහෙත් ඔබ මට සවන් නො දෙන්නේ නම් හා මේ සියලු ආඥා නො පිළිපදින්නේ නම්, මගේ නියෝග ප්‍රතික්ෂේප කර, මගේ නියමයන් පිළිකුල් කර, මගේ සියලු ආඥා පිළිපැදීම අතපසු කර, එපරිදි මගේ ගිවිසුම කඩ කරන්නේ නම්, මම ඔබට මෙසේ කරමි: ඔබේ ඇස් පෙනීම විනාශ කරන, ඔබේ සිරුර දිරා යවන හානිකර රෝග හා උණ රැගත් හදිසි භීතියක් මම ඔබ පිට එවන්නෙමි. ඔබ නිෂ්-ප්‍රයෝජනයේ බීජ වපුරනු ඇත. මන්ද ඔබේ සතුරන් ඒවා කා දමනු ඇත. මම මගේ මුහුණ ඔබට එරෙහිව හරවමි. ඔබේ සතුරන් විසින් ඔබ පරදවනු ඇත. ඔබට වෛර කරන්නන්, ඔබේ පාලකයින් වනු ඇත. කිසිවකු ඔබ පසු පස ලුහුබඳිනු නැතිවත්, ඔබ පලා දුවනු ඇත. “ ‘මේ සියල්ල සිදු වූ පසු වුව ද, ඔබ මට සවන් නො දෙන්නේ නම්, මම ඔබේ පාපවලට හත් ගුණයකින් දඬුවම් කරන්නෙමි. ඔබගේ මුරණ්ඩු අහංකාරය මම බිඳලන්නෙමි. ඔබට ඉහළින් අහස යකඩ සේ ද ඔබට පහළින් පොළොව ලෝකඩ සේ ද දැඩි කරන්නෙමි. ඔබගේ ශක්තිය නිකරුණේ වැය වී යනු ඇත. මන්ද ඔබගේ භූමිය එහි අස්වැන්න උපදවා දෙන්නේ නැත; දේශයේ ගහ වැල ඒවායේ පලදාව නිපදවා දෙන්නේ ද නැත. “ ‘ඔබ මට එරෙහිව සිටිමින්, මට සවන් දීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඔබේ පාපවලට හිමි පීඩා, හත් ගුණයකින් වැඩි කරන්නෙමි. මම ඔබට එරෙහිව, වන මෘගයින් එවන්නෙමි; උන් ඔබේ දරුවන් ඩැහැගෙන, ඔබේ ගවයින් වනසා, ඔබේ මං මාවත් පාළුවට යන තරමට ඔබේ ජනගහනය ද අල්පයක් කර දමනු ඇත. “ ‘මේ සියල්ල නො තකා, මගේ දඬුවම මගින් මා වෙතට නො හැරී ඔබ මට විරුද්ධ ව ම සිටින්නේ නම්, මමත්, ඔබට විරුද්ධ ව සිටිමින්, ඔබේ පව්වලට හත් ගුණයකින් දඬුවම් කරන්නෙමි. ගිවිසුම කඩ කිරීමේ පළිය ගැනීමට මම යුද්ධයේ අසිපත නුඹ පිට එවන්නෙමි. නුඹලාගේ නගර තුළට නුඹලා පසුබැස්ස කල, මම නුඹලා අතරට වසංගතයක් එවන්නෙමි. නුඹලා සතුරු අත්වලට හසුකර දෙනු ලබන්නහු ය. ඔබගේ ආහාර සැපයුම මම කපා හරින්නෙමි. එවිට ස්ත්‍රීන් දහ දෙනෙක් එක උදුනක ඔබේ අහර පිසිමින් ඔබ එකිනෙකාට සොච්චමක් කිරා දෙනු ඇත. ඔබ අනුභව කරන නමුදු කුස ගිනි නො නිමෙනු ඇත. “ ‘මේවා ද නො තකා, තවදුරටත් මට සවන් නො දී, දිගට ම මට එරෙහිව සිටියහොත්, මම කෝපයෙන් ඔබට එදිරි ව ඔබේ පව්වලට හත් ගුණයකින් ඔබට දඬුවම් කරන්නෙමි. ඔබ, ඔබේ පුතුන්ගේ මාංසත්, දූවරුන්ගේ මාංසත් කනු ඇත. මම ඔබේ උස් තැන් පුදසුන් විනාශ කරන්නෙමි. සුවඳ දුම් පුදසුන් බිඳ දමන්නෙමි. ඔබේ දේව පිළිම මළ කඳන් මත මම ඔබේ මළ කඳන් ගොඩ ගසන්නෙමි. මම ඔබ පිළිකුල් කරන්නෙමි. මම ඔබේ පුරවර ජරාවාස බවට හරවා, ඔබේ ශුද්ධස්ථාන නටඹුන් බවට පත් කරමි. ඔබේ පූජාවල මිහිරි සුවඳ මට ප්‍රමෝදයක් නො වන්නේ ය. ඔබේ දේශයේ පදිංචි වන ඔබේ සතුරන් විස්මපත් වන තරමට මම ඔබේ දේශය පාළු කර දමන්නෙමි. මම ජාතීන් අතරේ ඔබ විසුරුවා දමන්නෙමි. මම මගේ අසිපත ඇද, ඔබ ලුහුබඳින්නෙමි. ඔබේ දේශය පාළු වන්නේ ය. ඔබේ පුරවර නටඹුන් ව වැතිර සිටිනු ඇත. එසේ පාළුවට ඇරී තිබෙන කාලය මුළුල්ලේ දේශය, එහි සබත් අවුරුදු භුක්ති විඳිනු ඇත. ඔබ ඔබේ සතුරන්ගේ රටේ විප්‍රවාස ව ගත කරනු ඇත. එවිට දේශය විවේකය ලැබ, එහි සබත් භුක්ති විඳිනු ඇත. ඔබ දේශයේ විසූ සමයේ, සබත් අතර තුර දේශය නො ලද විවේකය, එය පාළුවට ඇරුණු කාලය මුළුල්ලේ ඊට ලැබෙනු ඇත. “ ‘නුඹලාගෙන් තවමත් ජීවත් ව සිටිනවුනට සතුරු රටේදී, කොළයක් සුළඟට වැටෙන හඬින් පවා තැති ගෙන, පලා දුවන්නට සිදුවන තරමට ඔවුන්ගේ හදවත් මම භයට පත් කරමි. කිසිවකු විසින් ලුහුබඳිනු නැති විටෙක පවා, ඔවුහු යුද අසිපත වෙතින් පලා දුවන්නා සේ, දුව ගොස්, වැටෙන්නෝ ය. කිසිවකුදු ලුහුබඳිනු නැතිව යුද අසිපත වෙතින් පලා දුවන්නා සේ දුව යන ඔවුන් එකා පිට එකා වැටෙනු ඇත. මෙසේ නුඹලාගේ සතුරන් ඉදිරියේ නැගිට සිටගන්නට නුඹලාට හැකි නො වන්නේ ය. ජාතීන් අතරේ නුඹලා විනාශ වී යන්නහු ය. නුඹලාගේ සතුරන්ගේ දේශය විසින් නුඹලා කා දමනු ලබන්නහු ය. ඒ වන තුරුත් ජීවත් ව සිටින්නෝ තමන්ගේ පාප හා තම පියවරුන්ගේ පාප නිසා, ඔවුන් වෙසෙන සතුරු දේශ දේශයන්හි දී නැති නාස්ති වී යන්නෝ ය. “ ‘එහෙත්, ඔවුන් තමන්ගේ පාප ද තම පියවරුන්ගේ පාප ද කියා පෑවහොත්, මට එරෙහිව වූ ඔවුන්ගේ ද්‍රෝහිකමත්, මා වෙත වූ ඔවුන්ගේ එදිරිවාදිකමත් නිසා, ඔවුන්ගේ සතුරන්ගේ දේශයට ඔවුන් පලවා හරින්නට ඔවුන්ට එරෙහිව මගේ විරෝධය නැගුණේ ය. හදවතින් චර්මඡේද නො වූ ඔවුන් යටහත් ව, තම පාප පිළිගන්නේ නම්, මම යාකොබ් සමඟ කළ මගේ ගිවිසුම යළි සිහි කරන්නෙමි; ඊසාක් සමඟ කළ මගේ ගිවිසුම යළි සිහි කරන්නෙමි; ආබ්‍රහම් සමඟ කළ මගේ ගිවිසුම යළි සිහි කරන්නෙමි. මම දේශය ද යළි සිහි කරන්නෙමි. එහෙත් ඔවුන් නොමැතිව දේශය පාළු ව ඇති කාලයේ දේශය ඔවුන් විසින් අත්හරිනු ලැබ, එහි සබත් විශ්‍රාමය භුක්ති විඳිනු ඇත. මන්ද, ඔවුන් මගේ නියමයන් ප්‍රතික්ෂේප කොට, මගේ නියෝග පිළිකුල් කළ හෙයින් ඔවුන්ගේ පාප ගැන වන්දි ගෙවනු ඇත. එය එසේ වන නමුදු ඔවුන් තම සතුරන්ගේ දේශයේ වසන කල, ඔවුන් සමඟ ඇති මගේ ගිවිසුම බිඳලමින්, ඔවුන් සහමුලින් විනාශ කර දමන පිණිස ඔවුන් ප්‍රතික්ෂේප නො කරමි. පිළිකුල් නො කරමි. මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ය. එහෙත් මා ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන පිණිස ජාතීන්ගේ ඇස් හමුවෙහි මා විසින් ඊජිප්තුවෙන් පිටතට ගෙන ආ ඔවුන්ගේ ආදි පියවරුන් සමඟ වන ගිවිසුම මම ඔවුන් උදෙසා සිහි කරන්නෙමි. මම ස්වාමින්වහන්සේ යැ’ යි” පැවසූ සේක. ස්වාමින්වහන්සේ, සීනයි කන්දේදී තමන්වහන්සේ සහ ඉශ්‍රායෙල් ජනයා අතර මෝසෙස් මගින් පිහිටුවනු ලැබූ නියෝග, නියමයන් සහ නීති මේවා ය.
