ජෝනා 4:6-9

ජෝනා 4:6-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)

එවිට ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ වැලක් නියම කළ සේක්, යෝනාගේ අසහනයට අස්වැසිල්ලක් ලෙස, ඔහුගේ හිසට සෙවණක් ව එය යෝනාට ඉහළින් වැඩෙන්නට සැලසූ සේක. යෝනා ඒ වැල ගැන බෙහෙවින් සොම්නස් විය. එහෙත් පසුදාට පහන් වෙද්දී දෙවියන්වහන්සේ පණුවකු නියම කළ සේක. ඌ ඒ වැල කා දැමුවෙන්, එය වියළී ගියේ ය. හිරු නැගුණු කල, දෙවියන්වහන්සේ පීඩාදායි උණුසුම් පෙරදිග සුළඟක් නියම කළ සේක. යෝනා ක්ලාන්ත කරවමින්, දැඩි හිරු රැස් සැර යෝනාගේ හිසට වැදුණේ ය. “ජීවත් වෙනවාට වඩා මරණය මට හොඳා” යි කියමින් ඔහු මරණය ඉල්ලා යැද්දේ ය. එවිට දෙවියන්වහන්සේ, යෝනා ඇමතූ සේක්, “ඒ වැල ගැන ඔබ කෝප වීම යුතු දැ?” යි ඇසූ සේක. “ඔව්; කෝප වීම මට යුතු ය. මැරෙන තරම් කෝප වීම” යි ඔහු පැවසී ය.

බෙදාගන්න
ජෝනා 4 කියවන්න

ජෝනා 4:6-9 Sinhala Revised Old Version (SROV)

දෙවිවූ ස්වාමීන්වහන්සේ ලබු වැලක් නියමකර, යෝනා ඔහුගේ දුකින් මුදන්ට ඔහුගේ හිසට උඩින් සෙවණක් වීමට ඒක ඔහුට උඩින් යන්ට සැලැස්සූසේක. යෝනා ලබුවැල ගැන ඉතා ප්‍රීතිවුණේය. එහෙත් පසුවදා පහන්වූ විට දෙවියන්වහන්සේ පණුවෙකු නියමකළසේක, ඌ ලබුවැල කෑ විට ඒක වියළී ගියේය. තවද ඉර උදාවූ කල දෙවියන්වහන්සේ ග්‍රීෂ්මය ඇති පෙරදිග හුළඟක් නියමකළසේක; අව්ව යෝනාගේ ඉසට වැදී, ඔහු ක්ලාන්තවී, තමාගේ ප්‍රාණය හානිවෙන ලෙස ඉල්ලා: ජීවත්වීමට වඩා නැසීයාම මට හොඳයයි කීවේය. ලබුවැල ගැන කෝපවෙන්ට නුඹට යුතුදැයි දෙවියන්වහන්සේ යෝනාට කීසේක. මැරෙන තරම් කෝපවෙන්ට මට යුතුයයි ඔහු කීවේය.

බෙදාගන්න
ජෝනා 4 කියවන්න

ජෝනා 4:6-9 Sinhala New Revised Version (NRSV)

දෙවි සමිඳාණන් වහන්සේ, ජෝනා ඔහුගේ දුකින් මුදන පිණිස ලබු වැලක් වැඩෙන්නට නියම කර, ඔහුගේ හිසට උඩින් එය සෙවණක් සේ යන්නට සැලැසූ සේක. ජෝනා ලබු වැල ගැන ඉතා ප්‍රීති විය. එහෙත්, පසු දා පහන් වූ විට ලබු වැල කන පිණිස පණුවෙකු ඇති වන්න දෙවියන් වහන්සේ සැලැසූ සේක. ඌ ලබු වැල කෑ විට එය වියළී ගියේ ය. තවද, ඉර උදා වූ කල, ඉතා උෂ්ණ සුළඟක් පෙරදිගින් හමන්න උන් වහන්සේ නියම කළ සේක. අවුරශ්මිය ජෝනාගේ හිසට වැදී ඔහු ක්ලාන්ත වී, “ජීවිතයට වඩා මරණය හොඳ ය” කියා සිය ප්‍රාණය හානි කරන ලෙස යාච්ඤා කෙළේ ය. එවිට දෙවියන් වහන්සේ, “ලබු වැල ගැන කෝප වීමට නුඹට යුතු දැ”යි ජෝනාගෙන් ඇසූ සේක. “මැරෙන තරම් කෝප වීම මට යුතු ය”යි ඔහු කීවේ ය.

බෙදාගන්න
ජෝනා 4 කියවන්න

ජෝනා 4:6-9 Sinhala New Revised Version 2018 (SNRV)