යෝෂුවා 7:16-23

යෝෂුවා 7:16-23 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එබැවින් යෝෂුවා අලුයම් උදයෙන් නැගිට, ඉශ්‍රායෙල් ගෝත්‍රයෙන් ගෝත්‍රය ළං කරවී ය. යූදා ගෝත්‍රය ගනු ලැබිණ. ඉන්පසු ඔහු යූදා පියවංශ ළං කරවී ය. සර්හී පෙළපත ගනු ලැබිණ; ඉන්පසු සර්හී පියවංශය පවුල් වශයෙන් ළං කරවී ය. සබ්දී ගනු ලැබිණ. ඉන්පසු ඔහු, සබ්දී පවුල තනි තනි පුද්ගලයා වශයෙන් ළං කරවී ය. එවිට ආකාන් ගනු ලැබී ය. ඔහු යූදා ගෝත්‍රයේ සෙරාගේ පුත්, සබ්දීගේ පුත්, කර්මීගේ පුත්‍රයා ය. එවිට යෝෂුවා, ආකාන් අමතා, “මගේ පුත්‍රය, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට මහිමය දෙන්න. වරද උන්වහන්සේට කියන්න. ඔබ කුමක් කළේදැයි මට කියන්න; එය මගෙන් සඟවන්න එපා” යි පැවසී ය. එවිට ආකාන් යෝෂුවාට පිළිතුරු දෙමින්, “එය ඇත්තයි; ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට එරෙහිව මා පව් කළා. මා කළේ මෙයයි. කොල්ලය අතරේ ෂිනාර් දේශයේ අලංකාර ලෝගුවක් ද රිදී ෂෙකෙල් දෙසීයක් හා ෂෙකෙල් පනහක් බර රන් කූරක් ද දැක, ඒවාට ආශා වී, මා ඒවා ගත්තා. අන්න දැන් ඒවා මගේ කූඩාරම ඇතුළේ පොළොව යට සඟවා තියෙනවා. ඊට යටින් රිදී ඇතැ” යි පැවසී ය. එබැවින් යෝෂුවා පණිවුඩකරුවන් යැවී ය. ඔවුහු කූඩාරම වෙත දිව ගියහ. මෙන්න! ඒවා එහි තිබිණි. ඒවා ඔහුගේ කූඩාරම තුළ සඟවා තිබිණි. ඊට යටින් රිදී තිබිණි. ඔවුහු කූඩාරමෙන් ඒවා රැගෙන, යෝෂුවා හා සියලු ඉශ්‍රායෙල්වරුන් වෙත ගෙනවුත්, ස්වාමින්වහන්සේ අබියස ඒවා අතුළෝ ය.

යෝෂුවා 7:16-23 Sinhala Revised Old Version (SROV)

යෝෂුවා අලුයම නැගිට ඉශ්‍රායෙල්වරුන් ඔවුන්ගේ ගෝත්‍රවල හැටියට ළංකෙරෙවුවේය; යූදා ගෝත්‍රය අසුවිය. ඔහු යූදාගේ ගෝත්‍රය ළංකෙරෙවුවිට ශෙරහිවරුන්ගේ පවුල අසු විය. ශෙරහිවරුන්ගේ පවුල එක එක පෙළපත වශයෙන් ළංකෙරෙවු විට ශබ්දීගේ පෙළපත අසුවිය. ඔහුගේ පෙළපත එකිනෙකා වශයෙන් ළංකෙරෙවු විට යූදා ගෝත්‍රයට අයිති ශෙරාගේ පුත්‍රවූ ශබ්දීගේ පුත්‍රයා වන කර්මීගේ පුත්‍රවූ ආකාන් අසුවිය. යෝෂුවා ආකාන්ට කථාකොට: මාගේ පුත්‍රය, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ගෞරව දී, උන්වහන්සේට ඇත්ත කියා, නුඹ කළ දේ මාගෙන් නොසඟවා මට දන්වන්නැයි කීවේය. ආකාන් යෝෂුවාට උත්තරදෙමින්: සැබවින් මම ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කෙළෙමි, මම මේ මේ ආකාර කෙළෙමි: කොල්ලය අතරේ ශෝභන බබිලෝනිය සළුවක්ද රිදී ෂෙකෙල් දෙසියයක්ද ෂෙකෙල් පනසක් බර ඇති රන් පේනුවක්ද මම දැක, ඒවාට ආශාවී, ඒවා ගත්තෙමි; ඒවා මාගේ කූඩාරම මැද පොළොව යට සඟවා තිබේ, ඊට යටින් රිදී තිබේ යයි කීවේය. යෝෂුවා පණිවිඩකාරයන් හැරියේය, ඔව්හු කූඩාරමට දිවගියෝය; බලව, එයත් එය යට රිදීත් ඔහුගේ කූඩාරමෙහි සඟවා තිබෙනවා සම්බවුණේය. ඔව්හු කූඩාරම මැද සිට ඒවා යෝෂුවා ළඟටද සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන් ළඟටද ගෙනවුත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තැබූහ.

යෝෂුවා 7:16-23 Sinhala New Revised Version (NRSV)

ජෝෂුවා අලුයම නැඟිට ඉශ්රායෙල්වරුන් ඔවුන්ගේ ගෝත්‍ර වශයෙන් ඉදිරියට ගෙන්වාගත්තේ ය. ජුදා ගෝත්‍රය අසු විය. ඔහු ජුදා ගෝත්‍රය ඉදිරියට ගෙන්වූ විට ශෙරාවරුන්ගේ පවුල අසු විය. ශෙරාගේ පවුල එක එක පෙළපත වශයෙන් ඉදිරියට ගෙන්වූ විට ශබ්දිගේ පෙළපත අසු විය. ඔහුගේ පෙළපත එකිනෙකා වශයෙන් ඉදිරියට ගෙන්වූ විට ජුදා ගෝත්‍රයට අයිති ශෙරාගේ පුත් ශබ්දිගේ පුත්‍රයා වන කර්මීගේ පුත් වූ ආකාන් අසු විය. ජෝෂුවා ආකාන්ට කතා කොට, “මාගේ පුත්‍රය, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ගෞරවය දී උන් වහන්සේට ඇත්ත කියා, ඔබ කළ වරද මාගෙන් නොසඟවා, මට දන්වන්නැ”යි කීවේ ය. ආකාන් පිළිතුරු දෙමින්, “සැබැවින් මම ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමි. මා කළ දෙය මෙය යි: කොල්ලය අතරේ ශෝභන බබිලෝනීය සළුවක් ද රිදී කාසි දෙසියයක් ද රිදී කාසි පණසක් බර ඇති රන් පොල්ලක් ද දැක, මම ඒවාට ආසා වී ඒවා ගත්තෙමි; ඒවා මාගේ කූඩාරම මැද පොළොව යට සඟවා තිබේ. ඊට යටින් රිදී තිබේ ය”යි කීවේ ය. එවිට ජෝෂුවා පණිවුඩකාරයන් යැව්වේ ය. ඔව්හු කූඩාරමට දිව ගොස් ඒවා ද ඒවා යට රිදී ද ආකාන්ගේ කූඩාරමේ සඟවා තිබුණු බව සොයාගත්තෝ ය. ඔව්හු කූඩාරම මැදින් ඒවා ගෙන ගොස් ජෝෂුවා වෙත ද මුළු ඉශ්රායෙල් සෙනඟ වෙත ද ගෙනවුත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තැබූ හ.

යෝෂුවා 7:16-23 Sinhala New Revised Version 2018 (SNRV)