ලෙවී කථාව 26:14-46 Sinhala Revised Old Version (SROV)
එහෙත් නුඹලා මට ඇහුම්කන් නොදී මේ සියලු ආඥා නොපවත්වා, මාගේ පනත් ප්‍රතික්ෂේප කරන්නහුනම්, නුඹලාගේ ප්‍රාණය මාගේ විනිශ්චයයන් පිළිකුල්කරන්නේනම්, එසේ මාගේ සියලු ආඥා නොපවත්වා මාගේ ගිවිසුම් කඩකරන්නහුනම්, මමද නුඹලාට මෙසේ කරන්නෙමි: මම නුඹලා කෙරෙහි භය එනම් ඇස් ක්ෂය කරන්නාවූ, ප්‍රාණය හීනකරන්නාවූ, ක්ෂයරෝගයද උණද පමුණුවන්නෙමි. නුඹලා නිෂ්ඵලයේ බීජ වපුරන්නහුය, මක්නිසාද නුඹලාගේ සතුරෝ ඒවා කන්නෝය. මම මාගේ මුහුණ නුඹලාට විරුද්ධව යොමු කරන්නෙමි, නුඹලා නුඹලාගේ සතුරන් ඉදිරියෙහි පරාජය වන්නහුය. නුඹලාට වෛරකරන අය නුඹලා කෙරෙහි අධිපතිකම් කරන්නහුය; කිසිවෙක් නොඑළවන කල නුඹලා පලායන්නහුය. තවද මේ සියල්ල නිසාවත් නුඹලා මට ඇහුම්කන් නුදුන්නොත් තව සත් ගුණයක් නුඹලාගේ පව් නිසා නුඹලාට දඬුවම් කරන්නෙමි. මම නුඹලාගේ බලයේ උඩඟුකම බිඳින්නෙමි; නුඹලාගේ අහස යකඩ මෙන්ද නුඹලාගේ භූමිය පිත්තල මෙන්ද කරන්නෙමි. එසේ නුඹලාගේ ශක්තිය නිකරුණේ වියදම්වන්නේය. මක්නිසාද නුඹලාගේ දේශය එහි වර්ධනය නොදෙන්නීය, දේශයේ ගස්ද ඵල නොදෙන්නේය. නුඹලා මට විරුද්ධව හැසිර මට ඇහුම්කන් නොදෙන්නහුනම් මම නුඹලාගේ පාපවල හැටියට තව සත් ගුණයක් නුඹලාට පීඩා පමුණුවන්නෙමි. මම නුඹලා අතරට වන මෘගයන් එවන්නෙමි, උන් නුඹලාගේ දරුවන් නුඹලාගෙන් කොල්ලකන්නෝය, නුඹලාගේ ගවයන් විනාශකරන්නෝය; නුඹලා ගණනින් අඩුකරන්නෝය; එසේ නුඹලාගේ මාර්ග පාළුවන්නේය. මේ දේවලින්වත් නුඹලා මා කෙරෙහි හරිනොගැසී මට විරුද්ධව හැසුරුණොත්, මමත් නුඹලාට විරුද්ධව හැසිර නුඹලාගේ පාපවල් නිසා සත්ගුණයක් පහරදෙන්නෙමි. මම ගිවිසුම ගැන පළිගන්නාවූ කඩුවක් නුඹලා පිටට පමුණුවන්නෙමි; නුඹලා නුඹලාගේ නුවරවල රැස්ව සිටින කල්හි නුඹලා අතරට වසංගතය පමුණුවන්නෙමි; නුඹලාද නුඹලාගේ සතුරාගේ අතට පාවාදෙනු ලබන්නහුය. මා විසින් නුඹලාගේ කෑම නමැති රුකුල බින්ද විට ස්ත්‍රීහු දසදෙනෙක් එක් උදුනෙක්හි නුඹලාගේ රොටි පුලුස්සා කිරමින් නැවත භාරදෙන්නෝය. නුඹලා කා සෑහීමට නොපැමිණෙන්නහුය. ඉදින් නුඹලා මේ සියල්ල නිසාවත් මට ඇහුම්කන් නොදී මට විරුද්ධව හැසිරෙන්නහුනම්, මම නුඹලාට විරුද්ධව උදහසින් හැසිර නුඹලාගේ පාපවල් නිසා සත් ගුණයක් නුඹලාට දඬුවම් කරන්නෙමි. නුඹලාද නුඹලාගේ පුත්‍රයන්ගේ මාංස කනවා ඇත, නුඹලාගේ දූවරුන්ගේ මාංසද කනවා ඇත. මම නුඹලාගේ උස් තැන් විනාශකොට, නුඹලාගේ සූර්ය රූප සිඳදමා, නුඹලාගේ දේවරූප කැබලි පිට නුඹලාගේ මළ කඳන් හෙළන්නෙමි; මාගේ ආත්මයද නුඹලා පිළිකුල් කරන්නේය. මම නුඹලාගේ නුවරවල් පාළුවක් කොට නුඹලාගේ ශුද්ධස්ථාන නටබුන් බවට පමුණුවන්නෙමි, නුඹලාගේ මිහිරි සුවඳ ආඝ්‍රාණය නොකරන්නෙමි. මම දේශය නාස්තිකරන්නෙමි. එහි වාසය කරන