ලෙවී කථාව 25:1-13 - Compare All Versions
ලෙවී කථාව 25:1-13 SROV (Sinhala Revised Old Version)
ස්වාමීන්වහන්සේ සීනයි කන්දේදී මෝසෙස්ට කථාකොට කියනසේක්: ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකරමින් මෙසේ කියන්න–මා විසින් නුඹලාට දෙන දේශයට නුඹලා පැමිණි කල දේශය ස්වාමීන්වහන්සේට සබතක් පවත්වන්නීය. සාවුරුද්දක් නුඹේ කෙත වපුරන්න, සාවුරුද්දක් නුඹේ මිදිවැල් කප්පාදුකොට එහි ඵල එක්කරගන්න; එහෙත් සත්වෙනි අවුරුද්ද ස්වාමීන්වහන්සේට පවත්වන සබතක් වන දේශයට ගරුමය නිවාඩුවේ සබත් කාලයක් වන්නේය. නුඹේ කෙත නොවපුරන්න, නුඹේ මිදිවැල් කප්පාදු නොකරන්න. නුඹේ ගොයමින් ඉබේම හටගන්න ඒවා කපා නොගන්න, කප්පාදු නොකළ නුඹේ මිදිවැළේ වලු රැස්කර නොගන්න. එය දේශයට ගරුමය නිවාඩුවේ අවුරුද්දක් වන්නේය. දේශයේ සබත් නුඹලාට එනම් නුඹටත් නුඹේ මෙහෙකරුවාටත් නුඹේ මෙහෙකාරීටත් නුඹේ කුලීකාරයාටත් නුඹ සමඟ වසන ආගන්තුකයාටත් ආහාර පිණිස වන්නේය; එහි මුළු වර්ධනය නුඹේ ගවයන්ටත් නුඹේ දේශයෙහි සිටින මෘගයන්ටත් ගොදුරු පිණිස වන්නේය. අවුරුදුවල සත් සබතක් නුඹට ගණන්කර ගන්න, එනම් සත් වරක් සත් අවුරුද්දක්ය; එවිට අවුරුදුවල සත් සබතක දවස් එනම් හතළිස් නව අවුරුද්දක් නුඹට වන්නේය. පසුව සත්වෙනි මාසයේ දසවෙනි දින හොරණෑ ශබ්දය සෑම තැනම පවත්වන්න; සමගිකමක් කිරීමේ දවසේදී නුඹලාගේ දේශය මුළුල්ලේ හොරණෑව පිඹින්න. එසේ පනස්වෙනි වර්ෂය ශුද්ධ ලෙස පවත්වා දේශයෙහි සියලු වැසියන්ට නිදහස ප්‍රකාශකරන්න. එය නුඹලාට ජුබිලියක් වන්නේය; එකල නුඹලා එකිනෙකා තම තමාගේ උරුමයටත් තම තමාගේ පෙළපතටත් නැවත පැමිණිය යුතුය. ඒ පනස්වෙනි වර්ෂය නුඹලාට ජුබිලියක් වන්නේය. ඒ කාලයෙහි වපුරන්ටවත් ඉබේම හටගන්න ඒවා කපාගන්ටවත් කප්පාදු නොකළ මිදි වැළෙන් ඵල නෙලාගන්ටවත් යුතු නැත. මක්නිසාද එය ජුබිලියක්ය; ඒක නුඹලාට ශුද්ධවන්නේය. ඒකේ අස්වැන්න කෙතෙන්ම ගෙන කන්න. ඒ ජුබිලි වර්ෂයෙහිදී නුඹලා එකිනෙකා තම තමාගේ උරුමයට නැවත පැමිණිය යුතුය.
