යෝෂුවා 1:5-6
යෝෂුවා 1:5-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබේ ජීවිතය තිබෙන තුරු ඔබට එරෙහිව නැගී සිටින්නට, කිසිවකුටත් හැකි නො වේ, මා මෝසෙස් සමඟ සිටි සේ ඔබ සමඟ ද සිටින්නෙමි. මම ඔබෙන් ඉවත් ව නො යන්නෙමි; ඔබ අත්හැර නො දමන්නෙමි. ශක්තිමත් වන්න; ධෛර්යවත් වන්න; මන්ද මා ඔවුන්ට දෙන වගට ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශය උරුම කර ගන්නට ඔවුන් මෙහෙය වන්නේ ඔබයි.
යෝෂුවා 1:5-6 Sinhala Revised Old Version (SROV)
නුඹේ ජීවිතයේ සියලු දවස්වල කිසිවෙකුට නුඹට විරුද්ධව සිටින්ට නොහැකි වන්නේය. මම මෝසෙස් සමඟ සිටියාක් මෙන්ම නුඹ සමඟත් සිටින්නෙමි. නුඹෙන් අහක්ව නොයන්නෙමි, නුඹ අත්නාරින්නෙමි. ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න. මක්නිසාද මේ සෙනඟට දෙන හැටියට මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශය නුඹ ඔවුන්ට උරුමකර දෙන්නෙහිය.
යෝෂුවා 1:5-6 Sinhala New Revised Version (NRSV)
දිවි ඇති තාක් නුඹලාට විරුද්ධ ව කිසිවෙකුට නැඟී සිටින්නට නොහැකි වන්නේ ය. මම මෝසෙස් සමඟ සිටියාක් මෙන් නුඹ සමඟත් සිටින්නෙමි. මම නුඹ කෙරෙන් අහක් ව යන්නේ වත්, නුඹ අත්හරින්නේ වත් නැත. ශක්තිමත් ව ද ධෛර්යවත් ව ද සිටින්න. මන්ද, මේ සෙනඟට දෙන හැටියට මා ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශය නුඹ ඔවුන්ට උරුම කොට දෙන්නෙහි ය.
යෝෂුවා 1:5-6 Sinhala New Revised Version 2018 (SNRV)
දිවි ඇති තාක් නුඹලාට විරුද්ධ ව කිසිවෙකුට නැඟී සිටින්නට නොහැකි වන්නේ ය. මම මෝසෙස් සමඟ සිටියාක් මෙන් නුඹ සමඟත් සිටින්නෙමි. මම නුඹ කෙරෙන් අහක් ව යන්නේ වත්, නුඹ අත්හරින්නේ වත් නැත. ශක්තිමත් ව ද ධෛර්යවත් ව ද සිටින්න. මන්ද, මේ සෙනඟට දෙන හැටියට මා ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශය නුඹ ඔවුන්ට උරුම කොට දෙන්නෙහි ය.
යෝෂුවා 1:5-6 New International Version (NIV)
No one will be able to stand against you all the days of your life. As I was with Moses, so I will be with you; I will never leave you nor forsake you. Be strong and courageous, because you will lead these people to inherit the land I swore to their ancestors to give them.