ජෝනා 3:5-6
ජෝනා 3:5-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
නිනිව වාසීහු දෙවියන්වහන්සේ විශ්වාස කළහ. ඔවුහු උපවාසයක් ප්‍රකාශයට පත් කොට, උත්තමයාගේ පටන් පහත් ම අය දක්වා සැවොම ගෝණි රෙදි හැඳ ගත්හ. නිනිවයේ රජුට මෙම පුවත සැල වූ කල, ඔහු තම සිහසුනෙන් නැගිට, රජ ඇඳුම් පසෙක ලා, ගෝණි රෙදි දවටාගෙන, අළු මත හිඳ ගත්තේ ය.
ජෝනා 3:5-6 Sinhala Revised Old Version (SROV)
එවිට නිනිවයෙහි මනුෂ්‍යයෝ දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසකොට, උපවාසයක් ප්රසිද්ධකර, ලොකු අය පටන් කුඩා අය දක්වා ගෝණිරෙදි ඇඳගත්තෝය. ඒ ආරංචිය නිනිවයේ රජු වෙතට පැමුණුණු විට, හෙතෙම තමාගේ සිංහාසනයෙන් බැස, තමාගේ සළුව අහක තබා, ගෝණිරෙදි පෙරවාගෙන, අලු පිට හිඳගත්තේය.
ජෝනා 3:5-6 Sinhala New Revised Version (NRSV)
නිනිවයේ වැසියෝ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කර, උපවාසයක් නියම කොට, ලොකු අය පටන් කුඩා අය දක්වා දළ රෙදි හැඳගත්තෝ ය. ඒ ආරංචිය නිනිවයේ රජු වෙත පැමිණි විට, ඔහු සිංහාසනයෙන් බැස, තම සළුව ඉවත ලා දළ රෙදි පොරවාගෙන අළු පිට හිඳගත්තේ ය.
ජෝනා 3:5-6 Sinhala New Revised Version 2018 (SNRV)
නිනිවයේ වැසියෝ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කර, උපවාසයක් නියම කොට, ලොකු අය පටන් කුඩා අය දක්වා දළ රෙදි හැඳගත්තෝ ය. ඒ ආරංචිය නිනිවයේ රජු වෙත පැමිණි විට, ඔහු සිංහාසනයෙන් බැස, තම සළුව ඉවත ලා දළ රෙදි පොරවාගෙන අළු පිට හිඳගත්තේ ය.
ජෝනා 3:5-6 New International Version (NIV)
The Ninevites believed God. A fast was proclaimed, and all of them, from the greatest to the least, put on sackcloth. When Jonah’s warning reached the king of Nineveh, he rose from his throne, took off his royal robes, covered himself with sackcloth and sat down in the dust.