ලෙවී කථාව 2:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
ලෙවී කථාව 2:2 SROV (Sinhala Revised Old Version)
ආරොන්ගේ පුත්රයන්වූ පූජකයන් වෙතට එය ගෙනවුත්; එහි සිහින් පිටියෙන් සහ තෙලින් අතළොස්සක් එහි සියලු තුවරලා සමඟ ගත යුතුය. පූජකයා ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් වූ ගින්නෙන් කළ පූජාවක් මෙන් ඒ සිහිවීමේ කොටස පූජාසනය පිට දැවිය යුතුය.
ලෙවී කථාව 2:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඉන්පසු එය ආරොන්ගේ පුත්රයින් වූ පූජකයින් වෙත ගෙන යා යුතු ය. පූජකයා සිහින් පිටි අහුරක් හා තෙල් සමඟ කට්ටකුමංජල් සියල්ල ගෙන, ස්වාමින්වහන්සේට මිහිරි සුවඳක් වන ගින්නෙන් යාග කරන ලද සිහි කිරීමේ පංගුව වශයෙන්, පූජාසනය මත එය දවාලිය යුතු ය.
ලෙවී කථාව 2:2 NRSV (Sinhala New Revised Version)
පසුව පූජකයන් වන ආරොන්ගේ පුතුන් වෙත ඔහු එය ගෙනා යුතු ය. පූජකවරයා පිටිවලින් හා තෙලින් අතලොස්සක් ද එහි ඇති තුවරලා සියල්ල ද ගෙන පූජාසනය මත එය සිහිවීමේ කොටස වශයෙන් දැවිය යුතු ය. ගින්නෙන් දවා පුදන ලද මේ පූජාව සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳකි.
ලෙවී කථාව 2:2 SNRV (Sinhala New Revised Version 2018)
පසුව පූජකයන් වන ආරොන්ගේ පුතුන් වෙත ඔහු එය ගෙනා යුතු ය. පූජකවරයා පිටිවලින් හා තෙලින් අතලොස්සක් ද එහි ඇති තුවරලා සියල්ල ද ගෙන පූජාසනය මත එය සිහිවීමේ කොටස වශයෙන් දැවිය යුතු ය. ගින්නෙන් දවා පුදන ලද මේ පූජාව සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳකි.
ලෙවී කථාව 2:2 NIV (New International Version)
and take it to Aaron’s sons the priests. The priest shall take a handful of the flour and oil, together with all the incense, and burn this as a memorial portion on the altar, a food offering, an aroma pleasing to the LORD.