ලෙවී කථාව 25:24-55 - Compare All Versions
ලෙවී කථාව 25:24-55 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මුළු දේශය තුළ ඔබ මිලයට ගන්නා ඉඩම්, ඒවායේ මුල් අයිතිකරුවනට මුදා ගැනීමේ ඉඩකඩ සැලසිය යුතු ය. “ ‘ඔබේ සහෝදර රටවැසියකු දිළිඳු ව, තමා සතු ඉඩමක් විකුණන්නේ නම්, ඔහුගේ සමීපතම නෑයා පැමිණ, සහෝදර රටවැසියා විකුණූ දේපළ මුදා ගත යුතු ය. එහෙත්, ඔහු වෙනුවෙන් එය මිලට ගැනීමට එබඳු මිදුම්කාර නෑයකු නොමැතිව, පසු කලෙක ඔහු තමා ම සඵලවත් ව ඉඩම මුදා ගැනීමට අවැසි වත්කම් උපයා ගතහොත්, ඔහු එය විකුණූ තැන් සිට ගෙවුණු වසරවල වටිනාකම අඩු කොට, ඉතිරි මුදල ඉඩම මිලට ගත් අයට ගෙවිය යුතු ය. ඉන්පසු, එහි මුල් හිමිකරුට තම ඉඩමට යළි ආ හැකි ය. එහෙත්, එය මුදා ගැනීමේ වත්කම සපයා ගැනීමට ඔහු අපොහොසත් වූ විටෙක, එසේ විකුණන ලද දේපළ ජුබිලි වසර දක්වා ම ගැනුම්කරුගේ අයිතිය යටතේ පවතී. ජුබිලි වසරේදී එය එහි මුල් හිමිකරුට ආපසු ලැබේ. තම ඉඩමට ආපසු යෑමට එවිට ඔහුට පුළුවන. “ ‘පවුරින් වට පුරයක ඇති නිවසක් යමකු විකුණන්නේ නම්, එය විකුණූ දා සිට පුරා වසරක කාලයක් ඇතුළත ආපසු එය මුදා ගැනීමේ අයිතිය ඔහු සතු ය. ඒ කාලය ඇතුළත ඔහුට එය මුදා ගත හැකි ය. පූර්ණ වසරක් ගත වන්නට මත්තෙන් ඔහු එය මුදා ගැනීම නො කළහොත්, පවුරු සහිත පුරයේ එම නිවස එය මිලට ගත් ගැනුම්කරුගේ හා ඔහුගේ දරු පරපුරේ නිත්‍ය භුක්තියට සවි වන්නේ ය. එහි අයිතිය ජුබිලි වසරේදී එහි මුල් හිමිකරුට නො පැවරේ. එහෙත්, වට-පවුරින් තොර, ගම්මානවල නිවෙස් සැලකෙන්නේ එළිමහන් ඉඩම් වශයෙනි. ඒවා ආපසු මුදා ගත හැක. ජුබිලි වසරේ ඒවා ආපසු පැවරේ. “ ‘එහෙත්, ලෙවීවරුනට අයත් ලෙවීය පුරවරවල පිහිටි ඔවුන්ගේ නිවෙස් මුදා ගැනීමේ නිරන්තර අයිතිය ලෙවීවරුනට ඇත. එබැවින් ලෙවීවරුන්ගේ දේපළ මුදා ගත හැකි ඒවා ය. ඔවුන්ට අයත් ඕනෑ ම පුරවරයක වූ නිවසක් විකුණන ලද නමුදු, ජුබිලි වසරේ එය ආපසු පැවරේ. මන්ද, ලෙවීය පුරවරවල ඇති නිවෙස්, ඉශ්‍රායෙල් ජනයා අතරේ ලෙවීවරුන්ගේ උරුම දේපළ වන බැවිනි. එහෙත්, ලෙවීය-පුරවරවලට අයත් තණ බිම් නො විකිණිය යුතු ය. ඒවා ඔවුන්ගේ නිරන්තර උරුමයකි. “ ‘ඔබේ සහෝදර රටවැසියකු දිළිඳු වී, ඔබ මධ්‍යයේ තම නඩත්තුව සපයා ගැනීමට අපොහොසත් වුවහොත්, විදේශිකයකුට හෝ ආගන්තුකයකුට සේ ඔබ ඔහුට ආධාර කළ යුතු ය. එසේ තවදුරටත් ඔබ අතරේ වාසය කිරීමට ඔහුට හැකි වෙයි. ඔහුගෙන් පොලියක් හෝ ලාභයක් අය නො කරන්න. ඒ වෙනුවට ඒ සහෝදර රටවැසියාට තවදුරටත් ඔබ අතර විසීමට ඉඩ සලසමින්, ඔබේ දෙවියන්වහන්සේට භය පක්ෂපාතීත්වය පෙන්නුම් කරන්න. ඔබ ඔහුට ණය දෙන කල, ඊට පොලී අය නො කරන්න; ඔහුට ආහාර විකුණන කල, ඉන් ලාභ නො ගන්න. කානාන් දේශය ඔබට දෙන පිණිසත්, ඔබේ දෙවියන්වහන්සේ වන පිණිසත් ඊජිප්තු දේශයෙන් පිටතට ඔබ ගෙන ආ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය. “ ‘ඔබේ සහෝදර රටවැසියකු දිළිඳු බවට පත් ව, තමා වහලකු කොට ඔබට විකුණාගනු ලැබුවහොත්, ඔහු වහලකු සේ වැඩෙහි නො යොදවන්න. කුලියට වැඩ කරන සේවකයකු හෝ තාවකාලික ව ඔබ හා නතර වී සිටින්නකු හෝ ලෙස ඔහු සලකන්න. ඔහු ඔබට මෙහෙ කරනු ඇත්තේ ජුබිලි වසර දක්වා ය. එකල ඔහු ද ඔහුගේ දරුවන් ද නිදහස් කළ යුතු ය. එකල ඔහු තම පවුල් පෙළපත වෙතටත්, තම පිය පරපුරේ උරුමය වෙතටත් ආපසු යන්නේ ය. මන්ද, ඊජිප්තු දේශයෙන් පිටතට මවිසින් ගෙනෙනු ලැබූ ඔවුන් මගේ සේවකයින් ය; වහලුන් ලෙස ඔවුන් විකිණීම නො කළ යුතු ය. දයා විරහිත ව ඔවුන් පාලනය නො කර, ඔබේ දෙවියන්වහන්සේට භය පක්ෂ ව කටයුතු කරන්න. “ ‘ඔබ වහල් දැසි දස්සන් ලබා ගත යුත්තේ ඔබ අවට වෙසෙන ජාතීන්ගෙනි. ඔවුන් අතරින් ඔබට වහලුන් මිලට ගන්න. ඔබ අතරේ තාවකාලික ව වෙසෙන විදෙස්සන්ගෙන් ඇතමකු ද ඔබේ රටේ උපන් ඔවුන්ගේ පවුල්වල උදවිය ද ඔබට මිල දී ගත හැකි ය. ඔවුන් ඔබගේ සන්තකයට පත් වේ. ඔබගේ දරුවන්ට හිමි උරුමයක් වශයෙන් ඔවුන් පවරා දෙන්නට සේ ම, ඔවුන් දිවි හිමියෙන් ඔබේ දරුවන්ගේ වහලුන් බවට පත් කරන්නට ඔබට පුළුවන. එහෙත් සහෝදර ඉශ්‍රායෙල්වරයකු නිර්දය ලෙස පාලනය නො කරන්න. “ ‘ඔබ අතරේ වෙසෙන විදෙස්සකු හෝ තාවකාලික පදිංචිකාර ආගන්තුකයකු හෝ ධනවත් වන අතර, ඔබේ සහෝදර රටවැසියකු දිළිඳු බවට පත් වූ කලෙක, ඔබ මධ්‍යයේ වෙසෙන විදෙස්සාට හෝ එම පවුලේ කෙනකුට, අර දිළිඳු රටවැසියා තමා ම විකුණනු ලැබුවහොත්, එසේ විකුණූ පසුව වුව ද, තමා මුදා ගැනීමේ අයිතිය ඔහුට ඇත. ඔහුගේ සහෝදරයින්ගෙන් කෙනකුට