ජෝනා 2:4-6
ජෝනා 2:4-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට මම, ‘ඔබ දෑස් ඉදිරියෙන් මම නෙරපනු ලැබ සිටිමි. එහෙත් ඔබගේ ශුද්ධ මාලිගය දෙස මතු යළි බලන්නෙමි’ යි කීවෙමි. මා ගිලගත් ජල කඳ, මගේ ගෙලටත් උඩින් ය. ගැඹුර මා වටකර ගත්තේ ය. මුහුදු පැළෑටි මා හිස වටා එතී ගියේ ය. සාගර කඳු පාමුලට ම පහළට මම කිඳා බැස්සෙමි. අගාධයෙහි සදහට ම, මා අගුළු ලා ගති. එහෙත් ඔබ, මගේ දිවිය නිරා වළෙන් ගොඩ ගත් සේක. අහෝ ස්වාමින්වහන්ස, මගේ දෙවියන්වහන්ස.
ජෝනා 2:4-6 Sinhala Revised Old Version (SROV)
එවිට මම: ඔබගේ ඇස් හමුයෙන් පහකරනු ලැබීමි; එහෙත් ඔබගේ ශුද්ධ මාළිගාව දෙස නැවත බලන්නෙමියි කීමි. ජලයෝ ප්රාණ හානිය දක්වා මා වටකරගත්තෝය; ගැඹුර මා වටේට පැමිණියේය; මුහුද පන් මාගේ ඉස වටේ එතුණේය. කඳුවල පතුලට බැස්සෙමි; පොළොව ස්වකීය අගුල්වලින් සදාකාලේටම මා හිරකරගත්තේය. එහෙත්, මාගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ මාගේ ප්රාණය වළෙන් ගොඩට ගත්සේක.
ජෝනා 2:4-6 Sinhala New Revised Version (NRSV)
එවිට මම මෙසේ කීමි: ‘ඔබ ඇස් හමුයෙන් මම පහකරනු ලැබීමි. එබැවින් ඔබේ ශුද්ධ මාලිගාව දෙස නැවත බලන්නේ කෙසේ ද?’ ජලය මා ගෙල දක්වා නැඟ ආවේ ය. මුහුද මා වට කරගත්තේ ය. මුහුදු පැළෑටි මාගේ හිස වටේ එතුණේ ය. මම කඳු පත්ලට බැස ගියෙමි; සදහට ම අගුල්වලින් මා හිර කර තබන ලොවකට බැස ගියෙමි. අහෝ! මාගේ දෙවි සමිඳුනි, එහෙත්, ඔබ මාගේ ප්රාණය පාතාලයෙන් ගොඩගත් සේක.
ජෝනා 2:4-6 Sinhala New Revised Version 2018 (SNRV)
එවිට මම මෙසේ කීමි: ‘ඔබ ඇස් හමුයෙන් මම පහකරනු ලැබීමි. එබැවින් ඔබේ ශුද්ධ මාලිගාව දෙස නැවත බලන්නේ කෙසේ ද?’ ජලය මා ගෙල දක්වා නැඟ ආවේ ය. මුහුද මා වට කරගත්තේ ය. මුහුදු පැළෑටි මාගේ හිස වටේ එතුණේ ය. මම කඳු පත්ලට බැස ගියෙමි; සදහට ම අගුල්වලින් මා හිර කර තබන ලොවකට බැස ගියෙමි. අහෝ! මාගේ දෙවි සමිඳුනි, එහෙත්, ඔබ මාගේ ප්රාණය පාතාලයෙන් ගොඩගත් සේක.
ජෝනා 2:4-6 New International Version (NIV)
I said, ‘I have been banished from your sight; yet I will look again toward your holy temple.’ The engulfing waters threatened me, the deep surrounded me; seaweed was wrapped around my head. To the roots of the mountains I sank down; the earth beneath barred me in forever. But you, LORD my God, brought my life up from the pit.