විලාප ගී 5:1-22
විලාප ගී 5:1-22 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අපට සිදු වී ඇති දෑ සිහිපත් කළ මැන අහෝ ස්වාමින්වහන්ස බැලුව මැනව, අපට වන් නින්දාව දෙස නෙත් හෙළුව මැනව. අපගේ උරුමය පිටස්තරයන් අතට ද අපගේ වාසස්ථාන විදෙස්සන් අතට ද පවරා දෙනු ලැබ ඇත. අපි අනාථ දරුවන් බවට, පියා නැතියවුන් බවට පත් ව ඇත්තෙමු; අපේ මවුවරුන් වැන්දඹුවන් වැන්න. අප බොන වතුර අප මිලයට ගත යුතු ව ඇත; අපේ ම දර පාවිච්චියට ගත හැක්කේ මිලයක් ගෙවීමෙනි. අප ලුහුබැඳ එන්නෝ, දැන් දැන් අත නුදුරෙහි ය; අපට වෙහෙස ය, අවිවේකී ය. කුසට අහර ලබා ගැනීමට ඊජිප්තුවටත්, අසිරියාවටත් අත් දිගු කරන්නට අපට සිදු විය. අපේ පියවරු පව් කළහ; එහෙත් ඔවුන් දැන් නැත. ඔවුන්ගේ දඬුවම දරන්නේ අප ය. වහල්ලු දැන් අපේ පාලකයින් ව සිටිති. ඔවුන් අතින් අප මුදන්නට කිසිවකුත් නැත. කාන්තාරයේ වූ අවිදරන්නවුන් නිසා, අහර සොයාගැනීමේදී අපේ ජීවිත අවදානමට ලක් විණි. නියංසායේ දැඩි දාහය නිසා, අපේ හම පෝරනුවක් සේ රත් වී ඇත. සියොනෙහි දී අපේ කාන්තාවෝ ද යූදා නගරවලදී අපේ කන්‍යාවියෝ ද දූෂ්‍ය කරන ලද්දෝ ය. අපේ අධිපතීහු අත්වලින් එල්ලනු ලැබූහ; අපේ වැඩිහිටියනට කිසි ගෞරවයක් නො ලැබුණි. අපේ තරුණයෝ ඇඹරුම් ගලේ බර වැඩෙහි බලෙන් යොදවනු ලැබූහ; අපේ ගැටවරයෝ දරමිටිවල අධික බරින් නැමී ගියහ. අපේ වැඩිහිටියෝ පුර දොරටු මන්ත්‍රණ සභාව හැර ගියහ; තරුණ පිරිස් සංගීත සාද අතැර දැමූහ. අපේ සිත්වලින් ප්‍රීතිය බැහැර ව ගොසිනි; අපේ නැටුම් වැලපීමකට හැරී ඇත. ඔටුන්න අපේ හිසින් බිම ඇද වැටිණ; අපට දුක් පැමිණේ! මන්ද අප පව් කළ බැවිණි. මේ හේතු නිසා අපේ හදේ දිරිය බිඳී ඇත; නෙතේ කඳුළින් පෙනීම බොඳ වී ගොසිනි. මන්ද, සියොන් කන්ද පාළුවට හැර දමා තිබේ; එහි ගැවසෙන්නේ හිවලුන් පමණි. අහෝ ස්වාමින්වහන්ස, ඔබවහන්සේ සදහට ම රජකම් කරන සේක; ඔබගේ සිංහාසනය පරම්පරාවෙන් පරම්පරාවට පවතී. ඔබ සදහට ම අප අමතක කරන්නේ මන්ද? මෙතරම් කලක් අප අතැර දමා සිටින්නේ මන්ද? අප ඔබ වෙත හැරී එන පිණිස, අහෝ ස්වාමින්වහන්ස, අප යළි පිළිගත මැනව. පෙර දා සේ අපගේ දවස් සේ යළි අලුත් කළ මැනව, සහමුලින් ම ඔබ අප ප්‍රතික්ෂේප නො කළ සේක් නම්, පමණ ඉක්මවා අප හා කෝප නො වන සේක් නම්