ඔහු මුදා ගත හැකි ය. ඔහුගේ පියාගේ සහෝදරයකුට හෝ පියාගේ සහෝදරයාගේ පුතකුට හෝ ඔහුගේ පෙළපතේ ලේ නෑයකුට හෝ ඔහු මුදා ගත හැකි ය, යම් හෙයකින් ඔහු තමා ම සඵල වුවහොත්, තමා මුදා ගැනීමට ඔහුට ම පුළුවන. ඔහු, තමා විකුණා ගත් දා සිට ජුබිලි වසර දක්වා ඇති අවුරුදු ගණන, තමාගේ ගැනුම්කරු සමඟ ගණනය කර, තමා මුදා ගැනීමට ගෙවිය යුතු මිලය තීරණය කළ යුත්තේ එම අවුරුදු ගණනට කුලී සේවකයකුට ගෙවන මිලයට අනුකූලව ය. ජුබිලි වසර දක්වා තව වසර බොහොමයක් ඉතිරි ව ඇත්නම්, තමා මිල දී ගැනීමේදී ගැනුම්කරු ගෙවා තිබූ මිලෙන් වැඩි කොටසක් තමා මුදා ගැනීම සඳහා ඔහු ගෙවිය යුතු ය. එහෙත්, ජුබිලිය දක්වා ඉතිරි ව ඇත්තේ වසර ස්වල්පයක් නම්, ඒ වසර ගණනට ගණන් බලා, තමා මුදා ගැනීම සඳහා වන මිලය ඔහු ගෙවිය යුතු ය. ඔහු ගණන් ගැනෙන්නේ වසරින් වසර කුලියට ගැනෙනා කුලීකරුවකු පරිද්දෙනි. ඔහුගේ හාම්පුතා විසින් වහලකු සේ ඔහු වැඩෙහි යොදවනු නො ලැබීමට වග බලා ගන්න. “ ‘ඒ කවර ලෙසකින් වුව, ඔහු මුදා ගනු නො ලැබුව ද ජුබිලි වසරේදී ඔහු ද ඔහුගේ දරුවන් ද නිදහස් ව යා යුතු ය. මන්ද, ඉශ්රායෙල් ජනයා මට අයිති සේවකයෝ වෙති. මා විසින් ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන එනු ලැබූ මගේ සේවකයෝ ඔවුහු ය. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය.
ලෙවී කථාව 25:24-55 SROV (Sinhala Revised Old Version)
නුඹලාට උරුමවෙන මුළු දේශයෙහි බිම් මුදාගන්ට නුඹලා ඉඩඇරිය යුතුය. නුඹේ සහෝදරයෙක් දුප්පත්ව තමාගේ උරුමයෙන් කොටසක් විකුණන්නේනම් ඔහුගේ කිට්ටු නෑයා ඇවිත් තම සහෝදරයා විසින් විකුණනලද ඉඩම මුදාගත යුතුය. එසේ යමෙකුට මිදුම්කාරයෙක් නැති නුමුත් ඔහු පොහොසත්ව එය මුදාගැනීමට සෑහෙන පමණ වත්කම ලබාගත්තොත්, ඔහු වික්ක දා පටන් අවුරුදු ගණන්කොට වැඩිව තිබෙන මුදල් ඒක මිලේට ගත් තැනැත්තාට නැවත දී තමාගේ උරුමයට දෙවනු පැමිණේවා. එහෙත් එය නැවත ලබාගන්ට ඔහුට නොහැකිවී නම් විකුණනලද ඉඩම මිලේටගත් තැනැත්තාගේ අතේ ජුබිලි වර්ෂය දක්වා තිබේවා. ජුබිලි වර්ෂයෙහි ඒක මිදෙන්නේය, ඔහුද තමාගේ උරුමයට නැවත පැමිණෙන්නේය. මනුෂ්‍යයෙක් පවුරු ඇති නුවරක තිබෙන ගෙයක් වික්කොත් එය