යෝෂුවා 5:1-12

යෝෂුවා 5:1-12 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඉශ්‍රායෙල් ජනයා උදෙසා ඔවුන් එතෙර වන තෙක් ස්වාමින්වහන්සේ යොර්දාන් ගඟ වියළූ අයුරු ඇසූ යොර්දානයට එහා බටහිරින් වූ අමෝරි රජුන් හැමගේ හා මුහුදුබඩ පෙදෙස්හි කානානි රජුන් හැමගේ සිත් දියවී, ඉශ්‍රායෙල්වරුන් නිසා කිසි ධෛර්යයක් ඔවුන් තුළ ඉතිරි නො වී ය. ඒ අවස්ථාවේ ස්වාමින්වහන්සේ යෝෂුවා අමතමින්, “ගිනි-ගල් පිහි සාදා, ඉශ්‍රායෙල් පුත්‍රයින් දෙවන වතාවටත් චර්මඡේද කරන්නැ” යි පැවසූ සේක. එබැවින් යෝෂුවා ගිනි-ගල් පිහි සාදා, ගිබෙයත්-හා-අරාලොත්හි දී ඉශ්‍රායෙල් පුත්‍රයින් චර්මඡේද කළේ ය. යෝෂුවා ඔවුන් චර්මඡේද කරන්නට හේතු වූයේ, ඊජිප්තුවෙන් පිටතට පැමිණි ජනයා අතරේ වූ සියලු පිරිමි, එනම් යුධ වයසේ පසු වූ සියලු මිනිස්සු, ඊජිප්තුව හැර ඒමෙන් පසු, පාළුකර ගමනේදී මිය ගිය බැවිනි. එසේ පිටත් ව පැමිණි සියලු ජනයා චර්මඡේද කරනු ලැබ සිටි නමුදු ඊජිප්තුවේ සිට පිටත් ව පැමිණි පසු පාළුකර ගමනේදී උපන් ජනයා සියල්ලන් චර්මඡේද කරනු ලැබ සිටියේ නැත. මන්ද ඊජිප්තුවෙන් නික්ම ආ මුළු ජනයා, එනම් යුධ වයසේ පසු වූ මිනිසුන් හැම දෙනා, ස්වාමින්වහන්සේගේ කටහඬට කීකරු නො වූ බැවින්, ඔවුන් වැනසී යන තෙක් ඉශ්‍රායෙල්වරු අවුරුදු හතළිහක් පාළුකරයේ ගමනේ යෙදුණහ. මන්ද කිරි හා පැණි ගලා යන දේශය වන, අපට දෙන ලෙස ඔවුන්ගේ පියවරුන්ට ස්වාමින්වහන්සේ දිවුරා තිබූ දේශය දකින්නට උන්වහන්සේ ඔවුන්ට ඉඩ දෙන්නේ නැත කියා ස්වාමින්වහන්සේ ඔවුන්ට දිවුරා තිබුණේ ය. එබැවින් ඔවුන්ගේ තැනට උන්වහන්සේ ඔවුන්ගේ පුතුන් පත් කළ සේක. යෝෂුවා විසින් චර්මඡේද කරන ලද්දේ ඔවුන් ව ය. එන ගමනේදී චර්මඡේද කරනු නො ලැබූ බැවින් ඔවුන් සිටියේ චර්ම-අඡේදිත ව ය. සමස්ත ජාතියේ ම චර්ම-ඡේදනයෙන් අනතුරුව ඔවුන් සුවය ලබන තුරු ඔවුහු කඳවුරේ ම තම තමන්ගේ ස්ථානවල නැවතී සිටියහ. ඉන්පසු යෝෂුවා ඇමතූ ස්වාමින්වහන්සේ, “අද දවසේ මම ඊජිප්තුවේ නින්දාව ඔබ වෙතින් ඉවත පෙරළා දැමුවෙමි” යි කී සේක. එබැවින් එම ස්ථානය අද දක්වා ගිල්ගාල් නමින් හැඳින්වෙයි. ඉශ්‍රායෙල් ජනයා ගිල්ගාල්හි කඳවුරු ගසා සිටියදී, මාසයේ දාහතර වන දවසේ සවස යෙරිකෝ තැනිතලාවේදී ඔවුහු පාස්කුව පැවැත් වූහ. පාස්කු දවසට පසු දවසේ, හරියට ම ඒ දවසේ, ඔවුහු දේශයේ පලදාවෙන් සෑදූ නුමුහුන් රොටි ද බැදපු ධාන්‍ය ද අනුභව කළහ. ඔවුන් දේශයේ පලදාව අනුභව කළ දවසට පසු දා ම, මන්නා නැවතිණි. තවදුරටත් ඉශ්‍රායෙල්වරුන්ට මන්නා ලැබුණේ නැත. එහෙත් ඔවුහු ඒ වසරේ කානාන්හි පලදාව අනුභව කළහ.

