යෝෂුවා 1:5-9
යෝෂුවා 1:5-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබේ ජීවිතය තිබෙන තුරු ඔබට එරෙහිව නැගී සිටින්නට, කිසිවකුටත් හැකි නො වේ, මා මෝසෙස් සමඟ සිටි සේ ඔබ සමඟ ද සිටින්නෙමි. මම ඔබෙන් ඉවත් ව නො යන්නෙමි; ඔබ අත්හැර නො දමන්නෙමි. ශක්තිමත් වන්න; ධෛර්යවත් වන්න; මන්ද මා ඔවුන්ට දෙන වගට ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශය උරුම කර ගන්නට ඔවුන් මෙහෙය වන්නේ ඔබයි. “උදක් ම ශක්තිමත් වන්න; වඩා ධෛර්යවත් වන්න. මගේ සේවක මෝසෙස් ඔබට අණ කළ මුළු ව්‍යවස්ථාවට කීකරු වන්නට වග බලා ගන්න; ඔබ යන කොතැනක වුව, ඔබ සඵල වන පිණිස, එයින් දකුණු අතටවත්, වමටවත් නො හැරෙන්න. මේ ව්‍යවස්ථා පොත, ඔබේ මුවෙන් පහවන්නට ඉඩ නො දෙන්න; ඒ තුළ ලියා ඇති සියල්ල කරන්නට වග බලාගන්නා පිණිස, දිවා රැයේ එය මෙනෙහි කරන්න. එවිට ඔබ ඔබේ මාර්ගය සමෘද්ධ කර ගන්නවා ඇත. මෙසේ ඔබ සඵලවත් වනු ඇත. මම ඔබට අණ නො කළෙම් ද? ශක්තිමත් වන්න; ධෛර්යවත් වන්න; භය වන්න එපා; කැලඹෙන්න එපා. මන්ද ඔබ යන කොතැනක වුව, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ සමඟ වන සේකැ” යි පැවසූහ.
යෝෂුවා 1:5-9 Sinhala Revised Old Version (SROV)
නුඹේ ජීවිතයේ සියලු දවස්වල කිසිවෙකුට නුඹට විරුද්ධව සිටින්ට නොහැකි වන්නේය. මම මෝසෙස් සමඟ සිටියාක් මෙන්ම නුඹ සමඟත් සිටින්නෙමි. නුඹෙන් අහක්ව නොයන්නෙමි, නුඹ අත්නාරින්නෙමි. ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න. මක්නිසාද මේ සෙනඟට දෙන හැටියට මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශය නුඹ ඔවුන්ට උරුමකර දෙන්නෙහිය. මාගේ මෙහෙකරුවූ මෝසෙස් නුඹට අණකළ මුළු ව්‍යවස්ථාවේ ප්‍රකාර කරන්ට බලාගන්න පිණිස ශක්තිමත්ව ඉතා ධෛර්යවත්ව සිටින්න. නුඹ යන සෑමතැනදීම නුඹට ශුභ සිද්ධවන පිණිස එයින් දකුණටවත් වමටවත් නොහැරෙන්න. මේ ව්‍යවස්ථා පොත නුඹේ මුඛයෙන් පහනොවේවා, එහි ලියා තිබෙන සියල්ල කරන්ට බලාගන්න පිණිස රෑ දාවල් ඒ ගැන මෙනෙහි කරන්න. එවිට නුඹේ මාර්ගය සඵලවී නුඹට ශුභ සිද්ධවන්නේය. මා විසින් නුඹට අණකර තිබෙනවා නොවේද? ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න; තැතිනොගන්න, නොකැලඹෙන්න. මක්නිසාද නුඹ යන සෑම තැන්හිම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ සමඟ සිටිනසේකැයි කීසේක.
යෝෂුවා 1:5-9 Sinhala New Revised Version (NRSV)
දිවි ඇති තාක් නුඹලාට විරුද්ධ ව කිසිවෙකුට නැඟී සිටින්නට නොහැකි වන්නේ ය. මම මෝසෙස් සමඟ සිටියාක් මෙන් නුඹ සමඟත් සිටින්නෙමි. මම නුඹ කෙරෙන් අහක් ව යන්නේ වත්, නුඹ අත්හරින්නේ වත් නැත. ශක්තිමත් ව ද ධෛර්යවත් ව ද සිටින්න. මන්ද, මේ සෙනඟට දෙන හැටියට මා ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශය නුඹ ඔවුන්ට උරුම කොට දෙන්නෙහි ය. මාගේ සේවක වූ මෝසෙස් අණ කළ සියලු නීති අනුව ක්‍රියා කිරීමට බලාගන්නා ලෙස ශක්තිමත් ව ද ධෛර්යවත් ව ද සිටින්න. නුඹ යන යන සෑම තැන දී ම නුඹට ශුභසිද්ධ වන පිණිස එම නීතිය අකුරට ම පිළිපදින්න. මේ නීති සංග්‍රහය නුඹ නිතර ම කියවිය යුතු ය. එහි ලියා තිබෙන සියල්ල අනුව ක්‍රියා කරන පිණිස ඒ ගැන දිවා රෑ දෙක්හි භාවනා කළ යුතු ය. එවිට නුඹ කරන දේ සඵල වී නුඹට ශුභසිද්ධිය සැලසෙනු ඇත. ශක්තිමත් ව, ධෛර්යවත් ව සිටීමට ද බිය නොවීමට ද නොකැළඹීමට ද මා නුඹට අණ කළා නොවේ ද? මන්ද, නුඹ යන සෑම තැනක ම නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ නුඹ සමඟ වැඩසිටින සේක.”
යෝෂුවා 1:5-9 Sinhala New Revised Version 2018 (SNRV)

යෝෂුවා 1:5-9 New International Version (NIV)
No one will be able to stand against you all the days of your life. As I was with Moses, so I will be with you; I will never leave you nor forsake you. Be strong and courageous, because you will lead these people to inherit the land I swore to their ancestors to give them. “Be strong and very courageous. Be careful to obey all the law my servant Moses gave you; do not turn from it to the right or to the left, that you may be successful wherever you go. Keep this Book of the Law always on your lips; meditate on it day and night, so that you may be careful to do everything written in it. Then you will be prosperous and successful. Have I not commanded you? Be strong and courageous. Do not be afraid; do not be discouraged, for the LORD your God will be with you wherever you go.”