යෝෂුවා 7:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
යෝෂුවා 7:2 SROV (Sinhala Revised Old Version)
තවද යෝෂුවා යෙරිකෝවේ සිට බෙතෙල්ට නැගෙනහිරින් බෙතාවන් ළඟවූ හායිට යෙරිකෝවේ සිට මනුෂ්යයන් යවමින්: නුඹලා නැගී ගොස් දේශය සෝදිසිකරගන එන්නැයි ඔවුන්ට කීවේය. ඒ මනුෂ්යයෝ නැගී ගොස් හායි සෝදිසිකරගන
යෝෂුවා 7:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)
යෝෂුවා, බෙතෙල්ට නැගෙනහිර දෙසින් බෙත්-ආවෙන් අසල පිහිටි ආයි වෙත යෙරිකෝවේ සිට මිනිසුන් යැවී ය. ඔහු ඔවුන් අමතා, “ගොසින්, දේශයේ ඔත්තු බලන්නැ” යි පැවසී ය. එබැවින් ඒ මිනිස්සු පිටත් ව, ආයිහි ඔත්තු බැලූහ.
යෝෂුවා 7:2 NRSV (Sinhala New Revised Version)
ජෝෂුවා ජෙරිකෝවේ සිට බෙතෙල්ට නැගෙනහිරින් බෙතාවන්ට ආසන්න වූ ආයි නගරයට මිනිසුන් යවමින්, “ඔබ පිටත් ව ගොස් දේශය සෝදිසි කරගෙන එන්නැ”යි ඔවුන්ට කීවේ ය. ඒ මිනිස්සු පිටත් ව ගොස් ආයි නගරය ගැන ඔත්තු බැලුවෝ ය.
යෝෂුවා 7:2 SNRV (Sinhala New Revised Version 2018)
ජෝෂුවා ජෙරිකෝවේ සිට බෙතෙල්ට නැගෙනහිරින් බෙතාවන්ට ආසන්න වූ ආයි නගරයට මිනිසුන් යවමින්, “ඔබ පිටත් ව ගොස් දේශය සෝදිසි කරගෙන එන්නැ”යි ඔවුන්ට කීවේ ය. ඒ මිනිස්සු පිටත් ව ගොස් ආයි නගරය ගැන ඔත්තු බැලුවෝ ය.
යෝෂුවා 7:2 NIV (New International Version)
Now Joshua sent men from Jericho to Ai, which is near Beth Aven to the east of Bethel, and told them, “Go up and spy out the region.” So the men went up and spied out Ai.