විලාප ගී 3:21-33

විලාප ගී 3:21-33 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එහෙත්, මෙන්න මෙය මම සිහියට ගන්නේ, මට බලාපොරොත්තුවක් ඇති බැවිනි. අප වැනසී නො ගියේ, ස්වාමින්වහන්සේගේ නො සැලෙන ප්‍රේමය නිසා ය; මන්ද, උන්වහන්සේගේ දයාවන් කිසි දා සිඳී යන්නේ නැත. උදයෙන් උදය ඒවා අලුත් වන්නේ ය; ඔබගේ විශ්වසනීයත්වය අති මහත් ය. “මගේ පංගුව ස්වාමින්වහන්සේ ය. එබැවින් මම උන්වහන්සේ දෙස ම බලා සිටින්නෙමි” යි මම මා තුළ ම කියා ගනිමි. උන්වහන්සේ තුළ බලාපොරොත්තු තැබූවනට ද උන්වහන්සේ සොයන්නන්ට ද ස්වාමින්වහන්සේ යහපත් ය. ස්වාමින්වහන්සේගේ ගැලවීම සන්සුන් ව බලා හිඳීම කෙනකුට හොඳ ය. තම යොවුන් වියෙහි දී ම වියගහ දැරීම කවරකුට වුව හොඳ ය. එය ඔහු පිට තබා ඇත්තේ, උන්වහන්සේ ම වන බැවින්, ඔහු සන්සුන් ව තනි ව හිඳ, එය දැරුවා වේ. තවමත් බලාපොරොත්තු තිබිය හැකි බැවින් ඔහු තම මුහුණ දූලියෙහි හොවා ගත්තා වේ. තමාට පහර දෙන්නාට ඔහු තම කම්මුල පෑවා වේ; නින්දාවෙන් ඔහු පුරවනු ලැබුවා වේ! මන්ද, ස්වාමින්වහන්සේ සදහට ම කිසිවකුවත් අතැර නො දමන සේක. උන්වහන්සේ ශෝකය දුක පමුණු වන නමුදු, අනුකම්පා පානා සේක. උන්වහන්සේගේ නො සැලෙන ප්‍රේමය ඒ සා ඉමහත් ය. මන්ද, ස්වකීය කැමැත්තෙන් ම උන්වහන්සේ මිනිස් වර්ගයාට හිංසා-පීඩා හෝ සෝ-දුක් හෝ පමුණුවන්නේ නැත.

විලාප ගී 3:21-33 Sinhala Revised Old Version (SROV)

මේක මතක්කරගන්නෙමි, එබැවින් මට බලාපොරොත්තුව ඇත්තේය. අප විනාශ නූණේ ස්වාමීන්වහන්සේගේ කරුණාවල් නිසාත් උන්වහන්සේගේ අනුකම්පාවල් නොනවතින නිසාත්ය. ඒවා උදයෙන් උදය අලුත්ව තිබේ; ඔබගේ විශ්වාසකම මහත්ය. මාගේ කොටස නම් ස්වාමීන්වහන්සේ යයි මාගේ ආත්මය කියයි; එබැවින් උන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවන්නෙමි. ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නන්ටත් උන්වහන්සේ සොයන ආත්මයටත් උන්වහන්සේ යහපත්ය. ස්වාමීන්වහන්සේගෙන් වන ගැළවීම නිශ්චලව බලා සිටීම මනුෂ්‍යයෙකුට හොඳය. තමාගේ බාල වයසේදී වියගහ දැරීම මනුෂ්‍යයෙකුට යහපත. උන්වහන්සේ ඒක ඔහු පිට තැබූ නිසා ඔහු තනියම හිඳ නිශ්ශබ්දව සිටීවා. සමහරවිට බලාපොරොත්තුවක් තිබේය කියා තමාගේ මුඛය දූවිල්ලෙහි තබාගන හිඳීවා. ඔහු තමාට පහරදෙන අයට කම්මුල පෑවාවේ; නින්දාවෙන් පූර්ණවුණාවේ. මක්නිසාද ස්වාමීන්වහන්සේ සදාකාලයටම අහකදමන්නේ නැත. උන්වහන්සේ ශෝකය පමුණුවන නුමුත්, තමන්ගේ බොහෝවූ කරුණාව ලෙස අනුකම්පාකරනසේක. මක්නිසාද උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට කැමැත්තෙන් පීඩා නොකරනසේක, ඔවුන් ශෝකයට නොපමුණුවනසේක.

විලාප ගී 3:21-33 Sinhala New Revised Version (NRSV)

එහෙත්, මේ දේ මා සිහි කළ විට බලාපොරොත්තුව මට ඇති වන්නේ ය. “සමිඳුන්ගේ තිර පෙම කිසි කලෙක පහ නොවන්නේ ය; එතුමන්ගේ දයාව කෙළවර නොවන්නේ ය. ඒවා උදයෙන් උදය අලුත් වී තිබේ; ඔබේ විශ්වාසවන්තකම ඉමහත් ය.” මට ඇත්තේ සමිඳාණෝ පමණකැ යි මාගේ සිත කියයි. එබැවින් එතුමාණන් කෙරෙහි මම බලාපොරොත්තු වන්නෙමි. සමිඳාණන් ගැන බලා සිටින්නන්ටත්, එතුමාණන් සොයා යන අයටත් එතුමාණෝ යහපත් ය. සමිඳුන්ගෙන් වන ගැළවීම නිශ්චල ව බලා සිටීම මිනිසාට හොඳ ය. තමාගේ බාල වියෙහි දී ඉවසීම නමැති වියගහ දැරීම මිනිසාට යහපත් ය. එතුමාණන් එය ඔහු පිට තැබූ නිසා ඔහු තනියම හිඳ නිශ්ශබ්ද ව සිටී වා! සමහර විට බලාපොරොත්තුවක් තිබිය හැකි බැවින් අප නැමී අවනත විය යුතු යි. ඔහු තමාට පහර දෙන අයට කම්මුල පෑවා වේ! නින්දාවෙන් පිරුණා වේ! මන්ද, සමිඳාණන් සදහට ම සිය සේවකයන් ඉවත දමන්නේ නැත. එතුමාණන් ශෝකය පමුණුවන නමුත්, තමන්ගේ ඉමහත් කරුණාව ලෙස අනුකම්පා ද කරන සේක. මන්ද, එතුමාණෝ මිනිසුන්ට ඕනෑකමින් පීඩා නොකරන සේක. ඔවුන් ශෝකයට නොපමුණුවන සේක.

විලාප ගී 3:21-33 Sinhala New Revised Version 2018 (SNRV)

විලාප ගී 3:21-33 SROV