නුඹලාගේ සතුරෝද ඒ ගැන විස්මයට පත්වන්නෝය. මම ජාතීන් අතරෙහි නුඹලා විසුරුවා නුඹලා පස්සෙන් කඩුව ඇදගන එන්නෙමි. නුඹලාගේ දේශය නාස්තියක්ද නුඹලාගේ නුවරවල් පාළුවක්ද වන්නේය. එකල නුඹලාගේ සතුරන්ගේ දේශයෙහි නුඹලා සිටින අතර නාස්තිවීමේ කාලය මුළුල්ලෙහි දේශය ඒකේ සබත් කාලවල් භුක්ති විඳිනවා ඇත; එකල දේශය නිවාඩු ලැබ ඒකේ සබත් කාලවල් භුක්තිවිඳිනවා ඇත. නුඹලා එහි වාසයකරද්දී නුඹලාගේ සබත් කාලවල ඊට නොලැබුණු නිවාඩුව නටබුන් භාවයේ කාලයෙහිදී ලබනවා ඇත. නුඹලාගෙන් ඉතුරුවෙන්නන් ගැන නම්, මම ඔවුන්ගේ සතුරන්ගේ දේශවලදී ඔවුන්ගේ සිත්වලට ක්ලාන්තභාවයක් පමුණුවන්නෙමි. සැලෙන කොළයක ශබ්දයට ඔව්හු දුවන්නෝය; කඩුව ඉදිරියෙන් යමෙක් පලායන්නාක් මෙන් ඔව්හු පලා ගොස් කිසිවෙකු ඔවුන් නොඑළවන කල වැටෙන්නෝය. කඩුව ඉදිරියෙන් දුවන්නාක් මෙන් කිසිවෙකු ලුහු නොබඳින කල ඔව්හු එකිනෙකා පිට හැපී වැටෙන්නෝය. නුඹලාගේ සතුරන් ඉදිරිපිට සිටින්ට නුඹලාට කිසි බලයක් නැතිවන්නේය. නුඹලා ජාතීන් අතරෙහි නැතිවන්නහුය, නුඹලාගේ සතුරන්ගේ දේශය, නුඹලා කා දමන්නීය. නුඹලාගෙන් ඉතිරිවන අය තමුන්ගේ අපරාධ නිසාත් තමුන්ගේ පියවරුන්ගේ අපරාධ නිසාත් නුඹලාගේ සතුරන්ගේ දේශවලදී ක්ෂයවී යනවා ඇත. එවිට ඔවුන් මට විරුද්ධව කළ ද්‍රෝහිකමෙන් වුණාවූ තමුන්ගේ අයුතුකමද, තමුන්ගේ පියවරුන්ගේ අයුතුකමද, ඔවුන් මට විරුද්ධව හැසුරුණු නිසා, මාත් ඔවුන්ට විරුද්ධව හැසිර ඔවුන්ගේ සතුරන්ගේ දේශයට ඔවුන් පැමිණෙවු බවද කියා දෙනවා ඇත. එකල්හිවත් ඔවුන්ගේ අචර්මඡේදිත සිත් යටහත්වී ඔව්හු තමුන්ගේ අයුතුකමේ දඬුවම පිළිගන්නෝ නම්, මම යාකොබ් සමඟ කළ මාගේ ගිවිසුම සිහිකරන්නෙමි; ඊසාක් සමඟ කළ මාගේ ගිවිසුමත් ආබ්‍රහම් සමඟ කළ මාගේ ගිවිසුමත් සිහිකරන්නෙමි; දේශයද සිහිකරන්නෙමි. දේශයද ඔවුන් නිසා පාළුව තිබෙන තෙක් ඔවුන් විසින් අත්හරිනු ලැබ එහි සබත් කාලවල් භුක්තිවිඳින්නීය; ඔව්හුද තමුන්ගේ අයුතුකමේ දඬුවම පිළිගන්නෝය. මක්නිසාදයත් ඔව්හු මාගේ විනිශ්චයයන් ප්‍රතික්ෂේපකොට තමුන්ගේ සිතින් මාගේ පනත් පිළිකුල්කළෝය. එසේවී නුමුත් ඔවුන් තමුන් සතුරන්ගේ දේශයෙහි සිටින කල ඔවුන් මුළුමනින් විනාශවන ලෙසද ඔවුන් සමඟ මාගේ ගිවිසුම කඩවන ලෙසද මම ඔවුන් එපා නොකරන්නෙමි, ඔවුන් පිළිකුල් නොකරන්නෙමි. මක්නිසාද මම ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ය. ඔවුන්ගේ මුතුන් මුත්තන්ගේ දෙවියන්වහන්සේ වන පිණිස ජාතීන්ගේ ඇස් හමුවෙහි මිසර දේශයෙන් මා විසින් ගෙනෙන ලද්දාවූ ඒ තැනැත්තන් සමඟ කළ ගිවිසුම මම ඔවුන් උදෙසා සිහිකරන්නෙමි. මම ස්වාමීන්වහන්සේ යයි කීසේක. ස්වාමීන්වහන්සේ තමන්වහන්සේද ඉශ්‍රායෙල් පුත්‍රයන්ද අතරේ සීනයි කන්දේදී මෝසෙස් ලවා පිහිටුවනලද පනත්ද විනිශ්චයයන්ද ව්‍යවස්ථාද මේවාය.