ලෙවී කථාව 25:1-13 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ස්වාමින්වහන්සේ සීනයි කන්දේදී මෝසෙස් ඇමතූ සේක්, “ඉශ්‍රායෙල් ජනයා අමතා, ඔවුනට මෙසේ කියන්න: ‘මා ඔබට දෙන්නට යන දේශයට ඔබ ඇතුළු වූ පසු, එම දේශය ද ස්වාමින්වහන්සේට සබත් පැවැත් විය යුතු ය. හය වසරක් ඔබේ කෙත් වතු වපුරන්න. හය වසරක් ඔබේ මිදි වතුවල අතු කප්පාදු කොට, මිදි අස්වනු නෙළා ගන්න. එහෙත්, හත් වන වසරේ දේශය සබත් විවේකයෙහි ස්වාමින්වහන්සේට සබතක් කොට තැබිය යුතු ය. එවසර පුරා ඔබගේ කෙත් වතු වැපිරීමත්, මිදි වතු කප්පාදු කිරීමත් නො කරන්න. ඔබේ කෙත් වත්හි ඉබේ හට ගැන්වෙන පලදාව හෝ කප්පාදු කරනු නො ලැබූ මිදි වැල්හි පලදාව නෙළීම නො කරන්න. දේශය වසරක පූර්ණ විවේකයක් ලැබිය යුතු ය. සබත් වසරේ දේශයේ හට ගැනෙන කවරක් වුව ඔබටත්, ඔබේ සේවක, සේවිකාවනට හා කුලීකරුවනටත් තාවකාලික ව ඔබ අතරේ වාසය කරන්නන්ටත් ආහාර පිණිස වන්නේ ය. තවද ඔබේ සත්ව රංචුවලට හා දේශයේ වන සතුනට ද දේශය හටගන්වන කවර දේ වුව අහරට ගත හැකි ය. “ ‘මෙවන් සබත් වසර හතක් හෙවත් හත් අවුරුදු හතක් ගණන් කර ගන්න. මෙසේ සබත් වසර හතක එකතුව හතළිස් නව වසරකි. එකල, හත් වන මස දස වන දින හැම තැන්හි හොරණෑ හඬවන්න; පාප වන්දි නිවාරණ දවස වන එදින දේශය මුළුල්ලේ හොරණෑ හඬ නංවන්න. පනස් වන වසර විශුද්ධ කර, දේශය පුරා සිටින සියලු දේශ-වාසීනට නිදහස ප්‍රකාශ කරන්න. එය ඔබට ජුබිලි වර්ෂයයි. ඔබ හැම කෙනකු ම තමාගේ පිය උරුම දේපළ වෙත ආ යුතු ය. හැම කෙනකු ම තමාගේ පවුල් පෙළපත වෙත ආපසු ආ යුතු ය. පනස් වන අවුරුද්ද ඔබට ජුබිලි වර්ෂයයි. කෙත් වතු නො වපුරන්න. ඒවායේ හට ගැන්වෙන පලදාව හෝ සාත්තු නො කර හටගත් මිදි පලදාව නෙළා ගැනීම නො කරන්න. මන්ද එය ජුබිලියයි. එය ඔබට ශුද්ධ ය. ඔබේ කෙත් වත්හි හට ගැනුණු දෑ පමණක් අහරට ගන්න. “ ‘ජුබිලිය වූ මෙම වසරේ හැම කෙනකු ම පිය උරුමයෙන් ලද තම මුල් දේපළ වෙත ආපසු ආ යුතු ය.
ලෙවී කථාව 25:1-13 NRSV (Sinhala New Revised Version)
සමිඳාණන් වහන්සේ සීනයි කන්දේ දී මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙය කියන්න: මා නුඹලාට දෙන්නට යන දේශයට පැමිණි කල, සමිඳාණන් වහන්සේගේ ගෞරවය පිණිස එම දේශයට සබත් විවේකයක් දිය යුතු ය. අවුරුදු හයක් තුළ නුඹලාට කෙත් වැපිරිය හැකි ය; මිදි වතුවල අතු පෑහිය හැකි ය; ඒවා කප්පාදු කොට පල නෙළාගත හැකි ය. එහෙත්, හත් වන අවුරුද්දේ දී සමිඳාණන් වහන්සේ උදෙසා දේශයට ශුද්ධ සබත් විවේකයක් දිය යුතු ය. ඒ අවුරුද්දේ නුඹලා නොවපුළ යුතු ය. මිදි වතුවල අතු නොපෑහිය යුතු ය. ඉබේ ම වැඩෙන අස්වැන්න ද නෙළා නොගත යුතු ය. අතු නොපාහින ලද මිදි වැල්වල පල රැස් නොකළ යුතු ය. එය දේශයට ද දෙන අවුරුද්දක නිවාඩුවකි. වගා නොකළ කෙත් වතුවලින් නුඹලාට ද නුඹලාගේ දැසිදසුන්ට ද කුලීකරුවාට ද නුඹලා සමඟ සිටින විදේශිකයාට ද නුඹේ ගවයන්ට ද ඉඩම්වල සිටින මෘගයන්ට ද ආහාර ලැබෙනු ඇත. වගා නොකළ කෙත් වතුවලින් ඇති වන සියල්ල නුඹලාට කෑ හැකි ය.” “අවුරුදු හතෙන් හතට පැමිණෙන සබත් වර්ෂ හතක් හතෙන් වැඩි කළ විට අවුරුදු හතළිස් නවයක් ලැබෙනු ඇත. එවිට හත් වන මාසයේ දහ වන දින, එනම්, පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කරන දින, මුළු රට පුරා හොරණෑව රැව් පිළිරැව් දීමට සැලැස්විය යුතු ය. මෙලෙස නුඹලා පණස් වන අවුරුද්ද වෙන් කොට මුළු දේශය පුරා එහි සිටින සියල්ලන්ට නිදහස දීම ගැන ප්‍රකාශයක් කළ යුතු ය. එම අවුරුද්ද ජුබිලියක් නිසා එකිනෙකා තම තමාගේ උරුමයටත් තම තමාගේ පෙළපතටත් නැවත පැමිණිය යුතු ය. පණස් වන අවුරුද්ද ජුබිලියක් බැවින් නුඹලා නොවැපිරිය යුතු ය. ඉබේ ම වැවෙන දේවලින් අස්වැන්න නෙළා නොගත යුතු ය. අතු නොපාහින ලද මිදි වතුවලින් පලදාව රැස් කොට නොගත යුතු ය. එය ජුබිලියක් බැවින්, එය නුඹලාට ශුද්ධ වර්ෂයක් විය යුතු ය. නුඹලා වගා නොකළ කෙත්වලින් ලැබෙන අස්වැන්න නුඹලාට කන්නට පුළුවන. “මිල දී ගත් බඩු මේ අවුරුද්දේ දී හිමිකරුට ආපසු දිය යුතු ය.