වික්ක තැන් පටන් සම්පූර්ණ අවුරුද්දක් ඇතුළතදී ඒක මුදාගත හැකි වන්නේය; අවුරුද්දක් තුළේම එය මුදාගන්ට ඔහුට බලය තිබේ. සම්පූර්ණ අවුරුද්දක් ඇතුළතදී එය මුදනු නොලැබුවොත් පවුරු ඇති නුවර තිබෙන ගේ මිලේට ගත් තැනැත්තාට එය ඔහුගේ පරම්පරාවල නිරන්තර උරුමයක් වන්නේය. එය ජුබිලි වර්ෂයෙහිදී ආපසු නොයන්නේය. එහෙත් වටකරින් පවුරු නැති ගම්වල ගෙවල් දේශයේ කෙත් සමඟ ගණන්ගනු ලබන්නේය. ඒවා මුදාගත හැකිවන්නේය, ජුබිලි වර්ෂයෙහිදී ඒවා ආපසු යන්නෝය. එසේවී නුමුත් ලෙවීවරුන්ගේ නුවරවල් එනම් ඔවුන්ගේ උරුම නුවරවල ගෙවල් කොයි කලෙක වුවත් ලෙවීවරුන්ට මුදාගත හැකිය. ලෙවීවරුන්ගෙන් කවරෙක්වත් මිදුවොත් විකුණනලද ගෙයද ඔහුගේ උරුම නුවරද ජුබිලි වර්ෂයේදී ආපසු යන්නේය. මක්නිසාද ලෙවීවරුන්ගේ නුවරවල ගෙවල් ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි ඔවුන්ගේ උරුමයය. එහෙත් ඔවුන්ගේ නගරබද ප්‍රදේශයේ කෙත් විකුණනු නොලැබිය යුතුය; මක්නිසාද ඒවා ඔවුන්ගේ නිරන්තර උරුමයක්ය. නුඹ වෙත නුඹේ සහෝදරයෙක් දිළිඳුවී ඔහුගේ අතමිට හිඟවුණොත් ඔහුට උපකාරකරන්න. විදේශියෙකු හා ආගන්තුකයෙකු මෙන් ඔහු නුඹ වෙත වාසයකෙරේවා. නුඹේ සහෝදරයා නුඹ වෙත රක්ෂාවෙන පිණිස පොළීවත් ලාභයක්වත් ඔහුගෙන් නොගෙන නුඹේ දෙවියන්වහන්සේට භයව සිටින්න. නුඹේ මිල පොළියටවත් නුඹේ ආහාර ලාභ ලබන පිණිසවත් ඔහුට නොදිය යුතුය. මම වනාහි කානාන් දේශය නුඹලාට දී නුඹලාගේ දෙවියන්වහන්සේ වන පිණිස නුඹලා මිසර දේශයෙන් ගෙනාවාවූ නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ය. නුඹ වෙත නුඹේ සහෝදරයා දිළිඳු බවට පැමිණ නුඹට තමාම වික්කොත් ඔහුගෙන් දාසයෙකුගේ වැඩ නොගත යුතුය. කුලීකාරයෙකු මෙන්ද විදේශියෙකු මෙන්ද ඔහු නුඹ වෙත සිටිමින් ජුබිලි වර්ෂය දක්වා නුඹට මෙහෙකෙරේවා. එකල ඔහුද ඔහු හා සමඟ ඔහුගේ දරුවෝද නුඹ වෙතින් ගොස් තමාගේ පෙළපතටත් තමාගේ පියවරුන්ගේ උරුමයටත් නැවත පැමිණෙත්වා. මක්නිසාද ඔව්හු මිසර දේශයෙන් මා විසින් ගෙනෙනලද මාගේ මෙහෙකරුවෝය. දාසයන් මෙන් ඔවුන් විකුණනු නොලැබිය යුතුය. තදකමින් ඔහු කෙරෙහි අධිපතිකම් නොකොට නුඹේ දෙවියන්වහන්සේට භය වෙන්න. නුඹට ඇතිවන්නාවූ දාස දාසීන් ගැන නම්, නුඹලා