ලෙවී කථාව 14:1-57
ලෙවී කථාව 14:1-57 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “කුෂ්ඨ රෝගියකු සුවපත් ව, පූජකයා වෙත ඔහු ගෙනෙනු ලැබ, පවිත්‍ර වන දවසේ ඔහුට අදාළ නියමයන් මෙසේ ය. පූජකයා කඳවුරෙන් පිටතට ගොස්, ඔහු පිරික්සිය යුතු ය. එවිට, කුෂ්ඨ රෝගයෙන් ඔහු සුවය ලබා සිටී නම්, ඔහුගේ පවිත්‍ර වීම උදෙසා, පණ ඇති පවිත්‍ර පක්ෂීන් දෙදෙනකු ද දේවදාර ලීදඬු ද රතු නූල් සහ හිසොප් ඉත්තක් ද ගෙනෙන ලෙස පූජකයා නියෝග කළ යුතු ය. ඉන්පසු පූජකයා එම පක්ෂීන් දෙදෙනාගෙන් එකකු ගලා යන ජලයෙන් යුතු මැටි බඳුනකට ඉහළින් මරන්නට නියෝග කළ යුතු ය. ඉන්පසු ඔහු, පණ ඇති අනෙක් පක්ෂියා සමඟ දේවදාර ලී ද රතු නූල් ද හිසොප් ද ගෙන, ගලා යන ජලයට ඉහළින් මරනු ලැබූ පක්ෂියාගේ ලේවල ඒවා ගිල්වා, කුෂ්ඨ රෝගයෙන් පවිත්‍ර වීමට සිටින අයට ද ඒ ලේ හත් වරක් ඉසිය යුතු ය. ඉන්පසු ඔහු, පණ පිටින් සිටින පක්ෂියා එළිමහනෙහි මුදා හළ යුතු ය. “පවිත්‍ර වීමට සිටින්නා, තමන් හැඳිවත් සෝදා, මුළු හිසකේ මුඩු කොට, දියෙහි බැස නා ගත යුතු ය. එවිට ඔහු පවිත්‍ර වේ. කඳවුර තුළට ඔහුට ආ හැක්කේ ඉන්පසුව ය. එහෙත්, හත් දවසක් ගත වන තෙක් ඔහු තම කූඩාරමින් පිටත සිටිය යුතු ය. හත් වන දවසේ ඔහු තමාගේ රෝම සියල්ල හෙවත් තම හිසකේ ද රැවුල ද ඇහිබැම ද ගතෙහි රෝම ද බූ ගෑ යුතු ය. ඔහු තම ඇඳිවත් ද සෝදා, දියෙහි බැස නා ගත යුතු ය. එවිට ඔහු පවිත්‍ර වේ. “අට වන දවසේ ඔහු, කැළැල් රහිත පිරිමි බැටළු පැටවුන් දෙදෙනකු ද කැළැල් රහිත එක් අවුරුදු ගැහැනු බැටළු පැටවියක ද ඒ සමඟ ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටි ඒෆාවකින් දසයෙන් තුන් කොටසක් හා තෙල් හුණ්ඩුවක් ද ගෙන ආ යුතු ය. එවිට ඔහු පවිත්‍ර වග ප්‍රකාශ කරන පූජකයා, පවිත්‍ර වීම ලබන්නා ද ඔහුගේ පූජා ද හමුවීමේ කූඩාරම් දොරකඩදී ස්වාමින්වහන්සේ ඉදිරියට ගෙන ආ යුතු ය. “පූජකයා බැටළු පැටවුන්ගෙන් එකකු ගෙන, වරද නිවාරණ පූජාවක් වශයෙන් තෙල් හුණ්ඩුවක් ද සමඟ ඌ ඔප්පු කළ යුතු ය. ඔහු ඒවා තේව කිරීමේ පූජාවක් වශයෙන්, ස්වාමින්වහන්සේ ඉදිරියේ තේව කළ යුතු ය. ශුද්ධස්ථානයේ පාප පූජා සහ දවන යාග පූජා මරන තැනදී ඔහු එම බැටළු පැටවා මැරිය යුතු ය. පාප පූජාව සේ ම, වරද නිවාරණ පූජාවත් අයිති පූජකයාට ය. එය අතිශුද්ධ ය. පූජකයා, වරද නිවාරණ පූජාවේ ලේ ස්වල්පයක් ගෙන, පවිත්‍ර කරනු ලබන්නාගේ දකුණු කන් පෙත්තේ ද ඔහුගේ දකුණු අතේ මහපටැඟිල්ලේ ද ඔහුගේ දකුණු පයේ මහ ඇඟිල්ලේ ද ගෑ යුතු ය. ඉන්පසු පූජකයා තෙල් හුණ්ඩුවෙන් ස්වල්පයක් ගෙන, තමාගේ ම වම් අත්ලට වත් කොට, දකුණු අතේ දබරැඟිල්ල, වමත් අල්ලේ තෙලෙහි බහා, ස්වාමින්වහන්සේ අබියසට හත් වරක් ඇඟිල්ලෙන් තෙල් ඉසිය යුතු ය. ඉන්පසු පූජකයා, තම අත්ලේ ඉතිරි ව ඇති තෙල් ස්වල්පයක් ගෙන, පවිත්‍ර වීම ලබන්නාගේ දකුණු කන් පෙත්තේ ද ඔහුගේ දකුණු අතේ මහපටැඟිල්ලේ ද ඔහුගේ දකුණු පයේ මහ ඇඟිල්ලේ ද වූ වරද නිවාරණ ලේ පිට ඒවා ගෑ යුතු ය. පූජකයා, තම අත්ලේ ඉතිරි ව ඇති තෙල්, පවිත්‍ර වීම ලබන්නාගේ හිසේ ගෑ යුතු ය. මෙසේ පූජකයා, පවිත්‍ර වීම ලබන්නා උදෙසා, ස්වාමින්වහන්සේ ඉදිරියේ පාප වන්දි නිවාරණය සලසයි. “ඉන්පසු පූජකයා, පවිත්‍ර වීම ලබන්නාගේ අපවිත්‍රතාවෙන්, ඔහු පවිත්‍ර කිරීමේ පාප වන්දි නිවාරණය සලසමින්, පාප පූජාව යාග කළ යුතු ය. ඉන් අනතුරුව පූජකයා, දවන යාග පූජා සතා මරා, ධාන්‍ය පූජාව සමඟ එය පූජාසනය මත ඔප්පු කරමින්, ඔහු උදෙසා පාප වන්දි නිවාරණය සැලසිය යුතු ය. එවිට ඔහු පවිත්‍ර වන්නේ ය. “කෙසේ වෙතත්, ඔහු දුගියකු නිසා ඒ දෑ සැපයිය නො හැකි නම්, ඔහු, තමා උදෙසා පාප වන්දි නිවාරණය සැලසීමට, වරද නිවාරණ පූජාවක් වශයෙන් තේව කිරීම සඳහා එක් (පිරිමි) බැටළු පැටවකු ද සමඟ ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටි ඒෆාවකින් දහයෙන් කොටසක් ද තෙල් හුණ්ඩුවක් ද තමාට සපයාගත හැකි පරිදි පරෙවියන් හෝ කොබෙයි පැටවුන් හෝ දෙදෙනකු ගෙනා යුතු ය. ඉන් එකකු පාප පූජාව සඳහා ය. අනෙකා දවන යාග පූජාව සඳහා ය. “අට වන දවසේ ඔහු, තම පවිත්‍ර වීම සඳහා, ස්වාමින්වහන්සේ අබියස හමුවීමේ කූඩාරම් දොරකඩට පූජකයා වෙත ඒවා ගෙන ආ යුතු ය. පූජකයා වරද නිවාරණ බැටළු පැටවා ගෙන, තෙල් හුණ්ඩුවක් ද සමඟ තේව කිරීමේ පූජාවක් වශයෙන් ඒවා ස්වාමින්වහන්සේ ඉදිරියේ තේව කළ යුතු ය. පූජකයා, වරද නිවාරණ පූජාවේ බැටළු පැටවා මරා, උගේ ලේ ස්වල්පයක් ගෙන, පවිත්‍ර වීම ලබන්නාගේ දකුණු කන් පෙත්තේ ද ඔහුගේ දකුණු අතේ මහපටැඟිල්ලේ ද ඔහුගේ දකුණු පයේ මහ ඇඟිල්ලේ ද ගෑ යුතු ය. පූජකයා තෙල් ස්වල්පයක් තම වම් අත්ලට වත් කොට, තම දකුණු අතේ දබරැඟිල්ලෙන් ස්වාමින්වහන්සේ ඉදිරියට හත් වරක් තෙල් ඉසිය යුතු ය. ඉන්පසු ඔහු තම අත්ලේ ඇති තෙලින් ස්වල්පයක්, පවිත්‍ර වීම ලබන්නාගේ දකුණු කන් පෙත්තේ ද ඔහුගේ දකුණු අතේ මහපටැඟිල්ලේ ද ඔහුගේ දකුණු පයේ මහ ඇඟිල්ලේ ද යන වශයෙන් වරද නිවාරණ පූජා ලේ ගෑ තැන්හි ගෑ යුතු ය. පූජකයා ඉන් අනතුරුව, පවිත්‍ර වීම ලබන්නා උදෙසා පාප වන්දි නිවාරණය සලසමින් තම අත්ලේ ඉතිරි ව ඇති තෙල් ඔහුගේ හිසේ ගැල්විය යුතු ය. ඉන්පසු ඔහුට සැපයිය හැකි ව තිබූ ලෙස, පරෙවියන් හෝ කොබෙයි පැටවුන් පූජකයා විසින් යාග කළ යුතු ය. ඉන් එකකු පාප පූජාවක් වශයෙනි; අනෙකා ධාන්‍ය පූජාවක් සමඟ දවන යාග පූජාවක් වශයෙනි. මෙපරිදි පූජකයා, පවිත්‍ර වීම ලබන්නා උදෙසා ස්වාමින්වහන්සේ ඉදිරියේ පාප වන්දි නිවාරණය සලසන්නේ ය.” තම පවිත්‍ර වීම සඳහා නියමිත පූජා සපයාගත නො හැකි, කුෂ්ඨ රෝගයෙන් සුවය ලද්දවුන්ට අදාළ නියෝග ඒවා ය. ස්වාමින්වහන්සේ මෝසෙස් හා ආරොන් ඇමතූ සේක්, “ඔබගේ උරුමය වශයෙන් මා ඔබට දෙන කානාන් දේශයට ඔබ පිවිසි කල, ඒ දේශයේ යම් නිවසකට පැතිරෙන කුෂ්ඨ රෝගයක් මා පැමිණ වුවහොත්, එම නිවෙස් හිමියා පූජකයා වෙත ගොස්, ‘කුෂ්ඨ රෝගයක් වැනි යමක් මගේ නිවසේ තිබෙනු මම දිටිමි’ යි පැවසිය යුතු ය. පූජකයා එහි කුෂ්ඨ රෝගය පිරික්සීමට යන්නට පළමු, නිවස හිස් කරන්නට අණ කළ යුතු ය. එසේ කරන්නේ, ගෙතුළ ඇති කිසිවක් අපවිත්‍ර බවට ප්‍රකාශ නො වන පිණිස ය. පූජකයා ඒ නිවසට පිවිස, එය පිරික්සිය යුත්තේ ඉන් අනතුරුව ය. ඔහු බිත්තිවල රෝගය පිරික්සිය යුතු ය. එවිට බිත්තියේ කොළ පැහැ හෝ රත් පැහැ ලප බිත්ති මතු පිටට වඩා පහත් ව හෑරී ඇති වග පෙනේ නම්, ඔහු ගෙයින් පිටතට ගෙයිදොර වෙත අවුත්, හත් දවසක් එය වසා තැබිය යුතු ය. පූජකයා හත් වන දවසේ ඒ නිවස පිරික්සීමට ආපසු යා යුතු ය. එකල කුෂ්ඨය, බිත්තිවල පැතිර ඇත්නම්, බිත්තියේ එසේ කුෂ්ඨයෙන් අපවිත්‍ර වූ කොටසේ ගල් ගලවා, නගරයෙන් පිටත අපවිත්‍ර තැනකට දමන්නට අණ කළ යුතු ය. තවද, නිවසේ ඇතුළු බිත්ති මුළුමනින් ම සූරා, එසේ සූරන ලද ද්‍රව්‍ය ද නගරයෙන් පිටත අපවිත්‍ර තැනකට ගොස් දමන්නට සැලසිය යුතු ය. ඉන්පසු, ගැලවූ ගල් වෙනුවට අලුත් ගල් යොදා, අලුත් බදාම ගෙන, ගෙය කපරාරු කළ යුතු ය. “එලෙස ගල් ගලවා, බිත්ති සූරා, නැවත කපරාරු කළ පසු, යළිත් ගෙතුළ රෝගය මතු වේ නම්, පූජකයා එහි ගොස්, එය පිරික්සිය යුතු ය. නිවසේ රෝගය පැතිර තිබේ නම්, එය සැර කුෂ්ඨයකි. ඒ නිවස අපවිත්‍ර ය. එය කඩා දැමිය යුතු ය. එහි ගල් ද ලී ද කපරාරු-බදාම සියල්ල ද කඩා, නගරයෙන් පිටත අපවිත්‍ර තැනකට දැමිය යුතු ය. “නිවස වසා තිබූ අතර තුර එහි ඇතුළු වන කවරකු වුව සවස දක්වා අපවිත්‍ර වේ. ඒ නිවසේ නිදාගන්නා හෝ එහිදී අහර ගන්නා කවරකු වුව තමන් හැඳිවත් සෝදා ගත යුතු