යෝෂුවා 10:40-42
යෝෂුවා 10:40-42 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මෙසේ යෝෂුවා මුළු දේශයට ම පහර දුන්නේ ය; කඳුකරය ද නෙගෙබ් පළාත ද බටහිර කඳු බෑවුම් හා නැගෙනහිර කඳු බෑවුම් ද ඔවුන්ගේ රජුන් සියල්ලන් ද ඔහු යටත් කර ගත්තේ ය. ඔහු කිසිවකුත් ඉතිරි කළේ නැත. ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අණ කර තිබූ පරිද්දෙන්, ඔහු හුස්ම ඇති සියල්ලන් විනාශයට කැප කළේ ය. කාදෙෂ්-බර්නේය සිට ගාසා දක්වා ද ගිබෙයොන් දක්වා වූ මුළු ගෝෂෙන් දේශය ද යෝෂුවා යටත් කර ගත්තේ ය. මෙම රජවරුන් සියල්ලන් හා ඔවුන්ගේ දේශ යෝෂුවා එක ම අවස්ථාවකදී අත්කර ගත්තේ ය. මන්ද, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් උදෙසා සටන් කළ සේක.
යෝෂුවා 10:40-42 Sinhala Revised Old Version (SROV)
මෙසේ යෝෂුවා මුළු දේශයට එනම් කඳු රටට හා දකුණු දේශයටද පාත රටට හා කඳු බෑවුම්වලටද එහි සියලු රජුන්ටද පහරදී එක්කෙනෙක්වත් ඉතුරුනොකොට ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අණකළ ලෙස හුස්ම ඇති සියල්ලන් මුළුමනින්ම සිඳදැමුවේය. කාදෙෂ්-බර්නේය පටන් ගාසා දක්වාද මුළු ගෝෂෙන් රටෙහි ගිබියොන් දක්වාද යෝෂුවා ඔවුන්ට පහරදුන්නේය. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් උදෙසා සටන් කළ බැවින් යෝෂුවා ඒ සියලු රජුන්ද ඔවුන්ගේ දේශයද එකවිටම අල්ලා ගත්තේය.
යෝෂුවා 10:40-42 Sinhala New Revised Version (NRSV)
මෙසේ ජෝෂුවා මුළු දේශයට, එනම් කඳු රටට හා දකුණු දේශයට ද පහත රටට හා කඳු බෑවුම්වලට ද එහි සියලු රජුන්ට ද පහර දී, එක් කෙනෙකු වත් ඉතිරි නොකොට ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අණ කළ ලෙස පණ ඇති සියල්ලන් ම මුළුමනින් ම සිඳදැමුවේ ය. කාදෙෂ්-බර්නේය පටන් ගාසා දක්වා ද මුළු ගෝෂෙන් ඇතුළු ව ගිබියොන් දක්වා ද ජෝෂුවා සියල්ලන්ට පහර දුන්නේ ය. ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් උදෙසා සටන් කළ බැවින්, ජෝෂුවා ඒ සියලු රජවරුන් ද ඔවුන්ගේ දේශයන් ද එක විට ම අල්ලාගත්තේ ය.
යෝෂුවා 10:40-42 Sinhala New Revised Version 2018 (SNRV)
මෙසේ ජෝෂුවා මුළු දේශයට, එනම් කඳු රටට හා දකුණු දේශයට ද පහත රටට හා කඳු බෑවුම්වලට ද එහි සියලු රජුන්ට ද පහර දී, එක් කෙනෙකු වත් ඉතිරි නොකොට ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අණ කළ ලෙස පණ ඇති සියල්ලන් ම මුළුමනින් ම සිඳදැමුවේ ය. කාදෙෂ්-බර්නේය පටන් ගාසා දක්වා ද මුළු ගෝෂෙන් ඇතුළු ව ගිබියොන් දක්වා ද ජෝෂුවා සියල්ලන්ට පහර දුන්නේ ය. ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් උදෙසා සටන් කළ බැවින්, ජෝෂුවා ඒ සියලු රජවරුන් ද ඔවුන්ගේ දේශයන් ද එක විට ම අල්ලාගත්තේ ය.
යෝෂුවා 10:40-42 New International Version (NIV)
So Joshua subdued the whole region, including the hill country, the Negev, the western foothills and the mountain slopes, together with all their kings. He left no survivors. He totally destroyed all who breathed, just as the LORD, the God of Israel, had commanded. Joshua subdued them from Kadesh Barnea to Gaza and from the whole region of Goshen to Gibeon. All these kings and their lands Joshua conquered in one campaign, because the LORD, the God of Israel, fought for Israel.