යෝෂුවා 5:1-12 Sinhala Revised Old Version (SROV)

ඉශ්‍රායෙල් පුත්‍රයන් මෙතර වෙන තුරු ස්වාමීන්වහන්සේ ඔවුන් ඉදිරියෙන් යොර්දානේ ජලය හින්දවා දැමූ බව යොර්දානට මෙතර බස්නාහිරදිග සිටි අමෝරිවරුන්ගේ සියලු රජවරුන්ද මුහුද ළඟ සිටි කානානිවරුන්ගේ සියලු රජවරුන්ද ඇසූ කල ඔවුන්ගේ සිත් දියව ගියේය, ඉශ්‍රායෙල් පුත්‍රයන් නිසා තවත් ඔවුන් තුළ ධෛර්යයක් නොවීය. ඒ කාලයේ ස්වාමීන්වහන්සේ: ගල්පිහියා සාදාගෙන දෙවෙනි වර ඉශ්‍රායෙල් පුත්‍රයන් චර්මඡේද්‍යකරන්නැයි යෝෂුවාට කීසේක. යෝෂුවා ගල්පිහියා සාදා චර්මාග්‍ර-කන්දේදී ඉශ්‍රායෙල් පුත්‍රයන් චර්මඡේද්‍යකළේය. යෝෂුවා විසින් චර්මඡේද්‍යය කළ කාරණය මේය: මිසරයෙන් ආවාවූ සියලු පිරිමි එනම් සියලු යුද්ධ සෙනඟ මිසරයෙන් ආවාට පසු මගදී කාන්තාරයෙහි මිය ගියෝය. නික්ම ආ සියලු සෙනඟ චර්මඡේද්‍යය ලබා සිටියෝය. නුමුත් මිසරයෙන් එන කල මගදී කාන්තාරයෙහි උපන් සියලු සෙනඟ චර්මඡේද්‍යය නොලබා සිටියෝය. මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයන් ස්වාමීන්වහන්සේගේ හඬට ඇහුම්කන් නුදුන් නිසා මුළු ජාතිය එනම් මිසරයෙන් ආවාවූ යුද්ධකාර සෙනඟ විනාශවන තෙක් සතළිස් අවුරුද්දක් ඔව්හු කාන්තාරයෙහි හැසුරුණෝය. මෙසේ වුණේ, අපට දෙන හැටියට ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දිවුළාවූ, කිරි හා මීපැණි ගලා යන දේශයක්ව තිබෙන දේශය දකින්ට ඔවුන්ට ඉඩනාරින ලෙස ස්වාමීන්වහන්සේ ඔවුන්ට දිවුළ නිසාය. උන්වහන්සේ ඔවුන් වෙනුවට නැගිටවූ ඔවුන්ගේ දරුවන් මගදී චර්මඡේද්‍යනොකළ බැවින් ඔව්හු අචර්මඡේදිතව සිටියෝය. යෝෂුවා ඔවුන් චර්මඡේද්‍ය කෙළේය. තවද මුළු සෙනඟ චර්මඡේද්‍ය කොට නිමවූ කල ඔවුන්ට සුවවෙන තුරු කඳවුරේ ඔව්හු තමුන්ගේ ස්ථානවල නැවතුණෝය. ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: මම අද නුඹලා කෙරෙන් මිසරයේ නින්දාව අහකට පෙරළුවෙමියි කීසේක. ඒ නිසා ඒ ස්ථානයට ගිල්ගාල් යයි අද දක්වා කියනු ලැබේ. ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගිල්ගාල්හි කඳවුරු බැඳගෙන මාසේ දසසතරවෙනි දා සවස යෙරිකෝවේ සමභූමිවලදී පාස්කුව පැවැත්තුවෝය. පාස්කුවට පසු දවසේදීම ඔව්හු දේශයේ ධාන්‍යවලින් සෑදූ මුහුන් නොදැමූ රොටි හා විලඳ කෑවෝය. දේශයේ ධාන්‍යයෙන් ඔවුන් කෑවාට පසුවදා මන්නා නැවතුණේය; ඉශ්‍රායෙල් පුත්‍රයන්ට තවත් මන්නා නොලැබුණේය; එහෙත් ඔව්හු කානාන් දේශයේ භෝග ඵල ඒ අවුරුද්දේ කෑවෝය.