වටකරින් සිටින ජාතීන්ගෙන්ම දාස දාසීන් මිලේට ගත යුතුය. ඇරත් නුඹලා අතරෙහි විදේශීව සිටින්නාවූ අන් රට වැසියන්ගේ දරුවන්ගෙන්ද ඔවුන්ට නුඹලාගේ දේශයෙහිදී උපදින්නාවූ නුඹලා ළඟ සිටින ඔවුන්ගේ පවුල්වලින්ද මිලේට ගන්න. ඔවුන් නුඹලාගේ උරුමයක් කොට තබාගන්ට පුළුවන. නුඹලාට පසුව නුඹලාගේ දරුවන්ටද උරුමයක් කොට ඔවුන් හිමිකර දෙන්ට පුළුවන; ඔවුන් අතරෙන් සදාකාලේටම නුඹලාගේ දාසයන් ලබාගත හැකිය. එහෙත් නුඹලාගේ සහෝදරයන්වූ ඉශ්‍රායෙල් පුත්‍රයන් කෙරෙහි එනම් එක එකා තමතමාගේ සහෝදරයා කෙරෙහි තදකමින් අධිපතිකම් නොකළ යුතුය. නුඹ වෙත සිටින විදේශීවූ ආගන්තුකවූ කෙනෙක් පොහොසත්වෙන්ටත් ඔහු වෙත සිටින නුඹේ සහෝදරයෙක් දිළිඳුව නුඹ වෙත සිටින විදේශීවූ ආගන්තුකවූ අයට හෝ විදේශියාගේ පවුලේ කෙනෙකුට හෝ විකුණනු ලබන්ටත් යෙදුණොත්, ඔහු විකුණු පසු නැවත මුදනු ලැබිය හැකිය; ඔහුගේ සහෝදරයන්ගෙන් එක් කෙනෙකුට ඔහු මුදාගත හැකිය. ඔහුගේ මවුගේවත් පියාගේවත් සහෝදරයාට හෝ මවුගේවත් පියාගේවත් සහෝදරයාගේ පුත්‍රයාට හෝ ඔහුගේ පවුලට ළඟ නෑයින්ගෙන් කෙනෙකුට හෝ ඔහු මුදාගන්ට පුළුවන; නොහොත් ඔහු ධනවත් වන්නේනම් තමාම මුදාගන්ට හැකිවන්නේය. ඔහු මිලේට ගත් තැනැත්තා සමඟ විකුණනු ලබන අවුරුද්ද පටන් ජුබිලි අවුරුද්ද දක්වා ගණන්බලාවා. ඔහුගේ විකිණීමේ මිල ඒ අවුරුදු ගණන හැටියට වන්නේය; ඔහු පඩියට වැඩකරන්නෙකුගේ කාලය ලෙස ඔහු සමඟ සිටීවා. බොහෝ අවුරුදු ඉතුරුව තිබේනම් ඒවායේ හැටියට තමාගේ මිදීමේ මිලය තමා විකුණනු ලැබූ මිලයෙන් නැවත ගෙවිය යුතුය. ජුබිලි අවුරුද්ද දක්වා ඉතුරුව තිබෙන්නේ අවුරුදු ස්වල්පයක් නම් ඔහු සමඟ ගණන බලා තමාගේ අවුරුදුවල හැටියට තමාගේ මිදීමේ මිල නැවත දේවා. අවුරුද්දෙන් අවුරුද්ද පඩියට වැඩකරන්නෙකු මෙන් ඔහු ඒ අය වෙත සිටීවා. ඒ අය නුඹ ඉදිරිපිට ඔහු කෙරෙහි තද ලෙස අධිපතිකම් නොකෙරේවා. මේ අන්දම්වලින් ඔහු මුදනු නොලබන්නේනම්, ඔහු සහ ඔහු සමඟ ඔහුගේ දරුවෝද ජුබිලි අවුරුද්දේ නිදහස්ව යන්නෝය. මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයෝ මාගේ මෙහෙකරුවෝය; ඔව්හු මා විසින් මිසර දේශයෙන් ගෙනාවාවූ මාගේ මෙහෙකරුවෝය. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ය.
