යෝෂුවා 5:13-15
යෝෂුවා 5:13-15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යෝෂුවා, යෙරිකෝව සමීපයේ ඇස් ඔසවා බැලූ කල, මෙන්න! අමෝරා ගත් කඩුවක් අතැතිව මිනිසෙක් ඔහු අබියස සිටගෙන! යෝෂුවා ඔහු වෙත ගොස්, “ඔබ අපේ පැත්තට ද? නැති නම් අපගේ සතුරන්ගේ පැත්තට දැ?” යි ඇසී ය. ඔහු පිළිතුරු දෙමින්, “එසේ නො වේ; ස්වාමින්වහන්සේගේ හමුදාවේ ආඥාපති වශයෙන් දැන් මම ඇවිත් සිටිමි” යි පැවසී ය. එවිට යෝෂුවා මුණින් තලා බිම වැටී, “මගේ ස්වාමියාණන් ඔබේ මෙහෙකරුවාට කුමක් අණ කරන සේක් දැ?” යි ඇසී ය. ස්වාමින්වහන්සේගේ හමුදාවේ ආඥාපති, යෝෂුවාට පිළිතුරු දෙමින්, “ඔබේ පාවහන් ගලවනු; මන්ද ඔබ සිටගෙන සිටින ස්ථානය ශුද්ධ යැ” යි පැවසී ය. යෝෂුවා එසේ කළේ ය.
යෝෂුවා 5:13-15 Sinhala Revised Old Version (SROV)
තවද යෝෂුවා යෙරිකෝව ළඟ සිටියදී තමාගේ ඇස් ඔසවා බැලූ කල, තමා ඉදිරිපිට මනුෂ්‍යයෙක් ඇදගත් කඩුවක් අතේ ඇතුව සිටිනවා දුටුවේය. යෝෂුවා ඔහු ළඟට ගොස්: නුඹ අපේ පැත්තටද නොහොත් අපේ විරුද්ධකාරයන්ගේ පැත්තටදැයි ඔහුගෙන් ඇසුවේය. ඒ තෙමේද: එසේ නොවෙයි; මම දැන් ස්වාමීන්වහන්සේගේ සේනාවේ අධිපතියාව ආවෙමියි කීවේය. එවිට යෝෂුවා මුහුණින් බිම වැටී නමස්කාරකොට: මාගේ ස්වාමීන්වහන්සේ ඔබගේ මෙහෙකරුවාට කුමක් කියනසේක්දැයි ඇසීය. ස්වාමීන්වහන්සේගේ සේනාපතියාද: නුඹ සිටින තැන ශුද්ධ ස්ථානයක් නිසා නුඹේ පාදවලින් වහන් ගළවන්නැයි යෝෂුවාට කීවේය. යෝෂුවාද එසේ කෙළේය.
යෝෂුවා 5:13-15 Sinhala New Revised Version (NRSV)
ජෝෂුවා ජෙරිකෝ නුවර ළඟ සිටිය දී, තම හිස ඔසවා බැලූ විට, තමා ඉදිරිපිට කොපුවෙන් ඇදගත් කඩුවක් ඇති මිනිසෙකු සිටිනු දුටුවේ ය. ජෝෂුවා ඔහු සමීපයට ගොස්, “ඔබ අපේ පැත්තට ද නැතහොත් අපේ විරුද්ධ කාරයන්ගේ පැත්තට දැ”යි විචාළේ ය. ඔහු පිළිතුරු දෙමින්, ‘එසේ නොවේ; සමිඳාණන් වහන්සේගේ සේනාවේ අධිපතියා ව මම දැන් ආවෙමි”යි කීවේ ය. එවිට ජෝෂුවා මුණින්තළා වී ඔහුට නමස්කාර කරමින්, “ස්වාමීන් වහන්ස ඔබේ මෙහෙකරුවාට කුමක් වදාරන සේක් දැ”යි ඇසී ය. සමිඳාණන් වහන්සේගේ සේනාවේ අධිපතියා ජෝෂුවාට කතා කොට, “නුඹ සිටින තැන ශුද්ධ භූමියක් නිසා නුඹේ පාවහන් ගලවන්නැ”යි කීවේ ය. ජෝෂුවා ද එසේ කෙළේ ය.
යෝෂුවා 5:13-15 Sinhala New Revised Version 2018 (SNRV)

යෝෂුවා 5:13-15 New International Version (NIV)
Now when Joshua was near Jericho, he looked up and saw a man standing in front of him with a drawn sword in his hand. Joshua went up to him and asked, “Are you for us or for our enemies?” “Neither,” he replied, “but as commander of the army of the LORD I have now come.” Then Joshua fell facedown to the ground in reverence, and asked him, “What message does my Lord have for his servant?” The commander of the LORD’s army replied, “Take off your sandals, for the place where you are standing is holy.” And Joshua did so.