ලෙවී කථාව 26:14-46 Sinhala New Revised Version (NRSV)
“නුඹලා මට සවන් නො දී, මෙකී සියලු ආඥා ඉටු නොකරන්නහු නම්, මාගේ ආඥාවලට අකීකරු ව, මාගේ ගිවිසුම කඩ කරන පරිදි මාගේ නීති හෙළා දැක, මාගේ විනිශ්චය ප්‍රතික්ෂේප කරන්නහු නම්, මම ද නුඹලාට මේ දේ කරමි. නුඹලා අන්ධ කරවන, ජරාවට පත් කරවන මහත් ව්‍යසන වන භීතිය, අසාධ්‍ය ලෙඩ රෝග හා උණ සන්නිපාත නුඹලා වෙත පමුණුවන්නෙමි. නුඹලා බීජ වපුරන නමුත් ඒවා නිෂ්ඵල වනු ඇත. නුඹලාගේ සතුරෝ ඒවා කාදමන්නෝ ය. මම නුඹලාට විරුද්ධ වන්නෙමි. නුඹලාගේ සතුරන් ඉදිරියෙහි නුඹලා මරනු ලබන්නහු ය. නුඹලාගේ සතුරෝ නුඹලා පාලනය කරන්නෝ ය. කෙනෙකු නුඹලා ලුහුබැඳ නොයන විට පවා නුඹලා පලා යන්නහු ය. “මේ සියල්ලෙන් පසු පවා නුඹලා මට සවන් නොදෙන්නහු නම්, මම නුඹලාගේ පාපවලට දඬුවම් සත් ගුණයකින් වැඩි කරන්නෙමි. නුඹලාගේ අහංකාර බලය මම බිඳදමමි. අහස යකඩ මෙන් ද පොළොව ලෝකඩ මෙන් ද වියළෙනු ඇත. නුඹලාගේ ශ්‍රමය ද නිකරුණේ වැය වනු ඇත. නුඹලාගේ ඉඩකඩම් අස්වැන්නක් නොදෙනු ඇත. කෙත්වතුවල ගස් ද පලදාව නොදෙනු ඇත. “ඉන්පසු පවා මට අකීකරු ව හැසිරෙමින්, මට සවන් නොදෙන්නහු නම්, නුඹලාගේ පව් නිසා නුඹලාට තව සත් ගුණයකින් පීඩා පමුණුවන්නෙමි. මම නුඹලා අතරට චණ්ඩ මෘගයන් එවන්නෙමි. ඒ මෘගයෝ නුඹලාගේ දරුවන් මරා, ගවයන් වනසා, නුඹලාගේ ජන සංබ්‍යාව අඩු කරන්නෝ ය. එවිට මාවත් ද පාළු වනු ඇත. “මේ සියල්ල එවූ පසු පවා නුඹලා නොහැරී, මට විරුද්ධ ව ක්‍රියා කරන්නහු නම්, මම ද නුඹලාට විරුද්ධ ව ක්‍රියා කොට නුඹලාගේ පාප නිසා තවත් හත් ගුණයකින් දඬුවම් කරමි. මාගේ ගිවිසුම කඩ කළ නිසා දඬුවම් කරනු පිණිස නුඹලාගේ රටට යුද්ධයක් පමුණුවනු ලැබේ. නුඹලා නගරවල එක් රැස් වී සිටින විට මම නුඹලා අතරට වසංගත පමුණුවන්නෙමි. නුඹලාගේ සතුරන්ගේ බලයට නුඹලා පාවා දෙනු ලබන්නහු ය. මා නුඹලාට ආහාර සපයන මාර්ග වැනසූ පසු, ස්ත්‍රීන් දසදෙනෙකුට රොටි පුළුස්සනු සඳහා එක උදුනක් ප්‍රමාණවත් වනු ඇත. නුඹලාගේ රොටි ඔවුන් සලාක කොට කිරා දුන් පසු, නුඹලා ඒවා කන නමුත්, නුඹලා සෑහීමට පත් නොවන්නහු ය. “මේ සියල්ලට පසු පවා මට සවන් නො දී මට විරුද්ධ ව ක්‍රියා කරන්නහු නම්, මම ද කෝපාවිෂ්ට ව නුඹලාගේ පාප නිසා නුඹලාට තව හත් ගුණයකින් දරුණු ලෙස දඬුවම් කරමි. කුසගිනි වාවාගනු නොහැකි ව, නුඹලාගේ දරුදැරියන්ගේ මාංස නුඹලා කන්නහු ය. මම ද නුඹලාගේ ගිරිකුළු දේවාල වනසා දේව ප්‍රතිමා සිඳ බිඳදමා, නුඹලාගේ මළකඳන් දේව පිළිමවල නටබුන් මත ගොඩ ගසන්නෙමි. මම ද නුඹලා පිළිකුල් කරන්නෙමි. මම නුඹලාගේ නගර වනසා, ශුද්ධස්ථාන පාළු කොට, නුඹලාගේ පූජාවන්හි මිහිරි සුවඳ ආඝ්‍රාණය නොකරන්නෙමි. නුඹලාගේ රට ද සහමුලින් ම පාළු කර හරින්නෙමි. එහි පදිංචි වන නුඹලාගේ සතුරන් එය දැක මවිත වනු ඇත. නුඹලාට විරුද්ධ ව යුද්ධ ඇති කොට, මිසදිටුවන් අතර නුඹලා විසුරුවා හරිමි. නුඹලාගේ රට පාළු වනු ඇත, නගර වැනසෙනු ඇත. “එවිට රට පාළු වී පවතින කාලය තුළ රටට විවේකය ලැබෙනු ඇත. නුඹලා සතුරන්ගේ රටෙහි වසන්නහු ය. එකල රටට විවේකය ලැබේ. රට එය ගැන ප්‍රීති වනු ඇත. නුඹලා එහි වාසය කරද්දී ඊට සබත් විවේකයක් නුදුන් බැවින්, මෙලෙස රට පාළු ව පවතින කාලය තුළ දී එය විවේකය භුක්ති විඳිනු ඇත. “තවද, සතුරන්ගේ රටවල තවමත් පණපිටින් සිටින අය වෙත මම දරුණු බියක් එවන්නෙමි. ඔවුන් ගසක කොළයක් සෙලවෙන විට පවා පලා යනු ඇත. බියට මෙන් ඔව්හු පලා යන්නෝ ය. කිසිවෙකු ඔවුන් ලුහුබැඳ නොයද්දී පවා ඔව්හු පලා ගොස් වැටෙන්නෝ ය. මෙලෙස යුද්ධයක දී මෙන් එකා පිට එකා වැටෙන්නේ ය. සතුරන්ට මුහුණ දී සිටින්නට ද නුඹලාට හැකි නොවනු ඇත. මෙලෙස නුඹලා විජාතිකයන් මධ්‍යයේ වැනසෙන්නහු ය. සතුරු රටවල් නුඹලා ගිලදමනු ඇත. සතුරු රටවල ජීවත් ව සිටින්නෝ තමන්ගේ දුෂ්ටකම් නිසා ද තම පියවරුන්ගේ දුෂ්ටකම් නිසා ද ජරාවට පත්වන්නෝ ය. “එවිට ඔවුන් මට විරුද්ධ ව කළ ද්‍රෝහිකමෙන් වූ තමන්ගේ අයුතුකම් ද තම පියවරුන්ගේ අයුතුකම් ද ඔවුන් මට විරුද්ධ ව හැසිරීම ද පිළිගත්තත්, මම ඔවුන්ට විරුද්ධ ව ක්‍රියා කර ඔවුන්ගේ සතුරන්ගේ දේශයට ඔවුන් පමුණුවන්නෙමි. එකල්හි වත් ඔවුන්ගේ දරදඬු