යෝෂුවා 5:1-12 Sinhala New Revised Version (NRSV)

ඉශ්රායෙල් ජනයා එතෙර වන තුරු සමිඳාණන් වහන්සේ ඔවුන් පැමිණෙන්නට කලින් ජොර්දාන් ගඟේ දිය හිඳී යන්නට සැලැසූ බව, ජොර්දාන් ගඟින් එතෙර බස්නාහිර සිටි අමෝරිවරුන්ගේ සියලු රජවරුන් ද මධ්‍යධරණි මුහුදුබඩ විසූ කානානිවරුන්ගේ සියලු රජවරුන් ද ඇසූ කල, ඔව්හු ඉශ්රායෙල් ජනයා නිසා තැති ගෙන අධෛර්යයට පත් වූහ. එකල සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, “ගිනි ගලින් පිහියා සාදා, ඉශ්රායෙල් ජනයා තවත් වරක් චර්මඡේදනය කරන්නැ”යි වදාළ සේක. එවිට ජෝෂුවා ගිනි ගලින් පිහියා සාදා, චර්මඡේදන-කන්ද නම් ස්ථානයේ දී ඉශ්රායෙල්වරුන් චර්මඡේදනය කෙළේ ය. ජෝෂුවා චර්මඡේදනය කෙළේ මේ කරුණ නිසා ය: මිසර දේශයෙන් පිටත් ව පැමිණි සියලු භට සෙනඟ වූ පිරිමි, මිසරයෙන් නික්ම ආ පසු, මඟ දී පාළුකරයේ මියගියහ. නික්ම ආ සියලු සෙනඟ චර්මඡේදනය ලබා සිටිය නමුත්, මිසරයෙන් එන කල, මඟ දී පාළුකරයෙහි උපන් සෙනඟ චර්මඡේදනය නොලැබූ හ. ඉශ්රායෙල් ජනයා සතළිස් අවුරුද්දක් මුළුල්ලේ පාළුකරයෙහි ගමන් කළෝ ය. ඒ කාලය තුළ දී මිසරයෙන් පිටත් ව ආ සියලු භට සෙනඟ සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු නොවූ බැවින් මියගියහ. මෙසේ වූයේ, අපට දෙන හැටියට සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දිවුරුම් දුන්, කිරෙන් හා මීපැණියෙන් ඉතිරෙන දේශය දකින්නට ඔවුන්ට ඉඩ නාරින ලෙස උන් වහන්සේ දිවුළ නිසා ය. උන් වහන්සේ ඒ පියවරුන් වෙනුවට ඔවුන්ගෙන් පැවත ආ දරු පරපුරක් ඇති කළ සේක. පාළුකරය මැදින් ගමන් කරද්දී චර්මඡේදනය නොකරනු ලැබූ බැවින් ඔව්හු අචර්මඡේදිතයෝ වූ හ. ජෝෂුවා මොවුන් චර්මඡේදනය කෙළේ ය. මුළු සෙනඟ චර්මඡේදනය කර නිම වූ කල, ඔව්හු සුව වන තුරු කඳවුරේ නැවතී සිටියෝ ය. එවිට සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, “මම අද නුඹලා කෙරෙන් මිසරයේ වහල්කමෙන් ලත් අපකීර්තිය ඉවත් කෙළෙමි”යි වදාළ සේක. ඒ නිසා ඒ ස්ථානයට ගිල්ගාල් යයි කියනු ලැබී ය. ඉශ්රායෙල් ජනයා ගිල්ගාල්හි කඳවුරු බැඳ, මාසයේ දස සතර වන දින සවස ජෙරිකෝවේ මිටියාවතේ දී පාස්කු මංගල්‍යය පැවැත්වූ හ. පාස්කුවට පසු දින ඔව්හු දේශයේ ධාන්‍යවලින් සෑදූ නුමුහුන් රොටි හා විළඳ අනුභව කළෝ ය. ඔවුන් දේශයේ ධාන්‍යයෙන් අනුභව කළ දාට පසු දින, මන්නා ආහාරය වැටීම නැවතිණි. ඉශ්රායෙල් ජනයාට ඊට පසු මන්නා නොලැබුණ හෙයින් ඔව්හු ඒ අවුරුද්දේ පටන් කානාන් දේශයේ භවභෝග අනුභව කළෝ ය.

