යෝෂුවා 3:1-3
යෝෂුවා 3:1-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යෝෂුවා අලුයම් උදයෙන් නැගිට, මුළු ඉශ්රායෙල් ජනයා සමඟ ෂිට්ටීම් වෙතින් පිටත් ව, යොර්දාන් වෙත පැමිණ, එතෙර වීමට පළමුවෙන්, ඔවුහු එහි කඳවුරු ගැසූහ. දවස් තුනකට පසු, නිලධාරීහු කඳවුර පුරා ඇවිද ගොස්, ජනයාට නියෝග කරමින්, “ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව, ලෙවීවර පූජකයින් උසුලාගෙන යනවා ඔබ දකින විගස, ඔබ සිටිනා තැන්වලින් මෑත් ව, ඒ පසුපසින් ගමන් කළ යුතු ය.
යෝෂුවා 3:1-3 Sinhala Revised Old Version (SROV)
යෝෂුවා අලුයම නැගිට සියලු ඉශ්රායෙල් පුත්රයන් සමඟ ෂිට්ටීම්හි සිට පිටත්ව යොර්දානට පැමිණ, එතරව යන්ට පළමුවෙන් එහි නැවතුණේය. තවද තුන් දවසකට පසු මුලාදෑනීහු කඳවුර මුළුල්ලෙහි ගොස්, සෙනඟට කථාකොට: නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියත් ලෙවීවරුන්වූ පූජකයන් එය ගෙනයනවාත් නුඹලා දකින විට නුඹලාගේ ස්ථානවලින් පිටත්ව ඒ පස්සේ යන්න.
යෝෂුවා 3:1-3 Sinhala New Revised Version (NRSV)
ජෝෂුවා අලුයම නැඟිට, මුළු ඉශ්රායෙල් ජනතාව සමඟ ෂිට්ටිම් නම් ස්ථානයෙන් නික්ම, ජොර්දාන් ගඟබඩට පැමිණ, ඉන් එතෙර වීමට පෙර කඳවුරු බැන්දේ ය. තුන් දවසකට පසු නිලධාරීහු කඳවුරු මැදින් ගොස්, සෙනඟට කතා කොට, “දෙවි සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ද ලෙවී පූජකයන් එය උසුලාගෙන යනවා ද ඔබ දකින කල, ඔබ සිටින ස්ථානවලින් පිටත් ව ඒ පසුපස්සේ යන්න.
යෝෂුවා 3:1-3 Sinhala New Revised Version 2018 (SNRV)
ජෝෂුවා අලුයම නැඟිට, මුළු ඉශ්රායෙල් ජනතාව සමඟ ෂිට්ටිම් නම් ස්ථානයෙන් නික්ම, ජොර්දාන් ගඟබඩට පැමිණ, ඉන් එතෙර වීමට පෙර කඳවුරු බැන්දේ ය. තුන් දවසකට පසු නිලධාරීහු කඳවුරු මැදින් ගොස්, සෙනඟට කතා කොට, “දෙවි සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ද ලෙවී පූජකයන් එය උසුලාගෙන යනවා ද ඔබ දකින කල, ඔබ සිටින ස්ථානවලින් පිටත් ව ඒ පසුපස්සේ යන්න.
යෝෂුවා 3:1-3 New International Version (NIV)
Early in the morning Joshua and all the Israelites set out from Shittim and went to the Jordan, where they camped before crossing over. After three days the officers went throughout the camp, giving orders to the people: “When you see the ark of the covenant of the LORD your God, and the Levitical priests carrying it, you are to move out from your positions and follow it.