යෝෂුවා 23:6-16 - Compare All Versions
යෝෂුවා 23:6-16 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“එබැවින් ඉතා ශක්තිමත් වන්න; මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතේ ලියන ලද සියල්ල පවත්වන්නට හා කරන්නට ප්‍රබල ව සිටින්න. එයින් වමට හෝ දකුණට හෝ ඉවත නො හැරිය යුත්තේ, ඔබ අතරේ ඉතිරි ව සිටින මේ ජාතීන් සමඟ මිශ්‍ර නො වන පිණිස හා ඔවුන්ගේ දෙවිවරුන්ගේ නමින් යාතිකා කිරීම, දිවිරීම හෝ ඔවුන්ට මෙහෙ කිරීම හෝ ඔවුන්ට වැඳුම් පිදුම් හෝ නො කරන පිණිසයි. එහෙත් මේ දක්වා ඔබ කළ පරිදි ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේටතදින් ඇදී-බැඳී සිටින්න. “මන්ද ශ්‍රේෂ්ඨ වූත්, මහ බලවත් වූත් ජාතීන් ස්වාමින්වහන්සේ ඔබ ඉදිරියෙන් පන්නා දැමූ සේක; ඔබ ගැන නම්, අද දවස දක්වාත් ඔබට එරෙහිව නැගී සිටින්නට කිසිවකුටත් පුළුවන් වුණේ නැත. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට පොරොන්දු වූ පරිදි උන්වහන්සේ ඔබ උදෙසා සටන් කරන බැවින්, ඔබෙන් එක් කෙනෙක් දහසක් පන්නා දමයි. එබැවින් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රේම කරන්නට බෙහෙවින් පරෙස්සම් වන්න. “මන්ද ඔබ ඉවත හැරී, ඔබ අතරේ තවමත් රැඳී සිටින මේ ජාතීන්ගෙන් ඉතිරි ව සිටින්නන් සමඟ හාද වී, ඔවුන් සමඟ ආවාහ විවාහ කර ගෙන ඔවුන් සමඟ ආශ්‍රය කරන්නේ නම්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මේ ජාතීන් ඔබ ඉදිරියෙන් පන්නා දමන්නේ නැති වග සහතික ලෙස දැනගන්න. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දුන් මේ සරු දේශයෙන් ඔබ විනාශ වී යන තුරු, ඔවුන් ඔබට මලපතක් හා උගුලක් ද ඔබේ ඇලපත්වලට කසයක් ද ඔබේ ඇස්වලට කටු ද වනු ඇත. “මා දැන් මේ පොළොවේ සියල්ලන් යන මාර්ගයේ යන්න ළඟයි. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ උදෙසා දුන් යහපත් පොරොන්දු සියල්ලෙන් එකකුදු ඉටු නො වී නැති වග ඔබේ මුළු හෘදයෙන් හා ජීවයෙන් ඔබ දනී. ඒ හැම එකක් ම ඉෂ්ට වී ඇත; එයින් එකක්වත් අසමත් වූයේ නැත; එලෙස ම ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ ගැන ඔබ උදෙසා වූ හැම හොඳ පොරොන්දුවක් සැබෑ වූ සේ ම, දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දුන් මේ හොඳ සරු දේශයෙන් ඔබ විනාශ වී යන තුරු උන්වහන්සේ අනතුරු ඇඟවූ සියලු නපුරු දෑ ද ඔබ පිට පමුණුවනු ඇත. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට අණ කළ උන්වහන්සේගේ ගිවිසුම ඔබ කඩකොට, අන් දෙවිවරුන් වෙත ගොස්, ඔවුන්ට මෙහෙ කොට, ඔවුන්ට වැඳුම් පිදුම් කළොත් ස්වාමින්වහන්සේගේ කෝපය ඔබට එරෙහිව ඇවිළී එසැණේ ම උන්වහන්සේ ඔබට දුන් යහපත් දේශයෙන් ඔබ විනාශ කර දමනු ඇතැ” යි පැවසී ය.
යෝෂුවා 23:6-16 SROV (Sinhala Revised Old Version)
එබැවින් නුඹලා අතරේ ඉතිරිව සිටින මේ ජාතීන් අතරෙහි නොගැවසී, ඔවුන්ගේ දෙවිවරුන්ගේ නාම සඳහන් නොකොට, ඔවුන් ගැන නොදිවුරවා, ඔවුන්ට සේවය නොකර නමස්කාර නොකර සිටින පිණිස, මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතෙහි ලියා තිබෙන සියල්ලෙන් දකුණටවත් වමටවත් නොහැරී ඒවා පවත්වන්ටත් රක්ෂාකරන්ටත් ඉතා ධෛර්යවත්වන්න. නුඹලා අද දවස දක්වා කළ හැටියට නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ම ඇලුම්ව සිටින්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඉතා මහත්වූ බලවත්වූ ජාතීන් නුඹලා ඉදිරියෙන් පන්නා දැමූසේක. එහෙත් නුඹලාට විරුද්ධව සිටින්ට අද දවස දක්වා කිසිවෙකුට පුළුවන්වුණේ නැත. නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට කී හැටියට නුඹලා උදෙසා යුද්ධකරන්නේ උන්වහන්සේය, එබැවින් නුඹලාගෙන් එක්කෙනෙක් දහසක් එළවන්නේය. එහෙයින් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරන ලෙස හොඳාකාරයෙන් බලාගන්න. මක්නිසාද නුඹලා යම් හෙයකින් හැරී ගොස්, නුඹලා ළඟ ඉතුරුව සිටින මේ ජාතීන්ට ඇලුම්වී, ඔවුන් සමඟ විවාහ කරගනිමින්, නුඹලා ඔවුන් අතරෙහිද ඔවුන් නුඹලා අතරෙහිද ගැවසුණොත්, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා ඉදිරියෙන් මේ ජාතීන් තවත් පන්නා නොදමන බවත්, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට දී තිබෙන මේ යහපත් දේශය මතුපිටින් නුඹලා විනාශවී යන තුරු, ඔවුන් නුඹලාට මලපතක්ද උගුලක්ද නුඹලාගේ ඇලපත්වලට කසයක්ද නුඹලාගේ ඇස්වලට කටුද වන බවත් හොඳට දැනගන්න. බලව, අද මම මුළු පොළොවේ සියල්ලන් යන මාර්ගයේ යමි. නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා ගැන කී සියලු යහපත් දේවලින් එක දෙයක්වත් අත්නෑරුණ බව නුඹලාගේ මුළු සිතෙනුත් මුළු ආත්මයෙනුත් නුඹලා දන්නහුය; එයින් එක දෙයක්වත් අත්නෑරී සියල්ලම නුඹලාට පැමුණුණේය. තවද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කී සියලු යහපත් දේ නුඹලා කෙරෙහි පැමුණුණාක් මෙන්ම, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට අණකළ තමන්ගේ ගිවිසුම නුඹලා කඩකර ගොස් අන් දෙවිවරුන්ට සේවයකර ඔවුන්ට නමස්කාරකරන කල, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට දී තිබෙන මේ යහපත් දේශය මතුපිටින් නුඹලා විනාශවීයන තුරු, සියලු නරක දේවල් නුඹලා පිටට පමුණුවනවා ඇත. මෙසේ ස්වාමීන්වහන්සේගේ උදහස නුඹලාට විරුද්ධව ඇවිළෙන්නේය, උන්වහන්සේ නුඹලාට දී තිබෙන යහපත් දේශය මතුපිටින් ඉක්මනින් නුඹලා නැතිකර දමනවා ඇතැයි කීවේය.