විලාප ගී 5:1-22 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්ස, අපට සිද්ධවී තිබෙන දේ සිහිකළ මැනව. අපේ නින්දාව බලා සැලකුව මැනව. අපේ උරුමය අන්‍යයන්ටත් අපේ ගෙවල් විදේශීන්ටත් අයිතිවී තිබේ. අපි කාත් නැත්තෝය, පියා නැති දරුවෝය, අපේ මවුවරුන් වැන්දඹුවන් මෙන්ය. අපි අපේම වතුර මිලේට ගෙන බීමුව, අපේම දර අපට විකුණනු ලැබේ. අප ලුහුබඳින්නෝ අපට ඉතා ආසන්නය. අපි වෙහෙසුණෙමුව, අපට සහනයක් නැත. සෑහෙන පමණ කෑම ලැබෙන පිණිස මිසරවරුන්ටත් අෂූර්වරුන්ටත් අත දුනිමුව. අපේ පියවරු පව්කළෝය, ඔව්හු නැත; අපි ඔවුන්ගේ අයුතුකම් දැරුවෙමුව. වැඩකාරයෝ අප කෙරෙහි ආණ්ඩුකරති. ඔවුන් අතින් අප ගළවාගන්ට කෙනෙක් නැත. කාන්තාරයේ තිබෙන කඩුව නිසා, අපේ ප්‍රාණයට අන්තරාය ඇතුව අපේ කෑම ලබාගනිමුව. සාගින්නේ තද උෂ්ණය නිසා අපේ හම උදුනක් මෙන් රත්ව තිබේ. සියොන්හි ස්ත්‍රීන්ටත් යූදා නුවරවල කන්‍යාවන්ටත් ඔව්හු බලාත්කාරකළෝය. අධිපතීහු තමුන්ගේ අත්වලින් එල්ලනු ලැබුවෝය. වැඩිමහල්ලන්ගේ මුහුණුවලට ගෞරව නොලැබුණේය. යෞවනයෝ ඇඹරුම්ගල උසුලාගන ගියෝය, ළමයි දරවල බරින් වැටී ගියෝය. වැඩිමහල්ලෝ දොරටුවෙන් පහව ගියෝය. යෞවනයෝ තමුන්ගේ ගීතිකාකිරීමෙන් වැලකුණෝය. අපේ සිතේ ප්‍රීතිය නැවතුණේය; අපේ නැටීම වැලපීමට පෙරළුණේය. අපේ හිසින් ඔටුන්න වැටුණේය. අපට දුක්වේ! මක්නිසාද අපි පව් කෙළෙමුව. මේ නිසා අපේ සිත ක්ලාන්තවී තිබේ; මේ දේවල් නිසා– පාළුව තිබෙන සියොන් කන්ද නිසා–අපේ ඇස් අඳුරුවී තිබේ; සිවල්ලු එහි ඇවිදිති. ස්වාමීන්වහන්ස, ඔබ සදාකාලටම සිටිනසේක; ඔබගේ සිංහාසනය පරම්පරාවෙන් පරම්පරාවට පවත්නේය. ඔබ නිතරම අප මතකනැතිකරන්නෙත් මෙපමණ කල් අප අත්හරින්නෙත් මක්නිසාද? ස්වාමීන්වහන්ස, අප හැරී එන පිණිස ඔබ වෙතට අප හරවාගත මැනව; පුරාණයේදී මෙන් අපට [සමාදාන] දවස් නැවත දුන මැනව. මක්නිසාද ඔබ සහමුලින් අප පහකර දැමූසේක, ඔබ අප කෙරෙහි අතිශයින් කෝපව සිටිනසේක.
