විලාප ගී 3:22-26
විලාප ගී 3:22-26 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අප වැනසී නො ගියේ, ස්වාමින්වහන්සේගේ නො සැලෙන ප්‍රේමය නිසා ය; මන්ද, උන්වහන්සේගේ දයාවන් කිසි දා සිඳී යන්නේ නැත. උදයෙන් උදය ඒවා අලුත් වන්නේ ය; ඔබගේ විශ්වසනීයත්වය අති මහත් ය. “මගේ පංගුව ස්වාමින්වහන්සේ ය. එබැවින් මම උන්වහන්සේ දෙස ම බලා සිටින්නෙමි” යි මම මා තුළ ම කියා ගනිමි. උන්වහන්සේ තුළ බලාපොරොත්තු තැබූවනට ද උන්වහන්සේ සොයන්නන්ට ද ස්වාමින්වහන්සේ යහපත් ය. ස්වාමින්වහන්සේගේ ගැලවීම සන්සුන් ව බලා හිඳීම කෙනකුට හොඳ ය.
විලාප ගී 3:22-26 Sinhala Revised Old Version (SROV)
අප විනාශ නූණේ ස්වාමීන්වහන්සේගේ කරුණාවල් නිසාත් උන්වහන්සේගේ අනුකම්පාවල් නොනවතින නිසාත්ය. ඒවා උදයෙන් උදය අලුත්ව තිබේ; ඔබගේ විශ්වාසකම මහත්ය. මාගේ කොටස නම් ස්වාමීන්වහන්සේ යයි මාගේ ආත්මය කියයි; එබැවින් උන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවන්නෙමි. ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නන්ටත් උන්වහන්සේ සොයන ආත්මයටත් උන්වහන්සේ යහපත්ය. ස්වාමීන්වහන්සේගෙන් වන ගැළවීම නිශ්චලව බලා සිටීම මනුෂ්‍යයෙකුට හොඳය.
විලාප ගී 3:22-26 Sinhala New Revised Version (NRSV)
“සමිඳුන්ගේ තිර පෙම කිසි කලෙක පහ නොවන්නේ ය; එතුමන්ගේ දයාව කෙළවර නොවන්නේ ය. ඒවා උදයෙන් උදය අලුත් වී තිබේ; ඔබේ විශ්වාසවන්තකම ඉමහත් ය.” මට ඇත්තේ සමිඳාණෝ පමණකැ යි මාගේ සිත කියයි. එබැවින් එතුමාණන් කෙරෙහි මම බලාපොරොත්තු වන්නෙමි. සමිඳාණන් ගැන බලා සිටින්නන්ටත්, එතුමාණන් සොයා යන අයටත් එතුමාණෝ යහපත් ය. සමිඳුන්ගෙන් වන ගැළවීම නිශ්චල ව බලා සිටීම මිනිසාට හොඳ ය.
විලාප ගී 3:22-26 Sinhala New Revised Version 2018 (SNRV)
“සමිඳුන්ගේ තිර පෙම කිසි කලෙක පහ නොවන්නේ ය; එතුමන්ගේ දයාව කෙළවර නොවන්නේ ය. ඒවා උදයෙන් උදය අලුත් වී තිබේ; ඔබේ විශ්වාසවන්තකම ඉමහත් ය.” මට ඇත්තේ සමිඳාණෝ පමණකැ යි මාගේ සිත කියයි. එබැවින් එතුමාණන් කෙරෙහි මම බලාපොරොත්තු වන්නෙමි. සමිඳාණන් ගැන බලා සිටින්නන්ටත්, එතුමාණන් සොයා යන අයටත් එතුමාණෝ යහපත් ය. සමිඳුන්ගෙන් වන ගැළවීම නිශ්චල ව බලා සිටීම මිනිසාට හොඳ ය.
විලාප ගී 3:22-26 New International Version (NIV)
Because of the LORD’s great love we are not consumed, for his compassions never fail. They are new every morning; great is your faithfulness. I say to myself, “The LORD is my portion; therefore I will wait for him.” The LORD is good to those whose hope is in him, to the one who seeks him; it is good to wait quietly for the salvation of the LORD.