යෝෂුවා 23:6-16 NRSV (Sinhala New Revised Version)
එබැවින්, මෝසෙස්ගේ ව්‍යවස්ථා පොතේ ලියා තිබෙන සියල්ල අකුරට ම පිළිපැදීමට තරයේ ම අධිෂ්ඨාන කරගන්න. එසේ කර ඔබ අතරේ ඉතිරි ව සිටින මේ ජාතීන් සමඟ නොගැවසී, ඔවුන්ගේ දෙවිවරුන්ගේ නම් සඳහන් නොකර, ඔවුන්ගේ නාමයෙන් නොදිවුරා, ඔවුන්ට වැඳුම්පිදුම් හා නමස්කාර නොකරන්නට වග බලාගන්න. ඔබ මේ දක්වා කර ඇති පරිදි ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ම විශ්වාසවන්ත ව සිටින්න. මන්ද, සමිඳාණන් වහන්සේ ඉතා විශාල වූ විජාතීන් ඔබ ඉදිරියෙන් පන්නාදැමූ සේක. ඒ නිසා ඔබට විරුද්ධ ව සිටින්නට අද දවස දක්වා කිසිවෙකුට පුළුවන් වුණේ නැත. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පොරොන්දු වූ පරිදි ඔබ උදෙසා යුද්ධ කරන්නේ උන් වහන්සේ ය; එබැවින් ඔබෙන් එක් කෙනෙක් දහසක්දෙනා පන්නා දමන්නේ ය. එහෙයින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේම කරන්නට තරයේ ම අධිෂ්ඨාන කරගන්න. ඔබ යම් හෙයකින් ඒ අධිෂ්ඨානය නොසලකා, ඔබ සමඟ ඉතිරි ව සිටින මේ විජාතීන්ට ඇලුම් වී, ඔවුන් සමඟ විවාහ වෙමින්, ඔබ ඔවුන් අතරෙහි ද ඔවුන් ඔබ අතරෙහි ද ගැවසුණොත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ ඉදිරියෙන් මේ ජාතීන් මින්පසු පන්නා නොදමන බවත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දී තිබෙන මේ යහපත් දේශය මතුපිටින් ඔබ විනාශ වී යන තුරු, ඔවුන් ඔබට මලපතක් ද උගුලක් ද ඔබේ ඇළපත්වලට පහර දෙන කසයක් ද ඔබේ ඇස්වලට කටු ද මෙන් වන බවත් සහතික ලෙස දැනගන්න. “බලන්න, දැන් මුළු ලොවේ හැම මිනිසෙකුට ම සිදු වන්නට යන දේ මටත් සිදු වනු ඇත. ඔබ හැමගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පොරොන්දු වූ සියලු යහපත් දේවලින් එක දෙයක් වත් අතපසු නුවූ බව ඔබේ මුළු හෘදයෙන් ද ආත්මයෙන් ද දන්නහු ය. එක පොරොන්දුවක් වත් නොකැඩී සියල්ල ම ඔබට ඉෂ්ට වුණේ ය. තවද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ කළ සියලු පොරොන්දු ඔබට ඉෂ්ට කර දුන්නාක් මෙන් ම, ඔබට දී තිබෙන මේ යහපත් දේශය මතුපිටින් ඔබ විනාශ වී යන තුරු සියලු නපුරු දේ ඔබ පිටට පමුණුවන්නට උන් වහන්සේට පුළුවන. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ උන් වහන්සේගේ ගිවිසුම ඔබ කඩ කළහොත්, අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් කර ඔවුන්ට නමස්කාර කළහොත්, උන් වහන්සේගේ උදහස ඔබට විරුද්ධ ව ඇවිළී ඔබට දී තිබෙන යහපත් දේශය මතුපිටින් ඔබ විගසින් නැති කරදමනු ඇත.”
යෝෂුවා 23:6-16 SNRV (Sinhala New Revised Version 2018)

යෝෂුවා 23:6-16 NIV (New International Version)
“Be very strong; be careful to obey all that is written in the Book of the Law of Moses, without turning aside to the right or to the left. Do not associate with these nations that remain among you; do not invoke the names of their gods or swear by them. You must not serve them or bow down to them. But you are to hold fast to the LORD your God, as you have until now. “The LORD has driven out before you great and powerful nations; to this day no one has been able to withstand you. One of you routs a thousand, because the LORD your God fights for you, just as he promised. So be very careful to love the LORD your God. “But if you turn away and ally yourselves with the survivors of these nations that remain among you and if you intermarry with them and associate with them, then you may be sure that the LORD your God will no longer drive out these nations before you. Instead, they will become snares and traps for you, whips on your backs and thorns in your eyes, until you perish from this good land, which the LORD your God has given you. “Now I am about to go the way of all the earth. You know with all your heart and soul that not one of all the good promises the LORD your God gave you has failed. Every promise has been fulfilled; not one has failed. But just as all the good things the LORD your God has promised you have come to you, so he will bring on you all the evil things he has threatened, until the LORD your God has destroyed you from this good land he has given you. If you violate the covenant of the LORD your God, which he commanded you, and go and serve other gods and bow down to them, the LORD’s anger will burn against you, and you will quickly perish from the good land he has given you.”