ය. “අනෙක් අතට, බිත්ති අලුතින් කපරාරු කළ පසු පූජකයා නිවස පිරික්සන කල, රෝගය පැතිර නොමැති නම්, නිවස පවිත්‍ර යැයි පූජකයා ප්‍රකාශ කළ යුතු ය. මන්ද එහි වූ රෝගය පහව ගොස් ඇති බැවිනි. නිවස පවිත්‍ර කිරීම සඳහා පක්ෂීන් දෙදෙනකු ද දේවදාර ලී ද රතු නූල් සහ හිසොප් ඉත්තක් ද ගත යුතු ය. පූජකයා, පක්ෂීන් දෙදෙනාගෙන් එකකු, ගලා යන ජලයෙන් යුතු මැටි බඳුනකට ඉහළින් මැරිය යුතු ය. ඉන්පසු ඔහු දේවදාර ලී, හිසොප් හා රතු නූල් ද පණ පිටින් සිටින පක්ෂියා ද ගෙන, මළ පක්ෂියාගේ ලේ සහිත ජලයෙහි ගිල්වා, හත් වරක් නිවසට ඉසිය යුතු ය. මෙසේ, පක්ෂියාගේ ලෙයින් ද ගලා යන ජලයෙන් ද පණ ඇති පක්ෂියාගෙන් ද දේවදාර ලී හිසොප් හා රතු නූලින් ද ඒ නිවස පවිත්‍ර කර, පණ පිටින් සිටින පක්ෂියා නගරයෙන් පිටත එළිමහන් තැනකදී මුදා හළ යුතු ය. මේ අයුරින් ඔහු ඒ නිවස උදෙසා පාප වන්දි නිවාරණය සලසයි. ඒ නිවස ද පවිත්‍ර වේ යැ” යි පැවසූ සේක. මෙම නියමයන් කුෂ්ඨ රෝගයකදී ද හොරි දැමීමකදී ද ඇඳුමක හෝ නිවසක හෝ කුෂ්ඨය හට ගැනීමකදී ද ඉදිමුමකදී, පලු දැමීමකදී හෙවත් ලප ඇති වීමකදී ද එමඟින් අපවිත්‍රවීම හා පවිත්‍ර වීම නිශ්චය කිරීමට අදාළ වේ. කුෂ්ඨ රෝග පිළිබඳ නියමයන් ඒවා ය.
ලෙවී කථාව 14:1-57 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: කුෂ්ඨරෝගියා පවිත්‍රවීමේ දවසෙහි ඔහු පිළිබඳ ව්‍යවස්ථාව මේය–ඔහු පූජකයා වෙතට පමුණුවනු ලැබිය යුතුය. පූජකයාද කඳවුරෙන් පිටතට ගොස් ඔහු බැලිය යුතුය, කුෂ්ඨරෝගය සුවවී කුෂ්ඨරෝගියාගෙන් පහවී තිබෙන බව දුටුවොත්, පවිත්‍ර වෙන්ට සිටින්නා උදෙසා පණ ඇති පවිත්‍රවූ පක්ෂීන් දෙදෙනෙක්ද කිහිරි දඬුද රතු ලොම්ද හිසොප්ද ගෙනෙන්ට පූජකයා අණකරාවා. පක්ෂීන්ගෙන් එකෙකු මැටි භාජනයක බැසයන ජලය පිට මරන්ට අණකළ යුතුය. එවිට පූජකයා පණ ඇති පක්ෂියා සහ කිහිරි දඬුද රතු ලොම්ද හිසොප්ද රැගෙන ඒවාද පණ ඇති පක්ෂියාද බැස යන ජලය පිට මරනලද පක්ෂියාගේ ලෙයෙහි ගිල්වා, කුෂ්ඨයෙන් පවිත්‍රවෙන්ට සිටින්නාට සත් වරක් ඉස ඔහු පවිත්‍රයයි කියා පණපිටින් සිටින පක්ෂියා එළිමහනෙහි නිදහස්කර හරීවා. පවිත්‍ර වෙන්ට සිටින්නාද තමාගේ වස්ත්‍ර සෝදාගෙන තමාගේ කේස සියල්ල බූගා වතුර නාගනීවා, එවිට ඔහු පවිත්‍රවන්නේය. පසුව ඔහු කඳවුර තුළට අවුත් තමාගේ කූඩාරමෙන් පිටත සත් දවසක් නැවතී සිටින්නේය. සත්වෙනි දවසේදී තමාගේ සියලු කේස එනම් තමාගේ ඉසකෙස්ද තමාගේ රැවුලද තමාගේ ඇස්බැමිද බූගාගන තමාගේ වස්ත්‍ර සෝදාගන තමාගේ ශරීරය වතුරෙන් නාවාගනීවා, එවිට ඔහු පවිත්‍රවන්නේය. අටවෙනි දවසේදී ඔහු කැලලක් නැති බැටළු වස්සන් දෙදෙනෙක්ද කැලලක් නැති අවුරුද්දක බැටළු වැස්සියෙක්ද තෙල් මිශ්‍රවූ සිහින් පිටි ඒඵාවකින් දසයෙන් තුන් කොටසක්ද තෙල් හුණ්ඩුවක්ද ගෙනේවා. ඔහු පවිත්‍රකරන පූජකයාද පවිත්‍රවෙන්ට සිටින මනුෂ්‍යයා සහ ඒ දේවල් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ඉදිරිපිට තබා, එක බැටළු වස්සෙක්ද තෙල් හුණ්ඩුවක්ද රැගෙන අපරාධ පූජාවක් පිණිස ඔප්පුකරමින් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තේව පූජාවක් කොට ඒවා තේවකෙරේවා. ශුද්ධ ස්ථානයෙහි පාප පූජාවේද දවන පූජාවේද සතුන් මරන ස්ථානයෙහි ඔහු බැටළු පැටවා මැරිය යුතුය. මක්නිසාද පාප පූජාව පූජකයාට අයිතිවාක් මෙන් අපරාධ පූජාවත් අයිතිය. ඒක අතිශුද්ධය. පූජකයාද අපරාධ පූජාවේ ලෙයින් ස්වල්පයක් ගෙන පවිත්‍රවෙන්ට සිටින්නාගේ දකුණු කන් කෙළවරෙහිද ඔහුගේ දකුණු අත මාපට ඇඟිල්ලේද ඔහුගේ දකුණු පය මාපට ඇඟිල්ලේද ගා, තෙල් හුණ්ඩුවෙන් ස්වල්පයක් තමාගේ වම් අල්ලේ වත්කරගන, තමාගේ වම් අල්ලේ තිබෙන තෙලෙහි තමාගේ දකුණු ඇඟිල්ල ගිල්වා, තමාගේ ඇඟිල්ලෙන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සත්වරක් තෙල් ඉස, තමාගේ අතේ ඉතිරිවෙන තෙලින් පවිත්‍රවෙන්ට සිටින්නාගේ දකුණු කන් කෙළවරෙහිද දකුණු අත මාපට ඇඟිල්ලේද දකුණු පය මාපට ඇඟිල්ලේද අපරාධ පූජාවේ ලේ පිට ගා, පූජකයාගේ අතේ ඉතිරිව තිබෙන තෙල් පවිත්‍රවෙන්ට සිටින්නාගේ හිසේ ගා, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔහු උදෙසා සමගිකමක් කෙරේවා. තවද පූජකයා පාප පූජාව ඔප්පුකර තමාගේ අපවිත්‍රකම නිසා පවිත්‍රවෙන්ට සිටින්නා උදෙසා සමගිකමක් කෙරේවා; පසුව ඔහු දවන පූජාවේ සතා මරාවා. පූජකයා ඒ දවන පූජාවද ආහාර පූජාවද පූජාසනය පිට ඔප්පුකොට ඔහු උදෙසා සමගිකමක් කරන්නේය, එවිට ඔහු පවිත්‍රවන්නේය. නුමුත් ඔහු එපමණ වත්කම නැති දිළින්දෙක් නම්, තමා උදෙසා සමගිකමක් කරන්ට තේව කරන අපරාධ පූජාවක් පිණිස එක බැටළුවස්සෙක්ද ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටි ඒඵාවකින් දසයෙන් පංගුවක්ද තෙල් හුණ්ඩුවක්ද ගෙනේවා; තවද තමාගේ වත්කමේ හැටියට කොබෙයියන් දෙන්නෙක්ද නොහොත් පරෙවි පැටවුන් දෙන්නෙක්ද එකෙක් පාප පූජාවක් පිණිසත් අනිකා දවන පූජාවක් පිණිසත් ගනීවා. ඔහු තමාගේ පවිත්‍රවීම පිණිස අටවෙනි දවසේදී ස්වාමීන්වහන්සේ ඉදිරියට සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට ඒවා පූජකයා වෙතට ගෙනේවා. පූජකයාද අපරාධ පූජාවේ බැටළු පැටවා සහ තෙල් හුණ්ඩුවද රැගෙන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඒවා තේව පූජාවක් කොට තේවකෙරේවා. අපරාධ පූජාවේ බැටළු පැටවාද මරා අපරාධ පූජාවේ ලේවලින් මඳක් ගෙන පවිත්‍ර වෙන්ට සිටින්නාගේ දකුණු කන් කෙළවරෙහිද දකුණු අතේ මාපට ඇඟිල්ලේද දකුණු පයේ මාපට ඇඟිල්ලේද ගා, තෙලින් මඳක් තමාගේ වම් අල්ලේ වත්කොට, තමාගේ වම් අල්ලේ තිබෙන තෙල්වලින් තමාගේ දකුණු ඇඟිල්ලෙන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සත් වරක් ඉස, තමාගේ අතේ තිබෙන තෙල්වලින් පවිත්‍රවෙන්ට සිටින්නාගේ දකුණු කන් කෙළවරෙහිද ඔහුගේ දකුණු අතේ මාපට ඇඟිල්ලේද දකුණු පයේ මාපට ඇඟිල්ලේද අපරාධ පූජාවේ ලේ තිබෙන තැන ගා, පූජකයාගේ අල්ලේ ඉතුරුවෙන තෙල් පවිත්‍රවෙන්ට සිටින්නා උදෙසා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සමගිකමක් කිරීමට ඔහුගේ හිසේ ගෑ යුතුය. එවිට ඔහු තමාගේ වත්කමේ හැටියට කොබෙයියන්ගෙන්වත් පරෙවි පැටවුන්ගෙන්වත්, තමාගේ වත්කමේ හැටියට එකෙක් පාප පූජාවක් කොටද අනිකා දවන පූජාවක් කොටද ආහාර පූජාව ඇතුළුව ඔප්පුකෙරේවා. එසේ පූජකයා පවිත්‍රවෙන්ට සිටින්නා උදෙසා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සමගිකමක් කරන්නේය. තමාගේ පවිත්‍රවීමට නිසි දෙය සපයාගන්ට වත්කම මදිවූ කුෂ්ඨරෝගියා ගැන ව්‍යවස්ථාව ඒකයයි කීසේක. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට සහ ආරොන්ට කථාකොට කියනසේක්: නුඹලාට භුක්තියක් පිණිස මා විසින් දෙන කානාන් දේශයට නුඹලා පැමුණුණ කල්හි නුඹලා භුක්තිවිඳින දේශයේ ගෙයකට මම කුෂ්ඨරෝගය පැමිණෙවුවෙම්නම්, ගේ අයිතිකාරයා ඇවිත්: ගෙයි කුෂ්ඨයක් තිබෙනවා වාගේ මට පෙනේයයි පූජකයාට කියන්නේය. එවිට ගෙයි තිබෙන සියල්ල අපවිත්‍ර නොවන පිණිස පූජකයා කුෂ්ඨය බැලීමට ඇතුල් වෙන්ට මත්තෙන් ගේ හිස්කරන්ට ඔවුන්ට අණකළ යුතුය. ඉන්පසු පූජකයා ගෙය බලන්ට ඇතුල්විය යුතුය. ඔහු කුෂ්ඨය බැලූ කල කුෂ්ඨය ගෙයි බිත්තිවල පලාවන් හෝ රත්වන් හෝ පැළුණු රේඛා සහිතව බිත්තියට වඩා පහත් පෙනීමක් ඇතුව තිබුණොත්, පූජකයා ගෙයින් පිටතට දොරකඩ ළඟට ඇවිත් සත් දවසක් ගෙය වසා තබා, සත්වෙනි දවසෙහි නැවත අවුත් බලාවා. එවිට කුෂ්ඨය ගෙයි බිත්තිවල පැතිර තිබුණොත්, කුෂ්ඨය ඇති ගල් ගළවා නුවරින් පිට අපවිත්‍ර ස්ථානයක ඒවා දමන්ට පූජකයා අණකළ යුතුය. තවද ඔහු ගෙයි ඇතුළත වටකරින් සූරන්ට සැලැස්විය යුතුය, ඔව්හු සූරාදමන බදාම නුවරින් පිටත අපවිත්‍ර ස්ථානයක දමා, වෙන ගල් ගෙන අනික් ගල් තිබුණු තැන්වල තබත්වා; ඔහු වෙන බදාම රැගෙන ගෙයි බදාම ගෑ යුතුය. ගල් අහක්කොට ගෙනගොස් ගේ සූරාදමා එහි බදාම ගෑ පසු කුෂ්ඨය නැවත පැමිණ ගෙයි පැතිරෙන්නේනම්, පූජකයා ඇවිත් බලාවා. එවිට කුෂ්ඨය ගෙයි පැතිර තිබේනම් එය ගෙයි තිබෙන වස කුෂ්ඨයක්ය. ඒක අපවිත්‍රය. ඔහු ගෙය ඒකේ ගල්ද ඒකේ දඬුද ගෙයි බදාම සියල්ලද ඇතුළුව කඩාදමා නුවරින් පිටත අපවිත්‍ර ස්ථානයකට ගෙන ගිය යුතුය. තවද ගෙය වසා තිබෙන කාලය තුළ එහි ඇතුල්වන තැනැත්තේ සවස දක්වා අපවිත්‍රව සිටින්නේය. ඒ ගෙයි නිදන තැනැත්තේ තමාගේ වස්ත්‍ර සෝදාගත යුතුය; ඒ ගෙයිදී කෑම කන්නාද තමාගේ වස්ත්‍ර සෝදා ගත යුතුය. පූජකයා අවුත් බැලූ විට ගෙය බදාම ගෑ පසු කුෂ්ඨය ගෙයි පැතිර ගොස් නැත්නම් කුෂ්ඨය සුවවූ බැවින් ගෙය පවිත්‍රයයි පූජකයා ප්‍රකාශ කරාවා. ඔහු ගෙය පවිත්‍රකරන පිණිස පක්ෂීන් දෙදෙනෙක්ද කිහිරි දඬුද රතු ලොම්ද හිසොප්ද රැගෙන, පක්ෂීන්ගෙන් එකෙකු මැටි භාජනයක බැස යන ජලය පිට මරා, කිහිරි දඬුද හිසොප්ද රතුලොම්ද පණ ඇති පක්ෂියාද රැගෙන, මැරූ පක්ෂියාගේ ලෙයෙහිත් බැස යන ජලයෙහිත් ගිල්වා සත් වරක් ගෙට ඉස, එසේ පක්ෂියාගේ ලෙයින්ද බැස යන ජලයෙන්ද පණ ඇති පක්ෂියාගෙන්ද කිහිරි දඬුවලින්ද හිසොප්වලින්ද රතු ලොම්වලින්ද ගෙය පවිත්‍ර කොට, පණ ඇති පක්ෂියා නුවරින් පිටත එළිමහනෙහි නිදහස්කර හරීවා. මෙලෙස ඔහු ගෙය උදෙසා සමගිකමක් කරන්නේය; ඒක පවිත්‍රවන්නේය. සියලු ආකාර කුෂ්ඨරෝගද කබලුද, වස්ත්‍රයක හා ගෙයක කුෂ්ඨයද, ඉදිමුමද කබුලද පල්ලද සම්බන්ධව, ඒවා පවිත්‍ර කොයි විටද අපවිත්‍ර කොයි විටදැයි ඉගැන්වීමට ව්‍යවස්ථාව මේය. කුෂ්ඨය පිළිබඳ ව්‍යවස්ථාව මේයයි කීසේක.
ලෙවී කථාව 14:1-57 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “බෝවෙන චර්ම රෝගියෙකු සුව වී තමා ශුද්ධ පවිත්‍ර වන දවසේ දී ඔහු කෙරෙහි බලපාන නීතිය මෙය වේ. එනම්, ඔහු පූජකවරයා වෙත ගෙන ආ යුතු ය. පූජකවරයා ඔහු කඳවුරෙන් පිටතට කැඳවා ගෙන ගොස් ඔහු සෝදිසි කොට බෝවෙන චර්ම රෝගය සුව වී ඇත්නම්, පවිත්‍ර වීමේ පිළිවෙත සඳහා පණපිටින් පවිත්‍ර පක්ෂීන් දෙදෙනෙකු ද කිහිරි ගසින් ලී කෑල්ලක් ද දම් පාට රෙදි කඩක් ද හිසොප් නම් පැළෑටියක් ද ගෙනෙන්නට අණ කළ යුතු ය. පසුව පිරිසිදු වතුර දැමූ මැටි බඳුනක් තුළ, වතුරට උඩින් පක්ෂීන් දෙදෙනාගෙන් එකෙකු මැරීමට අණ කළ යුතු ය. ඉන්පසු වතුරට උඩින් තබා මරන ලද පළමු පක්ෂියාගේ ලේවල, පණපිටින් සිටින අනික් පක්ෂියා ද කිහිරි ලී කෑල්ල ද දම් පාට රෙදි කඩ ද හිසොප් පැළය ද ගිල්වා, ඔහු බෝවෙන චර්ම රෝගය තිබූ තැනැත්තා මත හත්වරක් ලේ ඉස, ඔහු පවිත්‍ර යයි ප්‍රකාශ කොට, පණපිටින් සිටින පක්ෂියාට එළිමහනේ පියාඹා යෑමට ඉඩ හැරිය යුතු ය. පවිත්‍ර විය යුතු තැනැත්තා ද තම වස්ත්‍ර සෝදාගෙන, හිස මුඩු කොට ස්නානය කළ යුතු ය. මෙසේ කළ පසු ඔහු පවිත්‍ර වනු ඇත. ඔහු කඳවුරට ඇතුළු වී හත් දිනක් තුළ තම කූඩාරමෙන් පිටත සිටිය යුතු වේ. හත් වන දින දී ඔහු නැවත තම හිස මුඩු කොට, රැවුල බාගෙන ඇස් බැමි ද බූගාගෙන තම වස්ත්‍ර ද සෝදා ස්නානය කළ යුතු ය. එවිට ඔහු පවිත්‍ර වනු ඇත. “අට වන දින ඔහු කැළැල් රහිත බැටළු වස්සන් දෙදෙනකු ද කැළැල් රහිත අවුරුද්දක් වයසැති බැටළු වැස්සියක ද තෙල් මිශ්‍ර සිහින් පිටි කිලෝග්‍රෑම් තුනක් ද තෙල් ලීටර් එකකින් තුනෙන් පංගුවක් ද ධාන්‍ය පූජාවක් වශයෙන් ගත යුතු ය. ඉන්පසු රෝගියාගේ පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කරන පූජකවරයා රෝගියාත්, පෙර කී පඬුරුත් සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සමිඳාණන් වහන්සේ ඉදිරියට ගෙන යා යුතු ය. එවිට පූජකවරයා බැටළු වස්සෙකු ගෙන ඔහු උදෙසා වන්දි ගෙවීමේ පූජාවක් පිණිස තෙල් ලීටර් එකකින් තුනෙන් පංගුවක් සමඟ ඌ පුද කරමින් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කොට පිළිගැන්විය යුතු ය. පසුව ඔහු පාප පූජාවට සහ දවන යාග පූජාවට ගන්න සතුන් මරන ශුද්ධස්ථානයේ දී බැටළු වස්සා මැරිය යුතු ය. පාප පූජාවේ සතා පූජකවරයාට හිමි සේ ම වන්දි ගෙවීමේ පූජාවේ සතා ද ඔහුට හිමි වේ. එය අතිශුද්ධ ය. පූජකවරයා වන්දි ගෙවීමේ පූජාවේ සතාගේ ලෙයින් ටිකක් ගෙන පවිත්‍ර වීමේ පිළිවෙත ලබන තැනැත්තාගේ දකුණු කන් පෙත්තෙහි ද දකුණතේ මාපටැඟිල්ලේ ද දකුණු පයේ මාපටැඟිල්ලේ ද තැවරිය යුතු ය. ඉන්පසු ඔහු තෙල් ටිකක් ගෙන තම වමතේ අල්ලට වත් කර, දකුණතේ ඇඟිල්ල වමතේ අල්ලේ ඇති තෙලට දමා, එයින් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි හත්වරක් ඉසිය යුතු ය. මෙසේ කොට ඔහු තම අතේ ඇති ඉතිරි තෙලින් ටිකක් පවිත්‍ර වීමේ පිළිවෙත ලබන්නාගේ දකුණු කන් පෙත්තේ ද දකුණු මාපටැඟිල්ලේ ද දකුණු පයේ මාපටැඟිල්ලේ ද වන්දි ගෙවීමේ පූජාවේ ලේ මත ද දැමිය යුතු ය. තම අතේ ඇති ඉතිරි තෙල පවිත්‍ර වීමේ පිළිවෙත ලබන්නාගේ හිස මත වත් කරමින් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔහු වෙනුවෙන් පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කළ යුතු ය. “ඉන්පසු පූජකවරයා ද පාප පූජාව ඔප්පු කොට, අපවිත්‍රකමින් පවිත්‍ර විය යුතු තැනැත්තා උදෙසා, පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කළ පසු දවන යාග පූජාවේ සතා මැරිය යුතු වේ. පසුව දවන යාග පූජාවත්, ධාන්‍ය පූජාවත් පූජාසනය මත පුද කොට ඒ තැනැත්තා උදෙසා පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කළ පසු ඔහු පවිත්‍ර වනු ඇත. යමෙකුගේ දිළිඳුකම නිසා වඩා යමක් ගෙනෙන්නට ඔහුට නොහැකි නම්, ඔහු පූජකවරයා වෙත ගෙන ආ යුතු ඒ වන්දි ගෙවීමේ පූජාව සඳහා එක බැටළු වස්සෙකු හා ධාන්‍ය පූජාව සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් කිලෝග්‍රෑම් එකක් ඇතුළු තව තෙල් ලීටර් එකකින් තුනෙන් පංගුවක් ගෙනා යුතු ය. තවද, ඔහුගේ පුළුවන්කමේ හැටියට කොබෙයියන් ජෝඩුවක් හෝ පරෙවියන් ජෝඩුවක් හෝ ගෙනා යුතු ය. මින් එකක් පාප පූජාවක් සඳහා ය, අනික දවන යාග පූජාවක් සඳහා ය. අට වන දින තමාගේ පවිත්‍ර වීම සඳහා ඔහු මේ සියල්ල සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිටින පූජකවරයා වෙත ගෙනා යුතු ය. පසුව පූජකවරයා වන්දි ගෙවීමේ පූජාව පිණිස සිටින බැටළු පැටියා ද තෙල් ලීටර් එකකින් තුනෙන් පංගුවක් ද සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පූජාව ඔප්පු කරමින් පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කළ යුතු ය. ඔහු වන්දි ගෙවීමේ පූජාවේ බැටළුවා මරා, එයින් ලේ ටිකක් ගෙන, පවිත්‍ර වීම ලබන තැනැත්තාගේ දකුණු කන් පෙත්තෙහි ද ඔහුගේ දකුණතේ මාපටැඟිල්ලේ ද දකුණු පයේ මාපටැඟිල්ලේ ද තැවරිය යුතු වේ. ඉන්පසු ඔහු තෙල් ටිකක් තම වමතේ අල්ලට වත් කොට, දකුණතේ ඇඟිල්ලෙන් එම තෙල් ටිකක් ගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි හත්වරක් ඉසිය යුතු ය. තවද, ඔහු තම අතේ තිබෙන තෙලින් ටිකක් ගෙන පවිත්‍ර වීම ලබන තැනැත්තාගේ දකුණු කන් පෙත්තේ ද දකුණතේ මාපටැඟිල්ලේ ද දකුණු පයේ මාපටැඟිල්ලේ ද වන්දි ගෙවීමේ පූජාවේ ලේ මත ද දැමිය යුතු වේ. පූජකවරයා තම අතේ ඇති ඉතිරි තෙල් පවිත්‍ර වීම ලබන තැනැත්තාගේ හිස මත වත් කරමින්, ඔහු වෙනුවට සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කළ යුතු ය. පසුව ඔහුගේ වත්කමේ හැටියට ගෙනා හැකි කොබෙයියෙකු හෝ පරෙවියෙකු හෝ පුද කළ යුතු ය. එකෙකු ඔප්පු කළ යුත්තේ පාප පූජාවක් සඳහා ය; අනිකා ධාන්‍ය පූජාවක් සමඟ ඔප්පු කළ යුත්තේ දවන යාග පූජාවක් සඳහා ය; මෙලෙස පූජකවරයා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පවිත්‍ර වීම ලබන්නා වෙනුවට පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කළ යුතු ය. පවිත්‍ර වීම සඳහා ගත යුතු පඬුරු ගෙනෙන්නට නොහැකි, බෝවෙන චර්ම රෝගියෙකු කෙරෙහි බලපාන නීතිය මෙය වේ.” සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට කතා කොට මෙසේ වදාළ සේක: “උරුම වශයෙන් නුඹලාට දෙන්නට යන කානාන් දේශයට නුඹලා පැමිණි විට, උරුම වන එම දේශයේ යම් ගෘහයක ලාදුරු රෝගය බෝවෙන්නට මා සැලැස්සුවොත්, එවිට ගෙහිමියා පූජකවරයා වෙත පැමිණ, ‘මාගේ ගෙදර ලාදුරු රෝගයෙහි ලකුණු ඇති සේ පෙනේ යැ’යි කිව යුතු ය. එවිට පූජකවරයා ඒ ලකුණු පරීක්ෂා කිරීමට ගෙට ඇතුළු වන්නට පෙර ගෙයි ඇති සියල්ල අපවිත්‍ර නොවනු පිණිස ඒ ගේ හිස් කරන්නට අණ දිය යුතු ය. ඉන්පසු පූජකවරයා ගෙට ඇතුල් වනු ඇත. එසේ ඇතුළු වී ඒ ලකුණු පරීක්ෂා කොට ගෙයි බිත්තියේ ඉරි ගැසී ඇති තැන් කොළ පාටට හෝ රතට හෝ හුරුව, බිත්තියේ යටට ම ගොස් තිබෙන බව පෙනේ නම්, ඔහු ගෙයින් නික්ම දොරින් පිටතට අවුත්, හත් දවසකට ගෙය වසාදැමිය යුතු ය. හත් වන දින දී ඔහු පැමිණ පරීක්ෂා කොට ඒ ලකුණු ගෙයි බිත්තිවල පැතිර ගොස් තිබේ නම්, ඒ ලකුණු ඇති ගඩොල් ගලවා, නගරයේ පිටත කසළ ගොඩකට දැමීමට අණ කළ යුතු ය. තවද, ගෙයි ඇතුළු බිත්ති සූරා, සූරන ලද බදාම නගරයේ පිටත කසළ ගොඩකට දමන ලෙස අණ කළ යුතු වේ. ඉන්පසු වෙන ගඩොල් ගෙන පළමු ගඩොල් තිබූ ස්ථානවලට දමා තව බදාම ද රැගෙන ගෙය කපරාරු කළ යුතු ය. “ගඩොල් අහකට ගෙන, ගෙය සූරා, එය කපරාරු කළ පසු ඒ ලකුණු මතු වී, ඒවා ගෙයි පැතිරී ගියහොත්, පූජකවරයා යළි පැමිණි විට රෝගය ගෙයි පැතිරී ගොස් තිබෙන බව පෙනේ නම්, එය සැරෙන් පැතිරී යන බෝවෙන චර්ම රෝගයක් ය, එය අපවිත්‍ර ය. ඔහු ගෙය ද එහි ගඩොල් ද ලී දඬු ද බදාම සම්පූර්ණයෙන් ද කඩාදමා නගරයෙන් පිටත කසළ ගොඩකට ඒවා ගෙන යා යුතු ය. තවද, යමෙකු ඒ ගේ වසා තිබෙන කාලය තුළ එහි ඇතුළු වුවහොත්, ඔහු සවස දක්වා අපවිත්‍ර යයි සලකනු ලැබේ. යමෙකු එම ගෙයි සැතපුණොත්, නැත්නම් ඒ ගෙය තුළ යමක් අනුභව කළොත්, ඔහු තම වස්ත්‍ර සෝදා ගත යුතු ය. “පූජකවරයා ගෙය ඇතුළට විත්, එය පරීක්ෂා කොට ගෙය කපරාරු කළ පසු රෝග ලකුණු එහි පැතිරී ගොස් නැත්නම්, රෝග ලකුණු සුව වී ඇති බැවින් ඒ ගෙය පවිත්‍ර බව ප්‍රකාශ කළ යුතු ය. ඔහු ගෙය පවිත්‍ර කරනු පිණිස පක්ෂීන් දෙදෙනෙකු ද කිහිරි ලී කෑල්ලක් ද දම් පාට රෙදි කඩක් ද හිසොප් පැළයක් ද ගෙනා යුතු ය. පිරිසිදු වතුර ඇති මැටි බඳුනක උඩින් තබා එක පක්ෂියෙකු මරා, පිරිසිදු වතුරේ මැරූ පක්ෂියාගේ ලේවල කිහිරි ලී කෑල්ල ද හිසොප් පැළය ද දම් පාට රෙදි කඩ හා පණපිටින් සිටින පක්ෂියා ද දමා ඒ ගෘහයට හත්වරක් ඉසිය යුතු ය. මෙසේ ඔහු පක්ෂියාගේ ලෙයින් ද පිරිසිදු වතුරෙන් ද පණපිටින් සිටින පක්ෂියාගෙන් ද කිහිරි ලී කෑල්ලෙන් ද හිසොප් පැළයෙන් හා දම් පාට රෙදි කඩින් ද ගේ පවිත්‍ර කළ යුතු ය. ඉන්පසු ඔහු පණපිටින් සිටින පක්ෂියාට නගරයෙන් පිටත එළිමහනේ පියාඹා යන්නට හැරිය යුතු ය. මෙලෙස ගෙය පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කළ විට එය පවිත්‍ර වනු ඇත. “ඉහත දැක්වූයේ බෝවෙන චර්ම රෝග හා දද පිළිබඳ ව ද වස්ත්‍රයක සහ ගෙදරක බෝවෙන චර්ම රෝග වැනි ලකුණු මතු වූ විට ද, ඉදිමුමක්, තඩිස්සියක් හා පැල්ලමක් පිළිබඳ ව ද ඒවා කෙරෙහි බලපාන අපවිත්‍ර දේ පවිත්‍ර දෙයින් වෙන් කිරීමට උගැන්වීමට ඉවහල් වන නීති වේ.”