සිත් යටහත් වී ඔව්හු තමන්ගේ අයුතුකමේ දඬුවම පිළිගන්නෝ නම්, එවිට මම ජාකොබ් සමඟ කළ ගිවිසුම ද ඊසාක් සමඟ කළ ගිවිසුම ද ආබ්‍රහම් සමඟ කළ ගිවිසුම ද සිහි කරන්නෙමි; දීමට පොරොන්දු වූ දේශය ද සිහි කරන්නෙමි. සෙනඟ දේශය අත්හළ පසු, ජනශූන්‍ය ව තිබෙන හෙයින්, දේශයට සබත් විවේකය භුක්තිවිඳිය හැක. ඔවුන් මාගේ අණපණත් හෙළා දැක, මාගේ ව්‍යවස්ථාවන් පිළිකුල් කළ බැවින් ඔවුන් තමන්ගේ දුෂ්ටකමට ලැබූ දඬුවම පිළිගත යුතු ය. කෙසේ වුව ද, ඔවුන්ගේ සතුරන්ගේ රටවල සිටින විට ඔවුන් සහමුලින් ම වනසාලනු පිණිස ද මා සමඟ පිහිටුවාගත් ගිවිසුම කඩ කිරීමට මඟ නොපෑදෙන ලෙස ද මම ඔවුන් අත් නොහරිමි. මම ඔවුන් පිළිකුල් නොකරමි. ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි. එහෙත්, ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන පිණිස, විජාතීන් ඉදිරිපිට දී ම මිසර දේශයෙන් ඔවුන් පිටතට ගෙනා මම, ඔවුන්ගේ මුතුන්මිත්තන් සමඟ පිහිටුවාගත් ගිවිසුම සිහි කරන්නෙමි. මම සමිඳාණන් වහන්සේ ය.” සමිඳාණන් වහන්සේ මෝසෙස් මඟින් සීනයි කන්ද මත, ඉශ්රායෙල් ජනයා හා තමන් වහන්සේ අතර පිහිටුවාගත් ව්‍යවස්ථා, අණපණත් සහ නීති මේවා ය.
ලෙවී කථාව 26:14-46 Sinhala New Revised Version 2018 (SNRV)
“නුඹලා මට සවන් නො දී, මෙකී සියලු ආඥා ඉටු නොකරන්නහු නම්, මාගේ ආඥාවලට අකීකරු ව, මාගේ ගිවිසුම කඩ කරන පරිදි මාගේ නීති හෙළා දැක, මාගේ විනිශ්චය ප්‍රතික්ෂේප කරන්නහු නම්, මම ද නුඹලාට මේ දේ කරමි. නුඹලා අන්ධ කරවන, ජරාවට පත් කරවන මහත් ව්‍යසන වන භීතිය, අසාධ්‍ය ලෙඩ රෝග හා උණ සන්නිපාත නුඹලා වෙත පමුණුවන්නෙමි. නුඹලා බීජ වපුරන නමුත් ඒවා නිෂ්ඵල වනු ඇත. නුඹලාගේ සතුරෝ ඒවා කාදමන්නෝ ය. මම නුඹලාට විරුද්ධ වන්නෙමි. නුඹලාගේ සතුරන් ඉදිරියෙහි නුඹලා මරනු ලබන්නහු ය. නුඹලාගේ සතුරෝ නුඹලා පාලනය කරන්නෝ ය. කෙනෙකු නුඹලා ලුහුබැඳ නොයන විට පවා නුඹලා පලා යන්නහු ය. “මේ සියල්ලෙන් පසු පවා නුඹලා මට සවන් නොදෙන්නහු නම්, මම නුඹලාගේ පාපවලට දඬුවම් සත් ගුණයකින් වැඩි කරන්නෙමි. නුඹලාගේ අහංකාර බලය මම බිඳදමමි. අහස යකඩ මෙන් ද පොළොව ලෝකඩ මෙන් ද වියළෙනු ඇත. නුඹලාගේ ශ්‍රමය ද නිකරුණේ වැය වනු ඇත. නුඹලාගේ ඉඩකඩම් අස්වැන්නක් නොදෙනු ඇත. කෙත්වතුවල ගස් ද පලදාව නොදෙනු ඇත. “ඉන්පසු පවා මට අකීකරු ව හැසිරෙමින්, මට සවන් නොදෙන්නහු නම්, නුඹලාගේ පව් නිසා නුඹලාට තව සත් ගුණයකින් පීඩා පමුණුවන්නෙමි. මම නුඹලා අතරට චණ්ඩ මෘගයන් එවන්නෙමි. ඒ මෘගයෝ නුඹලාගේ දරුවන් මරා, ගවයන් වනසා, නුඹලාගේ ජන සංබ්‍යාව අඩු කරන්නෝ ය. එවිට මාවත් ද පාළු වනු ඇත. “මේ සියල්ල එවූ පසු පවා නුඹලා නොහැරී, මට විරුද්ධ ව ක්‍රියා කරන්නහු නම්, මම ද නුඹලාට විරුද්ධ ව ක්‍රියා කොට නුඹලාගේ පාප නිසා තවත් හත් ගුණයකින් දඬුවම් කරමි. මාගේ ගිවිසුම කඩ කළ නිසා දඬුවම් කරනු පිණිස නුඹලාගේ රටට යුද්ධයක් පමුණුවනු ලැබේ. නුඹලා නගරවල එක් රැස් වී සිටින විට මම නුඹලා අතරට වසංගත පමුණුවන්නෙමි. නුඹලාගේ සතුරන්ගේ බලයට නුඹලා පාවා දෙනු ලබන්නහු ය. මා නුඹලාට ආහාර සපයන මාර්ග වැනසූ පසු, ස්ත්‍රීන් දසදෙනෙකුට රොටි පුළුස්සනු සඳහා එක උදුනක් ප්‍රමාණවත් වනු ඇත. නුඹලාගේ රොටි ඔවුන් සලාක කොට කිරා දුන් පසු, නුඹලා ඒවා කන නමුත්, නුඹලා සෑහීමට පත් නොවන්නහු ය. “මේ සියල්ලට පසු පවා මට සවන් නො දී මට විරුද්ධ ව ක්‍රියා කරන්නහු නම්, මම ද කෝපාවිෂ්ට ව නුඹලාගේ පාප නිසා නුඹලාට තව හත් ගුණයකින් දරුණු ලෙස දඬුවම් කරමි. කුසගිනි වාවාගනු නොහැකි ව, නුඹලාගේ දරුදැරියන්ගේ මාංස නුඹලා කන්නහු ය. මම ද නුඹලාගේ ගිරිකුළු දේවාල වනසා දේව ප්‍රතිමා සිඳ බිඳදමා, නුඹලාගේ මළකඳන් දේව පිළිමවල නටබුන් මත ගොඩ ගසන්නෙමි. මම ද නුඹලා පිළිකුල් කරන්නෙමි. මම නුඹලාගේ නගර වනසා, ශුද්ධස්ථාන පාළු කොට, නුඹලාගේ පූජාවන්හි මිහිරි සුවඳ ආඝ්‍රාණය නොකරන්නෙමි. නුඹලාගේ රට ද සහමුලින් ම පාළු කර හරින්නෙමි. එහි පදිංචි වන නුඹලාගේ සතුරන් එය දැක මවිත වනු ඇත. නුඹලාට විරුද්ධ ව යුද්ධ ඇති කොට, මිසදිටුවන් අතර නුඹලා විසුරුවා හරිමි. නුඹලාගේ රට පාළු වනු ඇත, නගර