ලෙවී කථාව 25:24-55 NRSV (Sinhala New Revised Version)
“ඉඩකඩම් විකුණන විට ඒවා ආපසු මිල දී ගැනීමට මුල් හිමිකරුගේ අයිතිය පිළිගත යුතු ය. යමෙකු දිළිඳු තත්ත්වයට පත් ව, ඔහුගේ ඉඩකඩම් විකුණන්නට ඔහුට සිදු වී නම්, ඔහුගේ කිට්ටු ම නෑයෙකු ඉදිරියට අවුත්, ඒ තැනැත්තා විකුණූ ඉඩකඩම් ඔහුට මිල දී ආපසු ගත හැකි ය. එහෙත්, යමෙකුට ඒවා මිල දී ගැනීමට කිට්ටු නෑයෙකු නැති වුවත්, ඒ තැනැත්තා පසුව ධනවත් ව මිල දී ගැනීමට සෑහෙන වත්කමක් ලබන්නට පුළුවන. එවැනි අවස්ථාවක දී ඔහු විකුණූ දා සිට අවුරුදු ගණන ගණන් කොට, ඊළඟ ජුබිලිය දක්වා තිබෙන අවුරුදු ගණන අනුව, ඒවා මිල දී ගත් තැනැත්තාට ආපසු ගෙවා තම ඉඩකඩම් ආපසු ලබා ගන්නේ ය. එහෙත්, ඔහුට මිල දී ගන්නට නොහැකි නම්, එය ජුබිලි වර්ෂය වන තෙක් ඊට මුදල් ගෙවූ තැනැත්තාට අයිති ය. ජුබිලි වර්ෂයේ දී නැවත එය පළමු අයිතිකාරයා සතු වන්නේ ය. “යමෙකු පවුරකින් වට කළ නගරයක වූ නිවාසයක් වික්කොත්, විකුණූ දින සිට සම්පූර්ණ පළමු අවුරුද්ද තුළ දී ආපසු මුදල් ගෙවා එය ගත හැකි ය. එහෙත්, සම්පූර්ණ අවුරුද්ද ඇතුළත දී ඔහු මුදල් ගෙවා ආපසු නොගතහොත්, එය මිල ගෙවා ගත් තැනැත්තාටත්, ඔහුගේ පරපුරටත් සදහට ම අයිති වේ. ජුබිලි වර්ෂයේ දී ද අයිතිය ආපසු මාරු නොවනු ඇත. එහෙත්, පවුරුවලින් වට නො වූ ග්‍රාමවල ඇති නිවාස නම්, කෙත්වතු සමඟ ගණන් ගත යුතු වේ. මුදල් ගෙවා ඒවා ආපසු ගත හැක, ජුබිලි වර්ෂයේ දී ඒවායේ අයිතිය මාරු වනු ඇත. එහෙත් ලෙවීවරුන්ට නම්, ඔවුන්ගේ නගරවල පිහිටි නිවාස කැමැති වේලාවක මුදල් ගෙවා ආපසු හිමි කරගත හැක. ලෙවී කෙනෙකු විසින් විකුණන ලද පවුරුවලින් වට වූ නගරයක ඇති නිවාසයක් මුදල් ගෙවා ආපසු නොගතහොත්, ජුබිලි වර්ෂයේ දී එය ආපසු ඔහුට දිය යුතු ය. මන්ද, නගරවල පිහිටි ලෙවීවරුන්ගේ නිවාස, ඉශ්රායෙල් ජනයා අතර ඔවුන්ට සදහට ම අයිති වේ. එහෙත්, ලෙවීවරුන්ගේ නගර වට කර ඇති තණ බිම් නම්, කවරදා වත් නොවිකිණිය යුතු ය. ඒවා ඔවුන්ට සදහට ම අයිති වනු ඇත.” “යම් ඉශ්රායෙල් ජාතිකයෙකු දිළිඳු බවට පත් වී, තමා නඩත්තු කරගැන්මට නොහැකි වේ නම්, ඔහුට නුඹලා සමඟ ජීවත් වීමට හැකි වන ලෙස, නුඹලා විදේශිකයෙකුට හෝ ආගන්තුකයෙකුට හෝ ආධාර කරන්නා සේ ඔහුට ද ආධාර කළ යුතු ය. ඔහුගෙන් පොළියක් හෝ ලාභයක් හෝ නොගත යුතු ය. නුඹලාගේ දෙවියන් වහන්සේට ගරුබිය පාන්න. එවැන්නෙකුට නුඹලා සමඟ ජීවත් වීමට ඉඩ හරින්න. නුඹලා ඔහුට පොළියට මුදල් නොදිය යුතු ය. ලාභ අල්ලාගෙන ඔහුට ආහාර නොවිකිණිය යුතු ය. කානාන් දේශය නුඹලාට දෙනු පිණිසත්, නුඹලාගේ දෙවියන් වහන්සේ වනු පිණිසත්, මිසර දේශයෙන් නුඹලා පිටතට ගෙනා නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.” “යම් ඉශ්රායෙල් ජාතිකයෙකු දිළිඳු බවට පත් වී, ඔහු තමා ම නුඹලාට විකුණාගනු ලැබුවහොත්, වහලෙකු මෙන් මෙහෙ කිරීමට ඔහුට බල නොකළ යුතු ය. එහෙත්, කුලීකරුවෙකු මෙන් ද ආගන්තුකයෙකු මෙන් ද ඔහුට නුඹලා සමඟ විසිය හැක. ජුබිලි වර්ෂය දක්වා ඔහු නුඹලාට මෙහෙ කළ යුතු ය. එවිට ඔහු ද ඔහුගේ දරුවන් ද නුඹලාගෙන් පිට වී, තමාගේ පවුලට හා පියාගේ උරුමයට ආපසු යනු ඇත. මා විසින් මිසර දේශයෙන් පිටතට ගෙනෙන ලද මාගේ මෙහෙකරුවෝ ඔව්හු ය. එබැවින් වහලුන් මෙන් ඔවුන් නොවිකිණිය යුතු ය. දැඩි ලෙස ඔවුන් පාලනය නොකළ යුතු ය. නුඹලාගේ දෙවියන් වහන්සේට නුඹලා ගරුබිය පෑ යුතු ය. නුඹලාට වහල් දැසිදසුන් අවශ්‍ය නම්, නුඹලා අවට සිටින විජාතීන්ගෙන් නුඹලා එවැන්නන් මිල දී ගත යුතු ය. නුඹලා අතර වසන විදේශිකයන්ගේ දරුවන් නුඹලාට මිල දී ගත හැක. නුඹලාගේ රටෙහි උපදින මෙවැන්නන් නුඹලාට උරුම වනු ඇත. තවද, නුඹලාගෙන් පසු නුඹලාගේ දරුවන්ට ද ඔවුන් උරුම කොට හිමි කර දෙන්නට පුළුවන. ඔවුන් සදහට ම නුඹලාගේ වහලුන් වනු ඇත. එහෙත්, නුඹලාගේ ජාතිකයන් වන ඉශ්රායෙල් ජනයා දැඩි ලෙස පාලනය නොකළ යුතු ය. “නුඹලා සමඟ සිටින තාවකාලික ව වසන්නෙකු හෝ විදේශිකයෙකු හෝ පොහොසත් වන අතර, ඉශ්රායෙල් ජාතිකයෙකු දුගී බවට පත් වී, ඔහු විදේශිකයෙකුට හෝ ආගන්තුකයෙකුට හෝ විදේශිකයෙකුගේ පරපුරෙන් පැවතෙන යමෙකුට හෝ තමා ම විකුණාගතහොත් නුඹලාට ඔහු ආපසු මිල දී ගත හැකි ය. ඔහුගේ සහෝදරයෙකුට හෝ ඔහුගේ මාමාට හෝ මාමාගේ පුතුට හෝ තම පවුලේ කිට්ටු නෑයෙකුට හෝ මුදල් ගෙවා ඔහු ආපසු ගත හැක. ඔහුට වත්කමක් තිබේ නම්, මුදල් ගෙවා තමාට ම නිදහස ලබාගත හැකි ය. ඔහු තමා මිල දී ගත් තැනැත්තා සමඟ එකඟ වී, තමා ම විකුණාගත් දින සිට ජුබිලි වර්ෂය දක්වා ඇති අවුරුදු ගණන් කළ යුතු ය. පසුව ඔහුට නිදහස දීම සඳහා ගෙවිය යුතු මිල නියම කළ යුත්තේ, කුලීකරුවෙකුට ගෙවන වේතනය අනුව ය. ජුබිලි වර්ෂය දක්වා ඇති අවුරුදු ගණන බොහෝ නම්, ඒ අවුරුදු ගණන අනුව මිල දී ගත් මුදලින් කොටසක් නිදහස දීමේ දී ඔහුට ආපසු ගෙවිය යුතු ය. අවුරුදු ගණන ස්වල්ප නම්, ඒ අවුරුදු ගණන අනුව මුදලින් කොටසක් ආපසු ගෙවිය යුතු ය. තවද, ගෙවිය යුතු මුදල ගණන් ගත යුත්තේ කුලීකරුවෙකුට අවුරුදුපතා ගෙවන වේතනය අනුව ය, ඔහුගේ ස්වාමියා ද දැඩි ලෙස ඔහු පාලනය නොකළ යුතු ය. මේ කාලය ඇතුළත දී ඔහු නිදහස ලබා නොගතහොත්, ජුබිලි වර්ෂයේ දී ඔහුත්, ඔහුගේ දරුවනුත් නිදහස ලැබිය යුතු ය. මන්ද, ඉශ්රායෙල් ජනයා මාගේ වහල්ලු වන්නෝ ය. මා මිසර දේශයෙන් පිටතට ගෙනා ඔව්හු මාගේ වහල්ලු ය. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.”
