යෝෂුවා 9:1-5
යෝෂුවා 9:1-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තවද යොර්දාන් ගඟට බටහිර දෙසින් පිහිටි කඳු රටේ ද බටහිර කඳු බෑවුම්හි ද ලෙබනොන් දෙසට මධ්‍යධරණී මුහුදු වෙරළ ඔස්සේ ද සිටි සියලු රජවරු–හිත්තිවරුන්ගේ ද, අමෝරිවරුන්ගේ ද, කානානිවරුන්ගේ ද, පෙරිස්සිවරුන්ගේ ද, හිවීවරුන්ගේ ද යෙබූසිවරුන්ගේ ද රජවරු මේ දෑ ගැන ඇසූ කල, ඔවුහු යෝෂුවාට හා ඉශ්‍රායෙල්ට එරෙහිව සටන් වැදීමට එක අරමුණින් එකට එකතු වූහ. එහෙත් ගිබෙයොන් වාසීහු මේ අතර යෝෂුවා යෙරිකෝවටත්, ආයිටත් කළ දෑ ඇසූ කල, ප්‍රයෝගයෙන් ක්‍රියා කරමින්, තමන් තානාපතීන් මෙන් පෙන්වමින්, තම බූරුවන් සඳහා අබලන් ගෝණි පඩංගු ද පරණ වූ, ඉරුණු, පිළියම් කළ මිදි යුෂ සම්-බඳුන් ද ගෙන ගියහ. අණ්ඩ දැමූ, ගෙවී ගිය පාවහන් පය ලූ, දිරාගිය ඇඳුම් ඇඟ ලූ ඔවුන්ගේ ආහාර සියල්ල වේළුණු, පුස් බැඳුණු ඒවා විය.
යෝෂුවා 9:1-5 Sinhala Revised Old Version (SROV)
යොර්දානෙන් මෙගොඩ කඳු රටෙහිත් පාත රටෙහිත් ලෙබනොන් ඉදිරිපිට තිබෙන මහ මුහුද අසබඩ මුළුල්ලෙහිත් සිටිය හිත්තීවරුන්ගේද අමෝරිවරුන්ගේද කානානිවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද හිවීවරුන්ගේද යෙබූසිවරුන්ගේද සියලු රජවරුන් ඒ ඇසූ කල, ඔව්හු එක් සිත්ව යෝෂුවාට සහ ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධකරන්ට එකට රැස්වූවෝය. නුමුත් ගිබියොන් වැසියන් යෝෂුවා විසින් යෙරිකෝවටත් හායිටත් කළදේ ඇසූ විට, ඔව්හු ප්‍රයෝගයෙන් හැසිරෙමින්, තානාපතීන් මෙන් පිටත්ව, පරණ ගෝණිද පැළී පිළියම්කළ පරණ සම් මුද්‍රිකපාන භාජනද තමුන්ගේ කොටළුවන් පිට පටවාගෙන, අණ්ඩ දැමූ පරණ වහන් පයලාගෙන, පරණ වස්ත්‍ර හැඳගන ගියෝය; ඔවුන්ගේ කෑමට ගත් රොටි සියල්ලද වේළී පුස්බැඳී තිබුණේය.
යෝෂුවා 9:1-5 Sinhala New Revised Version (NRSV)
ජොර්දානෙන් මෙගොඩ කඳු රටෙහි ද පහත රටෙහි ද මධ්‍යධරණි මුහුද අසබඩ මුළුල්ලෙහි ලෙබනොන් දක්වා ද විසූ හිත්තීවරුන්ගේ ද අමෝරිවරුන්ගේ ද කානානිවරුන්ගේ ද පෙරිස්සිවරුන්ගේ ද හිවීවරුන්ගේ ද ජෙබුසිවරුන්ගේ ද සියලු රජවරුන් ඒ ගැන ඇසූ කල, ඔව්හු එක් සිත් ව ජෝෂුවා හා ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස එක්රැස් වූවෝ ය. එහෙත්, ගිබියොන් වැසියන් ජෝෂුවා ජෙරිකෝවටත්, ආයි නගරයටත් කළ දේ ඇසූ විට, ඔව්හු ජෝෂුවා රැවටීමට උපායක් යොදාගත්තෝ ය. ඔව්හු සූදානම් කරගත් ආහාර ද පරණ ගෝණි ද පැළී පිළියම් කළ පරණ හම් මුද්‍රික පාන භාජන ද තමන්ගේ කොටළුවන් පිට පටවා ගත්තෝ ය. අණ්ඩ දැමූ, ගෙවී ගිය පාවහන් පය ලාගෙන, පරණ වස්ත්‍ර ඇඳගත්තෝ ය; ඔවුන් කෑමට ගත් රොටි සියල්ල ද වේළී, පුස් බැඳී තිබුණේ ය.
යෝෂුවා 9:1-5 Sinhala New Revised Version 2018 (SNRV)

යෝෂුවා 9:1-5 New International Version (NIV)
Now when all the kings west of the Jordan heard about these things—the kings in the hill country, in the western foothills, and along the entire coast of the Mediterranean Sea as far as Lebanon (the kings of the Hittites, Amorites, Canaanites, Perizzites, Hivites and Jebusites)— they came together to wage war against Joshua and Israel. However, when the people of Gibeon heard what Joshua had done to Jericho and Ai, they resorted to a ruse: They went as a delegation whose donkeys were loaded with worn-out sacks and old wineskins, cracked and mended. They put worn and patched sandals on their feet and wore old clothes. All the bread of their food supply was dry and moldy.