යෝෂුවා 7:10-13

යෝෂුවා 7:10-13 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ස්වාමින්වහන්සේ යෝෂුවා අමතා, “නැගිට සිටින්න! මොකද ඔබ මේ වැටී මුහුණ බිම ඔබාගෙන? ඉශ්‍රායෙල් පව් කරල; රක්ෂා කරන්නැයි මා ඔවුනට අණ කළ මගේ ගිවිසුම ඔවුන් කඩ කරල. විනාශයට කැප කළ දේවලින් ඇතැම් දේ ඔවුන් අරගෙන; ඔවුන් සොරකම් කරල; වංචා කරල; තමන්ගේ බඩු අතරට ඒවා දාගෙන. එබැවින් ඉශ්‍රායෙල්වරුන්ට තම සතුරන් ඉදිරියේ සිටගත නො හැකියි; ඔවුන් තම සතුරන් ඉදිරියේ ආපසු හැරිලා. මන්ද ඔවුන් තමන් ම විනාශයට කැප කර ගෙන. ඔබ අතරේ ඇති කැප කළ දෑ විනාශ කර දැමුවොත් මිස මම තවත් ඔබ සමඟ නො සිටින්නෙමි. “නැගිටින්න, ජනයා පවිත්‍ර කරන්න; ඔවුන්ට කතා කොට, ‘හෙට දවස උදෙසා සූදානමින් සිටින පිණිස, නුඹලා ම පවිත්‍ර වනු; මන්ද ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: එම්බා ඉශ්‍රායෙල්, විනාශයට කැප කළ දේ නුඹලා අතරේ වෙයි. ඒ කැප කරන ලද දෑ නුඹ වෙතින් ඉවත් කරන තෙක් නුඹලාගේ සතුරන් ඉදිරියේ නුඹලාට නැගී සිටීමට හැකි නො වේ.

යෝෂුවා 7:10-13 Sinhala Revised Old Version (SROV)

එවිට ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: නැගිටින්න; මක්නිසා මෙසේ මුහුණින් වැතිර ඉන්නෙහිද? ඉශ්‍රායෙල්වරු පව්කළෝය; එසේය, මා ඔවුන්ට අණකළ මාගේ ගිවිසුම ඔවුන් කඩකර තිබේ. එසේය, ඔවුන් කැපකළ දේවලින් අරගන සොරකම්කර, ඒවා සඟවා, ඒවා තමුන්ගේම බඩු අතරේ තබා තිබේ. එබැවින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට තමුන්ගේ සතුරන් ඉදිරියෙහි සිටින්ට බැරිය, ඔව්හු ශාපයට අසුවුණ බැවින් තමුන්ගේ සතුරන්ට පිටපාති. ඒ කැපවූ දේ නුඹලා අතරෙන් නාස්තිකර නොදැමුවොත් මම තවත් නුඹලා සමඟ නොසිටින්නෙමි. නුඹ නැගිට සෙනඟ පවිත්‍රකරන්න, ඔවුන්ට කථාකොට: නුඹලා හෙට දවසට පවිත්‍රවෙන්න. මක්නිසාද ඉශ්‍රායෙල්වරුනි, නුඹලා අතරේ කැපවූ දෙයක් තිබේ, කැපවූ දෙය නුඹලා අතරෙන් පහකරන තුරු නුඹලාගේ සතුරන් ඉදිරියෙහි සිටින්ට නුඹලාට බැරිවේයයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේක.

යෝෂුවා 7:10-13 Sinhala New Revised Version (NRSV)

සමිඳාණන් වහන්සේ ජෝෂුවාට මෙසේ පිළිතුරු දුන් සේක: “නැඟිටින්න; නුඹ කුමක් නිසා මෙසේ මුණින් වැතිරී සිටින්නෙහි ද? ඉශ්රායෙල්වරුන් පව් කර ඇත; එසේ ය, මා ඔවුන්ට අණ කළ මාගේ ගිවිසුම ඔවුන් කඩ කර තිබේ. ඔවුන් මට කැප කරන ලද දෙයින් රැගෙන සොරකම් කර, ඒවා සඟවා, ඒවා තමන්ගේ ම බඩු අතරේ තබා තිබේ. ඉශ්රායෙල් සෙනඟට තමන්ගේ සතුරන්ට මූණපෑමට නොහැකි වූයේ ඒ නිසා ය. සාපයට අසු වූ බැවින් ඔව්හු තමන්ගේ සතුරන්ට පිටුපාති. ඒ කැප කරන ලද දේ නුඹලා කෙරෙන් විනාශ කර නොදැමුවොත් මම තවත් නුඹලා සමඟ නොසිටින්නෙමි. නුඹ නැඟිට සෙනඟ පවිත්‍ර කරන්න; ඔවුන්ට කතා කොට, ‘ඔබ හෙට පවිත්‍ර වන්න. මන්ද, ඉශ්රායෙල්වරුනි, ඔබ අතරේ කැප කරන ලද දෙයක් ඇත; කැප කරන ලද ඒ දේ ඔබ අතරෙන් පහකරන තුරු ඔබේ සතුරන්ට මූණ දෙන්නට ඔබට නොහැකි වන්නේ යයි ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වදාරන සේක.

යෝෂුවා 7:10-13 Sinhala New Revised Version 2018 (SNRV)