වැනසෙනු ඇත. “එවිට රට පාළු වී පවතින කාලය තුළ රටට විවේකය ලැබෙනු ඇත. නුඹලා සතුරන්ගේ රටෙහි වසන්නහු ය. එකල රටට විවේකය ලැබේ. රට එය ගැන ප්‍රීති වනු ඇත. නුඹලා එහි වාසය කරද්දී ඊට සබත් විවේකයක් නුදුන් බැවින්, මෙලෙස රට පාළු ව පවතින කාලය තුළ දී එය විවේකය භුක්ති විඳිනු ඇත. “තවද, සතුරන්ගේ රටවල තවමත් පණපිටින් සිටින අය වෙත මම දරුණු බියක් එවන්නෙමි. ඔවුන් ගසක කොළයක් සෙලවෙන විට පවා පලා යනු ඇත. බියට මෙන් ඔව්හු පලා යන්නෝ ය. කිසිවෙකු ඔවුන් ලුහුබැඳ නොයද්දී පවා ඔව්හු පලා ගොස් වැටෙන්නෝ ය. මෙලෙස යුද්ධයක දී මෙන් එකා පිට එකා වැටෙන්නේ ය. සතුරන්ට මුහුණ දී සිටින්නට ද නුඹලාට හැකි නොවනු ඇත. මෙලෙස නුඹලා විජාතිකයන් මධ්‍යයේ වැනසෙන්නහු ය. සතුරු රටවල් නුඹලා ගිලදමනු ඇත. සතුරු රටවල ජීවත් ව සිටින්නෝ තමන්ගේ දුෂ්ටකම් නිසා ද තම පියවරුන්ගේ දුෂ්ටකම් නිසා ද ජරාවට පත්වන්නෝ ය. “එවිට ඔවුන් මට විරුද්ධ ව කළ ද්‍රෝහිකමෙන් වූ තමන්ගේ අයුතුකම් ද තම පියවරුන්ගේ අයුතුකම් ද ඔවුන් මට විරුද්ධ ව හැසිරීම ද පිළිගත්තත්, මම ඔවුන්ට විරුද්ධ ව ක්‍රියා කර ඔවුන්ගේ සතුරන්ගේ දේශයට ඔවුන් පමුණුවන්නෙමි. එකල්හි වත් ඔවුන්ගේ දරදඬු සිත් යටහත් වී ඔව්හු තමන්ගේ අයුතුකමේ දඬුවම පිළිගන්නෝ නම්, එවිට මම ජාකොබ් සමඟ කළ ගිවිසුම ද ඊසාක් සමඟ කළ ගිවිසුම ද ආබ්‍රහම් සමඟ කළ ගිවිසුම ද සිහි කරන්නෙමි; දීමට පොරොන්දු වූ දේශය ද සිහි කරන්නෙමි. සෙනඟ දේශය අත්හළ පසු, ජනශූන්‍ය ව තිබෙන හෙයින්, දේශයට සබත් විවේකය භුක්තිවිඳිය හැක. ඔවුන් මාගේ අණපනත් හෙළා දැක, මාගේ ව්‍යවස්ථාවන් පිළිකුල් කළ බැවින් ඔවුන් තමන්ගේ දුෂ්ටකමට ලැබූ දඬුවම පිළිගත යුතු ය. කෙසේ වුව ද, ඔවුන්ගේ සතුරන්ගේ රටවල සිටින විට ඔවුන් සහමුලින් ම වනසාලනු පිණිස ද මා සමඟ පිහිටුවාගත් ගිවිසුම කඩ කිරීමට මඟ නොපෑදෙන ලෙස ද මම ඔවුන් අත් නොහරිමි. මම ඔවුන් පිළිකුල් නොකරමි. ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි. එහෙත්, ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන පිණිස, විජාතීන් ඉදිරිපිට දී ම මිසර දේශයෙන් ඔවුන් පිටතට ගෙනා මම, ඔවුන්ගේ මුතුන්මිත්තන් සමඟ පිහිටුවාගත් ගිවිසුම සිහි කරන්නෙමි. මම සමිඳාණන් වහන්සේ ය.” සමිඳාණන් වහන්සේ මෝසෙස් මඟින් සීනයි කන්ද මත, ඉශ්රායෙල් ජනයා හා තමන් වහන්සේ අතර පිහිටුවාගත් ව්‍යවස්ථා, අණපනත් සහ නීති මේවා ය.
ලෙවී කථාව 26:14-46 New International Version (NIV)
“ ‘But if you will not listen to me and carry out all these commands, and if you reject my decrees and abhor my laws and fail to carry out all my commands and so violate my covenant, then I will do this to you: I will bring on you sudden terror, wasting diseases and fever that will destroy your sight and sap your strength. You will plant seed in vain, because your enemies will eat it. I will set my face against you so that you will be defeated by your enemies; those who hate you will rule over you, and you will flee even when no one is pursuing you. “ ‘If after all this you will not listen to me, I will punish you for your sins seven times over. I will break down your stubborn pride and make the sky above you like iron and the ground beneath you like bronze. Your strength will be spent in vain, because your soil will not yield its crops, nor will the trees of your land yield their fruit. “ ‘If you remain hostile toward me and refuse to listen to me, I will multiply your afflictions seven times over, as your sins deserve. I will send wild animals against you, and they will rob you of your children, destroy your cattle and make you so few in number that your roads will be deserted. “ ‘If in spite of these things you do not accept my correction but continue to be hostile toward me, I