යෝෂුවා 24:14-24
යෝෂුවා 24:14-24 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“එබැවින් දැන් ස්වාමින්වහන්සේට ගෞරව දක්වන්න. අවංක ව, හා විශ්වාසී ව උන්වහන්සේට සේවය කරන්න. ඔබේ ආදි පියවරුන් ගංගාවෙන් එතෙරදීත්, ඊජිප්තුවේදීත් සේවය කළ දෙවිවරුන් ඉවතලන්න. ස්වාමින්වහන්සේට සේවය කරන්න. එහෙත් ස්වාමින්වහන්සේට සේවය කිරීමට ඔබ නො කැමැත්තේ නම්, කවරකුට මෙහෙ කරනවා දැයි අද ම තෝරා ගන්න. ගංගාවෙන් එතෙර ඔබේ ආදි පියවරුන් මෙහෙ කළ දෙවිවරුන් හෝ ඔබ වසන දේශයේ දේශ වාසී අමෝරිවරුන්ගේ දෙවිවරුන් හෝ තෝරා ගන්න. එහෙත් මම සහ මගේ ගෘහ වාසීහු වූ අපි, ස්වාමින්වහන්සේට සේවය කරන්නෙමු” යි පැවසී ය. එවිට ජනයා පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේ අතහැර, අන්‍ය දෙවිවරුන්ට මෙහෙ කිරීම අප කෙරෙන් දුරු වේවා! අප ද අපේ පියවරුන් ද ඊජිප්තු දේශයෙන්, වහල්කමේ නිවාසයෙන් පිටතට ගෙනාවේත්, අපගේ ඇස් හමුවේ මේ මහ ලකුණු පෑවේත් අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ම ය. අපගේ මුළු ගමනේදීත්, සියලු ජාතීන් මැදින් අප කළ සංචාරයේදීත් උන්වහන්සේ අප ආරක්ෂා කළ සේක. දේශයෙහි වාසය කළ අමෝරිවරුන් ඇතුළු සියලු ජාතීන් ස්වාමින්වහන්සේ අප ඉදිරියෙන් පන්නා දැමූ සේක. එනිසා අපිත්, ස්වාමින්වහන්සේට සේවය කරන්නෙමු; මන්ද උන්වහන්සේ අපේ දෙවියන්වහන්සේ යැ” යි පැවසූහ. යෝෂුවා ජනතාව අමතමින්, “ස්වාමින්වහන්සේට සේවය කරන්නට නුඹලාට නුපුළුවන. උන්වහන්සේ ශුද්ධ දෙවියන්වහන්සේ කෙනෙක. උන්වහන්සේ ඊර්ෂ්‍යා සහගත දෙවියන්වහන්සේ කෙනෙක. උන්වහන්සේ ඔබේ අපරාධ හා ඔබේ පාප කමා කරන්නේ නැත. ඔබ ස්වාමින්වහන්සේ අත්හැර, විජාතික දෙවිවරුන්ට සේවය කළොත්, උන්වහන්සේ මින් පෙර ඔබට යහපත කළ නමුත්, උන්වහන්සේ ඔබ වෙත හැරී, විපත්ති ගෙනවුත්, ඔබ විනාශ කරන සේකැ” යි පැවසී ය. එහෙත් ජනයා යෝෂුවා අමතමින්, “නැත! අපි ස්වාමින්වහන්සේට සේවය කරන්නෙමු” යි පැවසූහ. එවිට යෝෂුවා, “ඔබ ස්වාමින්වහන්සේට සේවය කිරීම තෝරාගත් බවට ඔබ, ඔබට ම එරෙහි සාක්ෂිකරුවන් වී යැ” යි පැවසී ය. “ඔව්! අපි සාක්ෂිකරුවෝ” යි ඔවුහු පිළිතුරු දුන්හ. එවිට යෝෂුවා, “එසේ නම් දැන් ඔබ අතරේ ඇති විජාතික දෙවිවරුන් ඉවතලන්න; ඔබේ හදවත්, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වෙත නැඹුරු කරන්නැ” යි පැවසී ය. ජනයා යෝෂුවා අමතමින්, “අපි අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට සේවය කරන්නෙමු. උන්වහන්සේට ම කීකරු වන්නෙමු” යි කීහ.