විලාප ගී 5:1-22 Sinhala New Revised Version (NRSV)
සමිඳුනි, අපට සිදු වී තිබෙන දේ සිහි කළ මැනව. අපේ නින්දාව බලා සැලකුව මැනව. අපේ උරුමය අන්‍යයන්ටත්, අපේ ගෙවල් විදේශීන්ටත් අයිති වී තිබේ. අපි අනාථයෝ ය, පියා නැති දරුවෝ ය. අපේ මවුවරු වැන්දඹුවන් මෙන් ය. අප අපේ ම වතුර මිල දී ගත යුතු ය. අපේ ම දර අපට විකුණනු ලැබේ. වියගහ අපේ කර පිට ය. මැරෙන තෙක් අපි වෙහෙසෙන්නෙමු. එහෙත්, අපට සහනයක් නැත. සෑහෙන පමණ කෑම ලබන පිණිස, මිසරයටත්, අසිරියාවටත් අපි සිඟමින් ගියෙමු. අපේ පියවරු පව් කළෝ ය; ඔව්හු දැන් නැත. ඔවුන්ගේ අයුතුකම් නිසා අපි දුක් විඳිමු. වහල්ලු අප ආණ්ඩු කරති. ඔවුන් අතින් අප ගළවාගන්නට කෙනෙක් නැත. පාළුකරයේ මිනීමරුවන් සැරිසරන බැවින් කෑම සෙවීමේ දී අපි අන්තරාවට මූණ පාමු. සාගින්නේ තද උෂ්ණය නිසා අපේ හම උදුනක් මෙන් රත් වී තිබේ. සියොන්හි ස්ත්‍රීහුත්, ජුදාහි නගරවල කන්‍යාවෝත් බලහත්කාරකම් කරනු ලැබූ හ. අධිපතීහු තමන්ගේ අත්වලින් එල්ලනු ලැබූ හ. වැඩිහිටි අය ගරු නොකරන ලදහ. වහලුන් මෙන් ධාන්‍ය ඇඹරීමට අපේ තරුණයෝ බල කරනු ලැබූ හ. ළමයි දරමිටිවල බරින් යට වී වැටි වැටී යති. මහලු අය දොරටුවෙන් පහ ව ගියෝ ය. යෞවනයෝ ගීතිකා කිරීමෙන් වැළකුණෝ ය. අපේ සිත්වලින් ප්‍රීතිය තුරන් විය. අපේ නැටීම වැලපීමට පෙරළුණේ ය. අපේ හිසින් මල්දම් වැටුණේ ය. අප පව් කළ බැවින් අනේ! අපට වන දුකක මහත! මේ නිසා අපේ සිත ක්ලාන්ත වී තිබේ. මේ දේවල් නිසා අපේ ඇස් අඳුරු වී තිබේ. එසේ වන්නේ, සියොන් කන්ද පාළු වී තිබෙන බැවිනි. සිවලුන් සැරිසරන බැවිනි. එහෙත් සමිඳුනි, ඔබ සදහට ම රජ ව සිටින සේක. ඔබේ සිහසුන පරපුරෙන් පරපුරට පවත්නේ ය. මෙතෙක් කල් ඔබ අප අත් හළේ මන් ද? කවර දා නමුත්, ඔබ අප යළි සිහි කරන සේක් ද? සමිඳුනි, අප ඔබ වෙත හරවාගත මැනව. අපේ පෙර වූ තේජස අපට යළි දුන මැනව. ඔබ අප සහමුලින් පහ කරදැමූ සේක් ද? ඔබේ කෝපයට සීමාවක් නැද් ද?
විලාප ගී 5:1-22 Sinhala New Revised Version 2018 (SNRV)

විලාප ගී 5:1-22 New International Version (NIV)
Remember, LORD, what has happened to us; look, and see our disgrace. Our inheritance has been turned over to strangers, our homes to foreigners. We have become fatherless, our mothers are widows. We must buy the water we drink; our wood can be had only at a price. Those who pursue us are at our heels; we are weary and find no rest. We submitted to Egypt and Assyria to get enough bread. Our ancestors sinned and are no more, and we bear their punishment. Slaves rule over us, and there is no one to free us from their hands. We get our bread at the risk of our lives because of the sword in the desert. Our skin is hot as an oven, feverish from hunger. Women have been violated in Zion, and virgins in the towns of Judah. Princes have been hung up by their hands; elders are shown no respect. Young men toil at the millstones; boys stagger under loads of wood. The elders are gone from the city gate; the young men have stopped their music. Joy is gone from our hearts; our dancing has turned to mourning. The crown has fallen from our head. Woe to us, for we have sinned! Because of this our hearts are faint, because of these things our eyes grow dim for Mount Zion, which lies desolate, with jackals prowling over it. You, LORD, reign forever; your throne endures from generation to generation. Why do you always forget us? Why do you forsake us so long? Restore us to yourself, LORD, that we may return; renew our days as of old unless you have utterly rejected us and are angry with us beyond measure.