ජෝනා 4:1-2
ජෝනා 4:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් යෝනා එයින් දැඩි සේ නො සතුටු වී, කෝප විය. එබැවින් ඔහු ස්වාමින්වහන්සේට යාච්ඤා කරමින්, “අහෝ ස්වාමින්වහන්ස, මගේ රටේ සිටියදී මා කීවේ, මෙය ම නො වේ ද? කලින් මා ඉක්මන් වී, තර්ෂිෂ් වෙත පලා ගියේ ද එනිසයි. ඔබවහන්සේ දයාන්විත, අනුකම්පා සහගත දෙවියන්වහන්සේ වග, වහා නො කිපෙන සුළු, නොමියෙන ප්‍රේමයෙන් අපරිමිත, විපත්තිය පැමිණවීමෙහිලා ලිහිල පාන තැනැන්වහන්සේ වග මා දැන සිටියා.
ජෝනා 4:1-2 Sinhala Revised Old Version (SROV)
නුමුත් යෝනා ඊට අතිශයින් අප්‍රසන්නව, කෝපවිය. ඔහු ස්වාමීන්වහන්සේට යාච්ඤාකරමින්: අනේ ස්වාමීන්වහන්ස, මාගේ රටේ සිටියදීම මා කීවේ මෙය නොවේද? එබැවින් මම තර්ෂිෂ්ට පලායන්ට ඉක්මන් කෙළෙමි. මක්නිසාද ඔබ දයාවන්තවූ, අනුකම්පා ඇත්තාවූ, ඉවසිලිවන්තවූ, ඉතා කරුණාවන්තවූ, විපත්තිය ගැන තැවෙන්නාවූ දෙවිකෙනෙකු බව දැනගන සිටියෙමි.
ජෝනා 4:1-2 Sinhala New Revised Version (NRSV)
ජෝනා ඊට අතිශයින් අප්‍රසන්න ව කෝප විය. ඔහු සමිඳාණන් වහන්සේට මෙසේ යාච්ඤා කෙළේ ය: “අහෝ සමිඳුනි, මාගේ රටේ මා සිටිය දී, මා කීවේ මෙය ම නොවේ ද? තර්ෂිෂ්ට පලා යන්නට මා ඉක්මන් වූයේ එබැවිනි. මන්ද, ඔබ දයාවන්ත, අනුකම්පා සහගත, වහා නොකිපෙන සුලු, ඉතා කරුණාවන්ත, විපත්ති පැමිණ වීමට නොකැමැති දෙවි කෙනෙකු බව මම දැනගෙන සිටියෙමි.
ජෝනා 4:1-2 Sinhala New Revised Version 2018 (SNRV)
ජෝනා ඊට අතිශයින් අප්‍රසන්න ව කෝප විය. ඔහු සමිඳාණන් වහන්සේට මෙසේ යාච්ඤා කෙළේ ය: “අහෝ සමිඳුනි, මාගේ රටේ මා සිටිය දී, මා කීවේ මෙය ම නොවේ ද? තර්ෂිෂ්ට පලා යන්නට මා ඉක්මන් වූයේ එබැවිනි. මන්ද, ඔබ දයාවන්ත, අනුකම්පා සහගත, වහා නොකිපෙන සුලු, ඉතා කරුණාවන්ත, විපත්ති පැමිණ වීමට නොකැමැති දෙවි කෙනෙකු බව මම දැනගෙන සිටියෙමි.
ජෝනා 4:1-2 New International Version (NIV)
But to Jonah this seemed very wrong, and he became angry. He prayed to the LORD, “Isn’t this what I said, LORD, when I was still at home? That is what I tried to forestall by fleeing to Tarshish. I knew that you are a gracious and compassionate God, slow to anger and abounding in love, a God who relents from sending calamity.