ජෝනා 4:4-5
ජෝනා 4:4-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ කෝප වීම යුතු දැ?” යි ඇසූ සේක. නගරයෙන් පිටතට ගිය යෝනා නගරයට නැගෙනහිරින් වූ තැනක වාඩිගත්තේ ය. එතැන තමාට ආවරණයක් තනා ගත් ඔහු, එහි සෙවණෙහි වාඩි වී, නගරයට කුමක් වේ දෝයි බලා සිටියේ ය.
බෙදාගන්න
ජෝනා 4 කියවන්නජෝනා 4:4-5 Sinhala Revised Old Version (SROV)
නුමුත් ස්වාමීන්වහන්සේ: කෝපවෙන්ට නුඹට යුතුදැයි කීසේක. යෝනා නුවරින් පිටතට ගොස්, නුවරට නැගෙනහිරෙන් ඉඳගත්තේය, ඔහු එහි පැලක් සාදාගෙන නුවරට මක්වේද කියා බලන පිණිස ඒක යට සෙවණෙහි හිඳගත්තේ.
බෙදාගන්න
ජෝනා 4 කියවන්නජෝනා 4:4-5 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ ජෝනා අමතා, “කෝප වීම නුඹට යුතු දැ”යි ඇසූ සේක. එවිට ජෝනා නගරනේ පිටතට ගොස් නගරයට නැගෙනහිරෙන් හිඳගත්තේ ය. ඔහු එහි පැලක් සාදාගෙන නගරයට කුමක් සිදු වේ ද කියා බලන පිණිස එහි සෙවණ යට හිඳගත්තේ ය.
බෙදාගන්න
ජෝනා 4 කියවන්න