ලෙවී කථාව 19:1-3
ලෙවී කථාව 19:1-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “සමස්ත ඉශ්රායෙල් ජන සමාජයට කතා කොට, මෙසේ කියන්න: ‘ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ වන මා ශුද්ධ බැවින් ඔබත් ශුද්ධ ව සිටින්න. “ ‘ඔබ හැම කෙනෙක් ම තම මවටත්, තම පියාටත් ගෞරව කළ යුතු ය. ඔබ මගේ සබත් පැවැත් විය යුතු ය. ඔබගේ දෙවියන්වහන්සේ වන මම ස්වාමින්වහන්සේ ය.
ලෙවී කථාව 19:1-3 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: ඉශ්රායෙල් පුත්රයන්ගේ මුළු සභාවට මෙසේ කියන්න–නුඹලා ශුද්ධව සිටිය යුතුය. මක්නිසාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම ශුද්ධය. නුඹලා එකිනෙකා තමතමාගේ මවුටද පියාටද භයවිය යුතුය, මාගේ සබත් රක්ෂාකළ යුතුය. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ය.
ලෙවී කථාව 19:1-3 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, මුළු ඉශ්රායෙල් ජනතාවට කතා කොට ඔවුන්ට කියන ලෙස මෙසේ වදාළ සේක: “නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ශුද්ධ බැවින් නුඹලා ද ශුද්ධ ව සිටිය යුතු ය. නුඹලා එකිනෙකා තම තමාගේ පියාට හා මවට ගෞරව දැක්විය යුතු ය. සබත් දවස පැවැත්විය යුතු ය. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.
ලෙවී කථාව 19:1-3 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, මුළු ඉශ්රායෙල් ජනතාවට කතා කොට ඔවුන්ට කියන ලෙස මෙසේ වදාළ සේක: “නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ශුද්ධ බැවින් නුඹලා ද ශුද්ධ ව සිටිය යුතු ය. නුඹලා එකිනෙකා තම තමාගේ පියාට හා මවට ගෞරව දැක්විය යුතු ය. සබත් දවස පැවැත්විය යුතු ය. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.
ලෙවී කථාව 19:1-3 New International Version (NIV)
The LORD said to Moses, “Speak to the entire assembly of Israel and say to them: ‘Be holy because I, the LORD your God, am holy. “ ‘Each of you must respect your mother and father, and you must observe my Sabbaths. I am the LORD your God.