යෝෂුවා 5:1-12 Sinhala New Revised Version 2018 (SNRV)

ඉශ්රායෙල් ජනයා එතෙර වන තුරු සමිඳාණන් වහන්සේ ඔවුන් පැමිණෙන්නට කලින් ජොර්දාන් ගඟේ දිය හිඳී යන්නට සැලැසූ බව, ජොර්දාන් ගඟින් එතෙර බස්නාහිර සිටි අමෝරිවරුන්ගේ සියලු රජවරුන් ද මධ්‍යධරණි මුහුදුබඩ විසූ කානානිවරුන්ගේ සියලු රජවරුන් ද ඇසූ කල, ඔව්හු ඉශ්රායෙල් ජනයා නිසා තැති ගෙන අධෛර්යයට පත් වූහ. එකල සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, “ගිනි ගලින් පිහියා සාදා, ඉශ්රායෙල් ජනයා තවත් වරක් චර්මඡේදනය කරන්නැ”යි වදාළ සේක. එවිට ජෝෂුවා ගිනි ගලින් පිහියා සාදා, චර්මඡේදන-කන්ද නම් ස්ථානයේ දී ඉශ්රායෙල්වරුන් චර්මඡේදනය කෙළේ ය. ජෝෂුවා චර්මඡේදනය කෙළේ මේ කරුණ නිසා ය: මිසර දේශයෙන් පිටත් ව පැමිණි සියලු භට සෙනඟ වූ පිරිමි, මිසරයෙන් නික්ම ආ පසු, මඟ දී පාළුකරයේ මියගියහ. නික්ම ආ සියලු සෙනඟ චර්මඡේදනය ලබා සිටිය නමුත්, මිසරයෙන් එන කල, මඟ දී පාළුකරයෙහි උපන් සෙනඟ චර්මඡේදනය නොලැබූ හ. ඉශ්රායෙල් ජනයා සතළිස් අවුරුද්දක් මුළුල්ලේ පාළුකරයෙහි ගමන් කළෝ ය. ඒ කාලය තුළ දී මිසරයෙන් පිටත් ව ආ සියලු භට සෙනඟ සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු නොවූ බැවින් මියගියහ. මෙසේ වූයේ, අපට දෙන හැටියට සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දිවුරුම් දුන්, කිරෙන් හා මීපැණියෙන් ඉතිරෙන දේශය දකින්නට ඔවුන්ට ඉඩ නාරින ලෙස උන් වහන්සේ දිවුළ නිසා ය. උන් වහන්සේ ඒ පියවරුන් වෙනුවට ඔවුන්ගෙන් පැවත ආ දරු පරපුරක් ඇති කළ සේක. පාළුකරය මැදින් ගමන් කරද්දී චර්මඡේදනය නොකරනු ලැබූ බැවින් ඔව්හු අචර්මඡේදිතයෝ වූ හ. ජෝෂුවා මොවුන් චර්මඡේදනය කෙළේ ය. මුළු සෙනඟ චර්මඡේදනය කර නිම වූ කල, ඔව්හු සුව වන තුරු කඳවුරේ නැවතී සිටියෝ ය. එවිට සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට, “මම අද නුඹලා කෙරෙන් මිසරයේ වහල්කමෙන් ලත් අපකීර්තිය ඉවත් කෙළෙමි”යි වදාළ සේක. ඒ නිසා ඒ ස්ථානයට ගිල්ගාල් යයි කියනු ලැබී ය. ඉශ්රායෙල් ජනයා ගිල්ගාල්හි කඳවුරු බැඳ, මාසයේ දස සතර වන දින සවස ජෙරිකෝවේ මිටියාවතේ දී පාස්කු මංගල්‍යය පැවැත්වූ හ. පාස්කුවට පසු දින ඔව්හු දේශයේ ධාන්‍යවලින් සෑදූ නුමුහුන් පූප හා විළඳ අනුභව කළෝ ය. ඔවුන් දේශයේ ධාන්‍යයෙන් අනුභව කළ දාට පසු දින, මන්නා ආහාරය වැටීම නැවතිණි. ඉශ්රායෙල් ජනයාට ඊට පසු මන්නා නොලැබුණ හෙයින් ඔව්හු ඒ අවුරුද්දේ පටන් කානාන් දේශයේ භවභෝග අනුභව කළෝ ය.