ලෙවී කථාව 25:1-13 SNRV (Sinhala New Revised Version 2018)
සමිඳාණන් වහන්සේ සීනයි කන්දේ දී මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙය කියන්න: මා නුඹලාට දෙන්නට යන දේශයට පැමිණි කල, සමිඳාණන් වහන්සේගේ ගෞරවය පිණිස එම දේශයට සබත් විවේකයක් දිය යුතු ය. අවුරුදු හයක් තුළ නුඹලාට කෙත් වැපිරිය හැකි ය; මිදි වතුවල අතු පෑහිය හැකි ය; ඒවා කප්පාදු කොට පල නෙළාගත හැකි ය. එහෙත්, හත් වන අවුරුද්දේ දී සමිඳාණන් වහන්සේ උදෙසා දේශයට ශුද්ධ සබත් විවේකයක් දිය යුතු ය. ඒ අවුරුද්දේ නුඹලා නොවපුළ යුතු ය. මිදි වතුවල අතු නොපෑහිය යුතු ය. ඉබේ ම වැඩෙන අස්වැන්න ද නෙළා නොගත යුතු ය. අතු නොපාහින ලද මිදි වැල්වල පල රැස් නොකළ යුතු ය. එය දේශයට ද දෙන අවුරුද්දක නිවාඩුවකි. වගා නොකළ කෙත් වතුවලින් නුඹලාට ද නුඹලාගේ දැසිදසුන්ට ද කුලීකරුවාට ද නුඹලා සමඟ සිටින විදේශිකයාට ද නුඹේ ගවයන්ට ද ඉඩම්වල සිටින මෘගයන්ට ද ආහාර ලැබෙනු ඇත. වගා නොකළ කෙත් වතුවලින් ඇති වන සියල්ල නුඹලාට කෑ හැකි ය.” “අවුරුදු හතෙන් හතට පැමිණෙන සබත් වර්ෂ හතක් හතෙන් වැඩි කළ විට අවුරුදු හතළිස් නවයක් ලැබෙනු ඇත. එවිට හත් වන මාසයේ දහ වන දින, එනම්, පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කරන දින, මුළු රට පුරා හොරණෑව රැව් පිළිරැව් දීමට සැලැස්විය යුතු ය. මෙලෙස නුඹලා පනස් වන අවුරුද්ද වෙන් කොට මුළු දේශය පුරා එහි සිටින සියල්ලන්ට නිදහස දීම ගැන ප්‍රකාශයක් කළ යුතු ය. එම අවුරුද්ද ජුබිලියක් නිසා එකිනෙකා තම තමාගේ උරුමයටත් තම තමාගේ පෙළපතටත් නැවත පැමිණිය යුතු ය. පනස් වන අවුරුද්ද ජුබිලියක් බැවින් නුඹලා නොවැපිරිය යුතු ය. ඉබේ ම වැවෙන දේවලින් අස්වැන්න නෙළා නොගත යුතු ය. අතු නොපාහින ලද මිදි වතුවලින් පලදාව රැස් කොට නොගත යුතු ය. එය ජුබිලියක් බැවින්, එය නුඹලාට ශුද්ධ වර්ෂයක් විය යුතු ය. නුඹලා වගා නොකළ කෙත්වලින් ලැබෙන අස්වැන්න නුඹලාට කන්නට පුළුවන. “මිල දී ගත් බඩු මේ අවුරුද්දේ දී හිමිකරුට ආපසු දිය යුතු ය.
ලෙවී කථාව 25:1-13 NIV (New International Version)
The LORD said to Moses at Mount Sinai, “Speak to the Israelites and say to them: ‘When you enter the land I am going to give you, the land itself must observe a sabbath to the LORD. For six years sow your fields, and for six years prune your vineyards and gather their crops. But in the seventh year the land is to have a year of sabbath rest, a sabbath to the LORD. Do not sow your fields or prune your vineyards. Do not reap what grows of itself or harvest the grapes of your untended vines. The land is to have a year of rest. Whatever the land yields during the sabbath year will be food for you—for yourself, your male and female servants, and the hired worker and temporary resident who live among you, as well as for your livestock and the wild animals in your land. Whatever the land produces may be eaten. “ ‘Count off seven sabbath years—seven times seven years—so that the seven sabbath years amount to a period of forty-nine years. Then have the trumpet sounded everywhere on the tenth day of the seventh month; on the Day of Atonement sound the trumpet throughout your land. Consecrate the fiftieth year and proclaim liberty throughout the land to all its inhabitants. It shall be a jubilee for you; each of you is to return to your family property and to your own clan. The fiftieth year shall be a jubilee for you; do not sow and do not reap what grows of itself or harvest the untended vines. For it is a jubilee and is to be holy for you; eat only what is taken directly from the fields. “ ‘In this Year of Jubilee everyone is to return to their own property.