ලෙවී කථාව 25:24-55 SNRV (Sinhala New Revised Version 2018)

ලෙවී කථාව 25:24-55 NIV (New International Version)
Throughout the land that you hold as a possession, you must provide for the redemption of the land. “ ‘If one of your fellow Israelites becomes poor and sells some of their property, their nearest relative is to come and redeem what they have sold. If, however, there is no one to redeem it for them but later on they prosper and acquire sufficient means to redeem it themselves, they are to determine the value for the years since they sold it and refund the balance to the one to whom they sold it; they can then go back to their own property. But if they do not acquire the means to repay, what was sold will remain in the possession of the buyer until the Year of Jubilee. It will be returned in the Jubilee, and they can then go back to their property. “ ‘Anyone who sells a house in a walled city retains the right of redemption a full year after its sale. During that time the seller may redeem it. If it is not redeemed before a full year has passed, the house in the walled city shall belong permanently to the buyer and the buyer’s descendants. It is not to be returned in the Jubilee. But houses in villages without walls around them are to be considered as belonging to the open country. They can be redeemed, and they are to be returned in the Jubilee. “ ‘The Levites always have the right to redeem their houses in the Levitical towns, which they possess. So the property of the Levites is redeemable—that is, a house sold in any town they hold—and is to be returned in the Jubilee, because the houses in the towns of the Levites are their property among the Israelites. But the pastureland belonging to their towns must not be sold; it is their permanent possession. “ ‘If any of your fellow Israelites become poor and are unable to support themselves among you, help them as you would a foreigner and stranger, so they can continue to live among you. Do not take interest or any profit from them, but fear your God, so that they may continue to live among you. You must not lend them money at interest or sell them food at a profit. I am the LORD your God, who brought you out of Egypt to give you the land of Canaan and to be your God. “ ‘If any of your fellow Israelites become poor and sell themselves to you, do not make them work as slaves. They are to be treated as hired workers or temporary residents among you; they are to work for you until the Year of Jubilee. Then they and their children are to be released, and they will go back to their own clans and to the property of their ancestors. Because the Israelites are my servants, whom I brought out of Egypt, they must not be sold as slaves. Do not rule over them ruthlessly, but fear your God. “ ‘Your male and female slaves are to come from the nations around you; from them you may buy slaves. You may also buy some of the temporary residents living among you and members of their clans born in your country, and they will become your property. You can bequeath them to your children as inherited property and can make them slaves for life, but you must not rule over your fellow Israelites ruthlessly. “ ‘If a foreigner residing among you becomes rich and any of your fellow Israelites become poor and sell themselves to the foreigner or to a member of the foreigner’s clan, they retain the right of redemption after they have sold themselves. One of their relatives may redeem them: An uncle or a cousin or any blood relative in their clan may redeem them. Or if they prosper, they may redeem themselves. They and their buyer are to count the time from the year they sold themselves up to the Year of Jubilee. The price for their release is to be based on the rate paid to a hired worker for that number of years. If many years remain, they must pay for their redemption a larger share of the price paid for them. If only a few years remain until the Year of Jubilee, they are to compute that and pay for their redemption accordingly. They are to be treated as workers hired from year to year; you must see to it that those to whom they owe service do not rule over them ruthlessly. “ ‘Even if someone is not redeemed in any of these ways, they and their children are to be released in the Year of Jubilee, for the Israelites belong to me as servants. They are my servants, whom I brought out of Egypt. I am the LORD your God.