යෝෂුවා 5:1-12 New International Version (NIV)

Now when all the Amorite kings west of the Jordan and all the Canaanite kings along the coast heard how the LORD had dried up the Jordan before the Israelites until they had crossed over, their hearts melted in fear and they no longer had the courage to face the Israelites. At that time the LORD said to Joshua, “Make flint knives and circumcise the Israelites again.” So Joshua made flint knives and circumcised the Israelites at Gibeath Haaraloth. Now this is why he did so: All those who came out of Egypt—all the men of military age—died in the wilderness on the way after leaving Egypt. All the people that came out had been circumcised, but all the people born in the wilderness during the journey from Egypt had not. The Israelites had moved about in the wilderness forty years until all the men who were of military age when they left Egypt had died, since they had not obeyed the LORD. For the LORD had sworn to them that they would not see the land he had solemnly promised their ancestors to give us, a land flowing with milk and honey. So he raised up their sons in their place, and these were the ones Joshua circumcised. They were still uncircumcised because they had not been circumcised on the way. And after the whole nation had been circumcised, they remained where they were in camp until they were healed. Then the LORD said to Joshua, “Today I have rolled away the reproach of Egypt from you.” So the place has been called Gilgal to this day. On the evening of the fourteenth day of the month, while camped at Gilgal on the plains of Jericho, the Israelites celebrated the Passover. The day after the Passover, that very day, they ate some of the produce of the land: unleavened bread and roasted grain. The manna stopped the day after they ate this food from the land; there was no longer any manna for the Israelites, but that year they ate the produce of Canaan.