myself will be hostile toward you and will afflict you for your sins seven times over. And I will bring the sword on you to avenge the breaking of the covenant. When you withdraw into your cities, I will send a plague among you, and you will be given into enemy hands. When I cut off your supply of bread, ten women will be able to bake your bread in one oven, and they will dole out the bread by weight. You will eat, but you will not be satisfied. “ ‘If in spite of this you still do not listen to me but continue to be hostile toward me, then in my anger I will be hostile toward you, and I myself will punish you for your sins seven times over. You will eat the flesh of your sons and the flesh of your daughters. I will destroy your high places, cut down your incense altars and pile your dead bodies on the lifeless forms of your idols, and I will abhor you. I will turn your cities into ruins and lay waste your sanctuaries, and I will take no delight in the pleasing aroma of your offerings. I myself will lay waste the land, so that your enemies who live there will be appalled. I will scatter you among the nations and will draw out my sword and pursue you. Your land will be laid waste, and your cities will lie in ruins. Then the land will enjoy its sabbath years all the time that it lies desolate and you are in the country of your enemies; then the land will rest and enjoy its sabbaths. All the time that it lies desolate, the land will have the rest it did not have during the sabbaths you lived in it. “ ‘As for those of you who are left, I will make their hearts so fearful in the lands of their enemies that the sound of a windblown leaf will put them to flight. They will run as though fleeing from the sword, and they will fall, even though no one is pursuing them. They will stumble over one another as though fleeing from the sword, even though no one is pursuing them. So you will not be able to stand before your enemies. You will perish among the nations; the land of your enemies will devour you. Those of you who are left will waste away in the lands of their enemies because of their sins; also because of their ancestors’ sins they will waste away. “ ‘But if they will confess their sins and the sins of their ancestors—their unfaithfulness and their hostility toward me, which made me hostile toward them so that I sent them into the land of their enemies—then when their uncircumcised hearts are humbled and they pay for their sin, I will remember my covenant with Jacob and my covenant with Isaac and my covenant with Abraham, and I will remember the land. For the land will be deserted by them and will enjoy its sabbaths while it lies desolate without them. They will pay for their sins because they rejected my laws and abhorred my decrees. Yet in spite of this, when they are in the land of their enemies, I will not reject them or abhor them so as to destroy them completely, breaking my covenant with them. I am the LORD their God. But for their sake I will remember the covenant with their ancestors whom I brought out of Egypt in the sight of the nations to be their God. I am the LORD.’ ” These are the decrees, the laws and the regulations that the LORD established at Mount Sinai between himself and the Israelites through Moses.