ලෙවී කථාව 14:1-57 Sinhala New Revised Version 2018 (SNRV)

ලෙවී කථාව 14:1-57 New International Version (NIV)
The LORD said to Moses, “These are the regulations for any diseased person at the time of their ceremonial cleansing, when they are brought to the priest: The priest is to go outside the camp and examine them. If they have been healed of their defiling skin disease, the priest shall order that two live clean birds and some cedar wood, scarlet yarn and hyssop be brought for the person to be cleansed. Then the priest shall order that one of the birds be killed over fresh water in a clay pot. He is then to take the live bird and dip it, together with the cedar wood, the scarlet yarn and the hyssop, into the blood of the bird that was killed over the fresh water. Seven times he shall sprinkle the one to be cleansed of the defiling disease, and then pronounce them clean. After that, he is to release the live bird in the open fields. “The person to be cleansed must wash their clothes, shave off all their hair and bathe with water; then they will be ceremonially clean. After this they may come into the camp, but they must stay outside their tent for seven days. On the seventh day they must shave off all their hair; they must shave their head, their beard, their eyebrows and the rest of their hair. They must wash their clothes and bathe themselves with water, and they will be clean. “On the eighth day they must bring two male lambs and one ewe lamb a year old, each without defect, along with three-tenths of an ephah of the finest flour mixed with olive oil for a grain offering, and one log of oil. The priest who pronounces them clean shall present both the one to be cleansed and their offerings before the LORD at the entrance to the tent of meeting. “Then the priest is to take one of the male lambs and offer it as a guilt offering, along with the log of oil; he shall wave them before the LORD as a wave offering. He is to slaughter the lamb in the sanctuary area where the sin offering and the burnt offering are slaughtered. Like the sin offering, the guilt offering belongs to the priest; it is most holy. The priest is to take some of the blood of the guilt offering and put it on the lobe of the right ear of the one to be cleansed, on the thumb of their right hand and on the big toe of their right foot. The priest shall then take some of the log of oil, pour it in the palm of his own left hand, dip his right forefinger into the oil in his palm, and with his finger sprinkle some of it before the LORD seven times. The priest is to put some of the oil remaining in his palm on the lobe of the right ear of the one to be cleansed, on the thumb of their right hand and on the big toe of their right foot, on top of the blood of the guilt offering. The rest of the oil in his palm the priest shall put on the head of the one to be cleansed and make atonement for them before the LORD. “Then the priest is to sacrifice the sin offering and make atonement for the one to be cleansed from their uncleanness. After that, the priest shall slaughter the burnt offering and offer it on the altar, together with the grain offering, and make atonement for them, and they will be clean. “If, however, they are poor and cannot afford these, they must take one male lamb as a guilt offering to be waved to make atonement for them, together with a tenth of an ephah of the finest flour mixed with olive oil for a grain offering, a log of oil, and two doves or two young pigeons, such as they can afford, one for a sin offering and the other for a burnt offering. “On the eighth day they must bring them for their cleansing to the priest at the entrance to the tent of meeting, before the LORD. The priest is to take the lamb for the guilt offering, together with the log of oil, and wave them before the LORD as a wave offering. He shall slaughter the lamb for the guilt offering and take some of its blood and put it on the lobe of the right ear of the one to be cleansed, on the thumb of their right hand and on the big toe of their right foot. The priest is to pour some of the oil into the palm of his own left hand, and with his right forefinger sprinkle some of the oil from his palm seven times before the LORD. Some of the oil in his palm he is to put on the same places he put the blood of the guilt offering—on the lobe of the right ear of the one to be cleansed, on the thumb of their right hand and on the big toe of their right foot. The rest of the oil in his palm the priest shall put on the head of the one to be cleansed, to make atonement for them before the LORD. Then he shall sacrifice the doves or the young pigeons, such as the person can afford, one as a sin offering and the other as a burnt offering, together with the grain offering. In this way the priest will make atonement before the LORD on behalf of the one to be cleansed.” These are the regulations for anyone who has a defiling skin disease and who cannot afford the regular offerings for their cleansing. The LORD said to Moses and Aaron, “When you enter the land of Canaan, which I am giving you as your possession, and I put a spreading mold in a house in that land, the owner of the house must go and tell the priest, ‘I have seen something that looks like a defiling mold in my house.’ The priest is to order the house to be emptied before he goes in to examine the mold, so that nothing in the house will be pronounced unclean. After this the priest is to go in and inspect the house. He is to examine the mold on the walls, and if it has greenish or reddish depressions that appear to be deeper than the surface of the wall, the priest shall go out the doorway of the house and close it up for seven days. On the seventh day the priest shall return to inspect the house. If the mold has spread on the walls, he is to order that the contaminated stones be torn out and thrown into an unclean place outside the town. He must have all the inside walls of the house scraped and the material that is scraped off dumped into an unclean place outside the town. Then they are to take other stones to replace these and take new clay and plaster the house. “If the defiling mold reappears in the house after the stones have been torn out and the house scraped and plastered, the priest is to go and examine it and, if the mold has spread in the house, it is a persistent defiling mold; the house is unclean. It must be torn down—its stones, timbers and all the plaster—and taken out of the town to an unclean place. “Anyone who goes into the house while it is closed up will be unclean till evening. Anyone who sleeps or eats in the house must wash their clothes. “But if the priest comes to examine it and the mold has not spread after the house has been plastered, he shall pronounce the house clean, because the defiling mold is gone. To purify the house he is to take two birds and some cedar wood, scarlet yarn and hyssop. He shall kill one of the birds over fresh water in a clay pot. Then he is to take the cedar wood, the hyssop, the scarlet yarn and the live bird, dip them into the blood of the dead bird and the fresh water, and sprinkle the house seven times. He shall purify the house with the bird’s blood, the fresh water, the live bird, the cedar wood, the hyssop and the scarlet yarn. Then he is to release the live bird in the open fields outside the town. In this way he will make atonement for the house, and it will be clean.” These are the regulations for any defiling skin disease, for a sore, for defiling molds in fabric or in a house, and for a swelling, a rash or a shiny spot, to determine when something is clean or unclean. These are the regulations for defiling skin diseases and defiling molds.