යෝෂුවා 24:14-24 Sinhala Revised Old Version (SROV)
එබැවින් නුඹලා ස්වාමීන්වහන්සේට භයව අවංකකමිනුත් සැබෑකමිනුත් උන්වහන්සේට සේවයකරන්න. නුඹලාගේ පියවරුන් ගංගාවෙන් එතරදීත් මිසරයේදීත් සේවයකළ දෙවිවරුන් පහකරදමා, ස්වාමීන්වහන්සේට සේවයකරන්න. ස්වාමීන්වහන්සේට සේවයකිරීම නුඹලාට නරකව පෙනේනම්, ගඟ එගොඩ සිටිය නුඹලාගේ පියවරුන් සේවයකළ දෙවිවරුන් හෝ නුඹලා වාසයකරන දේශයෙහි සිටිය අමෝරිවරුන්ගේ දෙවිවරුන් හෝ නුඹලා සේවයකරන්ට කැමති කාටද කියා අදම තෝරාගන්න. එහෙත් අපි නම්–මමද මාගේ පවුලද– ස්වාමීන්වහන්සේට සේවයකරමුයයි කීවේය. සෙනඟ උත්තරදෙමින්: අන් දෙවිවරුන්ට සේවයකරන පිණිස ස්වාමීන්වහන්සේ අත්හැරීම අපෙන් දුරුවේවා; මක්නිසාද අප සහ අපේ පියවරුන්ද මිසර දේශය වන වාල්කමේ ගෙදරින් පිටතට ගෙනාවෙත්, අපේ ඇස් ඉදිරියේදී ඒ මහත් හාස්කම් කළෙත්, අප ගිය මුළු මාර්ගයේදීද අප පසුකර ආවාවූ සියලු සෙනඟ අතරේදීද අප ආරක්ෂාකළෙත් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ය, උන්වහන්සේමය. ස්වාමීන්වහන්සේ සියලු මනුෂ්‍ය වර්ගයන්ද දේශයෙහි විසූ අමෝරිවරුන්ද අප ඉදිරියෙන් එළවාදැමූසේක. එබැවින් අපිත් ස්වාමීන්වහන්සේට සේවයකරන්නෙමුව; මක්නිසාද උන්වහන්සේ අපේ දෙවියන්වහන්සේයයි කීවෝය. යෝෂුවා සෙනඟට කථාකොට: ස්වාමීන්වහන්සේට සේවයකරන්ට නුඹලාට බැරිය; මක්නිසාද උන්වහන්සේ ශුද්ධවූ දෙවිකෙනෙක්ය; ස්වකීය ගෞරවය රක්ෂාකරන දෙවිකෙනෙක්ය; උන්වහන්සේ නුඹලාගේ අපරාධද පාපද කමානොකරනසේක. ඉදින් නුඹලා ස්වාමීන්වහන්සේ අත්හැර අන් දෙවිවරුන්ට සේවයකරන්නහුනම් උන්වහන්සේ නුඹලාට යහපත කළ නුමුත් හැරී නුඹලාට විපත්ති පමුණුවා නුඹලා විනාශකරනසේකැයි කීවේය. සෙනඟද: නැත, අපි ස්වාමීන්වහන්සේට සේවයකරන්නෙමුයයි යෝෂුවාට කීවෝය. යෝෂුවාද: ස්වාමීන්වහන්සේට සේවයකිරීමට නුඹලා විසින් උන්වහන්සේ තෝරාගත් බවට නුඹලා නුඹලාටම විපක්ෂ සාක්ෂිකාරයෝයයි සෙනඟට කීවේය. ඔව්හු: අපි සාක්ෂියයි කීවෝය. එසේ වී නම් නුඹලා අතරෙහි ඇත්තාවූ අන්‍ය දෙවිවරුන් පහකර දමා, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹලාගේ සිත් යොමුකරන්නැයි ඔහු කීවේය. සෙනඟද: අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට අපි සේවයකර, උන්වහන්සේගේ හඬට අපි ඇහුම්කන් දෙන්නෙමුයයි යෝෂුවාට කීවෝය.
