යෝෂුවා 1:1-3
යෝෂුවා 1:1-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේගේ සේවක මෝසෙස්ගේ මරණයෙන් පසු, ස්වාමින්වහන්සේ මෝසෙස්ගේ සහායක, නූන්ගේ පුත්ර යෝෂුවා අමතමින්, “මගේ සේවක මෝසෙස් මියැදිලා. එබැවින් දැන් නැගිට, ඉශ්රායෙල්වරුන්ට මා දෙන්නට යන දේශයට ඇතුල් වන්නට, ඔබත්, මේ මුළු ජනතාවත් යොර්දාන් ගඟෙන් එතෙර වන්නට ඉදිරියට යන්න. මෝසෙස්ට මා පොරොන්දු වූ ලෙස ඔබේ පා-අඩිය තබන හැම තැනක් ම මම ඔබට දෙන්නෙමි.
යෝෂුවා 1:1-3 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් මැරුණු පසු ස්වාමීන්වහන්සේ මෝසෙස්ගේ සේවකයා වූ නූන්ගේ පුත්රවූ යෝෂුවාට කථාකොට කියනසේක්: මාගේ මෙහෙකරුවූ මෝසෙස් මළේය; එබැවින් දැන් නුඹත් මේ මුළු සෙනඟත් නැගිට මා විසින් ඔවුන්ට එනම් ඉශ්රායෙල් පුත්රයන්ට දෙන දේශයට මේ යොර්දානෙන් එතරව යන්න. නුඹලා අඩිය තබන සියලුම ස්ථාන මා විසින් මෝසෙස්ට කී ලෙස නුඹලාට දුනිමි.
යෝෂුවා 1:1-3 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේගේ සේවක වූ මෝසෙස්ගේ මරණයෙන් පසු, ඔහුගේ සහකාර වූ නූන්ගේ පුත් ජෝෂුවාට උන් වහන්සේ කතා කොට, මෙසේ වදාළ සේක: “මාගේ සේවක වූ මෝසෙස් මළේ ය. දැන් ඉතින් නුඹත්, මේ මුළු සෙනඟත් නැඟිට, ඔවුන්ට එනම්, ඉශ්රායෙල් ජනතාවට මා දෙන්නට යන දේශයට ජොර්දාන් ගඟින් එගොඩ වී යන්න. මා මෝසෙස්ට දැන්වූ පරිදි නුඹලා පා තබන සෑම ස්ථානයක් ම මම නුඹලාට දෙමි.
යෝෂුවා 1:1-3 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්සේගේ සේවක වූ මෝසෙස්ගේ මරණයෙන් පසු, ඔහුගේ සහකාර වූ නූන්ගේ පුත් ජෝෂුවාට උන් වහන්සේ කතා කොට, මෙසේ වදාළ සේක: “මාගේ සේවක වූ මෝසෙස් මළේ ය. දැන් ඉතින් නුඹත්, මේ මුළු සෙනඟත් නැඟිට, ඔවුන්ට එනම්, ඉශ්රායෙල් ජනතාවට මා දෙන්නට යන දේශයට ජොර්දාන් ගඟින් එගොඩ වී යන්න. මා මෝසෙස්ට දැන්වූ පරිදි නුඹලා පා තබන සෑම ස්ථානයක් ම මම නුඹලාට දෙමි.
යෝෂුවා 1:1-3 New International Version (NIV)
After the death of Moses the servant of the LORD, the LORD said to Joshua son of Nun, Moses’ aide: “Moses my servant is dead. Now then, you and all these people, get ready to cross the Jordan River into the land I am about to give to them—to the Israelites. I will give you every place where you set your foot, as I promised Moses.