යෝෂුවා 24:14-24 Sinhala New Revised Version (NRSV)
“එබැවින් ඔබ හැම දෙවියන් වහන්සේට ගරුබිය පා, අවංක ව ද විශ්වාසී ව ද උන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න. ඔබේ පියවරුන් ගංගාවෙන් එතෙර දීත්, මිසරයේ දීත් වැඳුම්පිදුම් කළ දෙවිවරුන් පහකර දමා, සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න. සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කිරීමට ඔබ සතුටු නැත් නම්, ඔබ වැඳුම්පිදුම් කරන්නට කැමැති කවරෙකුට ද කියා අදම තීරණය කරගන්න. ගඟින් එගොඩ සිටි ඔබේ පියවරුන් වැඳුම්පිදුම් කළ දෙවිවරුන්ට හෝ ඔබ වාසය කරන දේශයේ සිටින අමෝරිවරුන්ගේ දෙවිවරුන්ට හෝ වැඳුම්පිදුම් කරන්නට තීරණය කරගන්න. එහෙත් අපි, එනම්, මාගේ පවුල ද, මම ද සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නෙමු.” සෙනඟ පිළිතුරු දෙමින්, “අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් කරන පිණිස කවරදාවත් අපි සමිඳාණන් වහන්සේ අත් නොහරින්නෙමු. මන්ද, අප සහ අපේ පියවරුන් මිසර දේශය නමැති වහල්කමේ නිවාසයෙන් පිටතට ගෙනාවේත්, අපේ ඇස් ඉදිරියේ මහත් හාස්කම් කෙළේත්, අපේ මුළු මාර්ගයේ දී ද අප පසු කර ආ මුළු සෙනඟ අතරේ දී ද අප ආරක්ෂා කෙළේත්, අපේ දෙවි සමිඳාණන් වහන්සේ ම ය. සමිඳාණන් වහන්සේ සියලු මනුෂ්‍ය වර්ගයන් ද දේශයේ සිටි අමෝරිවරුන් ද අප ඉදිරියෙන් එළවා දැමූ සේක. එබැවින් අපිත් සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නෙමු. මන්ද, උන් වහන්සේ අපේ දෙවියන් වහන්සේ ය”යි කීවෝ ය. ජෝෂුවා සෙනඟට කතා කොට, “සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නට ඔබට නොහැකි ය. මන්ද, උන් වහන්සේ ශුද්ධ දෙවි කෙනෙකි; ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකි. එබැවින් උන් වහන්සේ ඔබේ අපරාධ ද පාප ද කමා නොකරන සේක. ඉතින් ඔබ සමිඳාණන් වහන්සේ අත්හැර අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් කරන්නහු නම්, උන් වහන්සේ ඔබට කලින් යහපත කළ නමුත්, දැන් ඔබට විරුද්ධ වී ඔබට විපත්ති පමුණුවා ඔබ විනාශ කරන සේකැ”යි කීවේ ය. සෙනඟ ද පිළිතුරු දෙමින්, “නැත. අප වැඳුම්පිදුම් කරන්නේ සමිඳාණන් වහන්සේට ම ය”යි ජෝෂුවාට කීවෝ ය. ජෝෂුවා කතා කරමින්, “සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කිරීමට ඔබ උන් වහන්සේ තෝරාගත් බවට ඔබට විරුද්ධ ව ඔබ ම සාක්ෂිකාරයෝ ය”යි සෙනඟට කීවේ ය. ඔව්හු පිළිතුරු දෙමින්, “අපි සාක්ෂිකාරයෝ වමු”යි කීවෝ ය. “එසේ වී නම් ඔබ අතරෙහි ඇති අන් දෙවිවරුන් පහකර දමා, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙත ඔබේ සිත් යොමු කරන්නැ”යි ජෝෂුවා ඔවුන්ට කීවේ ය. “අපි අපේ දෙවි සමිඳාණන් වහන්සේට වැඳ පුදා උන් වහන්සේගේ හඬට සවන් දෙන්නෙමු”යි සෙනඟ ද, ජෝෂුවාට පිළිතුරු දුන්නෝ ය.
යෝෂුවා 24:14-24 Sinhala New Revised Version 2018 (SNRV)

යෝෂුවා 24:14-24 New International Version (NIV)
“Now fear the LORD and serve him with all faithfulness. Throw away the gods your ancestors worshiped beyond the Euphrates River and in Egypt, and serve the LORD. But if serving the LORD seems undesirable to you, then choose for yourselves this day whom you will serve, whether the gods your ancestors served beyond the Euphrates, or the gods of the Amorites, in whose land you are living. But as for me and my household, we will serve the LORD.” Then the people answered, “Far be it from us to forsake the LORD to serve other gods! It was the LORD our God himself who brought us and our parents up out of Egypt, from that land of slavery, and performed those great signs before our eyes. He protected us on our entire journey and among all the nations through which we traveled. And the LORD drove out before us all the nations, including the Amorites, who lived in the land. We too will serve the LORD, because he is our God.” Joshua said to the people, “You are not able to serve the LORD. He is a holy God; he is a jealous God. He will not forgive your rebellion and your sins. If you forsake the LORD and serve foreign gods, he will turn and bring disaster on you and make an end of you, after he has been good to you.” But the people said to Joshua, “No! We will serve the LORD.” Then Joshua said, “You are witnesses against yourselves that you have chosen to serve the LORD.” “Yes, we are witnesses,” they replied. “Now then,” said Joshua, “throw away the foreign gods that are among you and yield your hearts to the LORD, the God of Israel.” And the people said to Joshua, “We will serve the LORD our God and obey him.”